Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මානව ශිෂ්ටාචාරය ප්‍රශ්න කරන මුස්ලිම් කාන්තාවගේ ඉරණම
බූන්දි, 02:55:43
කාන්තාවක් ලෙස උපත ලැබීම නිසාම ආගමික සංස්කෘතිය විසින් සිරගත කරන ලද ස්ත්‍රිය නමැති විශ්ව මානවිකාවගේ ඉරණම, විශිෂ්ට සැතපුම් කණු පසුකොට ඇති මිනිස් ශිෂ්ටාචාරයේ ගුණාත්මක බව මැන ගැන්මට යොදා ගත හැකි හොඳ මිණුම් දන්ඩක්... මුස්ලිම් ආගමික නීතිය පාවිච්චි (නිවැරදි වචනය- misuse) කරමින් පූජක පන්තිය සහ පිරිමින් ඉතාම නිර්දය ලෙස එම සමාජයෙහි ගැහැණුන් සතු "මනුස්සයෙකු" ලෙස ඉපිද, ජීවත්ව, මිය යාමේ අයිතිය- උදුරා ගෙන තිබෙනවා මෙන්ම එය ලෝකයෙන් වසන් කිරීමට අදාල සියළු දේ කරනවා.. අවශ්‍ය වුණොත් එම රහස රැක ගැනීමට ඔවුන් තමන්ගේ ම නිවස තුළ වුව මිනී මැරිමට පවා සූදානම්. මේ ගැන ඉතා හොඳ විවරණයන් කීපයක්ම ජීන් සැසන් ගේ The Princess නමැති නව කථා මාලාවෙන් කියවුණා... බාහිර ලෝකයට කිසිසේත් අනාවරණය නොවන්නාවූ එම සත්‍ය තොරතුරු මෙම අමෙරිකානු ලේඛිකාවට ලැබි තිබුණේ ඇගේ මිතුරියක වන සෞදි අරාබියානු කුමරියක සමග කරන ලද රහසිගත සාකච්ඡාවන් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස...

අප්‍රිකානු මුස්ලිම් කාන්තාවගේ (විශේෂයෙන් ගෝත්‍රික) මේ හා සමානව ඛේදනීයයි...

වාරිස් ඩයරි නම් සෝමාලියානු සම්භවයක් සහිත ලෝ ප්‍රකට මෝස්තර නිරූපිකාව ලියූ ඇගේ ජීවිත කතාව වන Dessert flower කියවිය හැකිනම් ඒ බැව් හොඳින් වටහා ගත හැකියි... දැරියකව ගෙවූ ඇගේ එඬේර ජීවිතය තුළ ඈ ලද අත්දැකීම් නූතන ලෝකයේ සිදුවිය හැකිදැයි සිතා ගත නොහැකි දේවල්... විවාහය සඳහා අවුරුදු 13 ක දැරියකව හිඳිය දී විකුණනු ලදුව වාරිස් ඩයරි සැතපුම් සිය ගණනක් සෝමාලියනු කාන්තාරය තරණය කොට අහම්බෙන් ලද වාසනාවකට අමෙරිකාවට පැමිණ සුපිරි මෝසතර නිරූපිකාවක වුව ද අප්‍රිකාවේ ලක්ෂ ගණනක් ගැහැණු ළමුන් අදත් ගෝත්‍රික චාරිත්‍ර උදෙසා ලිංගික අවයව ඡේදනයට(මළකඩ කෑ තහඩුවකින් හෝ මොට පිහියකින්) ලක් කරනු ලබනවා...ඉන් පසු මුළු ජීවිත කාලයම මුත්‍රා කිරීම පවා අතිශය වේදනාත්මක කටයුත්තක් බව කිව යුතු නෑ... ඒත් වන ලැහැබක කරන මේ "සැත්කමින්" පසු හැර දමා එනු ලදුව ජීවත් විමට පණ ගැට ගසාගෙන තිබුණොත් පමණයි...

The princes කතා මාලාවේ පොත් කීපයක් (කූඩු කිරිල්ලී යන නමින්) සහ Dessert flower පොතත් සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා.

ඉරානය, පාකිස්ථානය හා බංග්ලාදේශයත් ආගමික සංස්කෘතිය යොදා ගනිමින් කාන්තාවන් මත දැඩි පීඩනයක් යොදන රටවල්. නොබෝදා කතා බහට ලක්වූ The Stoning of Soraya M. නම් චිත්‍රපටය ඉරානයේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් තනන ලද්දක්.... ආගමික නීතිය රිසි පරිදි නිර්වචනය කරමින් පූජක බලය යොදා ගනිමින් අහිංසක ගැහැණියක සිය පුතුන් දෙදෙනා සහ සැමියා ඇතුළු ප්‍රජාවේ සියළු පිරිමින් විසින් ගල් ගසා මරා දමන්නේ අප ජීවත් වන මේ විසිවන සියවසේ දී ම අපට රටවල් කීපයකට එහායින්.... මෙහිදී තස්ලිමා නස්රීන් ගේ "ලජ්ජා" (බංග්ලාදේශයේ තහනම් කරන ලද) කෘතියත් අමතක කළ නොහැකියි.

ලංකාවේ මුස්ලිම් කාන්තාවගේ තත්වය මේ හා සසඳද්දී ඉතා ඉහළ තැනක තිබෙනවා... ඒත් හොඳම තැනක නෙවෙයි... උදා: උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට යැමට සුදුසුකම් ලබන ගැහැණු ළමුන්ගෙන් අඩකටවත් ඊට ඉඩ ලැබෙන්නේ නෑ... ඔවුන්ව විවාහ කර දෙනු ලබනවා... ඇතුළු වෙන අයත් වැඩි හරියක් එන්නේ විවාහ ගිවිසගෙන නැත්නම් විවාහ වෙලා... ඉන්පසු තත්වය වෙනම කතා කළ යුතු එකක්- මේ කරුණු මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අත්දැකීම් වගේම පසුව කරන ලද සමීක්ෂණ වල සොයා ගැනීම්...

ආගමික ආස්ථානයෙන් තොරවු මොහොතවල් වල දී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල දී මට හමුවූ මුස්ලිම් ගැහැණු ළමයින්, ක්‍රියාශීලී, නිදහස කැමති ඉතාම සුන්දර ගැහැණු මනුස්සයින්...ඒත් ඒ බාහිර ලෝකයට විවෘත වන තෙක් පමණයි... ඒ ඒ රටවල දී රට පුරාම රැඩිකල් යයි පසිඳු, මිනිස්, ළමා හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින උගත් තරුණ කණ්ඩායම් සමග වැඩ කිරීමේ අවස්ථාව මට ලැබුණා... එහෙත් එතරම් ප්‍රගතිශීලී පිරිස් තුළ සිටින කාන්තාවන් පවා තමන්ගේම කණ්ඩායමේ ම පිරිමින් විසින් නිතරම, අදහසක් ඉදිරිපත් කිරීමේ දී පවා පහත් කොට සලකනු ලබනු මා දුටුවා... ආගමික සංස්කෘතිය විසින් කර ඇති බලපෑම එතරම්ම ප්‍රබලයි... ප්‍රගතිශිලී කණ්ඩායම් අතරත් තත්වය මෙය නම් ග්‍රාමීය හා අනෙකුත් ජන සමාජයන්හි කාන්තාවගේ තත්වය කෙබඳුදැයි සිතීමත් අපහසුවක් දනවනවා... ඔවුන් ගෙදර සිටින පිරිමියාගේ පටන් පිහිටට එන විවිධ ආයතන වල නීති උපදේශක සේවා සපයන්නා හෝ සපයන්නියගෙන් පවා සූරා කෑමට ලක් වෙනවා.. ඒ මා දුටු පරිදි දකුණු ආසියාතික රටවල තත්වය...

අරාබි රටවල නීති උපදේශ පැතීම තබා හිස ඔසවා ප්‍රශ්නයන් ඇසිමටවත් ඉඩක් නෑ... එය සාපේක්ෂව ගතහොත් ඉතාම නිදහස් තැනක සිටින අප වැනි රටක මිනිසුන්ට සිතින් මවා ගැනිමටත් බැරි තත්වයක්...

එහෙත් සමස්තයක් ලෙස ගතහොත් ගෘහ ජිවිතයේ සිට සමාජ ජීවිතය දක්වා මේ ගැටළුව අඩු වැඩි ලෙස ලෝකය පුරා සෑම ජන පරිසරයකම දක්නට ලැබෙන බව මතක ලබා ගැනීම අපව අධි තක්සේරු කර නොගැනීමට ප්‍රයෝජනවත් වේවි.....

මෙය අප රූපවාහිනියෙන් දකින හෝ අසන නූතන ස්ත්‍රීවාදී චින්තනයේ පැතිකඩක් නම් නොවේ.. Gender discrimination ලෙස ලංකාවේ දී අපහරණයට ලක් වූ සංකල්පයේ තවත් එක් තර්කයකුත් නොවේ... මිනිස්කම හා ශිෂ්ටත්වය පිළිබඳ ගැටළුවක්... ධනයෙන් හා බලයෙන් ඉතා පොහොසත් ප්‍රබල ජන කොටසක් විසින් සිය වස් ගණනාවක් තිස්සේ නඩත්තු කරන සම්ප්‍රදායයක්...බාහිර ලෝකයට ප්‍රශ්න කිරීමටවත් ඉඩක් නොදෙමින් ප්‍රශස්ත ලෙස කරන ක්‍රීඩාවක්... එය කෙතරම් සාමාන්‍යකරණය කර ඇත්දැයි කිව හොත් ඒ සමාජය තුළ එය වරදක් ලෙස දැකීම පවා කාන්තාවන් විසින්ම වරදක් කොට සලකනවා...

මේ ගැන ඉතා සීමිත පිරිසක් කතා කරනවා... වුවමනාව කොතෙක් නිර්ව්‍යාජ ද යන්න තවත් ගැටළුවක්... එහෙත් බොහෝ රටවල්, ආයතන සහ පුද්ගලයින්; කොටින්ම මුළු බාහිර ලෝකයම ලෝක ආර්ථිකය, තෙල් ගණුදෙනු, අවි ආයුධ සහ මත් ද්‍රව්‍ය ව්‍යාපාර, ත්‍රස්තවාදී බිය මෙන්ම තමන්ගේ වැඩක් බලා ගැනීමේ කුප්‍රකට ප්‍රතිපත්තිය ප්‍රකට කරමින් මේ ඛේදවාචකය නෑසු කණ්ව මුවින් නොබැණ මුණිවත රකිනවා. ජීන් සැසන්, තස්ලිමා නස්රින් වැනි ඉතා සුළුතරයක් මේ සීමාවන් අභිබවා ගොස් දිවි පරදුවට තබා අඩුම තරමේ මෙවැනි දෑ ඇති බැව් ලොවට හෙළි කරත්, මේවා නැවැත්වීමට මහා ජන මතයක්, ලෝක මට්ටමේ විරෝධතාවක් ඇතිවිය යුතුයි...

එහෙත් එබඳු වෑයමක් ලේ ගංගා කීයක් ගලා යන්නට සලස්වනු ඇද්ද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Stoning of Soraya M, PRINCESS, Jean Sasson
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Muththa මෙහෙම කියනවා :
Well some muslim guy got hurt I guess. Don't get hurt machang. Kiyawala hadiyan

You guys talk about prostitution and the bad area's of Sri lanka as if that clenses all the sins in the muslim world.
Saudi Arabia with its all medival rules have criminals.
Just because they keep women at home does not mean that the women are not facing any problems. That they are protected by their family. :P Truth is that most are abused by their own blood and they keep quiet about that.
I'm sure there are some good men in Arabic countries who do not impose their will on women but the norm there is to do so and no one opposes a man who abuses his women and the women cannot say anthing against that.

The norm here is different.
Before you dig the cess pits of Sri Lanka and western countries please look at what's in the living rooms of arabic countries. And I'm sure they have cess pits too.
(you somehow think that they don't sh.. :P)

I'm completely against the twisting of facts about the sri lankan woman. Except the very poor and the very rich (whose fathers are too powerful) Sri lankan woman has a choice.
My sister could go to the uni.If my father disapproved my mother would stand by her and let her go.If my father did not let her go somehow my relations(fathers motherin law,grandfathers) would talk to my father and tell about the importance of education ... and if he does not listen somehow he will be regarded an backwards idiot among my relatives
"ara buru haraka ara hondata igena ganna puluwan kellawa campus yawwe nane..."

Muslim family I gather is different.
Father has final say. Mother might appeal but not fight. Relations would approve fathers decision and father would marry off the girl to some aspiring businessman before 20.
she will make 6-7 children has no education so totally dependant on the man so she will do whatever the man says.

Sri Lankan Muslims are not that bad as the middle east muslims. Those people have a nasty cruel streak in them. (Anybody who have worked in middle east would know what I mean)
As I see the Sri lankan muslim women are breaking out of their cages today. We should support that struggle but sadly our guys are letting muslims be muslims.

Sri Lankan muslims need to break this link with the middle east. they are currently trying to justify every sin commited by a people far brutal than them and are slowly turning into them.
I have not problem with you( Apart from the fact that you are trying to overun Sri Lanka by by breeding )
And you are certainly not barbaric as some of those people in the middle east you're trying to follow.
So just embrace our values and treat your women right and let them be free.


කිවුව වෙලාව- 2011-10-20 01:44:38
Thushara මෙහෙම කියනවා :
@ Sonlanks

Ane ban uba wage mee harakek mama jeewithta dekala na, thopiwath halal karala kepuwath paadu na. mee gona


කිවුව වෙලාව- 2011-05-27 02:26:15
peace talk මෙහෙම කියනවා :
@ sonlanka
well done machang GREAT COMMENT.....

@ BOONDI.., puluwan nam meka article ekak widiyata daanna..i mean "sonlanka's comment"


කිවුව වෙලාව- 2011-03-05 09:38:22
peace talk මෙහෙම කියනවා :
@ sonlanka
well done machang GREAT COMMENT.....

@ BOONDI.., puluwan nam meka article ekak widiyata daanna..


@ Malathie Kalpana Ambrose-
jaathiwaadaya awussanna meeta wadaa honda kramayak hoyaaganna...hama deama liyala boruwata jaathi waadaya neweyi kiyala kiyanne ayiii...,kee denek me page ekema awissilaada kiyala balanna....paanak(pen) kiyanne harima balawath wagema harima aadaraneeyayi...
ee paana lassanata paawichchi karanna ...pleaseeeeeee......!!

@ Ahinsaka P
great comment....!


කිවුව වෙලාව- 2011-03-05 09:35:01
Bambadath මෙහෙම කියනවා :
@Ambrose

oya "MY NAME IS"ge nama api nam dannawa....

ඔය ෆ්‍රේම් ඉතිO අපි නO දන්නවා... ඔවුවා ඉතිO... හෑක් හෑක් හික් හික්... ෆොරින් බයිලා


කිවුව වෙලාව- 2011-01-26 22:00:21
kalpana ambrose මෙහෙම කියනවා :
Dear "My name",
You can write to my gmail if you really want to comment or to discuss about the frames.As you admit that we are old friends, obviously you might have my gamil or mobile.Or it can be found from Boondi site. Would appreciate if you write to me directly.

regards,
kalpana


කිවුව වෙලාව- 2011-01-26 21:38:14
My Name මෙහෙම කියනවා :
@ Kalpana,

Kalapana akka, i knew you very closely when you were at Pera. You were one of the friends I admired. But when I see your articles in Boondi, after about 7-8 years, I feel very sad about the deterioration of your views. Please come out of the frame!


කිවුව වෙලාව- 2011-01-26 19:25:08
අදෘශ්‍ය මෙහෙම කියනවා :
එක් එක් සංස්කෘතීන් ගැන සාකච්ජා කිරීම හොඳය.

නමුත් සිහියට ගතයුතු කාරණාවක් තිබේ එනම් අපගේ දෘෂ්ටි කෝණයෙන් අනුන්ව මැනීමට යාම විවාදාපන්න වීම නොවැලැක්විය හැකි කාරණයක්ය යන්නයි.

මුස්ලිම්/ඉස්ලාම් නීතිය පමණක් නොව ඔනැම නීතියක් එය ක්‍රියාත්මක කරන හස්තයන් මගින්ම අඩු වැඩි වශයෙන් දූෂණය වීම ඕනෑම සමාජයක දැක්ක හැකි සත්‍යකි.

වෙනසකට ඇත්තේ රෝම ලන්දේසි නීතියට වඩා ඉස්ලාම් නීතිය වැඩියෙන් දූෂණය වීම පමණි


කිවුව වෙලාව- 2011-01-25 22:09:46
නිමල් රූබසිංහ මෙහෙම කියනවා :
කොට සායට වැ‍ට බැ‍ඳෙයි?

January 4, 2011 08:49 am

පොදු ස්ථාන වල සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුම් ඇදීම තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් රූබසිංහ මහතා පවසයි.

කෙටි සායවල් වලින් සැරසීම සම්බන්ධව විවිධ පිරිස් වෙතින් බොහෝ පැමිණිලි ලැබී ඇති බව ද විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් රූබසිංහ මහතා සඳහන් කර ති‍බේ.

අදාළ තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර ඇති බවත්, නමුත් තවමත් ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

එමෙන්ම පොදු ස්ථාන වල කෙටි සායවල් වලින් සැරසී සිටීම වාරණය පිළිබඳව විමර්ශනය සඳහා කමිටුවක් පත්කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිමල් රූබසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

adaderana-DOT-lk


කිවුව වෙලාව- 2011-01-04 02:22:44
Prasad මෙහෙම කියනවා :
Excellent Kalpana..Great article

කිවුව වෙලාව- 2010-11-27 04:49:09
M.Stf මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-17 01:50:48
SAM මෙහෙම කියනවා :
වැදගත් කරුනු ගනනවක් කියවෙන ලිපියක්

කිවුව වෙලාව- 2010-10-18 21:55:07
Sirimewan මෙහෙම කියනවා :


honda wigrahayak
me comments karana saththu aduma gane lipiya kiyawalawath naha
samanyayen ehema thama wenne


කිවුව වෙලාව- 2010-10-12 22:52:00
pasindu මෙහෙම කියනවා :
nivaradi artha dakveemak. senhala ape me athin godak pen karala theyanava.

කිවුව වෙලාව- 2010-09-21 19:15:06
Kamu-Bomu මෙහෙම කියනවා :
@විහඟ

........

[bada allan hina]


කිවුව වෙලාව- 2010-09-20 21:53:23
විහඟ මෙහෙම කියනවා :
අනේ රුචිර පොල් බූරුවෝ.....
මේකෙ මේ කියල තියෙන්නෙ ඇඳුම් ලබ්බක්ද යකෝ..? වියමන කියවල කමෙන්ට් කරපිය... බූරුවෙක් නොවී.ලියල තිබෙන දෙයක් වත් කියව ගන්න බැරි බූරුවෙන්ද උඹ රුචිර.? අර රුචිරාණනී උඹව එකපාර මැරුවෙ නැති වැරැද්ද තමයි රුචිර බූරුවෝ උඹෙන් පේන්නෙ....


කිවුව වෙලාව- 2010-09-20 21:48:56
Ruchira මෙහෙම කියනවා :
siyalu denama adu wedi wasayan adum walin thama thamangay serura wasaa gena siti,Malathi kmathi nathnum nowasaa sitinna,Muslim ayagay waseema sambandawa liweemata wadaa Anglo American thrasthawaadayan Muslim gahaniyagay marana warantuwa liyana hati oyaata liyanna bari wennay oyaata ewwaa wedagath nathi nisaada????

කිවුව වෙලාව- 2010-09-20 19:03:28
Anura මෙහෙම කියනවා :
good analysis!

කිවුව වෙලාව- 2010-09-16 03:35:11
Nobody මෙහෙම කියනවා :
The female circumcision is really much worse I think and also a tradition of a civilized, modern, widespread religion. and it is also a thing thats healthy and hygienic in a way. first it is more important to stop people to do that to women...

කිවුව වෙලාව- 2010-09-15 22:36:26
Ahinsaka P මෙහෙම කියනවා :
@kuranaya

machan,
yamak HARI wenna puluwan. namuth ema YAMA kiyaddi, wisheshayen me wage sensitive topic ekak sambandayen, meeta wada shishta weyalla.

me agam, jathi beda walin api seemanthikawa peeda windala thiyana bawa umbata kiyanna awashya nahane..

sanwada karanawa nam yam winayakin karapalla.


කිවුව වෙලාව- 2010-09-15 04:16:48
kuranaya මෙහෙම කියනවා :
ආ sonlanka මෝඩ හරකෝ උම්බේ ගෑනි මිනිස්සු 4-5ක් එක්ක ගියොත් උම්බට කොහොමද?? ‍අල්ලා කියන්නේ පිරිමියෙක් නිසාද පිරිමින්ට ගෑනු ගොඩක් ගන්න පුළුවන්??

හරි උම්බලගේ ගෑනු කිව්වොත් අල්ලා කියන්නේ ගෑනියෙක් කියල ??‍
උන් පිරිමි ඕන ගාණක් එක්ක ආතල් ගන්න ගියොත්?? එතකොට උම්බලට මොකෝ වෙන්නේ...

දැන් ගල් යගය ඉවරයි මෝඩ ‍ලෝක මැව්ව සීන් විස්වාස කරන්නේ උම්බ වගේ ලාමක ටින් ටින් ල විතරයි!!!!


කිවුව වෙලාව- 2010-09-15 03:47:34
senadheera මෙහෙම කියනවා :
sonlankaට කකුල් දැක්කම අප්සට් යනවලු. ඒක වෛද්‍ය විද්‍යාවලු. ලංකාවෙ වෛද්‍ය විද්‍යාවද? පිරිමින්ට ගෑනු කකුල් දැක්කම මොනවද වෙනවලු, මේ කියන්නෙ සමලිංගික විවාහ නීතිගත වෙන ලෝකෙක.කකුල් සාමාන්‍යකරනය වුනු සමාජත් මේ ලෝකෙ තියෙනව. ලිංගික අවශ්‍යතා කියන්නෙ නිරෝගී සිරුරක මූලික අවශ්‍යතාවක් මිස පාපයක් නොවන බව තේරුම් ගැනීමට නොහැකි වීම අර්ථ දැක්වීමට මම තාම හොද වචනයක් හොයනව.

කිවුව වෙලාව- 2010-09-14 18:28:41
priyantha මෙහෙම කියනවා :
meka pirimi olu witarak tiyana prirmi sattunge ratak, samajayak. middle east - affrica walata wada lankawe upset nam, ekata hetuwa mokakda? sonlanka da mokekda ekek maha lokuwata kiyanna hadanne u karana eka hari kiyala. uge pirimi oluwata terenne ne gaheniyek kiyanne tawat manussayek kiyala.

කිවුව වෙලාව- 2010-09-14 17:37:58
Sumana Gomas මෙහෙම කියනවා :
Nengi
jatiwaaya awussanawa


කිවුව වෙලාව- 2010-09-13 22:37:47
Nishmi මෙහෙම කියනවා :
@thusara rathnayaka
\'Lankawa ethulu lokaye hema ratakama sama jana kotasakma agamika anthawadi ho wena kumana ho samajeey balapam walata dadi lesa nathu wemin thiyanawa. \'

oba ahana de me lipiya liyapu kena me widihata kiyala thiyenawa neda?
\'එහෙත් සමස්තයක් ලෙස ගතහොත් ගෘහ ජිවිතයේ සිට සමාජ ජීවිතය දක්වා මේ ගැටළුව අඩු වැඩි ලෙස ලෝකය පුරා සෑම ජන පරිසරයකම දක්නට ලැබෙන බව මතක ලබා ගැනීම අපව අධි තක්සේරු කර නොගැනීමට ප්‍රයෝජනවත් වේවි.....\'


කිවුව වෙලාව- 2010-09-13 21:30:22
thusara rathnayaka මෙහෙම කියනවා :
boondiyanata magen thuthi.

කිවුව වෙලාව- 2010-09-13 10:52:05
thusara rathnayaka මෙහෙම කියනවා :
malathi sadahan karana widiyata e rtawala muslim kanthawan pamanak newei, lankawa ethulu lokaye wenath ratawala muslim kanthawan pamanakda newei, lankawa ethulu lokaye hema ratakama sama jana kotasakma agamika anthawadi ho wena kumana ho samajeey balapam walata dadi lesa nathu wemin thiyanawa. eka siddiyak wiyukthawa gath wita hethuwa ek thanakata pamanak seema wenawa. api samasthaya gen bohoma kalpanakariwa baliya yuthui. ewita ape wisaduma itha pahadili. eya mulumahath lokayagema yahpatha pinisa wanu athi.

කිවුව වෙලාව- 2010-09-13 10:50:16
real muslim මෙහෙම කියනවා :
this country has a law of a jungle

කිවුව වෙලාව- 2010-09-13 09:06:21
සමුදිකා මෙහෙම කියනවා :
වටින අදහස් සමුදායක්.

කිවුව වෙලාව- 2010-09-13 05:24:53
@Sumana Gomas මෙහෙම කියනවා :
umba "pirimiyo" සි0හල kama gana kavi liyanawa

mbata සි0හල kiyana wachane gahaganna danne naha unicode walin

ane bola සි0හලYO.....!


කිවුව වෙලාව- 2010-09-13 05:11:08
@Sumana Gomas මෙහෙම කියනවා :
sumana akke,

oya methana jathiwadaya wapuranda hadanna epa
karunakarala

shishtawa katha karanna


කිවුව වෙලාව- 2010-09-13 05:10:03
Sumana Gomas මෙහෙම කියනවා :
සි0හල ගෑනු නිරයේ දහ දුක් විඳිනා
ඈ බොල ගෑනියේ බොට නැතුවද පෙනිලා
හම්බයො අපේ ගෑනුන් මස් කර දමනා
ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිවලුන්ගේ


කිවුව වෙලාව- 2010-09-13 05:06:55
sonlanka මෙහෙම කියනවා :
ඉස්ලාම් කියන්නේ ධර්මය එම ධර්මය අදහන්නන්ට කියන්නෙ මුස්ලිම්වරු (ජාතිය)කියලා. ලෝකයේ ඔනෑම තැනක එහෙමයි. ඔබගේ මාතෘකාවේ “මුස්ලිමි කාන්තාවන්“ ලෙස දක්වා තිබීමෙන් ඉස්ලාම් ධර්මය අදහන සියලුම කාන්තාවන් ඊට ඇතුලත් වෙනවා.

මා දීර්ග Comment එකක් දැම්මෙ.ඔබගේ ලිපිය කියවන කෙනෙක් “ඉස්ලාමය“ ගැන වැරදි වැටහීමක් ඇතිකර නොගනු පිණිසයි.

Commented @Nobody's Edge on 9/9/10 00:33


කිවුව වෙලාව- 2010-09-13 03:36:03
මාලතී කල්පනා ඇම්බ්‍රෝස් මෙහෙම කියනවා :
@ sonlanka,
ඔබේ කරුණු දැක්වීමට තුති.

1.මේ ලිපියේ කිසිදු තැනෙක ඉස්ලාම් ධර්මය‍ට එරෙහි කිසිවක් ලියා නැත. මා කියා ඇත්තේ අන්තවාදී පිරිස් විසින් ආගමික කරුණු වැරදි ලෙස නිර්වචනය කරමින් කාන්තාව පෙළන බවයි.

2. නිවැරදිව කියෙවුවා නම් මෙහි මාතෘකාව පරිදිම මා මෙයින් කතා කරන්නේ එක්තරා ආගමික “සංස්කෘතියක්” විසින් එම ජන සමාජය තුළ ජීවත් වන කාන්තාවට ඇති කරන පිඩනය ගැනයි. ආගම විසින් නොවේ. අල් -කුරාණය එවැන්නක් නොපවසන බව දනිමි. සංස්කෘතිය හදාගන්නේ මිනිසුන් විසිනි. කරුණාකර වෙනස වටහා ගන්න.
“මුස්ලිම් ආගමික නීතිය පාවිච්චි (නිවැරදි වචනය -misuse) කරමින් පූජක පන්තිය සහ පිරිමින් ඉතාම නිර්දය ලෙස එම සමාජයෙහි ගැහැණුන් සතු “මනුස්සයෙකු” ලෙස ඉපිද, ජීවත්ව , මිය යාමේ අයිතිය උදුරා ගෙන තිබෙනවා”

3. ලාංකේය සන්දර්භය තුළ පොදුවේ කාන්තාවට හිමි වන ගැහැට ගැන ඔබ කී සියළු කරුණු සත්‍යය. මා මෙහි කියා ඇත්තේ ලංකාවේ කාන්තාව ආගමික සංස්කෘතිය නම් කරුණ නිසා පීඩා විඳින්නේ අඩුවෙන්ය කියා පමණි. පවතින ජරා ජීර්ණ සමාජය තුළ දිනක් වයසැති බිළිඳියගේ පටන් මහළු අත්තම්මා දක්වා විඳවන බව ද අවදිව සිටින සියල්ලන් සේම මම ද දනිමි. එහෙත් මේ ලිපිය තුළ මගේ අදහස් දැක්වීම විය යුතු පරිදිම ඉහත මාතෘකාවට සීමා කර ඇත. ඔබ මතු කළ කරුණු ද කතා කළ යුතු ගැටළු බව ඇත්තය. එහෙත් එක් ලිපියකින් සියල්ල ගැන කතා කරන්නට බැරුවාක් මෙන්ම එසේ කිරීමට අවශ්‍ය ද නැත. එහි අරුත සැම විටම මා ඒ සියල්ල නොකතා හරින බව සිතිම ඔබේ තීරණයක් පමණි.

4. පොත් සහ චිත්‍රපට පිළිබඳ ඔබේ අදහස් වලට සේම ඔබ මට එරෙහිව මතු කොට ඇති අනෙක් ‍ෙඑතිහාසික හා ජාතිවාදි මඩ ගැසිම් වලට සිනහවකින් පමණක් සංග්‍රහ කරමි. අදහස් දැක්වීමේ ඔබේ අයිතියට හිස නමා ගරු කරමි.

Commented @Nobody's Edge on 8/9/10 23:47


කිවුව වෙලාව- 2010-09-13 03:34:51
sonlanka මෙහෙම කියනවා :
නවකතා කිහිපයක් මගින් මුස්ලිමි කාන්තාව සමිබන්ධයෙන් තීරණය කිරීම සම්බන්ධයෙන් මුලින්ම මම කණගාටුව ප්රයකාශ කරනවා. යුදෙව්වන් සහ ක්රි ස්තියානීන් දිනපතාම ඉස්ලාම් දහමට විරුද්ධව කතා ලියනවා, චිත්රුපට් තනනවා. මෙහි විශේෂත්වයක් අපි දකින්නේ නැහැ. ඇයිද කියලා කියනවනම් “යුදෙව්වන් සහ ක්රිරස්තියානින් අතර මිතුරන් නොමැත“ කියලා අල්කුර්ආනයේ අපට මොවුන් ගැන කියලා තියෙන හින්දා. මොවුන් තවත් කමක්නැහැ ඉන්දියාවේ “සල්මාන් රුෂ්ධි“ කියන මුස්ලිම් අම්මා කෙනෙක්ට දාව උපන් ලේඛකයෙක් ඉස්ලාමයට අපහාස වන ලෙස නවකතා ලියනවා, ඇමරිකාව ඌට සම්මාන දෙනවා. මේවගේ චරිත තව හුඟක් ඉන්නවා. තවත් දෙයක්, ගොත්රිවකයන් කරන ස්ත්රි හිංසන වලට ඉස්ලාමය පටලවා ගතයුතු නැහැ. අප්රිාකාව, පකිස්තානය වගේ රටවල ඉන්න ගෝත්රි කයන් දිහා බලලා මුස්ලිම් ස්ත්රි න්ගෙ අයිති වාසිකම් ගැන කතාකරන එක නම් හරිම හාස්යර ජනකයි.
ඉස්ලාම් දහම අදහන්නන් අතර වැරදි කරන්නන් අනන්තවත් ඉන්නවා, ඉතා දරුණු අපරාධකාරයන් ඉන්නවා, ඔවුන් කරන වැරදි වලට සමස්ථ සමාජයටම බනින්න බැහැ. එහෙම කරනවා නම් සිංහලයන් තරම් අශික්ඛිත මිනිසුන් තවත් නැහැ. මං එහෙම කියන්නේ මෙන්න මේ කරුණ නිසා.
පෘතුගීසින් රට පාලන කරන සමයේ “අසවේදු“ කියලා සෙනවියත් එක්ක හිටියේ සිංහල හමුදාවක්. මේ සිංහල හමුදාව අසවේදු සමග එකතුවෙලා හිටියේ අසවේදු පහර දීලා යටත් කරගන්න ගම්වල ඉන්න ගෑණු මේ සිංහල හමුදාවට දෙන නිසා. තමන්ගේම සහෝදරියන්ගේන් කාම පිපාසය සංසිඳුවා ගන්න එදා ඔවුන් අසවේදු සමග එකතු වෙලා හිටියා. කොයිතරම් පිළිකුල් වැඩක්ද ඒ. හිට්ලර්ගෙ හමුදාව වත් මෙවැනි තුච්ච වැඩක් නොකරන්න ඇති.
දැන් බලමු අද ලංකාවේස්ත්රිින්ගෙ තත්වය. ලඟදි ලංකාදීප පත්තරේ තිබ්බා අසැබි වීඩියෝ තැටි 2000 ක් අල්ලපු සිද්ධියක්, ඒකේ ලංකාවේ ජනප්රිකය නිලියන්ගෙ අසැබි දර්ශනත් තිබ්බලු. හැකියාව තිබ්බත් නිරූපන හෝ රඟපෑම් ක්ෂේත්රකයට එනවනම් කැමරා කාරයගෙ ඉදලා අධයක්ෂක දක්වා ඉන්න එවුන් එක්ක බුදියගෙන ඔනෙ රඟපාන්න වරමක් ඉල්ල ගන්න. ඹය ක්ෂේත්රලයෙ ඉන්න අයට මොකද වෙලා තියෙන්නෙ, ? වෙළද භාණ්ඩයක් වෙලා. බීම වෙළඳ දැන්වීමකට වත් ස්ත්රිර අඩ නිරුවත නැතුව බැහැ.
බස් එකේ යන ගෑණු අයට වෙන හිංසාව කොච්චරද?? අඩුම තරමෙන් වැඩට යන එන වෙලාවට විතරක් වත් “කාන්තාවන්ට පමණයි“ කියලා බස් ටිකක් දාන්න පුළුවන් නේද.
ලංකාවේ ගණිකාවො කී දාහක් ඉන්නවද? සෞඛය අමාත්යං.ශයෙන් ලඟඳි සමීක්ෂණයක් කරලා තිබුණා. මට ගාන ඉලක්කම් වලින් මතක නැහැ. ගණිකාවන් ඒතත්වයට වැටෙන්න හේතුව කවුද?? අනිවාර්යෙන්ම පිරිමියෙක් ඇති ඒක පිටිපස්සෙ. කොළඹ ගැන නොදන්න ගමේ කෙල්ලෙක් ත්රිවවිල් එකක නැග්ගොත් ඊට පස්සේ ඉන්න වෙන්නෙ ගණිකා මඩමක.
ලංකාවෙ විශ්ව විද්යාමල ගෑණු ළමයෙක් යවන්න තරම් ශිෂ්ට නැහැ. ඉහල ශේණියක් එක්ක උපාධිය ඉවරකරන්න නම් අචාර්යවරු එක්ක නිදාගන්න වෙනවා. මම හොඳට අඳුරන අක්කා කෙනෙක් ඉන්වා(කලා පීඨ‍යේ) හොඳට මහන්සිවෙලා ඉගෙන ගන්නවා, එයාට ලෙක්ච කෙනෙක් කෙලින්ම කියලා තිබුණා “මොනව කරත් වැඩක් නැහැ අපිටත් සලකන්න වෙනවා“ කියලා. මගෙ හොඳ යාළුවෙක් වැඩ කරා හෝටලයක ඒ හෝටලයට ලෙක්චර කෙනෙක් එනවලු එක එක දවසට කැම්පස් එකේ එක එක කෙළ්ලොත් එක්ක.
ලංකාවේ හුඟක් සිංහල කෙල්ලො උසස් අධ්යාමපනයට නැඹුරු වෙනවා (කැම්පස් හෝ වෙනත් පාඨමාලා) ඉගෙන ගෙන ඉවරවෙලා බඳින්න අවු 30 ත් පහුවෙනවා. ගැහැණුන්ගෙ ආර්තවහරණය(නිසරු බව) පටන් ගන්නේව අවු 40 දි. ජොබ් එකකට ගියාම එතනත් ප්රනශ්ණ. පඩි වැඩි කරගන්න. උසස් වීම් ගන්න එක එකා එක්ක බුදිය ගන්න වෙනවා(විශේෂයෙන්ම පෞද්ගලික ආයතන වල)
ලඟදි පත්තරේක දැක්කා රජයේ ආයතනයක නිලධාරියෙක් ආයතනයට එන පිරිමින්ගෙන් මුදල් අල්ලසුත් ගැහැණුන්ගෙන් ලිංගික අල්ලසුත් ඉල්ලනවලු. ඒ පත්තරේම තිබ්බා එක්තරා විදුහල්පති වරයෙක් ස්වාමියා ලඟනැති ගුරුවරියන් ගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවලු.

ඔන්න ඔහොමයි ලංකාවෙ තත්වය.ලංකාවේ ස්ත්රීල නිදහස. තත්වය මෙහෙම තියෙද්දි ලංකාවේ මිනිස්සු කියනවා අපි ස්ත්රිින්ට සමතැන/නිසිතැන ලබාදීල තියෙනව කියලා.
බටහිර රටවල්වල ඉහත තත්වය නොඅඩුව තියෙනවා. ඊට අමතරව පාසල් යන ශිෂ්යායවන්ගෙන් 80% ක්ම පාසලෙන් පිටවෙන්නේ තමන්ගෙ කන්යාවභාවය නැතිකර ගෙන,ඒ අතර ගැබ් ගැනීම්, ගබ්සාකිරීම් විශාල ප්රලමාණයක්. (තිරිසනුන්ට ලිංගික සේවනයට සීමාවන් නැත. බැල්ලියෙක් පැටවු ගැහුවොත් ඒකේ ඉන්න බල්ලෙක් ලොකු වෙලා තමන් හා ඉපදුන සහෝදරියන් සමග හා වැදූ බැල්ලී සමග ලිංගික සේවනයේ යෙදෙනවා.ඒ ඔවුන් ශිෂ්ට නොවන නිසා) මෙවන් තත්වයක ඉඳගෙන බටහිරයන් කියනවා අපි ශිෂ්ටසම්පන්නයි, ස්ත්රිාන්ට අපි සමතැන දීල තියෙනව කියලා.
ලංකාවෙත් මීට ආසන්න තත්වයක් තියෙනවා, ආදරය කරන කොල්ලො කෙල්ළො අතර ඇතිවෙන ලිංගික සම්බන්ධතා නිසා ඇතිවෙන අනවශ්යය ගැබ් ගැනීම්, මුහුදු වෙරළවල් අයිනෙ ආදරය කරන්න ගිහින් මැරයන් අතින් දූෂණය වෙනඑක, කළුතර කොරිඩෝවෙ විතරක් කෙල්ලෝ කීදෙනෙක් දූෂණය වෙලා තියෙනවද.

දැන් බලමු ඉස්ලාම් ධර්මයේ ස්ත්රිශන්ට දීල තියෙන තැන. පවුල් ජීවිතය තුල ස්ත්රි න්ට හා පිරිමින්ට වගකීම් බෙදා දීල තියෙනවා. පිරිමින් ගේ යුතුකම එලියට ගිහිල්ලා මුදල් ඉපයීම, ආරක්ෂාව.......යන දේවල්. ඊට අවශ්යද කායික හා මානසික ශක්තිය පිරිමින්ට දීල තියෙනවා. ස්ත්රී්න්ගෙ වගකීම වෙන්නෙ දරුවන් හැදීම, ඔවුන්ව පෝශණය කිරීම යනාදී දේවල්. ඊට අවශ්යෙ කායික හැඩගැසීම ඔවුන්ට තියෙනවා. ඒත් අවශ්යන නම් ස්ත්රීෝන්ට රැකියා කරන්න පුළුවන් කිසිම තහනමක් නැහැ.

පිරිමින්ට පල්ලි යන එක අතිශය අනිවාර්යව දෙයක්. ඒත් ස්ත්රීයන්ට ඒක අනිවාර්යව නැහැ. තමන්ගෙ ගෙදරදිම දේව නැමදුම කරන්න පුළුවන්.(මෙහෙම කරලා තියෙන්නේ ස්ත්රී්න්ට ගෙදර තියෙන අධික වැඩ හා නිතර දෙවේලේ පාරේ එහා මෙහා යාමෙන් ඇයගේ ආරක්ෂාවට හා අත්මගෞරවයට හානි සිදු වීමේ හැකියාවක් ඇති නිසාය) සමහර අය මේක වරදවා වටහාගෙන තියෙනවා ස්ත්රීයන්ට පල්ලි යන්න තහනම් කියලා, ස්ත්රීදන්ට පල්ලි යන්න අනිවාර්යම නැති නිසා ලංකාවෙ පල්ලිවල ස්ත්රී්න්ට දේව නැමදුම් කිරීමේ පහසුකම් සලසලා නැහැ.

ස්ත්රී්න්ට මුහුණ හා අත්ල හැර අනෙකුත් ප්රිදේශ ආවරණය වන ලෙස ඇඳුමි ඇඳීම අත්යහවශයයි.මුහුණ වැසීම අත්යරවශය නැහැ. මෙහෙම කරල තියෙන්නේ ඇගේම ආරකෂාවට. කළවා පේන්න කොට ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙල්ලෙක් දැක්කම ඇතිවෙන හැඟීම ඉහත ලිපිය ලියපු කෙනා පිරිමියෙක් නම් මම අමුතුවෙන් කියන්න ඹන නැහැ. මේක වලත්තකම නෙමෙයි වෛද්යි විද්යානත්මකව පිරිමින්ට ලිංගික හැඟීම් ඇතිවෙන්න දෘෂ්ටිය පමණක් ප්රලමාණවත් කියලා කියල තියෙනවා.
තමන්ට ස්වාමිපුරුෂයාගෙන් වෙන් වීමට අවශ්ය නමි ඒ නිදහස ස්ත්රීපන්ට දීල තියෙනවා.......
ඉස්ලාමය ස්ත්රීවන්ට නිසිතැන ලබා දීල තියෙනවා.

පසුවදන

උඹ සමීක්ෂණ එහෙමත් කරල තියෙනව කියල ලියල තියෙනවා, මම දෙන්නම් හොඳ අදහස් ටිකක් සමීක්ෂණයකට, කැම්පස්වල(විශේෂයෙන්ම කලා පීඨ) ලෙක්චරස් ලගෙන් කෙල්ලොන්ට ඇතිවෙන බලපෑම් ගැන හොයල බලපන්. ගණිකාවෝ දහයක් පහලොවක් එක්ක කතාකරල ඒගොල්ලො ඒ තත්වයට වැටෙන්න හේතුව මොකද්ද කියල හොයල බලපන්.රැකියා කරන ආයතනවල ගැණුන්ට වෙන ලිංගික හිංසනයන් ගැන හොයල බලපන්.

(මම එක්තරා පත්තරයක කියෙව්වා ලිපිපෙලක්, ඒ ලිපි පෙළ සකස් කරලා තිබුණෙ ගණිකාවන් නිර්නාමිකව ඔවුන්ගෙ දුක ලියල එවපු ලිපි වලින්. ඒ ලිපිවලට අනුව 99% ක්ම පිරිමින්ගෙ වැරදිවලින් තමයි ගණිකාවො ඒ තත්වයට පත්වෙලා තියෙන්නේ. (සමහර විට ඒ පත්තරයට ලිපි ලිව්වේ අසාධාරණයට ලක්වෙච්ච අය විතරක් වෙන්නත් පුළුවන්))

මුස්ලිම් කෙල්ලො කැම්පස් එන්නැති එක ගැනයි, බැඳල කැම්පස් එන එක ගැනයි, කොහෙවත් ඉන්න අප්රිිකානු ගොත්රුයක් ගැනයි, කවුරුවත් බඩවියත රැකගන්න ලියපු නවකතාවක් ගැන කෑගහන එක නවත්තලා, උඹේ සහෝදරියන්, දූලා(සිංහල ස්ත්රී න්) විදින මේ අසාධාරණකම් ගැන හොයල බලලා ඒකට ඇතිකරපන් විරෝධතාවයක්. සමහර විට මේක උඹ ජාතිවාදී හැගීමෙන් ලියපු ලිපියක් වෙන්නත් පුළුවන්. අසවේදුත් එක්ක එකතුවෙලා තමන්ගෙ අයව දූෂණය කරපු උඹලට තමන්ගෙ කියල හැගීමක් තියෙයි කියලා මම හිතන්නෑ.

Commented @Nobody's Edge on 8/9/10 12:42


කිවුව වෙලාව- 2010-09-13 03:33:25
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ආනන්ද මෛත්‍රෙය හිමි ආගම්වාදීන්, ජාතිවාදීන් ගැන....
ආගම්වාදීන්, ජාතිවාදීන් අන්ධයන් පෙළක් වැනිය. මුලින් සිටින්නා ද නොදකියි, මැද සිටින්නා ද නොදකියි- පිටුපසින් සිටින්නා ද නොදකියි.

-බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි (1896- 1998)
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook