Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සහෝදරවරුන් සමග| Walking with the comrades
බූන්දි, 00:08:33
සහෝදරවරුන් සමග යන හිසින් මෙහි පලවනුයේ ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් Walking with the comrades යන නමින් 2010 මාර්තු මස ඉන්දීය Outlook සගරාවට ලියන ලද දීර්ඝ ලිපියේ අනුවර්තනයකි. මේ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරය විසින් පාලනය කරන ප්‍රදේශ වෙත ඇය කල පෞද්ගලික සංචාරයකදී ලත් අත්දැකීම් මෙම ලිපියට ප්‍රස්තුත වේ.

මාඕවාදී සන්නද්ධ ව්‍යාපාරය ඉන්දීය දේශපාලන සිතියම තුල මේ වන විට නොසලකා හල නොහෙන බලයක් අත්පත් කර ගෙන තිබේ. මෑතකදී එය වනාහි ඉන්දීය ජාතික ආරක්ෂාවට ඇති ගැඹුරුතම අභ්‍යන්තර තර්ජනය ලෙස ඉන්දීය රජය විසින් ප්‍රකාශ කරන්නට යෙදුනි. ඉන්දීය ජන ජීවිතයේ එක්තරා අදුරු කලාපයක් පිලිබද විනිවිද යන සුලු විස්තරයක් ඉදිරිපත් කිරීමට‍ මෙහිලා රෝයි උත්සාහ ගෙන තිබේ.

අරුන්දතී රෝයි සම්මානනීය ඉන්දීය ලේඛිකාවකි. සමාජ ක්‍රියාකාරිනියකි. එක්සත් ජනපදය විසින් ඉරාකයේ සිදුකරනු ලබන සංහාරය වැනි ගෝලීය බල දේශපාලනික කරුනු කෙරෙහි විවේචනාත්මක ආස්ථානයක් දරන ඇය ඉන්දීය රාජ්‍යයේ අධිපති මතවාදයට විකල්ප අදහස් වෙනුවෙන් පෙනි සිටීම මත සමාජ සංවාද කවයන් තුල ආන්දෝලනාත්මක අදහස් දක්වන්නියක ලෙස ප්‍රචලිතව සිටී.

සහෝදරවරුන් සමග| Walking with the comrades

ඉන්දීය ජාතික ආරක්ෂාවට ගැඹුරුතම අභ්‍යන්තර තර්ජනය එල්ල කරන සතුරාව මුහුනට මුහුන මුන ගැසීමට මා තුල වූ දිගුකාලින ආශාව සදහා අනුමැතිය පල කරමින් ලියුම් කැබැල්ලක් යතුරු ලියනය කරනු ලැබ, සීල් තැබූ කවරයක බහා කාමරයේ දොර යටින් රිංගවා තිබුනි.

ඔවුන්ගේ මෙම පිලිතුර මට ලැබෙන්නේ මාස ගනනාවක බලාසිටීම අවසානයේ නිමාවට පත්කරමිනි. දොර යටින් රිංගවූ චිට් කැබැල්ලට අනුව මා හට චත්තිස්ගාර් ප්‍රාන්තයේ දාන්තේවාද හි දාන්තෙශ්වරි මන්දිරයේ රැදී සිටීමට සිදුවනු ඇත. දෙන ලද දින දෙකක් ඇතුලත දෙන ලද වේලාවන් හතරක් තුලදී ඕනෑම එක් වේලාවක ඔවුන් මුනගැසීම සදහා මා හට අවසරය ලැබී තිබිනි. එවැනි තෝරා ගැනීමේ අවස්ථා කිහිපයක් දී තිබෙන්නේ නරක දේශගුනය,අනපේක්ෂිත විරාමයන්,ආරක්ෂක මුරකපොලු වල බාධා,ප්‍රවාහන සේවා වර්ජන සහ අවසන් වශයෙන් හුදු අවාසනාවන්ත අහඹු ප්‍රමාදයන් වැනි මතුවිය හැකි අවදානම් සලකා බලාය. අමුත්තා විසින් රැගෙන ආ යු‍තු දේ කොල කැබැල්ලේ සටහන් ව තිබුනි. කැමරා ආම්පන්න,පොල් ගෙඩියක් සහ පොට්ටුවක් හදුනාගැනීමේ සලකුනු ලෙස මා විසින් ගෙන ආ යුතුව තිබේ. මුන ගැසෙන පුද්ගලයා තොප්පියක් පැලද සිටිනු ඇත. ඔහු අත Outlook හින්දි සගරාව සහ කෙසෙල් ඇවරියක් පවතිනු ඇත. රහස් පදය - නමස්කාර් ගුරු ජී යන්නයි.

"නමස්කාර් ගුරු ජී". මුනගැසෙන්නා හා සුබපතන්නා පිරිමියෙක් අපේක්ෂා කරනවා වැන්න. මා උඩු රැවුලක් පැලදිය යුතුව තිබේද යන හාස්‍යජනක සිතුවිල්ල මා තුල ඇතිවිය.

මා යා යුතුව තිබෙන්නේ දාන්තේවාද නගරයටයි. දාන්තේවාද - එය විවිධ ආකාර වලින් පැහැදිලි කල හැක. එය වූ කලී විකාරරූපි ප්‍රලාපයකි. මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්ත මායිමක සිරවුනු නගරයක් වන මෙය සංග්‍රාමීය භූමිකම්පාවක අපි කේන්ද්‍රයයි. එය උඩ සිට පහලට හැරවුනු නගරයකි. ඇතුලත සිට පිටතට දිග හැරුනු නගරයකි.

දාන්තේවාදහි පොලිසිය සාමාන්‍ය ඇදුම් අදිද්දී කැරලිකරුවෝ නිල ඇදුම් පලදිති. බන්ධනාගාර නිලධාරීහු සිරගෙවල් තුල පසුවෙද්දී සිරකරුවෝ නිදහසේ දවසරිති. (වසර දෙකකට පෙර තුන්සියයක් සිරකරුවන් එකවර පැරනි නාගරික බන්ධනාගාරයෙන් පැනගොස් තිබුනි) දූෂනයට ලක්වූ ස්ත්‍රීහු පොලිස් අත්අඩංගුවේ පසුවෙති. දූෂකයෝ කඩමන්ඩියේ කතා පවත්වති.

ඉන්ද්‍රාවතී ගංගාවෙන් ඔබ්බෙහි ප්‍රදේශය පොලිසිය විසින් "පකිස්ථානය" ලෙස හදුන්වනු ලැබේ. මෙය මාඕවාදින්ගේ අනසක සහිත ප්‍රදේශයයි. එම ප්‍රදේශ වල ගම්මාන හිස්ය. නමුත් වනාන්තර මිනිසුන්ගෙන් පිරී පවතී. පාසල් යා යුතු වයස්වල ලමයි කැලෑවේ සරති. අලංකාර වනාන්තරබද ගම්මාන වල කොන්ක්‍රීට් පාසල් ගොඩනැගිලි පුපුරුවනු ලැබ ඇත නැතිනම් පොලිස් නිලධාරීන්ගෙන් පුරවා ඇත. වනාන්තර තුල දිග හැරෙන මාරාන්තික සංග්‍රාමය වනාහි ඉන්දීය ආන්ඩුව ආඩම්බර වන,ඒ අතරම කතා කිරීමට මැලිවෙන්නා වූද සංග්‍රාමයකි. මාඕවාදීන්ට එරෙහි ග්‍රීන් හන්ට් මෙහෙයුම (operation green hunt)ප්‍රකාශයට පත්කොට තිබෙන අතරේම ඒ පිලිබද වාර්තා ප්‍රතික්ෂේප කිරීමද සිදුවේ. ඉන්දියානු අභ්‍යන්තර කටයුතු ඇමති පී. සිදම්බරම් ( හෙතෙම සංග්‍රාමයේ ප්‍රධාන විධායකයාද වන්නේය ) ට අනුව එවැනි මෙහෙයුමක් නොපවතී. එම වදන හුදු මාධ්‍ය ප්‍රබන්ධයක් පමනි. නමුත් විශාල වශයෙන් අරමුදල් දෛනිකව හමුදා මෙහෙයුම් වෙනුවෙන් යෙදවෙමින් පවතින අතර දහස් ගනන් හමුදා ඛන්ඩ ඒ වෙනුවෙන් බලමුලු ගැන්වෙමින් පවතී. යුද්ධයේ වේදිකාව මධ්‍යම ඉන්දියාවේ ඝන කැලෑ තුල පැවතියද එය අප සියලු දෙනා මත බරපතල ප්‍රතිවිපාක පතිත කරනු ඇත.

අවතාරයක් යනු යමෙකුගේ‍ හෝ යම්කිසිවක මිය ගිය ආත්මය නම්,මංතීරු හතරක් සහිතව වනාන්තරය කපාගෙන ඉදිරියට ඇදෙන නව අධිවේගී මාර්ගය කැලෑ තුල සරන අවතාරයන්ට මුහුන ලා ඉදිවූවකි.

එය ඇතැම්විට ඉදිරියට සිදුවීමට නියමිත බිහිසුනු දේවල් පිලිබද පනිවුඩය ගෙන එන්නා වූ සංඥාකරුවෙකු වැන්න. කැලෑ තුල සැගව ඇති ප්‍රතිරෝධයන් සෑම අතින්ම අසමානය. සෑම අතින්ම විසදෘශ්‍යය.

ඝන කැලෑ තුල එක් අතෙකින් මුදල්,ගිනි අවි,මාධ්‍ය සහ නැගීඑන සුපිරි බලසම්පන්න රාජ්‍යයක ආධාරය ලබන අතුරු සන්නද්ධ හමුදා සමූහයකි. අනෙත් අතින් සාම්ප්‍රදායික ආයුද වලින් සන්නද්ධ සාමාන්‍ය ගම්මුන් ගෙන් සැදුම් ලත් මාඕවාදී ගරිල්ලා කන්ඩායම්ය. අසාමාන්‍ය වූද ප්‍රචන්ඩ වූද කැරලිකාරී අතීතයක සහ විශිෂ්ට ලෙස ගොඩනගන ලද සංවිධානයක පිටුබලය මෙම කැරලිකරුවන් වෙත ලැබී තිබේ. අතුරු සන්නද්ධ හමුදා සහ මාඕවාදීහු ඉපැරනි සතුරෝ වෙති. මීට පෙර අවස්ථා ගනනාවක ඔවුහු යුද වැදුනාහ. 50 දශකයේදී තෙලෙන්ගානා හී දී,60 දශකය අග භාගයේ හා 70 දශකයේ බටහිර බෙංගාලයේ,බිහාරයේ,අන්ද්‍රා ප්‍රදේශයේ සහ නැවත 80 දශකයේදී අන්ද්‍රා ප්‍රදේශය,බිහාරය හා මහාරාෂ්ට්‍රයේ ඔවුහු එකිනෙකා හා ගැටුනාහ. මෙම අරගලය වර්තමානය දක්වා දිග්ගැස්සෙමින් පවතී. මොවුන් එකිනෙකාගේ යුද උපක්‍රම ගැන අවබෝධයෙන් පසුවේ. එකිනෙකාව ඔවුහු නිරන්තරයෙන් සියුම්ව අධ්‍යයනය කොට තිබේ. සෑම අවස්ථාවකදීම පෙනෙන්නට තිබුනු දෙය වූයේ මාඕවාදීන් ( නැතිනම් ඔවුන්ගේ පූර්වගාමී අවතාර ) පරාජය කලා පමනක් නොව සමූලඝාතනය ද ‍කරන ලදුව සහමුලින් වැනසූ බවයි. නමුත් ඒ සෑම අවස්ථාවකදිම පෙරටත් වඩා සංවිධානාත්මකව,පෙරටත් වඩා අධිෂ්ඨානශීලීව හා පෙරටත් වඩා බලපෑම්සහගතව ඔවුහු නැවත නැගිට තිබේ. අද නැවත වතාවක් මාඕවාදින්ගේ කැරැල්ල ඛනිජ සම්පත්වලින් පොහොසත් චත්තිස්ගාර්,ජාර්කන්ද්,ඔරිස්සා හා බටහිර බෙංගාලයේ වනාන්තර ඔස්සේ පැතිර යමින් පවතී. මෙම ප්‍රදේශ සමූහය වූ කලී මිලියන සංඛ්‍යාත ඉන්දීය ගෝත්‍රික ජනයාගේ නිජභූමියයි. ලෝක සමාගම් ජාලයේ ස්වප්නමය බලාපොරොත්තුවයි.

වනාන්තර තුල ඇවිලෙමින් ඇති යුද්ධය හුදෙක් මැතිවරන යනු ව්‍යාජයක් ලෙස හෙලාදකින,පාර්ලිමේන්තුව හිස් ගුහාවක් ලෙස බැහැර කරන,ඉන්දීය රාජ්‍යය බලහත්කාරයෙන් පෙරලා දැමීමට දිවුරුම් දී සිටින මාඕවාදීන් හා ඉන්දීය ආන්ඩුව අතර ද්වන්ද්ව සටනකි යන සරල ලිබරල් අදහස ඇතිකරගැනීම පහසුය. මධ්‍යම ඉන්දියාවේ ගෝත්‍රික ජනයා හට මා ඕ සේතුං වද පසුකර යන සටන් කිරීමේ විශාල ඉතිහාසයක් තිබෙන බව අමතක කිරීම ඊටත් වඩා පහසුය. (එය පැහැදිලි යථාර්තයකි. ඔවුන් සටන් නොවැදුනා නම් ඔවුන් වද වී යනු ඇත)හෝවරු,ඕරාන්වරු,කෝල්වරු,සන්තාල්වරු ,මුන්දාස්වරු හා ගොන්ද්වරු වැනි ගෝත්‍රික ප්‍රජාවන් කිහිප වරක්ම ඉතිහාසයේ කැරලි ගසා ඇත. වරෙක බ්‍රිතාන්‍යයන්ට එරෙහිවද ,වරෙක සමින්දාර්වරු හා පොලිකරුවන්ට එරෙහිවද ඔවුන් කැරලි ගසා තිබේ. මෙම කැරලි නිර්දය ලෙස මර්ධනය කෙරිනි. දහස් ගනන් මරා දැමිනි. නමුත් ජනතාව කිසිවිටෙක යටත් වීමට ලක්නොවීය. නිදහසින් පසු ද මාඕවාදී ලෙස හැදින්විය හැකි පලමු නැගිටීම බටහිර බෙංගාලයේ නක්සල්බාරි ගම්මානයේ හටගත්‍තේය. මෙම අරගලය මධ්‍යයේ ගෝත්‍රික ප්‍රජාවෝ සිටියහ. මාඕවාදීන් හැදින්වීමට අද දවසේ පුලුල්ව යෙදෙන නැක්සලයිට් යන වහර උත්පාදනය වූයේ නක්සල්බාරි ගම්මානයේ සටන ඇසුරෙනි. එම සටන ඇති වූ දා පටන් නක්සලයිට්වරුන්ගේ දේශපාලනය දැඩි ලෙස ගෝත්‍රික නැගීසිටීම් සමග සම්බන්ධ වි තිබේ. මෙම අරගල නක්සලයිට්වරුන්ගේ අතීතය පිලිබද සේම ගෝත්‍රිකයන්ගේ අතීතය පිලිබදද කතා පුවත වන තරමට මෙම සම්බන්ධය ඉතා කිට්ටු එකකි.

කැරැල්ලේ උරුමය භාර ගෙන තිබෙනුයේ කාලාන්තරයක් පුරා ඉන්දිය ආන්ඩුවේ කොන්කිරීම හා නොසලකා හැරීම් නිසා වියරු වැටුනු ප්‍රජාවක් විසිනි. ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය වන ඉන්දීය ව්‍යවස්ථාව 1950 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. එය ගෝත්‍රික ජනයාට අවාසනාවන්ත දවසක් වූයේය. ව්‍යවස්ථාව යටත්විජිතවාදී ප්‍රතිපත්තිය යාවත්කාලින කරමින් ගෝත්‍රික නිජබිම් රාජ්‍ය ආධිපත්‍යය තුල රදවා ගන්නා ලදී. එක් රැයෙන් සමස්ත ගෝත්‍රික ජනගහනය ඔවුන්ගේම නිජබිම් තුල අනීතික පදිංචිකරුවන් පිරිසකගේ තත්වයට පත්කෙරුනි. ව්‍යවස්ථාව ගෝත්‍රිකයන් හට වනාන්තර නිමැවුම් කෙරෙහි පැවති සාම්ප්‍රදායික අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කලේය. එනයින් ඔවුන්ගේ මුලු මහත් ජීවන රටාවම අපරාධයක් ලෙස හංවඩු ගසන ලදී. "ඡන්දය දීමේ අයිතියට" හිලවු වශයෙන් ව්‍යවස්ථාව ගෝත්‍රික ජනතාවගේ ජිවන රටාවේ අයිතිය මෙන්ම ඔවුන්ගේ ගෞරවයද උදුරා ගනු ලැබීය.

ඉඩම් වල භුක්තිය අහිමි වීම මත දරිද්‍රතාවයේ ගැඹුරු දගරය තුල ගිලී ගිය මෙම ජනයාට එරෙහිව ඉන්දීය රජය පෙරලා නිරනුකම්පික ලෙස භාවිත කලේ ඔවුන්ගේම දරිද්‍රතාවයයි. මහා පරිමාන වේලි බැදීම්,වාරිමාර්ග ව්‍යාපෘති,ඛනිජ නිධි සෑරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රජය සෑම අවස්ථාවකම විශාල ජනපිරිසක් අනාථයන් බවට පත්කරන ලදී. මෙම මෙගා ව්‍යාපෘති "ගෝත්‍රිකයන් ප්‍රධාන ජනජීවිතයට ගෙන ඒම" හා "නූතන සංවර්ධනයේ ඵල ගෝත්‍රිකයන් වෙත කැදවීම" වැනි සාඩම්බර ආටෝපයන්ගෙන් සරසා තිබුනි. ඉන්දීය "ප්‍රගතිය" විසින් අවතැන් කල මිලියන සංඛ්‍යාත අභ්‍යන්තර අනාථයන්ගේ අති මහත් බහුතරය ගෝත්‍රිකයෝ වූහ. මිලියන 30 කගේ පමන උන්හිටි තැන් විශාල වේලි බැදීමේ ව්‍යාපෘති නිසා පමනක් අහිමිව තිබුනි. මෙවැනි සන්දර්භයක් තුල රජය ගෝත්‍රික සුබසාධනය ගැන කතා කිරීම - එය සිතා බැලිය යුතු කරුනකි.

වඩාත්ම මෑත ප්‍රකාශනය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පී. සිදම්බරම් වෙතින් නිකුත් විය. ගෝත්‍රික ජනතාව "කෞතුකාගාර සංස්කෘතීන්" තුල ජීවත්වනු දැකීම තමන්ට අවශ්‍ය නොවන බව හෙතෙම පවසයි. සමාගම් නීතිඥවරයෙක් ලෙස පතල් සමාගම් කිහිපයක උවමනා වෙනුවෙන් සිය වෘත්තිය ජීවිතය පුරා පෙනී සිට ඇති මෙම අමාත්‍යවරයාගේ ඉතිහාසය තුල ගෝත්‍රික සුභසාධනය යනු කෙසේ වුවද ඔහුට එතරම් වැදගත් "මාතෘකාවක්" ව තිබූ බවට කිසිදු සාධකයක් නැත. මේ නිසා ගෝත්‍රික "සුබසාධනය" කෙරෙහි ඔහුගේ මෙම හදිසි අවධානයේ පදනම විමසිල්ලට ලක්විය යුතු එකකි.

පසුගිය වසර පහක පමන කාලය තුල චත්තිස්ගාර්,ජාර්ක්ලන්ද,ඔරිස්සා හා බටහිර බෙංගාල ආන්ඩු සිය ගනන් අවබෝධතා ගිවිසුම් වලට සමාගම් තන්ත්‍රයන් සමග එලඹුනහ. ඩොලර් බිලියන ගනන් වටිනා මෙකී ගිවිසුම් සියල්ල පාහේ රහසිගතය. වානේ කර්මාන්තශාලා,යකඩ කම්හල්,බලශක්ති ආකර, අලුමිනියම් නිෂ්පාදනාගාර,වේලි හා පතල් ඉදිකිරීම් මෙම ගිවිසුම් වලට වස්තු විෂය ව තිබෙන අතර අවබෝධතා ගිවිසුම් සැබෑ "මුදල්" බවට පත්කිරීමට නම් ගෝත්‍රික ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කල යුතුව තිබේ. මෙම සංග්‍රාමය ඒ නිසාය.

තමුන් ප්‍රජාතන්ත්‍රවාදී බව තමුන් විසින්ම ප්‍රකාශයට පත්කරගන්නා ලද රාජ්‍යයක් සිය දේශසීමා තුලම යුද්ධයක් විවෘතව ප්‍රකාශයට පත්කල විටෙක එම සංග්‍රාමය කවර ස්වරූපයක් ගනු ලබයිද?විරෝධය පෑම සදහා අවස්ථාවක් ලැබෙනු ඇද්ද? එය එසේ විය යුතුද? මාඕවාදීන් යනු කවුරුද? ඔවුන් හුදෙක් යල් පැන ගිය දෘෂ්ටිවාදයක් බලහත්කාරයෙන් ගෝත්‍රික ජනයා මත පටවමින් එම ජනතාව නිෂ්ඵල කැරැල්ලක් වෙත තල්ලු කරන ප්‍රචන්ඩ කැරලිකරුවන් පිරිසක් පමනක්ද?ඔවුන්ගේ පැරනි අත්දැකීම් වලින් ඔවුන් ඉගෙන ගෙන තිබෙනුයේ මොනවාද?සන්නද්ධ කැරලි අවශ්‍යයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීද?"සාමාන්‍ය" ගෝත්‍රිකයන් ආන්ඩුව හා මාඕවාදීන් අතර ගැටුමේදී තැලී චප්ප වීම පිලිබද සැන්ඩ්විච් න්‍යාය මුලුමනින්ම ඇත්තක්ද?"මාඕවාදීන්" හා "ගෝත්‍රිකයන්" යනු සැබැවින්ම මුලුමනින් එකිනෙකින් හුදෙකලා ආගන්තුක කොට්ටාශ දෙකක්ද?ඔවුන්ගේ අපේක්ෂා අතර සබදතාවයක් ඇත්තේම නැද්ද?ඔවුන් එකිනෙකාගෙන් කිසිවක් ඉගෙන ගෙන තිබේද? ඔවුන් එකිනෙකාව වෙනස් කොට තිබේද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Walking with the comrades by Arundathi Roy
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ම‍ගෝඩිස් මෙහෙම කියනවා :
එළම කිරි වැඩක් රාමා.......
දැක්මක් තියෙන, හිතට අවංකව වැඩ කරන පිරිස් නැත්තටම නැති ලංකාවේ අපිට ඉන්දියාවේ කතාවක් අහන්න ලැබෙන එකත් සතුටක්. ලංකාවේ මේ වගේ හැකියාවක් තියෙන හැම කෙනාම ඩොලර් වලට මිලදී අරං ඉවරයි. ඉතිං උන් තමන්ගේ වැඩ කරන්නේ එන්ජීඕ රිපෝට් වලට විතරයි. මිනිස්සුන්ට නෙවෙයි


කිවුව වෙලාව- 2010-10-07 10:26:38
kasup මෙහෙම කියනවා :
Good work Rama! Thanks;

කිවුව වෙලාව- 2010-09-28 06:47:32
Tharaka Silva මෙහෙම කියනවා :
niyamayi
sthuthiyi


කිවුව වෙලාව- 2010-09-27 01:37:48
dila..... මෙහෙම කියනවා :
නමුත් ඒ සෑම අවස්ථාවකදිම පෙරටත් වඩා සංවිධානාත්මකව,පෙරටත් වඩා අධිෂ්ඨානශීලීව හා පෙරටත් වඩා බලපෑම්සහගතව ඔවුහු නැවත නැගිට තිබේ......................................

කිවුව වෙලාව- 2010-09-25 09:22:05
Manik මෙහෙම කියනවා :
ප්‍රශංසනීය වෑයමක් රාමා.

කිවුව වෙලාව- 2010-09-24 00:53:33
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අරුන්දතී රෝයිගෙන් තවත් වියමන්
වෙසෙස්
ධනවාදය- හොල්මන් කතාවක් (-අරුන්දතී රෝයි)
රත්තරං ටික
සුළු දෙය ඇසුරු කළ දෙවියා
වෙසෙස්
ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් තිබේද?| අරුන්දතී රෝයි
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
බර්ට්‍රන්ඩ් රසල් කියයි.
දේශප්‍රේමියෝ හැමවිටම තම මව්බිම වෙනුවෙන් "මැරෙන" බව කියති; එහෙත් ඔවුහු මව්බිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook