Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ගොඩගේ කාව්‍ය සම්මානය| මජර දේශපාලන ගති ලක්ෂණ සාහිත්‍යයට කාන්දු වීම
බූන්දි, 03:10:41
2010 වර්ෂයේ ‍ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථයක් වූයේ රෝහණ පොතුලියද්දගේ 'අහස හැඩි වී ඇත', තිස්ස නිහාල් වික්‍රමසිංහගේ 'ද්‍රෝහියාගේ බිරිය', සුනිල් ගෝවින්නගේ 'මතක මාවත', නන්දන වීරසිංහ ගේ 'රැය කරා ගමන' , ලක්ශාන්ත අතුකෝරල ගේ 'වැසි ඉසෙන ඉසව්' හා උපුල් සේනාධිරිගේ 'සියොතුනට එනු පිණිස' යන ග්‍රන්ථ 6ය. මේ වන විට අදාළ සම්මාන උළෙලේ මෙලෝ රහක් නැති විනිසුරු මඩුල්ල විසින් ඉහත කාව්‍ය ග්‍රන්ථයන් 6න්-


-මෙලෝ රහක් නැති සුනිල් ගෝවින්නගේ ගේ 'මතක මාවත' සම්මානයෙන් පුදා හමාරය! මුලින් සඳහන් කළ කාව්‍ය ග්‍රන්ථ 6න් දුර්වලම කෘතිය තෝරා එයට සම්මානයක් දී ඇත! මෙය විභාගයක දී වැරදි උත්තරය හරි ලෙස ලකුණු කිරීමක් වැනිය. මේ විනිශ්චය මණ්ඩලය විභාගය අසමත්ය!

මිනිසෙකු, මෙරට- පිටරට- අභ්‍යාවකාශය හෝ පිටසක්වල ජීවත් වූවත් ඔහු යම් අත්දැකීම් ප්‍රමාණයක් ලබයි. එලෙස වූ පළියට ඔහු කවියෙකු වන්නේ නැත. ජීවන අත්දැකීම් අමු අමුවේ ලියමින් ස්වයං අධිතක්සේරුවෙන් පසු වෙමින් සමාජයේ වෙසෙන සාහිත්‍ය කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමග ඇති සිවිල් සබඳතා උපයෝගී කරගෙන තම කුකවිත්වය කවිත්වයක් කර ගැනීමේ උත්සාහයක නියැලීමට කෙනෙකුට පුළුවන. ලංකාවෙන් පිටරට යන්නෙකුට ලංකාව ගැන මතක් වී හද රිදෙන්නට පුළුවන. එලෙස රිදී ඔහු යමක් ලියන්නට ද පුළුවන. එහෙත් එලෙස ලියන හැම දෙයම කවියක් නොවේ. ජීවිත අත්දැකීම් පරිකල්පන කෝවයෙහි බහා පදම් කොට ශක්තිමත් භාෂාවකින් තම නිර්මාණය එළිදැක්වූ කල්හි කවියක් බිහිවිය හැක. නොඑසේ නම් තමා රටින් රටට ඇවිදිමින් ගිය රටවල්හි ගුවන් තොටුපළවල නම් හා ගංගාවන්වල නම් ලැයිස්තු ලියූ පමණකින් ඒවා කවි වන්නේ නැත!

'මතක මාවත' ට පෙර වදනක් ලියන ප්‍රවීන කිවියර ඩබ්. ඒ. අබේසිංහයන් කියන පරිදි පහත අයුරින් ඇරඹෙන වැකියක් කවියක කොටසක් හෝ වන්නේ කෙසේදැයි අපි ප්‍රශ්න කරමු!

"හෙට නිසැකව යා යුතුමය
පර්ත් නුවර රට ගම වෙත
මගේ රටේ අහස් නැවෙන්
කැන්ගරු රැඳි අහස් නැවෙන්"

"කවිය වනාහී අපූර්ව අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකැයි" ප්‍රවීන කිවියර රත්න ශ්‍රී විජේසිංහයෝ කවිය අර්ථකතනය කරති.

ගෝවින්නගේ ගේ කවි පොත සමග, අවසන් වටයට පැමිණි රෝහණ පොතුලියද්ද කවියාගේ 'අහස හැඩි වී ඇත' පොතේ එන 'මේ තාත්තාගේ දුෂ්කරම පැයයි' (විමල් වීරවංශ ජවිපෙන් ඉවතට) යන මෑත කාලීන දේශපාලන සිද්ධියක් ගැන ලියැවී ඇති කවිය සසඳා බලන ලෙස ඉල්ලමි. ඉතා මෑතක සිදු වූ සිද්ධියක් පාදක කොට ගෙන නමුත් අර්ථවත් පොහොසත් බස් වහරක් යොදා ගනිමින් මෙහිදී අපේ පපුවටම වදින්නට ලිවීමට රෝහණ සමත් වී ඇත.

මේ තාත්තාගේ දුෂ්කරම පැයයි
(විමල් වීරවංශ ජවිපෙන් ඉවත්කරයි.)


බිඳ වැටුනු මහ ගෙදර
මහ බිත්ති ගොඩලන්න
එසවූ හැම ග‍ඩොලකම
උඹේ කිරි සුවඳ තිබුණා සත්තයි

මේ අයුරින් මර්දනයෙන් පසු නැවත ගොඩනැගි ජවිපෙ උදෙසා විමල් කළ මෙහෙය මතක් කරයි.

මාලිමාව අහිමි
නංගිලාට මල්ලිලාට
ගුරුතරුව වී
පෙර'ඹර හිනැහුන බව සැබැයි

අහල ගං හතටම
මහ ගෙදර වරුණෙ පා
උඩු සුළඟෙ ලෙළ දුන්න
තාත්තාගේ ආඩම්බරේ

එකී ආඩම්බර විය හැකි යුගය විමල් විසින් ඉතා ඉක්මනින් ඉවර කරන ලදී. එම පරිහානි ලක්ෂණ ඉතා සිත්ගන්නා සුළු කාව්‍යෝචිත අයුරින් රෝහණ පොතුලියද්ද විසින් චිත්‍රණය කරන්නේ මෙසේය.

මෝරා පුබුදු මල සේ රන් රුවට
ඇසුනා නුඹ සුවඳ ගව් සිය ගව් දුරට
ගව්වෙන් ගව්ව පිරිවර මැද යන කලට
විස උණ කටුව ඇණුනා හද සිදුරු කොට

හත් දා උණ ගැණුනිය ගත සහලාය
සියොළඟ විස නැගුණිය කුණු බරවාය
රතැස් විදා මොරදෙයි මන විකලාය
සූකර කැල මැද නැලැවෙන කෙසරාය

මෙය අදාල පුද්ගලයාගේ වර්තමාන හැසිරීම කදිම ලෙස කවියට නැඟීමක් නොවේ ද?
(කවිය තවත් දිගට ඇත.)

සුනිල් ගෝවින්නගේ ගේ 'මතක මාවතෙහි' එක අතකට ඇත්තේ එකම එක කවියකි. එනම් නොරට සිට මෙරට ගැන අතීතකාමී පදවැල් ඔහේ වැමෑරීමය. එසේ වමාරන එකම අදහස් ගොන්න පවා කවියක් වන්නේ ද යන්න පැණයකි!
නුපුරුදු රටක අවුරුද්දට කැවුම් සැදෙයි
අවුරුදු දාට කිරිබත් අතිරස ද ලැබෙයි
මිරිසට ඉවූ බත් මාළු ද දිවග රැඳෙයි
ගම් දොර නැතත් හෙළ බස මට ගමක්ම වෙයි

(මතක මාවත 79 පිටුව)

සුනිල්ගේ කාව්‍ය මාර්ගය සැකසී ඇත්තේ ඔහු තම විප්‍රවාසී ජීවිතය 'උඩ දමමින්' එය ගැනම එකම දෙය ලියමින් සෝද සෝදා මඩේ දැමීම තුළිනි. 'අපූර්වත්වය' යන්න ඉතා සුලභ අත්දැකීමක් තුළින් වුවද මතු කර ගන්නා අයුරු 'තිස්ස නිහාල් වික්‍රමසිංහ' ගේ 'ද්‍රෝහියාගේ බිරිය' පොතේ එන 'සුපෙම්බරා' කියවීමෙන් වටහා ගත හැක. තම ශරීරය අලංකාර කර ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් හැසිරෙන තරුණියක පෙම්වතියක වූ පසුව පෙම්වතා විසින් තමාට ඇවැසි අයුරින් හීලෑ කරගත් ආකාරය කියැවෙන අපූර්ව කවියකි මේ.

සුපෙම්බරා

සේදිණි
ලිප්ස්ටික්
ලවනත!

ගෙතිනි
මුදා ලූ
මුහුලස!

සිඳිණි
ක්‍යුටෙක්ස්
ගෑ නිය!

නැසිනි
සබ මැද
නැණ සර

කෙරිණි
සූන්නත්
සුන්දරම සිත

පිළිපදී

සුපෙම්බර අණ!

(ද්‍රෝහියාගේ බිරිය 69 පිටුව)

මෙහිදී අදාල තරුණිය ගේ සමාජශීලිභාවය ද සුපෙම්බරාගේ අණ පරිදි කප්පාදුවට ලක්වේ.

තමන් කරන කියන දේ අමු අමුවේ කීම කවියක් නොවේ.

ඔහු ගැන නොතකා මම ගොස් සැඟවෙමි
ලෝකයෙ තතු ගැන හඩමින් පවසන
රූපවාහිනි වැඩසටහන් මැද
විවේක සුවයක් ලබන්ට මොහොතක

මරණයේ සේයාව
(මතක මාවත 120 පිටුව)

ලක්ශාන්ත අතුකෝරල ගේ 'වැසි ඉසෙන ඉසව්' කාව්‍ය සංග්‍රහයේ එන 'නාට්ටාමි' කවිය බලනු මැනවි

වැස්ස නො ඉසෙන උදෑසනකත්
තෙත්ය නුඹ කය
දෙ අත් සිහිනිය කයද කෙට්ටුය
උසුලනා සැම දෙයම මහතය

('නාට්ටාමි'- 'වැසි ඉසෙන ඉසව්' 84 පිටුව)

බර පොදි උසුලන නාට්ටාමි දෙස බලන කවුරුවත් ඔහු ගැන නොලියූ බැවින් සීගිරි කැටපත් පවුරේ එන 'බුදල් මි සියොවැ ආමි' ලෙසින්ම ලක්ශාන්ත ලියන්නේ මෙලෙසය.

නාට්ටාමි
කොළඹ ආමි
නුඹ දිරි බැලීමි
බැලු බැලූ ‍බෝ දනා
කවි නොලියූවෙන්
ලිවීමි.

(85 පිටුව)

සුනිල්‍ ගෝවින්නගේ ගේ පළමු කවිපොත වූ 'මතක දිවයින' ට පෙරවදන ලියා ඇත්තේ මහාචාර්ය විමල් දිසානායකයන් ය. අදාල පොතෙහි පිට කව‍රයේම 'පෙරවදන මහාචාර්ය විමල් දිසානායක' ලෙස සඳහන් කර ඇත්තේ විමල් දිසානායක හරහා ‍පොතට වටිනාකමක් ලබා ගැනීමට විය යුතුය. ගෝවින්නගේ-ගේ ඊළඟ කවි පොත වන 'මතක පිළිරැව්' හි පෙරවදන ලියා ඇත්තේ සූර චෞර සක්විති රණිසිංහගේ ව්‍යාපාරයේද කොටස් කරුවකු වූ ප්‍රවීන මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස ශූරීන් විසිනි. මෙවර ගොඩගේ කාව්‍ය සම්මානය සඳහා තේරී ඇති 'මතක මාවත' කෘතියට පෙරවදන සපයා ඇත්තේ ප්‍රවීණ කිවියර ගත් කතුවර අධිනීතිඥ ඩබ් ඒ අබේසිංහ ශූරීන්ය. ගෝවින්නගේ ට පෙරවදන් සැපයූ ප්‍රවීණයන් තිදෙනාම කිසිදු හිරිකිතයකින් තොරව ඔහු තුළ නැති කවිත්වයක් ගැන දෙසාබාමින් මාගල් ලියා ඇත! ඒ මත පදනම් ව තමන් 'මාර කවියෙකැයි' ලෝකයට-රටට පෙන්වීමට උත්සාහ කිරීම 'සාහිත්‍ය චණ්ඩිකමකි'. තමන්ට තව කෙනෙකු හා ශරීරිකව ගැටෙන්නට බැරි තරම් දුර්වල කල්හි ඒ සඳහා 'ශක්තිමත් චණ්ඩියෙකුගේ' සේවය ලබා ගැනීම සිදු කරනු ලබයි. මෙහිදී ගෝවින්නගේ කරන්නේ ද ශ්‍රී ලංකාව තුළ සිටින ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අත්කර ගෙන ඇති සිවිල් චරිත වලට මුවා වී 'සාහිත්‍ය චණ්ඩියෙකු' වීමට යත්න දැරීමය. ඒ තුළින් සැබෑ නිර්මාණකරුවන් යටපත් කර අසාධාරණයට ලක් කිරීමටය. තවද මෙවැනි දේ තුළින් වැරදි නිර්ණායක ඇති වීමද සිදුවිය හැක. අලුතින් කවි ලියන ඒ පිළිබඳ තම අධ්‍යයන පාඨමාලාවල හදාරණ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් නොමග යෑමද සිදුවිය හැක.

අදාළ විනිශ්චය මණ්ඩලය විසින් තම විනිශ්චයනට හේතු දක්වමින් නිකුත් කර ඇති පොත් පිංචේ කවි පොතට අදාල කොටස වනාහී 'මතක මාවත' ට ඩබ් ඒ අබේසිංයන් ලියා ඇති පෙරවදනෙහි අඩංගු කරුණු අමු අමුවේ කොපි කිරීමකි.

සුනිල් ගෝවින්නගේ ගේ පොත් තුළින් වැ‍ටහෙන තවත් කරුණක් නම් ලංකාවේ අද ලියැවෙන කවි හා සාහිත්‍යය කෘති ගැන ඔහුට මෙලෝ හැඟීමක් නැති බවයි. තමාට හිතවත් කිහිප දෙනෙකුගේ (විමල් දිසානායක, උදේනි සරත්චන්ද්‍ර, පරාක්‍රම කොඩිතුවක්කු) කෘති පමණකි ඔහුට වැදගත් වන්නේ. අත්දැකීම් නිර්මාණයන් සඳහා අර්ථවත් ලෙස භාවිතා කරනු වෙනුවට ආගිය තැන් කළ කී දෑ 'ගෙඩි පිටින්' ලියා දමා තමන්ට ඇති 'සාහිත්‍ය- සිවිල්' මිනිස් සබඳතාවන් හරහා ඒවා බෞතීස්ම කර ගත හැකි නමුත් බොරුවට වැඩිකල් ආයුෂ නොමැත. රාජ්‍ය සාහිත්‍ය උළෙලට විකල්ප වශයෙන් යම් ගුණාත්මක බවක් රැක ගන්නා බවක් ඇඟ වූ ගොඩගේ සාහිත්‍ය උළෙල හැම අතින්ම (කවිය පමණක් නොව නවකතාව, කෙටිකතාව පැත්තෙන් පවා) තම ගුණාත්මක බව පල්ලම් බස්සවා ගෙන ඇත! දේශපාලනය තුළ ඇති නේක විධ 'ගේම්' (Game) සාහිත්‍ය තුළට ද කාන්දු වී ඇති බව මෙහිදී පෙනී යයි.

2010.09.10
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Godage Literature Award 2010, Sunil Gowinnage, Mathaka Divayina
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Kolla මෙහෙම කියනවා :
අප්පට සිරි මේO බොල ගෝවි ආයෙ නැගිටලා... හූ

කිවුව වෙලාව- 2011-02-22 20:18:33
Sunil Govinna මෙහෙම කියනවා :
අනේ මගෙ දුප්පත් මිතුරනේ,

මට කවි ලියන්න බෑරි බව මම විතරක් නොවෙයි ඔන පොල් බුරුවෙක් දන්නව.

එත් දන්න ජාති හෑමදේම් දාලා මම මෙ සම්මානෙ ගත්තනෙ කොහොම හරි.

ඉතින් ඔකට මට ඉරිසියා කොරල වෑඩක් නෑහෑ.

තොපිත් පුලුවන් නම් මොන විදියකින් හරි ඒක ගන්න බලපල්ලා.

ලබන අවුරුද්දෙත් මම මගේ ඊලග පොතටත් සම්මානේ ගන්න එක ගන්නවමයි.

ඒ පොතෙ නම 'මතක ජන්ගිය'

ඒකෙ තියෙන කුනු කරවල ගද තාම මට පර්ත් නුවරටත් දෑනෙනවා. එකේ තියෙන්නෙ මගෙ හිත හොදටම පාරපු කවි නිමිති.

තොපි වගේ ඉරිසියාකාර හෑතිකරේකට ඔව තෙරෙන්නේ නෑහෑ.


කිවුව වෙලාව- 2011-02-22 16:14:20
Nirasha Gunasekera මෙහෙම කියනවා :
honestly I haven't read any poem of the person called SG.

but when i see the names of his three books,

1) මතක දිවයින

2) මතක පිළිරැව්

3) මතක මාවත

I was fulfilled.... So no need to try his books....

I felt why he was so poor to chose at least 3 good poetic names for his own books regardless of whats inside....


කිවුව වෙලාව- 2011-02-21 21:39:39
Luwi Vandastratin මෙහෙම කියනවා :
@Sumana Gomaz

my old sexy star,
gon katha liya liya weli weli inna tharamata dan business aduda oyata raththaran?

dan art diary blog eka karanne kawuda?
blog eka subcontract dunnada wasthuwe oya?


කිවුව වෙලාව- 2010-09-21 02:47:10
Sumana Gomaz මෙහෙම කියනවා :
කවියෙක් කියල සුනිලගෙ නමවත් දන්නැති උන්ට පට්ට ආතල් ඇති මේක,මේකෙන් වෙන්නෙ පොරට අහක ඉඳන් අර මොකක්ද හම්බ වෙන එකයි ,කවිනම් හම්බම චා තමයි,දැන් ගිය දේ ගියා,මේකෙන් බුවාගෙ නම අම්බ කැත උන එක තමා උනේ.

මේක ලියපු බන්දුලගෙ කවි පොතට ලබන පාර සම්මානයක් හම්බ වුනොත් බන්දුලටත් මේ සුපිරි විචාරක පිරිවර ගහන්නෙ මෙහෙමම තමයි....


කිවුව වෙලාව- 2010-09-21 02:37:25
ErrorRanga මෙහෙම කියනවා :
Bandula always write much better poetry than Gowinna. He is one of the best and prolific writers with a significant repertoire in his beauty of writing. He does not need Wimal or WA to scratch his back. He was noticed as a writer for last two decades and will continue to be. He will be subjected to torture for this brave piece and he is aware of it. His poetry will ramain with us while SG R.I.P.

කිවුව වෙලාව- 2010-09-21 01:23:44
anonymous Sunil මෙහෙම කියනවා :
This article is self explanatory on the way how the award is picked or nicked. The criminal act has been esposed. If you do not know what is popular and considred good in Sri Lanka, please do read others poems. There are many youth who write in their mother tongue and in English who can easily be placed way beyond you on the good side. Poverty of inner capacity to process this fact is none-of-our business. You better look at your own mirror.

කිවුව වෙලාව- 2010-09-21 01:10:54
සුනිලමස් මෙහෙම කියනවා :
ඇනොනිමස් නොහොත් සුනිලමස් හිපපොටේමස්. ඔයා හිතනවද මේ ගෝවින්න මෙහෙ දන්නවා කියලා. ඔයා ඉන්න රටේ නම් කොහොමද දන්නේ නෑ නමුත් මෙහෙ මෙයා ප්‍රසිද්ද වුනේ මේ ජඩ වැඩේ එක්ක. ගොඩගේ එක ඉස්සරහා පාරේ මැද තීරුවේ කක්කා කරා නම් ඒකත් ප්‍රසිද්ද වෙන්න හේතුවක්. මෙහේ තාමත් ප්‍රසිද්ධ ආනන්ද රාජකරුණා, ඇස් මහින්ද, මීමන, කුමාරතුංග, අන්දරේ වගේ අය මිසක් නව කවියෝ නෙවෙයි. කුක්-කවියෝ කවුරුවත් දන්නේ නෑ.

කිවුව වෙලාව- 2010-09-21 01:06:05
Anonymous මෙහෙම කියනවා :
@ both anonymous both of u are great example of why sl have more dumbers than the pepole that can know the best from the worst

Posted by Anonymous to බූන්දි|BOONDI at 20 September 2010 21:00


කිවුව වෙලාව- 2010-09-20 22:17:10
Aluguththeruwa මෙහෙම කියනවා :
@sujeewa

machan
meke dukama hithena part 1 tama me serama comments [sunilge athmaya beraganna] damanne "dennek" witarayi.

ekkenek sunil himself
anik ekkena art diary kiyala blog ekak karana hadayek. pora sunilta sup karana hethuwa nam therene naha. samahara wita sunil eyata kangaroo patiyek ewanna email poronduwak deela athi...

u said
I dunno why many ppl attack him, but my opposition is purely based on the poor quality shown by his poetry.

exactly! that s the issue.


කිවුව වෙලාව- 2010-09-20 22:07:04
sujeewa මෙහෙම කියනවා :
Anno;

@This article it self explains that Sunil Govinnage is more popular and renown than the others

famous is one word notorious is another. Which one do you get to your mind after reading these posts about him?

@so why do you bother about him getting an award?

Because his poems are way below the mark. Absolutely primitive.

Also because this is not a super star contest anyway. Even if he's famous [where I think he's notorious] that is not a reason for his award.

@Is this pure jealousy or something else?

I dunno why many ppl attack him, but my opposition is purely based on the poor quality shown by his poetry.


කිවුව වෙලාව- 2010-09-20 21:45:39
Anonymous මෙහෙම කියනවා :
This article it self explains that Sunil Govinnage is more popular and renown than the others, so why do you bother about him getting an award?
Is this pure jealousy or something else?

Posted by Anonymous to බූන්දි|BOONDI at 20 September 2010 04:43


කිවුව වෙලාව- 2010-09-20 21:09:38
Anonymous මෙහෙම කියනවා :
I feel so sorry about the author of this post. He might have expected an award. Try hard, write better books thats the only way to get it.

Otherwise you will be writing the same criticizing blog article next year too..

Posted by Anonymous to බූන්දි|BOONDI at 20 September 2010 04:41


කිවුව වෙලාව- 2010-09-20 21:09:22
puran appu මෙහෙම කියනවා :
ammapa moo kayyek da....? nathnam p....kda...?

කිවුව වෙලාව- 2010-09-20 11:42:12
sujeewa මෙහෙම කියනවා :
මෙ අවුරුද්දේ හොඳ ම කවියගෙන් මා කවි ලියන්නට උගත් හැටි. මේක මගෙන්.

ආවෙමි උදේ බසයෙන්
කරකැවෙන රියසක් හයම
යන්නෙත් හවස බසයෙන්
එහිද සක් හය කරකැවෙයි


කිවුව වෙලාව- 2010-09-20 07:40:05
sujeewa මෙහෙම කියනවා :
"හෙට නිසැකව යා යුතුමය
පර්ත් නුවර රට ගම වෙත
මගේ රටේ අහස් නැවෙන්
කැන්ගරු රැඳි අහස් නැවෙන්"

meka me kiyanne transit eka UL to Quantas kiyala neda? hath deyiyane....

patta sira porak ne muu.


කිවුව වෙලාව- 2010-09-20 07:23:15
@loku මෙහෙම කියනවා :
sammane theeranaya kireema
sammane deema
sammane ganeema kiyana me thriwida karana walata SUNIL GOWINNAGE kiyana halpaaruwa 100%k sambandayi...

porata kawi liyanna puluwanda barida kiyana eka neme methana issue eka

hariyata kadayakin baduwak gannawa wage sammanayak thamange mudal yodawala milata gaeneema...

apita me redde sammana wadak naha
namuth
me jadakama helidarawu kireeme yuthukamayi api kale....


කිවුව වෙලාව- 2010-09-20 04:54:33
@loku මෙහෙම කියනවා :
Loku,

me winishchaya mandalaye inna RANGA CHANDRARATHANA saha INDEWARA kiyana haalparuwo denna sunil ge salli walin jeewath wena bath balayo dennek...
un denna anthima mohethe kola maru karala sammanaya wena keruwa...
mewa api kiyanne nikan prabanda karala neme
saakki ekka....

sunilge pothe kavi gana wichaaraya kireema wage kaarana secondary... primary issue eka me yata kiyana lada sammana horakama...

oyaala eeka gana nokiya wena dewal kiyawanna epa

karunakarala oluwak thiyenne
eeken hithanna


කිවුව වෙලාව- 2010-09-20 04:51:40
loku මෙහෙම කියනවා :
ගල් ගහන්න ඕනෙ
පොත ලියූ එකාටද
සම්මානෙ දීපු අයටද?


කිවුව වෙලාව- 2010-09-20 04:41:16
NADEE මෙහෙම කියනවා :
I CAN'T READ... NO FONT IN MY COMPUTER.... FONT WERE DOWNLOADED BUT CAN'T READ.....

කිවුව වෙලාව- 2010-09-20 04:07:00
Rasika මෙහෙම කියනවා :
.
කයියාට කෙළවිය
වටේටම ගල් එල්ල විය
බොල් නිසා ජොල් වචන
ගල් වැදී චප්ප විය


කිවුව වෙලාව- 2010-09-20 03:37:03
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
පියන්කාරගේ බන්දුල ජයවීරගෙන් තවත් වියමන්
පොත්
දිවි "කටු තුඩට" කවි "පිනි පහස" දෙන ළහිරු ගේ කවිසිත
කවි
සකිසඳ කොළඹ!
කවි
මගේ අදිටන
කවි
පෙම් වෙරළ
කරන්ට්ස්
නැවත මුල සිට
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook