Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කවියාගේ ජීවන චක්‍රය| කීට අවදියෙන් පිලා අවදියට
බූන්දි, 04:29:11
මුලින්ම එළඹෙන්නේ, වැරදීමකින් තමන් ලියන ලද බේත් සීට්ටුවක් මිත්‍රයෙකු දැක, එය කියවා "අඩෝ උඹ මාර කවියෙක්"යැයි කීමෙන් පටන් ගන්නා බිත්තර අවස්ථාවයි. මෙකී අණ්ඩජ අවස්ථාව කවියාගේ ජීවන චක්‍රයේ සුවිශේෂීම අවස්ථාව වන්නේ, අණ්ඩය තුළට වී කවි භ්‍රෑණයා අනාගතයේ සිය ග්‍රහ ලෝකය (පමණක් නොව ග්‍රාහක වළල්ල ද ඇතුළත්ව බුද සිට ප්ලූටෝ දක්වා ද අල්ෆා සෙන්චූරි දක්වා තරු ද) පුබුදුවන මහා කවියා වීම සඳහා සිහින දකින බැවිනි.

ඉන් පසු මේ ආකාර අපාය සහායක ගොබෙල්ස් බ්‍රෑන්ඩ් ලණු කැරලි හැත්තෑ පහක් සීයක් පමණ ගිලීමෙන් පසු, තමන්ටම තමන් ගේ හීන දරා ගැනීමට බැරි වූ විට, අරීය ලෙස බිත්තරය බිත්ති දිගේ පුපුරවා ගන්නා කවි කීටයා එළියට එයි. ඉන් පසු, මේ නව කීට කවියා කරන්නේ එකී රටේ තැපැල් දෙපාර්තමේන්තුවටත් එපා වෙන තරමටම පත්තර කවි පිටු වලට කවි තැපැල් කර යැවීමය. පත්තර කවි පිටුවල ඉන්නා සංස්කාරක වියතුන් ලියුම දකිද්දීම ඇතුළේ තියෙන්නේ බේත් සීට්ටුවක් ද කවියක් ද යන්න ඇක්ස්-රේ ක්‍රමයෙන් හඳුනාගැනීමට ඇස් පුහුණු කළ කවි වෙදැදුරෝ වෙති.

කීට කවි පැටවුන් විසි පන්දාහත් තිස් දාහත් අතර ප්‍රමාණයක් සංස්කාරකයා විසින් එන්විලෝප් ගර්භාෂය තුළම ඝාතනය වෙනු පිණිස ඩස්ට් බින් එකට දැමීම සිදු වන අතර ඒවා පුවත් පත් කාර්යාලයේ කුණු ගොඩේ සිට බ්ලූමැන්ඩලය දක්වා ප්‍රවාහනය පිණිස නගර සභාවෙන් වාහන යොදවා තිබේ.

අතිශය කඨෝර වූ මෙකී කීට චීස් පේස් එක අවසන් වන්නේ එක්කෝ සංස්කාරකයාට කීටයා ගැන අනුකම්පා හිතීමෙන් හෝ පිටු සැලසුම්කාරයාට කොච්චර හැදුවත් පිරවිය නොහැකි පිටු මුල්ලක් ඉතිරි වීම නිසා එකී හිස් ඉඩට ගැලපෙන දිගක් කීට කවිය සතු වීම නිසාය. මොන ලොතරැයිය වැටීමෙන් හෝ තිස් තුන් දාස් තුන්සිය තිස් තුන්වැනි කුළුඳුල් කවිය රැගත් පත්තරය කීටයාගේ නිවසට ළඟම පත්තර ලෑල්ලට එයි. පත්තරේ අයිතිකාරයාට ගෙවිය යුතු ආත්මීය ණයක් ගෙවීමට ඇතිවාක් මෙන් සති අග පුවත්පත මිලට ගැනීමේ වතාවත ඉටු කිරීමට කීටයා ලෑල්ලට එයි. අත පත් පතෙහි කවි පිටුව ද යාන්ත්‍රිකව පෙරළෙයි.

කිරි අප්පට බල්ලො පනින්නේ මෙතනදීය. කීටයා තමන්ට කලන්තේ දමන සයිස් සංතෝෂයෙන් බල නහරය පුපුරා මිය යෑමට වේයැයි බියෙන් ඉක්මන් ගමනින් නිවසට යයි. ඉන් පසු කවි පිටු මුල්ලෙ ඇති ධාතු කරඬුවත් ඊට යටින් ඇති තමන්ගේ ශ්‍රී නාමයත් පවුලේ පිරිවරට පෙන්වයි. ඉන් පසු ළඟම සහ දුරම සහ නොදන්නා යාළුවන්ට ද පවා අඬගසා පෙන්වයි. එතෙක් කල් බෑ කියමින් සිටි මානවිකාවන් පවා කීටයා දෙස හොරෙන් බලන බව කීටයාගේ හිත කියනා බැවින්, බස් කෝච්චි වල පවා යන විට තමා හඳුනාගනී යන අහේතුක බියකින් පීඩනයට පත් වීමට ගනියි.

ඒ සමග දෙවන කවිය තෙවන කවිය සිව්වන පස්වන... ආදී කවි පළ වීමට පටන් ගැනීමත් සමග කීටයා දුහුනු හැව හැර දමා පිලා අවස්ථාවට රූපාන්තරණය වෙයි. මෙලෝ රස නහරයක් වර්ධනය නොවූ කලින් සිටි බෝක්කුපෑල්ස් ලා දූරිං භූත වී ගොස් නව කවියේ අරුණෝද චන්ද්‍රෝද කවි සක්විත්තන් අතර සැරීමේ පාස් පෝට් එක හෙවත් සරසවි දේවියගේ ටෝකන් එක පිලවා අතට ලැබෙයි. ටොක් ටොක් ගෑවිල්ලේ මෙකී පිලා කවියන් විසින් දොරට තට්ටු කරනු ලැබීම නිසා වැඩියෙන්ම දුක් විඳින්නේ ඒ වන විට සුහුඹුල් වී සිටින සරසවි තවුතිසාවේ මහා කවි රංචුවයි. පුවත්පතක කවියක් යන යන වාරයක් පාසා අතින් කයිට් කරගෙන සුහුඹුලන්ට අමතන පිලවුන්ගේ සරසවි කරච්චලය දරා ගත නොහැකි වූ එක් කවීන්ද්‍රයෙක් කවි ලිවීම නවත්වා අන්නාසි වැවීමට යොමු වූ අතර ඊයේ පෙරේදා තවත් කවීන්ද්‍රයෙකු මේ ලියුම්කරු සමග කීවේ තමා පීනා ගෙන හෝ රට හැර පිලවු කවීන් නැති ඕනෑම සයිබීරියාවකට යන බවයි.

පිංවත, පිලවා කිං කුසල ගවේසීය. හේ නිදාගන්නා පැය කිහිපය හැර අන් සියළු කාලය කවි නිමිති ගවේෂණයේ යෙදෙයි. පොඩි මල්ලීගේ දත හෙලවෙන එක ගැන ලේනා ද ඇතුළත් කොට එක කවියකි; ඉන් පසු මල්ලීගේ දත වැටුණු පසු අලියා ද ඇතුළත් කොට තව කවියකි; මල්ලීට දත නැති එක ගැන කොල්ලෝ විහිළු කරන විට මෙන්න බොල තවත් කවියකි ආදී වශයෙනි. ලේන්නුන්- අලි සහ දත් වැටීම ගැන ලියවෙන බබා ටයිප් කවි හිළුමිණ ''කවි-කෝ? ලතා'' පිටුවටත්, ලවු සික්- බූට් සූට්කේස්- ඩිවෝස් ඉඩම් නඩු- බුදු ගුණ ඈ මැද තරමේ පැහිච්ච කවි බුකිබිම සංජුමාව පිලා කටුවටත්, වෝර් ඇන්ඩ් පීස්- ඇන්ටි ගවොර්මොංට් ඈ ගුටි කන කවි සියල්ල රෑවෙය පත්තරේටත් ආදී වශයෙන් ටපලවා නොගෙන තැපැල් කිරීමට පිලවා දස්කයා ය.

පිලා කෝෂය තුළම දිගු කාලීනව චාටර් වීමේ ආදීනව ලෙස, පිලවා ඒ ඒ පිලා කටු සංස්කාරකයන්ගේ සිතැඟි හඳුනාගන්නට පටන් ගනී. උන්නැහේ කවි පිටුවේ දමන කවි දිහා බැලීමෙන් පමණක් උන්නැහේ මේ දිනවල වැඩ කරන්නේ කොයි කඩේ ද යන්න පමණක් නොව උන්නැහේ මේ දිනවල රෑට රෑට වැඩියෙන්ම හීනෙන් බය වෙන්නේ කාටද යන්නත් පිලවුන්ගේ අන්තර් ඥානයට වැටහෙන්නට ගනී. එකී ඇඩිටරයාගේ මේ දවස් වල ඇම්මට ගැලපෙන කවි පමණක් ඔහුට යැවීමට පිලවා පරිස්සම් වන්නේ අතින් කාලා හරක් බැලීම මේ කාලයේ හැටියට හරක් වැඩක් බැවිනි.

පිලා අවදිය නිසි ලෙස ගෙවා දමා කෝෂයට වැඩක් දී ඊගාව ස්ටේජයට පැන ගැනීමට අත්‍යාවශම වන අනික් අංගය නම් කවි පොත් දොරට වැඩුම් වලට ගොස් නම ලකුණු කර ගෙන ස්පීච් එක අසා එමැද්දේ ජුංඩි නින්දක් ගසා සංවාදයේදී පැනයක් නගා ටී ජුංඩක් බී ෆැටිසක් හෆා කයියක් ගසා කයිය දික් වී බාර් එකකත් ස්ටෙලා ගසා කෙළවර සභා තොමෝ සමග රෑ බස් එකේ සතුටින් විසිර යාමයි. මෙදිව් මතු නොව දඹදිව් තලයේ වූව බුකයක් ලෝන්ච් කරන්නේ නම් ගේ මැද මිනියක් තිබුණත් පිලවා ගෙදර රඳවා තබා ගැනීම බොරුය. හේ ගේම දනී.

පිංවත, ඒ වනාහී කවර නම් ගේමක් දැයි අසා දැනගැනීමට ඔබට ටික දිනක් බලා සිටින්නට සිදු වේය.

සෙස්ස පස්සට.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Life cycle of a poet
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
nodutu මෙහෙම කියනවා :
කවි පොතම පොඩිකරලා නිදියන්ඩ මට සිතුනා.......

කිවුව වෙලාව- 2010-09-30 22:37:38
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර මෙහෙම කියනවා :
අනේ ඔය කවියෝ අහිංසකයි බං..හරියට අස්සවැන්න විකුණගන්න බැරුව වහබොන ගොවියො වගෙයි..

කිවුව වෙලාව- 2010-09-25 20:27:45
Rasanjana මෙහෙම කියනවා :
Koi Samanalayath ennee oya paarema tamai....

කිවුව වෙලාව- 2010-09-22 07:00:27
Aluguththeruwa මෙහෙම කියනවා :
බලාගෙන ගියාම 'පිලා' අවධියෙන් කෙලින්ම 'මාපිලා' අවධියට යන අයත් එමටයි....!

@Loku-

ow ehema 'මාපිලා' kenek hambawunama api eyata SUNIL GOWINNAGE kiyala kiyanawa.


කිවුව වෙලාව- 2010-09-21 03:15:00
@ටෙනිසන් කුරේ මෙහෙම කියනවා :
Art Diary eka update karapan malli nikan welawa nasthi karanna epa...
Apita kelinna oya morala madi sudu...
yanna yanna

dan yanna


කිවුව වෙලාව- 2010-09-21 03:13:44
-ලොකු මෙහෙම කියනවා :
බලාගෙන ගියාම 'පිලා' අවධියෙන් කෙලින්ම 'මාපිලා' අවධියට යන අයත් එමටයි....!

කිවුව වෙලාව- 2010-09-21 03:13:33
ටෙනිසන් කුරේ මෙහෙම කියනවා :
කවියන් ජීවත්වන්නේ අසතුටිනි.ඒ උන්ට බෙදාහදාගෙන රස විඳීමේ පුරුද්ද අඩු බැවිනි,ඒ පුරුද්ද ඇති උන් අල්පය.අනිත් උන්ට කවි යනු තමා ලියූ කවි පමණි.

කිවුව වෙලාව- 2010-09-21 02:54:10
Luwi Vandastratin මෙහෙම කියනවා :
@Sumana Gomaz

සයිබරේ නන්නත්තාර වූ කොලු කුරුට්ටන් වැල බලනවාට වඩා කවි කියවීමත් තමාට හැකි පමණින් ලිවීමත් සොඳය..

Sumana, mehi kothanada cyber kaviyan gana mention wanne? take time and explain me my dear sexy old actress.


කිවුව වෙලාව- 2010-09-21 02:31:36
Sumana Gomaz මෙහෙම කියනවා :
සමස්තයම ලියා ඇත,මෙය නූතනයට අදාලය,කතාව හරිය.කෙටියෙන් කීවොත් පට්ටය.නමුත් පරහක් ඇත.
සයිබරේ නන්නත්තාර වූ කොලු කුරුට්ටන් වැල බලනවාට වඩා කවි කියවීමත් තමාට හැකි පමණින් ලිවීමත් සොඳය..
උන්ගේ රසාස්වාද පරිමාව අනුව උන්ට කවි වදිනවා ඇත..
උන් උසස් යැයි සම්මත කවි කා බලා නැතුවා වෙන්ට පුලුවන..
පරහ පැනනගින්නේ මෙතනිනි..
උන්ට මග පෙන්වනු වස් ඉටිපන්දම් කෑල්ලක්වත් පත්තුකොර දීමට නම් දැරූ කවි පරපුර උත්සාහ නොකිරීමය.


කිවුව වෙලාව- 2010-09-21 01:48:50
hafoi මෙහෙම කියනවා :
කක්ෂපූට මේ ලියල තියෙන්නේ මීට අවුරුදු 20 විතර ඉස්සෙල්ල කවියෝ බිහි වෙච්චි හැටි...

දැං ඔහොම නෑ! ඔහොම නෑ‍‍‍!!...හික් හික්‍‍‍...

රස්සාවක් ලැබෙනව ලොකු කොම්පියුටරයක් එක්ක ඉන්ටර්නෙට් අසීමිතව පාවිච්චියට තියෙන තැනක ඕං කාට හරි...

ඉතිං එයාට කොහු අඹයකුත් ලොවන්න ඇත්නම් කියල පොඩි චූං එකක් එනවා ...

කොහු අඹයට ආස වුනාට ඒක කීවම කවුරුවත් අඹේ දෙන්නේ නැති නිසා වෙන වෙන දේවල් කරන්ට ඕන කියල 'වෙන්ඩ කවියා' හිතනවා.

ඉස්සෙල්ලම ‍අන්තර්ජාලේ හැම අස්සක මුල්ලකම කවි ලියල අලෝනව. පස්සේ ඕවා කියවන ඇවුන්ගේ මළ පනින ඒවා ලියන්ට ගන්නවා. එතකොට ඔටෝ පබ්ලිසිටි එනව. හරියට නිකං කොටියට සපෝට් වගේ ලියන්ට ගන්නවා. එතකොට අම්බානක් ප්‍රසිද්ධ වෙනවා අර නොටොරියැස් කාණ්ඩයට වැටිලා.. පස්සේ පස්සේ ඒ ලියන එකාගේ මාලු ඩෙවල් දැමීමේ වුවමනාවටම උගේ කවි සොය සොය කියවන්න ගන්නවා...ඒ අස්සේ කොහු අඹයකුත් සැට් වෙනවා. ව්‍යාපෘතිය සාර්චකයි.

දැං ඉතිං හරිම පේමස් පොරක් නිසා හෙමින් හෙමින් පත්තර පඩංගුවලටත් කවියක් දෙකක් දක්කනවා...මොකද අති රැඩිකල් කවි නොවැ...ඒ අස්සෙං පස්සෙං එක එක එන්ජීඕ නඩ මේ අසහාය කවියා ගැන යටින් යටින් කතා පතුරුවලා ඌට අවශ්‍ය ප්‍රසිද්දිය අරං දෙනවා...ඒවා යුතුකම් නේ...

ඉතිං සැපසේ කවි ලියමින් කවියා කොහු අඹ බිස්නස් එකත් රං කරනවා...කොහු අඹ ලෙවකෑමේ බිස්නස් එක...කොටින්ම වයර් දිගේ කොහු අඹ ලෙවීම!

ඕක තමයි නූතන කවියෝ බිහි වීමේ 'චෝයි ක්‍රමේ'...අන්තිමට කවියා කොහු අඹේ එක්ක දුකසේ සැපෙන් ජීවත් වෙනවා...

අනේ මන්ද නාලිනී... කාට කියන්ට ද?


කිවුව වෙලාව- 2010-09-20 22:17:08
Hudeejana මෙහෙම කියනවා :
ammapa eththa
sahathika eththa


කිවුව වෙලාව- 2010-09-20 22:00:33
Rasindu මෙහෙම කියනවා :
Dei Hamuduruwane...Kiyanna deyak ithuru karala ne nowennam...

Budu Saranai..!!!
Kakshaputa, Umbata newei , ara keetainta , pilawunta...


කිවුව වෙලාව- 2010-09-20 21:54:36
hafoi මෙහෙම කියනවා :
ඇයි බං ‍අහිංසකයන්ගේ හිත් රිද්දන්නේ?

ලංකාවේ කවියන් වෙන්න ඉන්න ඇවුන්ට මෙහෙම කිච දමන්න ගත්තම කොහොමද කියහං කවියෙක් බිහි වෙන්නේ? පරම්පරාවෙන් ද? උතුරු තරුව පායද්දි ගර්භාසෙන් එලියට විද්දම ද? රාජපක්ෂ රෙජිමෙන්ට් එකේ කටවුට් කෙලින් කරල ද? රත්න ශ්‍රීගේ ගෙදර වළං හෝදල ද? දීප්ති කුමාර ගුණරත්නට කෙළවල කවියක් ලියල ද? මහාචාර්ය විමල් දිසානායකගේ නූල ලෙවකාලා ද? දැං බලහං අලුත්ම ක්‍රමේට ඔන්න මෙන්න කවියෝ කීයක් විලිරුදාවෙන් තටමනවද කියල මුහුණුපොතේ? එහෙම ද?

උණ්ඩුකපුච්චේ සංසේචනය වුන වෙලාවේ ඉඳලම කවි රිද්මය ඇඟට වැටිච්ච එවුවන්ට මෙහෙම සවුකිරි ටෝක් දෙන එක යුක්තිසහගත දැ?


කිවුව වෙලාව- 2010-09-20 21:47:48
aku මෙහෙම කියනවා :
ආයි කියන්න දෙයක් ඉතුරු කරල නෑ

කිවුව වෙලාව- 2010-09-20 21:41:27
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කක්ෂපුටගෙන් තවත් වියමන්
අදහස්
(පව් එයා!) ඩිව්
අදහස්
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා!
අදහස්
2013 ලැබුවා වූ නව වසර ඔබට කොහොමද? ලග්න පලා-පල
අදහස්
ලෝකෙ හිඟනම ජනාධිපති වීමේ ඌරුගූවේ කුමන්ත්‍රණය පරදවමු!
ඔමරි
ෆොනියා සහ වලහා
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook