Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් කන්‍යාවන් ද?
බූන්දි, 01:09:54
වාහන හිමියන් අවුරුදු පතා දුම් පරීක්ෂා කොට ලබා ගන්නා සහතිකය එම වාහනයේ ආදායම් බලපත්‍රය වසරක් පාසා අළුත් කර ගැනීම සඳහා අනිවාර්ය වන්නේය. ඕනෑම මොහොතක පොලීසියෙන් ඉල්ලා සිටින විට මේ වාහන ආදායම් බලපත්‍රය යාවත්කාලීන කර නොතිබුණොත් වාහන හිමියා දඩයකට යටත් වෙයි. මේ ආකාරයෙන්, දැරියක් වැඩි විය පත් දා සිට විවාහ වන තෙක් වසරක් පාසා හෝ හය මසක් පාසා සිය කන්‍යා භාවය සහතික කළ බවට ලබා ගත් බලපත්‍රයකින් තොරව, නීත්‍යානුකූල විවාහයකට ඇතුලු විය නොහැකි බවට අණපණත් ආවොත් ඔබ පුදුම විය යුතු ද? විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් 6 දෙනෙකු සවස 6.30 ට පමණ තවත් ශිෂ්‍යයන් 6 දෙනෙකු සමග විශ්ව විද්‍යාල භූමියේ යම් ස්ථානයක කතා කරමින් සිටිය දී,

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. එල්. ඒ. කරුණාරත්න ගේ නියෝගය මත ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ, එම ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය ඇත් දැ යි පරීක්ෂා කර බැලීම සඳහා කළුබෝවිල රෝහලට පටවා යැවූ බව, පසු ගිය ඉරිදා 'ද සන්ඩේ ලීඩර්' පුවත්පත වාර්තා කෙළේය. මේ උපකුලපතිවරයා පසු ගිය කාලය තිස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික ජීවිතවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම ශිෂ්‍ය ප්‍රජාවේ කෝපයට හේතු වී ඇති බවත්, විශ්ව විද්‍යාල භූමිය තුළ තිබූ 'ගිම්හාන පැල්' වලින් සමහරකුත්, තරුණ තරුණියන් වාඩි වී කතාබස් කළ බංකු සියල්ලමත් ඔහුගේ නියෝගය මත ගලවා දමා ඇති බවත්, පුවත්පත තව දුරටත් වාර්තා කරයි. පුවත්පතට මේ තොරතුරු සපයන්නේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්න යි.

මේ සිදුවීම පිළිබඳ එකම තොරතුරු මූලාශ්‍රය වන්නේ වින්දිත පාර්ශ්වයම නිසා, සමහර විට, අදාළ උපකුලපතිවරයාගේ තීරණය කෙරෙහි උපරිම විරෝධයක් ගොනු කරනු වස්, මේ කියන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සැබෑ භූමිකාවේ බර සැහැල්ලු කොට මාධ්‍ය වෙත තොරතුරු සැපයීම සිදු වී තිබිමට බැරි කමක් නැත. ඒ අනුව, සිද්ධිය සවස 6.30 ට නොව, ඊට වඩා ගොම්මන් වෙලාවක දී සිදු වී තිබිය හැකි බවත්, අදාළ ශිෂ්‍යයන් සමග මේ ශිෂ්‍යාවන් කතා කරමින් සිටියාට වැඩි යමක් කරමින් සිටින්නට ඇති බවත් කෙනෙකු කීවොත් එය ද අරුමයක් නොවේ.

කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වන අපට, දියුණු විශ්ව විද්‍යාල පද්ධතියක දීර්ඝ ඉතිහාසයක් ඇති අපට, මේ කියන ශිෂ්‍යාවන් නිකං ම කතා කරමින් සිටියේ ද නැද්ද යන්නවත්, වෙලාව සවස 6.30 ද 9.30 ද යන්නවත් අදාළ නැත. හේතුව, අප මේ කතා කරන්නේ, උසස් අධ්‍යාපනික ආයතනයක් වන විශ්ව විද්‍යාලයක් සහ වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ගැන මිසක්, යම් මිශ්‍ර පාසලක් ගැන හෝ බාල වයස්කාර පරපුරක් ගැන හෝ නොවන බැවිනි.

තරුණියකගේ කන්‍යා භාවය යම් බලාධිකාරයක නියෝගය යටතේ පරීක්ෂාවට ලක් කළ හැක්කේ, එම තරුණිය යමෙකු අතින් දූෂණයට ලක් වී ඇතැ යි නගන චෝදනාවකට අදාළව පමණි. එහි දී පවා පරීක්ෂණයක් සිදු කරන්නේ, දූෂකයා අතින් සිදු වී යැයි කියන වරද ඔප්පු කිරීමේ එක් සාක්ෂියක් වශයෙන් මිසක්, දූෂණයට ලක් වූ ගැහැනියගේ වරදක් සනාථ කිරීමට නොවේ. ඒ සඳහා එකම නිසි බලධාරියා වන්නේ අධිකරණයයි. විශ්ව විද්‍යාලයක උපකුලපති කෙනෙකුට තබා, තරුණියකගේ භාරකාරත්වය දරන්නේ යැයි සැළකෙන දෙමාපියන්ට පවා, මේ කියන කන්‍යා භාවය පරීක්ෂා කිරීමේ අයිතියක් නීතියෙන් හිමි වන්නේ නැත. විද්‍යෝදයේ ශිෂ්‍යාවන් දූෂණයට ලක් වී ඇත් නම්, ඔවුන් සමග සිටියා යැයි කියන ශිෂ්‍යයන්ව අත්අඩංගුවට ගත යුතුව තිබුණි. එහෙත් පුවත්පත වාර්තා කරන පරිදි, එවැනි කිසිවක් සිදුව නැත. එම ශිෂ්‍යයන්ව නිකංම එලවා දමා ශිෂ්‍යාවන් 6 දෙනා පමණක් ගිලන් රථයක නංවාගෙන කළුබෝවිල රෝහලට ගෙන ගොස් ඇත.

දැන් උපකුලපතිවරයාට, සිය බලපුලුවන්කාරකම පෙන්වීමට අවශ්‍යම නම්, යම් පියවරක් ගැනීම සඳහා ඉතිරි වන්නේ, මේ කියන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාල භූමිය තුළ අශෝභන ආකාරයෙන් හෝ අනාචාරයේ හෝ හැසිරුණේ ය යන පදනම පමණි. උසස් අධ්‍යාපනික ආයතනයක් වශයෙන් ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම සාමාන්‍ය ශිෂ්ට සම්පන්න ක්‍රමය යි. එහි දී ද, කන්‍යා භාවය අසළකින්වත් ගෑවෙන්නේ නැත.

කන්‍යා භාවය කිසි දවසක නොබිෙඳන තැනක් තිබේ. ඒ, වැඩවසම් චින්තනය තුළ යි. විවාහ වන තෙක් ගැහැනියක් කන්‍යා භාවය රැක ගැනීමේ වගකීමෙන් බැදී සිටින බවත්, පිරිමියාට ඒ වගකීම නැති බවත් පිළිගන්නා සමාජයක පිරිමියාව පුහුණු කරන්නේ, විවාහයට පෙර තමන් අතින් මොන තරම් තරුණියන්ගේ කන්‍යා භාවය උදුරාගෙන තිබුණත්, තමාගේ විවාහය කන්‍යාවියක් සමග පමණක්ම සිදු විය යුතු බවට විශ්වාස කරන පුරුෂ පක්ෂයක ප්‍රතිරූපයට අනුරූපවයි. මේ නිසාම කන්‍යා භාවය කී පමණින් අපේ සිතට නැගෙන්නේ ගැහැනියකගේ චිත්‍රයකි. පිරිමින්ටත් ඔය කියන කන්‍යා භාවය තිබෙන බවක් බොහෝ දෙනා නොදන්නා බවක් අඟවති. දන්නා බවක් පෙන්නුම් කරන අය පවා හිතන්නේ, එය විවාහයට පෙර නැති කර ගැනීම 'පිරිමිකමේ' සාඩම්බර ලක්ෂණයක් වශයෙන් මිස, ගැහැනියකට මෙන්, විවාහය 'අවජාතක' කෙරෙන නුසුදුසු අඩයාලමක් වශයෙන් නොවේ.

කන්‍යා භාවයට මේ තරම් විශාල වටිනාකමක් පවරන සමාජයක ගැහැනිය පමණක් නොව, පිරිමියා ද ඒ 'සාරධර්මයේ' ගොදුරක් බවට පත්වීම මේ තත්ත්වය තුළ දක්නට ලැබෙන ලොකුම උත්ප්‍රාසයයි. විද්‍යෝදයේ සිදුවීම කියාපාන්නේ ඒ සත්‍යයෙන් බිඳකි. මෙසේ ගොදුරක් වීම විවිධ ආකාරයෙන් සිදු වන බව අපි දනිමු. බොහෝ විවාහ ජීවිත මේ කාරණය හේතු කොටගෙන අපා දිවි බවට පත් වෙයි. කන්‍යා භාවය තරමටම, විවාහය නැමැති සංස්ථාවත් ආපසු හැරවිය නොහැකි සමාජ භූමිකා බවට පත්ව ඇති තත්ත්වයක් තුළ, විවාහයේ දී කන්‍යාවියක් නොවීම බිරිඳටත් වඩා සැමියාට උර චක්‍රමාලයක් විය හැකිය. උපන් දා සිට ඔහු තුළ රෝපණය කළ 'පිරිමි කම' පිළිබඳ අළුත් නිර්වචන සෙවීමට මේ තත්ත්වය තුළ ඔහුට බල කෙරෙයි. තමාට සිදු වූ විපත තවත් පිරිමියෙකුට අත්කර නොදෙනු වස්, තමා දන්නා සෑම ගැහැනියකගේම කන්‍යා භාවයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම පිරිමියෙකු වශයෙන් තමාගේ සමාජ යුතුකමක් හා වගකීමක් වශයෙන් සැළකීමට මේ තත්ත්වය තුළ යම් පිරිමියෙකු උත්සුක වුවහොත් කෙනෙකු පුදුම විය යුතු නැත.

විශ්ව විද්‍යාලයක වසර කිහිපයක් තිස්සේ පැවැත්වෙන සියළු විභාගවලට අමතරව කන්‍යා භාවය පිළිබඳ විභාගයත් නියමිත උසස් අධ්‍යයන පරිපාටියේ අංගයක් බවට පත් කිරීමේ මංගල මොහොත එළැඹෙන්නේ දැන් වුවත්, ඊට අවශ්‍ය කෙරෙන භෞතික වූත්, චින්තනමය වූත් පරිසරය ඔය කියන විශ්ව විද්‍යාල පරිශ්‍රයන් තුළ බිහි වෙන්නට පටන් ගෙන දැන් බොහෝ කලක් ගත වෙයි. එහෙත් ඒවා, ශිෂ්‍ය පරම්පරාවට මෙන්ම ආචාර්ය ප්‍රජාවට ද 'සාමාන්‍ය' සිදුවීම් විය. විශ්ව විද්‍යාලයේ විවෘත භූමිය තුළ පවා සිගරට් බීම මහා පාප කර්මයක් වශයෙන් සළකා මාෂල්වරු එවැනි 'වැරදිකරුවන්ගේ' පස්සෙන් පන්නන විට, එය සමාජ සුභ සිද්ධිය සඳහා වන 'අර්ථවත්' ක්‍රියාවක් විය. කොළඹ විශ්ව විද්‍යාලයේ සවස 7 න් පසු කිසිම ශිෂ්‍ය ශිෂ්‍යාවකට හෝ ගුරුවරයෙකුට එම භූමියේ රැඳී සිටිය නොහැකි බවට බලධාරීන් තහනම් නියෝග පනවන විට එය 'ආරක්ෂාව' සඳහා අත්‍යාවශ්‍ය පියවරක් විය. විශ්ව විද්‍යාල භූමියට පොලීසිය පැමිණීම සහ ශිෂ්‍යන්ගේ සෙල් ෆෝන්වල අසැබි දෑ ඇත් දැයි පරීක්ෂා කරන විට ඒවා සදාචාරවත් සමාජයක නෛතික අවශ්‍යතා විය. ගේට්ටුවේ සිටින ආරක්ෂක භටයාට හැඳුනුම් පත පෙන්වීම සාමාන්‍ය දෛනික පුරුද්දක් විය. කොටින්ම, උසස් අධ්‍යාපනික ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාලය සතුව පැවති අභිමානය ප්‍රහීන වී ඉස්කෝලයක් බවට විශ්ව විද්‍යාලය පත්වුණේ දැන් සෑහෙන කලක සිට ය.

යුද්ධ කාලයේ දේශප්‍රේමය සීග්‍රයෙන් අලෙවි කෙරෙන විට එහි පෙරමුණේ සිටි ජනතා විමුක්ති පෙරමුණු ශිෂ්‍ය ව්‍යාපාරය, මේ දේශප්‍රේමය තුළට දේශීයත්වය සහ අපේ කම ආදිය යහමින් මුසු කෙළේය. කන්‍යා භාවය පිළිබඳ වර්තමාන වාර්තාව සපයන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, එම දේශපාලනයේ ශිෂ්‍ය ව්‍යාපාරය වශයෙන් සැළකේ. මොවුන් පසු ගිය කාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට ජීන්ස් කලිසම් ඇඳීම තහනම් කෙළේය. ඒ, අපේ කමට කලිසම නොගැළපෙන බැවිනි. පිරිමියාට ගැලපෙන කලිසම ගැහැනියට නොගැලපෙන්නේ ඇයි? ලිංගිකත්වය නිසා ය. සායකින් නොපෙනන බාහිර හැඩයක් (උදාහරණයක් වශයෙන් තට්ටම්) කලිසමට කැපී පෙනේ. එය, ගැහැනියක් හඳින විට, ලිංගික අරුතකින් 'අශෝභන' ය. එම කලිසම ම, පිරිමියාගේ ඉදිරිපස පිරිමි ඇඟ ඉදිරියට නෙරා පෙන්වයි. එම දර්ශනය අශෝභන නැත. මේ සුචරිතවාදී චින්තනයත්, ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය පරීක්ෂා කිරීම මෙහෙයවෙන බලධාරීන්ගේ චින්තනයත් අතර කිසි වෙනසක් නැත.

අද උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය හොබවන්නේ මෙම විශ්ව විද්‍යාලයේම ආදි සිසුවෙකි. මීට කලකට ඉහත දී, මේ රටේ පෙම්වතුන්ට නිදහසේ හමු විය හැකි වන සේ පෙම් උයන් නිමවා දෙන බවට ඔහු පොරොන්දු විය. පෙම් උයන් කෙසේ වෙතත්, වාඩි වීමට තිබූ බංකුව පවා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවට අද අහිමිව තිබේ. එම විශ්ව විද්‍යාලයේම උපකුලපතිවරයා, තරුණ තරුණියන් පෙම් කිරීම 'පාප කර්මයක්' සහ 'අපරාධයක්' වශයෙන් සළකයි. මේ කිසිවක් හුදෙකලා සිදුවීම් නොවේ. ඉර හඳ පවතින තුරා මිනිස් වර්ගයාගේ කේවල හතුරා වන්නේ ලිංගිකත්වය යැයි ගත් මූලධර්මවාදී චින්තනයක් අද මුළු සමාජය පුරා අරක් ගනිමින් සිටී. අවසාන ප්‍රතිඵලය වශයෙන් මුල්ලාවරුන්ගේ රාජ්‍යයක් බිහි කර ගැනීමට ඔබ ඉස්ලාම් විය යුතු ම නැත. ගෞතම බුදුන්ගේ දේශයේ ද එය සිදු විය හැකිය.

(අවරදිග ආවර්ජනා. රාවය. 2010.11.26)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Virginity Test, Vidyodaya University, Sri Lankan, Udul Premarathna, N L A Karunarathna
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
anonymous මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-15 23:43:39
අදෘශ්‍ය මෙහෙම කියනවා :
...............මෝඩයෝ ලොක්කෝ වී සිටිති. ජනපති ඔවුන් පත්කරති. ජනපති ජනතාව විසින් පත්කරති. එහෙයින් මෝඩයෝ මෙවන් පුටුවලට පත් කළෝ ජනතාවෝමය. ජය වේවාය............
අමූලික ඇත්ත!!!!! ඡයම වේවා !!!!


කිවුව වෙලාව- 2010-12-15 23:21:05
Anti-KARU මෙහෙම කියනවා :
@Nalin,

meka hoda joke ekak tama uba kiyana katandaraya

but macho
hospital ekata KARUWA kellanwa patogena aran giyaata ethanadi ehema virginity check kirillak wela naha. habayi e tikath athi... unge bio-logical virginity kohoma wunath aathmaya nam winasa kala oya balla..


කිවුව වෙලාව- 2010-10-07 21:36:42
Nalin මෙහෙම කියනවා :
kellange kanyabawaya tibunath kalubowila hsprtl ekedi eka nethi wenna athi...mokada Director JAGINGHE wala...last mnth Staff geniyek vehicle eke tiyagena rathmalana paththedi mattu una...dennam Petti tibunath nethuwa athi....
THO... s.proidge puthda?


කිවුව වෙලාව- 2010-10-07 19:53:23
laka මෙහෙම කියනවා :
hapoi..meka kiyawana samahara un karunarathnata wada anthai ne

කිවුව වෙලාව- 2010-10-02 03:53:14
Thamudu Suranga මෙහෙම කියනවා :
මේ හොයන්නේ මෙන කන්‍යාභාවයද?
By Milinda

අවුරුදු 13ක් පාසලේ අනේක විධ දුක් ගැහැට විද ඉගෙනගෙන විශේෂයෙන්ම අවසන් අවුරුදු දෙකේ රුපියල් දහස් ගණනක් වියදම් කොට ටියුෂන් පන්තිද ‍ගොස් මාස ගණනක් නිදි වරා පොත් වන පොත් කර ඒත් අවසානයේ විශ්ව විද්‍යාලයට වරම් ලබා ගන්නේ සියයට0.1ක් වැනි ඉතා සුළු පිරිසකි. මේ රටේ දුවා දරුවන්ගේ අධ්යායපනයේ අයිතිය අමු අමුවේ විනාශ කර දමන මර්මස්ථානය එයයි. ඉන් පසු බෝධි පූජාද, ගෙදර සාදද පවත්වා දෙමව්පියන් හා නෑදෑයන් වැද පුදා විශ්ව විද්‍යාලයකට පිටත් වන්නේ , විශ්ව විද්‍යාලයේදී පළමු වසරේදී නම් රැග් එක නිසා ජ්‍යෙෂ්ධ උත්තමයන්ගෙනුත් දෙවන වසරේ ශිෂ්‍ය ව්‍යාපාර ගෙඩ දැමිය යුතු නිසා පාලන අධිකාරියෙනුත්, තෙවන වසරේදී තාමත් ඇදි ඇදී යන උපාධිය ඉවර නැති නිසා ගෙදරිනුත්, සිව් වන වසර විභාග අසමත් කරවන්නට බලා සිටින ආචාර්ය මහාචාර්ය වරුන්ගෙනුත්, අවසානයේ රැකියා ඉල්ලා පෙළපාලියේ ගොස් පොලීසියෙන් ගුටිද ඇතුළු අනේක විධ අතවර හා කෙනෙහිලි කම් වලට මුහුණ දෙන්නට සිදු වන බව නොදැනම නොවේ.

කන්‍යාභාවය කියන්නේ පතිවෘතාවය නම් අධ්යාාපනයේ කනළ්‍යාභාවය උසස් පෙළ අවසන් විට සුචරිත භාවයේ න්‍යාමභාවය, රැග් එකේදී දේශපාලන කන්‍යාභාවය, දැනට කාළකණ්නි කර දමා ඇති ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේත් සුන්දර බලාපොරොත්තුවේ කන්‍යාභාවය, කැරලි මර්දන පොලිසියේ කදුළු ගෑසි ඉදිරියේ ත් නිරිලජ්ජිතව විනාශ වී කෙළෙසී යන්නේ අප කාගේත් අනුමැතිය ඇතිවයි.
නමුත් අද විශ්ව විද්‍යාල සිසුන්ට ඇති දැවැන්තම අභියෝගය තමන්ගේ ලිංගික කන්‍යාභාවය උප කුළපති වරයාට ඔප්පු කර පෙන්වීමයි. පසුගිය ඉරිදා සන්ඩේ ලීඩර් පුවත් පත මේ සිදුවීම වාර්තා කළේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරුගේ ප්‍රකාශයක්ද සහිතවයි.මේ වන විටත් උපකුළපතිවරයා සිසුවියන් 06 දෙනෙකු බලහත්කාරයෙන් මේ සදහා යොදු කර ඇති අතර දඩයම ඒ ආකාරයෙන්ම දිගටම ක්‍රියාත්මක වේ.
කන්‍යාභාවය යනු කෙතරම් අසත්‍ය සහ මිත්යා මතයක්ද? මේ වචනය පමණක් මේ රටේ තරුණියන්ගේ ‍මානසික සෞඛ්‍යයට කෙතරම් අහිතකර ලෙස බලපා ඇතිද? තරුණ ජීවිත කීයක් මේ මිත්‍යාව නිසා අසහනයෙන් කල් ගෙවනවද? කන්‍යාභාවය හා ඊට අදාල නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු මීට පෙර මේ බ්ලොග් අඩවිය පුරා අප වාර්තා කර ඇත.

අධ්‍යාපනයට ඇති නිදහස කුමක්ද? මනා කායික හා මානසික සෞඛ්‍යය තත්ත්වයකට විශ්ව විද්ය්‍යාල ශිෂ්‍යයින්ද ඇතුළු සමස්ත තරුණ ප්‍රජාවටම ඇති අයිතිය කුමක්ද? අපේ ජීවිත ගැන තීරණ ගැනීමට තරුණ අපිට ඇති අයිතිය කුමක්ද? හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුළපත්වරයා කර ඇති ක්‍රියාව කෙතරම් නීති විරෝධීද යන්න පිළිබදව අප පසුගිය සතිය පුරාම මෙම බ්ලොග් අඩවියෙන් සාකච්ඡා කළෙමු.

මා දුටු තවත් පැත්තක් මේ සිදුවීමේ ඇත. ඒ සිය වසක් පමණ පැරණි ශ්‍රී ලංකාවේ විශ්ව විද්යාිල තුළ මෙවැනි පසුගාමී ක්‍රියාවක් එක් වරම ජනිත වීමට හේතු වූයේ කුමක්ද? විශිවවිද්‍යාලය පුරා කැමරා සවි කොට ශිෂ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්නේ කුමක් නිසාද? ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවයන් හා නවක සිසුන් අතර සබදතාවය අවම කිරීමට සෑම බලයක්ම යොදා ඇත්තේ ඇයි? ආදර සබදතා සදහා මෙරට නිදහස් එකම ස්ථානය වන විශ්වවිද්‍යාලය තුළ පරිපාලනයට කිසිදු අදාලත්වයක් නැති ආදර සබදතා විනයානුකූල පරීක්ණයක් දක්වා ඉහලට ලගන ගියේ කුමන අරමුණක් ඇතිවද? ‍

Marjane Satrapi ගේ පර්සි පොලිස් නම් කාර්ටූන් පොත මීට හොදම උදාහරණයක් දක්වයි. දේශපාලනියක මිනිසුන් සිර කර තැබීම සදාකාලිකව කළ හැකි දෙයක් නොවේ. මිනිසුන් ඊට ඉක්මනින් කුපිත වන අතර ප්‍රතිචාරය ප්‍රබල වේ. දේශපාලනික මර්දනය විවේචනයට හසු කර ගැනීම න්‍යායික හා අධ්‍යාත්මික වශයෙන් පහසුය. නමුත් සංස්කෘතිය, සදාචාරය හා ආගම විවේචනය පහසු කරුණක් නොවන අතර මතභේදාත්මක එකකි. එසේ නම් දේශපාලනික වහල් භාවය ඇති කිරීමට සුදුසුම ආයුධය වන්නේ සදාචාරාත්මක බලවේග ඉදිරියට ගෙන ඒමයි.

ඉරානයේ කාන්තාවන්ට සිය හිස කෙස් පෙනන පරිදි හිස් ආවරණය පැළදිය නොහැක. පාරේ තනිව එහා ‍මෙහා යාම තහනම් කර තිබුණත් දැන් එය තරමක් දුරට කළ හැකිය. ඒත් ඒය කළ යුත්තේ හිසේ සිට පාදාන්තය දක්වා වසාගෙනය. ආදර සබදතා තහනම්ය. පාටි හා සංගීතද තහනම්ය, ගැහැණු පිරිමි එකට ඉගෙන ගැනීම පවා සදාචාර විරෝධීය. ඉතින් ඉරානයේ බහුතරයක් තරැණියන් උදේ සිට ආත්රී, නින්දට යන තුරුම සිතන්නේ මගේ ඇදුම ශීලාචාරද? මම හැසිරීම ශීලාචාරද? මගේ කතා බහ නිවැරදිද? මම ආගමානුකූළව ඇවිදිනවාද? මම මගේ පෙම්වතිය හෝ පෙමවතා දෙස බලනු කවුරුත් දැක්කාද? යනාදිය මිසක් මගේ ආදරය ප්රමකාශ කිරීමේ අයිතිය කොහිද? නිදහසේ එහා මෙහා යාමට මා සතු අයිතිය කොහිද? ආගමක් ඇදහීමේ නිදහස දහ කැමති භිෂිවක් භාවිත කිරීමේ ‍නිදහස කොහිද? යනාදිය නොවේ.

ඉරානයේ බොහෝ තරුණ තරුණියන් මේ පීඩිත දේශපාලන ක්‍රමයට විරුද්ධය. එහෙත් ඉහත ගෙනු කළ සදාචාරාත්ම ගැටළු වලට අභියෝග කිරීමට පෙර ඔවුන් දෙවරක් සිතා බලයි. ඒ එය ආගම, දෙවියන්, සංස්කෘතිය, සදාචාරය, දිව්‍යලෝකය සහ අපාය සමග බැදී ඇති නිසාය.

අද ශ්‍රී ලංකාවේ දෙශපාලනික භූමිකාව තුළ තව දුරටත් කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කරමින් සිටින්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ යෙදී සිටිනනන්ය. පත්තර වල මහ පාරේ අඩුම ගානේ පොස්ටරයක් වත් අලවන්නේ මේ කණ්ඩායට පමණි. අනෙක් අතට ඉතිහාසය පුරාම විශ්ව විද්‍යාල, වාමාංශික දේශපාලනික පක්ෂ වලට නැගී සිටින්නට මනා ආධාරකයක් සපයයි. විශේෂයෙන්ම ජ/පුර සරසවිය වාමාංශික දේශපාලනයේ තෝතැන්නක් මෙන්ම උප කුළපත්වරයෙකු ශිෂ්‍ය අරගලයකින් බලයෙන් පහ කර එකම විශ්ව විද්‍යාලයද වේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය සදහා යොදා ගත හැකි සියළුම උපක්‍රම මේ වන විට භාවිත කොට අවසන්ය. ශිෂ්‍ය නායකයන්ගේ විභාග ඇන්නවීම, පොලීසිය දම්මවා ගැස්සවීම, විකල්ප ශිෂ්‍ය කණ්ඩායම් බිහි කිරීම, විශ්ව විද්යා‍ල වසා දැමීම, පන්ති තහනම් කිරීම ඇතුළු එකී මෙකී නොකී සියළුම ක්‍රීයාමාර්ග වලට මේ වන විටත් කිහිප වාරයක්ම ලක් වී තිබ්.

දැන් ඉතිරිව තිබූ එනම ආයුධය එළියට පැමිණි ඇත. උප කුළපතිවරයාම අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයට කතා කිරීමට මාතෘකාවක් සපයා දී ඇත. එය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළු ගැන වත්, පරිපාලනයේ දූෂණ ගැන වත් නොවේ. ආදරය කිරීම සීමා කිරීම පිළිබද ගැටළුවයි. තව දුරටත් ශිෂ්‍යානවන්ට උපාධි පාඨමාලා සංයුතියට විරුද්ධව හඩ නැගීමට වෙලාවක් නැත්තේ කන්‍යාභාවය ගැන සිතීමට ඇති නිසාය. පොස්ටරයක් අලවන්නට නොහැක්කේ අසභ්‍ය ලෙස පෙම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අල්ලා ගැනීමට සවි කළ කැමරා නිසාය.

සදාචාරයේ විප්ලවය ඇරඹී ඇත. එය මැන බලන්නේ ඔබේ දේශපාලනික කන්‍යා භාවයයි.

Extracted from [grassrooted dot net]


කිවුව වෙලාව- 2010-09-30 05:05:14
Olmorondam මෙහෙම කියනවා :
habayi su(nil)mana go(winnage)mas awa nam meka niyameta wigraha karayi appa.. ko ee dariwi niwadu gihin me tike...

කිවුව වෙලාව- 2010-09-28 00:09:40
අයිවර් ජෙනින්ස් මෙහෙම කියනවා :
මේ උපකුළයා උම්මන්තකයි. විද්‍යෝදයට අබසරනං. විශ්වවිද්‍යාලයේ ළමයි නැත. වැඩිහිටියෝ සිටිති. මෝඩයෝ ලොක්කෝ වී සිටිති. ජනපති ඔවුන් පත්කරති. ජනපති ජනතාව විසින් පත්කරති. එහෙයින් මෝඩයෝ මෙවන් පුටුවලට පත් කළෝ ජනතාවෝමය. ජය වේවාය.

කිවුව වෙලාව- 2010-09-27 23:28:43
දුෂාන් මෙහෙම කියනවා :
දැන් පවතින සමාජ තත්වය අනුව එය විශවිද්යාීලයක් තුල සිදුවිම අරුමයක් නොවේ.දැන් ආදරය කරන්නතියා අත් වැල් අල්ලන් පාරේ යන්නටද බැරිය.එසේ වුවොත් සිදුවන්නේ දෙමාපියන් එනතෙක් පොලීසියේ තැපීමටය.දැන් ගෙදරට හොරෙන් නිදහසේ ආදරයෙන් ඇවිද යන්නට තැන් නැතිය.ඒ වෙනුවට නොකියා යන්නට කියනේ ලොකු ලොකු පොලි... යේ මහත් වරුන්ගේ Gust House වලටය. පිස්සු හැදෙයි. කරන්නට දෙයක් නොමැත.ලිංගිකත්වය සදාචාරය නැමති රෙද්දෙන් වසා ඇත. ආදරයට වැට බැදී ඇත.
කරන්නට දෙයක් නොමත.දෙනදෙයක් කා වෙන දෙයක් බලාසිටීමේ තියරියට යන්නට අනාගතයේ සියල්ලන්ට සිදුවේ යැයි සිතිය හැක.

Posted by දුෂාන් to බූන්දි|BOONDI at 27 September 2010 05:00


කිවුව වෙලාව- 2010-09-27 21:50:10
Nuwan මෙහෙම කියනවා :
"ඉර හඳ පවතින තුරා මිනිස් වර්ගයාගේ කේවල හතුරා වන්නේ ලිංගිකත්වය යැයි ගත් මූලධර්මවාදී චින්තනයක් අද මුළු සමාජය පුරා අරක් ගනිමින් සිටී. අවසාන ප්‍රතිඵලය වශයෙන් මුල්ලාවරුන්ගේ රාජ්‍යයක් බිහි කර ගැනීමට ඔබ ඉස්ලාම් විය යුතු ම නැත. ගෞතම බුදුන්ගේ දේශයේ ද එය සිදු විය හැකිය. "

Well said...

Posted by Nuwan to බූන්දි|BOONDI at 27 September 2010 07:26


කිවුව වෙලාව- 2010-09-27 21:48:30
dlw මෙහෙම කියනවා :
kohoma wunath mekata adala thawa paththak thiyenawa. lecturerla ke denekta university eka gonpot ekak wela thiyanawada kiyana eka. ekko thamange student kenek. ehema nathnam staff eke kenek. e nisa studentlage parishawa kesewethath thamange hadiyawa ganath hithanna wei. depthi kiyanawidiyata lankawe lokuma badu karayo inne film industry eke. eth ohuta atha arichcha system ekak thamai university eka.

කිවුව වෙලාව- 2010-09-27 11:03:04
vidudaya putha මෙහෙම කියනවා :
me thathwaye nodutu pattak obata penwa demi enam mehidi v.c gat tiranaya gana satutu wemi. ehet ohu patan gat tana waradiya. ohuta patan gannata tibune taman gen igana ganna kellanwa tamange yahanata wadammawa ganna atham aduru mahaduru thumanlagenya.
prasiddiye ganu thiyagen unata lakunu de 1st claas natat sewayata badawa gena campus winasa karana un ganaya
mehew guruwarungen igana ganna daruwan kanya bawaya tiya gattot tama puduma wenna one
v.c thumani....., viyangoda mahataneni....., mahajanataweni me obe awadanaya pinisay


කිවුව වෙලාව- 2010-09-27 10:35:32
lks මෙහෙම කියනවා :
@ A COMMENT!
උබ නිකන් නොදන්න ***වල් ගැන කතා නොකර හිටපන්.මුන් කැම්පස් වලදි එක එකාට කියල *****ගෙන ආපුවාම අන්තිමට අපිටනෙ ඔව්වට කර ගහන්න වෙන්නෙ.

උඹ බයවෙන්න එපා බං! උඹ වාගේ පොන්නයෝ එක්ක කෙල්ලො‍ එන්නේ නෑ. ඒ නිසා උඹ ඕවාට කරගහන්න ඕනේ නෑ... පොන්න ඩාන්ස් එකක් දාගෙන ඉන්න තැනකට වෙලා හිටපං!


කිවුව වෙලාව- 2010-09-27 10:04:31
Lanka මෙහෙම කියනවා :
sometimes when we want to stop something very badly we act with exaggeration. I think this behaviour of the university officer too has done something like that. I think in a place like university where the students are adults who carry responsibility for their own lives no one can interfere to such an extrema. But we must admit that in any institution there sd be good discipline.
This is just a part of a problem today's whole society facing.


කිවුව වෙලාව- 2010-09-27 09:04:58
Maneesha මෙහෙම කියනවා :
විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයම විභාග කළ යුතුව ඇති තත්ත්වයක් තුළ උපකුලපතිවරයෙකුගේ අවධානය ශිෂ්‍ය කන්‍යා භාවය කෙරෙහි යොමු වීම විහිළුවකි. එවන් තත්ත්වයක් තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍ය භාවය පවා අවදානමකට පත්ව ඇති අතර සියලු ආකාරයෙන් සිදු කෙරෙන සිසු මර්දනය රටේ ඉදිරියට සුභදායක නොවනු ඇත.

කිවුව වෙලාව- 2010-09-27 07:07:52
කබරා මෙහෙම කියනවා :
අඩෝ කාල කණ්නි පරයා තෝ හිතා ගෙන ඉන්නේ කෙල්ලො තොපේ ඔය මගුල ඔබා ගන්න බලා ඉන්නවා කියලද. තෝ දැනගනින් පරයො තෝ ව ත් ජාතක උනේ එහෙමයි, වෙසිගෙ පුතා.

කිවුව වෙලාව- 2010-09-27 07:00:10
Jai-Poor Student මෙහෙම කියනවා :
one student has asked a nice question from gamini wiyangoda. hope he ll read this and understand...!

කිවුව වෙලාව- 2010-09-27 04:54:27
A COMMENT!! මෙහෙම කියනවා :
උබ නිකන් නොදන්න ***වල් ගැන කතා නොකර හිටපන්.මුන් කැම්පස් වලදි එක එකාට කියල *****ගෙන ආපුවාම අන්තිමට අපිටනෙ ඔව්වට කර ගහන්න වෙන්නෙ. මොකද ඔය කෙල්ලොත් එක්ක ****ට ඔය කොල්ලොම ඔය කෙල්ලො බදින්නෙ නෑනෙ.එක එකාගෙ *** ඇග ඇතුලට දාගෙන ඉන්න එකියක් බදින්න උනොත් උබ කැමතිද ඒකිව බදින්න.

Posted by Anonymous to බූන්දි|BOONDI at 27 September 2010 03:47


කිවුව වෙලාව- 2010-09-27 04:52:54
සැළ ලිහිණියා මෙහෙම කියනවා :
ජයවද්දනපුර වැනුම

බොහො සද්දෙන දෙති ඇති පදම දෙස් පෙමා
මුලුවද්දන සිසු පරපුර දෙකට නමා
ඇට පද්දෙන දණ හිස ළග නාකි හමා
ජයවද්දන පුක උලපති ඇදුරු තුමා

දැක රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර පෑගි ලිස්සා වැටෙති
බිඳි බඹසර පටල සොයනට රෝහල් යවති
ඇඳි සිල්රෙද්ද ඔසවා පඩ ෂෝ රගති


කිවුව වෙලාව- 2010-09-27 04:28:41
කිංග්ස්ලි මෙහෙම කියනවා :
මෙම ලිපිය පළ කිරීම ගැන ස්තූතියි බූන්දි.
මෙහි එක් අදහසක් නිවැරදි නොවේ.
"තරුණියකගේ කන්‍යා භාවය යම් බලාධිකාරයක නියෝගය යටතේ පරීක්ෂාවට ලක් කළ හැක්කේ, එම තරුණිය යමෙකු අතින් දූෂණයට ලක් වී ඇතැ යි නගන චෝදනාවකට අදාළව පමණි."
මෙහිදී පරික්ෂාවට ලක්කරනුයේ කන්‍යාභාවය නොවේ. බලහත්කාරී ප්‍රවේශ කිරීමකදී සිදුවන පේශී ඉරීයාම්, සිරීම් රැධිර වහනයන් ආදිය සිදුව ඇත්දැයි යන්න මෙන්ම සංසර්ගයකදී සිදුවන ස්‍රාවයන් තුළ අතර අපරාධකරුගේ රුධිර ගණය හෝ ශුක්‍රානු ඇත්දැයි විමසීමට ඒවායේ සාම්පලයන් ගැනීමය.


කිවුව වෙලාව- 2010-09-27 01:37:42
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ගාමිණී වියන්ගොඩගෙන් තවත් වියමන්
පොත්
පොල්පොට්ගේ 'මාක්ස්වාදය' සහ කෙමරූජ් භීෂණය
අදහස්
සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම
අදහස්
තණකොල සහ පුන්නක්කු
අදහස්
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
අදහස්
බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසැවීම
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook