Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
ජැක්සන් කොපෝලා සහ බඹර වළල්ල
බූන්දි, 01:59:58
බඹර වළල්ල චිත්‍රපටිය බලන්නට මගේ කකුල් දෙක ඉක්මන් නොවූ කාරණා දෙකක් තිබුණේය. එකක් එය හූස්ටන් යැයි කියන සම්මාන උළෙලකින් හොඳම අධ්‍යක්ෂණයට හා කැමරාවට සම්මාන ගත්තේ යැයි දාගෙන ගිය ලොකු සද්දයයි. හූස්ටන් යනු චිත්‍රපටි ගැන දන්නා කිසි කෙනෙක් ගණං නොගන්නා ඒ වගේම එම උළෙලට ඉදිරිපත් කරන ඕනෑම චිත්‍රපටියකට මොකක් හෝ වර්ගයක සම්මානයක් දෙන වර්ගයේ දෙකේ කොලේ සම්මාන උළෙලකි. ඒ සම්මානයෙන් පිදුම් ලැබුවේ නැති අධ්‍යක්ෂකයින් ලංකාවේ ඉන්නේ අතලොස්සකි. ඒත් සම්මාන උළෙලේ තරම දැනගත්තායින් පසු-

-ඒ කවුරුවත් ඒ සම්මාන ගැන කතා කරන්නට ආවේ නැත. නමුත් අතුල ලියනගේ එතැනදී ලුම්පන් වැඩක් කළේය. ඒ සම්මාන මෙහේ විකුණන්නට ඔහුට එහෙම ලැජ්ජාවක් තිබුණේ නැත. ඒ වගේම ජැක්සන් ඇන්තනි වගේ සිනමාව ගැන මෙලෝ මළදානයක් නොදන්නා අයට ඒ සම්මාන ගැන කියවන්නට අවුලක්ද නැත.

දෙවන කාරණය චිත්‍රපටිය හා සම්මාන ටික උස්සාගෙන අතුල, මහින්ද රාජපක්ෂ හමුවීමට යාමය. චිත්‍රපටියක් උස්සාගෙන මෑත කාලයේ තමන් දුටු හොඳම චිත්‍රපටිය 'මයි නේම් ඉස් කාන්' යැයි කියූ මහින්ද ළඟට යාමෙන් කියන්නේ ආණ්ඩුව කියන හැටියට 'මහින්ද චින්තනයට' අනුව චිත්‍රපටි හදන්නට තමන් දිවුරා පොරොන්දු වෙන බවයි. මහින්ද චිත්තන සම්ප්‍රදායේ චිත්‍රපටි බලද්දී මගේ දත් හිරි වැටෙයි.

ටීවීටී එකේදී මට අතුල මුණගැහුණේය. චිත්‍රපටිය රට පුරා අරගෙන යන්නට ඔහු කරන දැඟලිල්ල ගැන එතැනදී මට දුක හිතුණි.

'චිත්‍රපටියක් කරන එක නෙමෙයි වැඩේ ඒක අරගෙන යන එක' අතුල මට කිව්වේය.
'හැම අධ්‍යක්ෂවරයෙක්ම කරන්නේ නිෂ්පාදකයාගේ සල්ලි ටික අරගෙන වැඩේ අත්ඇරලා දාන එක. මට ඒක කරන්න බෑ. නිෂ්පාදකයා බේරගන්න මං මහින්ද නෙමෙයි කවුරු ගාවට වුණත් යනවා'

'ඉතිං මචං මහින්ද ළඟට ගිය එකේ සල්ලි ටික එතනින්ම එන්න විදිහක් හදා ගත්තා නං හරිනෙ. ඔය කට්ට කන්නෙ නැතුව?'

මං ඇහුවේ චිත්‍රපටිය දුවවන්නට කුඹුරක හරකෙක් තරම් මැඩවෙන ඔහු ගැන අනුකම්පාවෙනි. සිනමාව ගැන මට ඇති ශෘංගාරය හෝ සෞන්දර්ය වෙනුවට ලේ ගලන වේදනාවක් ඔහු විඳිමින් සිටියේය. අවසානයේ චිත්‍රපටිය බලන්නට මං රීගල් එකට ගියේ අතුලගේ ශ්‍රමයට හදවතින්ම උපන් ගෞරවයෙනි. චිත්‍රපටියක් කිරීමෙන් හා එය මා ආදරය කරන උණුසුම් ප්‍රේක්ෂකාගාරයකට පෙන්වීමෙන් ආනන්දයට හා සංතෘප්තියට පත්වන මට වඩා වෙනස්ව මේ කර්මාන්තයේ දහඩිය වගුරන කම්කරුවන් වැනි සිනමා අධ්‍යක්ෂවරුන් ගැන උපන් වේදනාවෙනි.

''මට ඒක විනෝදයක්... ඒත් ඔවුන්ට ඒක ජීවිතය සහ මරණය අතර වෘත්තීමය සටනක්''
-ෆ්‍රැන්සිස් කොපෝලා


රීගල් සිනමා ශාලාව අන්ත දිළිඳුය. එතන චිත්‍රපටියක් වින්දනය වෙනුවට තිබෙන්නේම මුඩුක්කු වර්ගයේ ආතල් එකකි. ඒ මදිවාට ජාතික ගීතය වාදනය වන්නටද පටන් ගත්තේය. චිත්‍රපටියක් බැලීමේ සෞන්දර්ය විඳින්නට ආපු මම ජාතික හැඟීමෙන් කෙලින් වෙන්නට අකමැතිව හිඳගෙනම සිටියෙමි. පිටුපස සිටි ජාත්‍යාලයෙන් කිති කැවුණු කෙල්ලන් පිරිසක් ඒ ඉඳගෙන සිටීමෙන් මගේ සිංහලකම මැනගන්නට නොහැකිව අර්බුදයකට ගියේය. කොහොමෙන් හෝ ඉතාම පරණ විදිහේ ප්‍රවේශ නාමාවලියකින් චිත්‍රපටිය පටන් ගත්තේය.

ආරම්භක රූප පෙළ මගේ හිතේ බලාපොරොත්තුවක සේයාවක් ඇති කළේය. කැමරාව පාවිච්චි කරන සියුම් තැන් කීපයක් දකිද්දී මං අසුනේ තවත් හරිබරි ගැසී හිඳ ගත්තේ කිළිපොලා යන ආස්වාදයක් බලාපොරොත්තුවෙනි. නීටා ප්‍රනාන්දු දැක්ක ගමන් මගේ ඒ හැඟීම නන්නත්තාර විය. පාරේ රස්තියාදු වන වෙසඟනක් පරිදි මේක්-අප් දමා සිටි ගැමි දුක් විඳින ගැහැණු චරිතය චිත්‍රපටියේ සියල්ල බිංදුවට බස්සයි.

'මං ගස් හිටවලා ඒවා ලොකු වුණාම ඒවයේ ගෙඩි කන මිනිහෙක්'

අතුල එකම දෙබසක් නැවත නැවත කීමෙන් චරිතයක් ගොඩනංවන්නට හදයි. කසිප්පු පෙරන බාප්පා මෙන්ම මැල් මුදලාලිද ඒ වගේය.

'මං වළලන්නෙ මැරිච්ච මිනිස්සු'

ඒත් මේ දෙබස් වලින් චරිතය ගැඹුරු කරනවා වෙනුවට තිර රචනය බාල කරයි. ඒ වගේම තිර රචනාව ලියැවී තියෙන්නේමත් හුඟක් පරණ තාලේ විලාසිතාවකිනි. හොඳ යැයි මුලින් පෙනෙන චරිත පසුව ඉතා අඳුරු චරිත බවට පෙන්වීමේ එකම විදිහක රටාවක් තිර රචනාවේ එයි. ඒක අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයා සමඟ කරන ජෝක් එකක් වගේය. ඔහු චිත්‍රපටයේ චරිත ඔහුට ඕනෑ ඕනෑ හැටියට ඒ අතට මේ අතට පෙරලයි. ඒ නිසා ප්‍රේක‍ෂාගාරය පොඩි උන් ටිකක් යැයි හිතාගෙන කරන සෙල්ලමකට වඩා ගැඹුරක් දෙන්නට ඒ චරිත වලට පුළුවන් වෙලා නැත. ඒ චරිතවලට ජීවිතයක් නැත. තිර රචකයා තමන්ට ඕන ඕන හැටියට චරිත වල හැඩ තල මාරු කරයි. උදාහරණයක් විදිහට මුලින්ම අපි දකින 'අල් පැචිනෝ' වර්ගයේ මැල් මහත්තයා අන්තිම හරිය වෙන කොට හොටු පෙරන්නෙක් බවට පත්වෙයි. අකුරක් වත් දන්නෙ නැති වයසෙදි හිරේ ගිය 'පොඩි එකා' ලොකුවෙලා එන්නේම හරි තියුණු බැල්මකින් සහ ගැඹුරු ඉරියවු වලින් යුතුවයි.

'මට සමහර දේවල් තේරෙන්නෙ නෑ' කියන වෙලාවට පමණක් ඔහු මෝඩයෙක් බවට පත්වෙයි. ප්‍රධාන චරිතය වන පොඩි එකාගේ චරිත නිරූපණයම අවුලකි. අපිට පේන්නේම අතුලය. පොඩි එකා හිර ගෙදරදී මැරිලාය.

චරිත හැසිරෙන්නේ ඒ ඒ වෙලාවට සිද්ද වෙන සිද්දියට අනුවය. ඒ නැතුව ආරම්භයේ පටන් චරිතවලට ගොඩ නැගෙන පැවැත්මක් චිත්‍රපටිය පුරා ගෙන යන්නට තිර රචකයා වගේම අධ්‍යක්ෂවරයාටද බැරි වී තිබේ. ඒකට කියන්නට වෙන්නේ මේ චරිත 'බංකොලොත්' යන්න පමණකි. පත්තර කීපයකින් ලොකුවට උඩ දමා තිබුණු මහේන්ද්‍ර නිරූපණය කරන මැල් මහත්තයා නිරූපණය වෙන්නේ ලෝකල් පැචිනෝ කෙනෙකුගේ සිට මහේන්ද්‍ර පෙරේරා දක්වා පරාසයකය. කොටින්ම වළලන්නේ මැරිච්ච මිනිස්සු කතාව පවා ඔහුට අන්තිම වෙන විට අමතක වෙයි.

චිත්‍රපටිය ගෝඩ් ෆාදර් වගේ කරන්නට ගිය බව පැහැදිලිය. ඒ වගේම ගෝඩ් ෆාදර් චිත්‍රපටිය තේරෙන්නට අතුල තාම පරිණත නැති වගත් ඒ වගේම පැහැදිලිය. ගෝඩ් ෆාදර් චිත්‍රපටිය පුරාම හොඳින් ගොඩ නැගුණු තව තවත් ගැඹුරින් ගැඹුරට යන චරිත වෙනුවට අතුල ගේ චරිත උන් හිටි තැන් මරු කරයි. කැලේ මාරු වෙද්දී කොටියාගේ පුල්ලිද මාරු වෙයි. 'කලින් දැක්කේ මෙයාමද?' කියා නොයෙක් වර අපට සිතේ. අතුලට වගේම ගෝඩ් ෆාදර් චිත්‍රපටිය ජැක්සන්ට තේරෙන්නේද නැති බව ඔහු ලංකාදීපයේ කියා තිබේ. ජැක්සන් ට බඹර වළල්ල පේන්නේ ගෝඩ් ෆාදර් වගේමය. ඒක කියවද්දී මට කාරණා කීපයක් එකවර පත්තු විය.

එකක් චිත්‍රපටි බැලුවාට චිත්‍රපටි තේරුම් යනවා කියන එක වෙන කාරණාවක් බවයි. ගෝඩ් ෆාදර් කියන්නේ අපේ චිත්‍රපටි ගැන කිචියක් ඇති ළදරුවා පවා දෙතුන් වර බලා දැන් විසි කර දමා ඇති චිත්‍රපටියකි. ලංකාවේ චිත්‍රපටි කරන සහ කියවන ගොඩක් අය කොපෝලා ගෙන් සහ ඩේවිඩ් ලීන් ගෙන් මෙහාට තවමත් ඇවිත් නැත. ඇත්තටම කොපෝලා- ලීන් තේරෙන වයසටවත් ඇවිත් නැත. ගෝඩ් ෆාදර් චිත්‍රපටියේ චරිත වල පසුබිම් දේශපාලනය ඉතා සියුම් අකාරයෙන් ගොඩ නංවා තිබේ. අඳුරු චරිත ඇතුළට ගමන් කරමින් ඒවයේ අළු සහ සුදු වර්ණ කොපෝලා මතු කරන්නේ අඳුර තුලින්මය. ඒ වෙනුවට අතුල මෙතැනදී කරන්නේ පොඩි එකාගේ වැඩකි. හොඳ චරිත වල නරක ඇති බවත් නරක චරිත වල හොඳ ඇති බවත් කියන්නට යාම බාලාංස වර්ගයේ ගොඩනැංවීමකි. ඔහුගේ හොඳ චරිත නරක කරද්දී චරිතය මෙතෙක් හැසිරුණු ජීවිත දේශපාලනයම වෙනස් වෙයි. වෙනම ජීවිතයක් වෙයි. ජැක්සන්ට මේක කොපෝලා වගේ පෙනීම හරිය. ඒ කියන්නේ ඔහුට කොපෝලා පේන්නේ අතුල වගේ කියන එකය.

ලංකාවේ පේමන්ට් එකේ පවා හොඳ චිත්‍රපටි වල ඩීවීඩී තිබෙන නිසා අපි කාට වුණත් අතිශය සම්භාව්‍ය මට්ටමක කෘතියක් වුණත් රුපියල් දෙසීයකට බලන්න පුළුවන්ය. නමුත් ඒ චිත්‍රපටිය කියවන්නට ඒ බැලීමම ප්‍රමාණවත් නැත. ඒකට හැදෑරීමක් උවමනාය. තමන් සහ චිත්‍රපටිය අතර තමන් සිටින තැනින් එහාට තමන්ව ගෙන යන සංවාදයක් උවමනාය. ජැක්සන් කොපෝලා බලද්දී වෙන්නේ 'මං කොපෝලාත් බැලුවා' කියන වර්ගයේ කතාවක් මිස 'කොපෝලා මාව වෙනස් කළා' වගේ සංවාදයක් නොවේ. එයාට ගෝඩ් ෆාදර් 'පොඩි එකා' වගේ පේන්නේ ඒ නිසාය. ලංකාවේ ඔක්කොම ජැක්සන් ලාට බඹර වළල්ල මාර වෙන්නේත් ඒ නිසාය.

අතුල මේ කාලයේ ගෝඩ් ෆාදර් වර්ගයේ චිත්‍රපටියක් කරන්න හිතන්නේ ඇයි? ගෝඩ් ෆාදර් ගෙන් පසු ඊට වඩා සියුම් අකාරයෙන් සහ වඩාත් මානුෂීය සිනමාත්මක කතිකාවන් අතරින් කෙරුණු චිත්‍රපටි එලෝ කෝටියක් තිබේ. ඒ එක්කම මේ වන විට ලෝකයේ එම ක්ලැසිකල් වර්ගයේ ප්‍රවේශයන් සමඟ තාර්කිකව ගැටෙන දියුණු විකල්ප සිනමාවන් තිබේ. උදාහරණයක් හැටියෙන් ටැරන්ටිනෝගේ ගැන්ග්ස්ටර් චිත්‍රපටි ප්‍රවේශය දියුණු ආකාරයෙන් ගෝඩ් ෆාදර් සිනමාව අතික්‍රමණය කරයි. නමුත් අතුල සිය කූළුඳුල් චිත්‍රපටිය කරන්නට ආයිමත් කොපෝලා දක්වා පසුබසින්නේ ඇයි? අපේ සිනමා නොදැනුමේ තරම ඒ තරම් නිසාද? අපේ විඳීමේ අවකාශය ඇත්තේ වත්මන් ලෝකයට දශක ගාණක් අතීතයේ නිසාද? මෙබඳු කෞතුක වර්ගයේ සිනමාවකින් තමන්ගේ පළමු සිනමා ප්‍රකාශනය කරන්නට තීරණය වුණේ අතුල ගේ සිතීමේ සීමාවන් හරහාද?

''මට හිතෙන විදියට ගෝඩ් ෆාදර් චිත්‍රපටියට කලින් තමයි, ඉතා කුඩා පිරිසක් සහ උපකරණ ප්‍රමාණයක් එක්ක හුඟක් පුද්ගලික චිත්‍රපටි හදන්න උවමනා වුණු නියම ෆැන්සිස් (කොපෝලා) හිටියේ... ''
-ෆ්‍රැන්සිස් කොපෝලා


මඳක් දුර සිට චිත්‍රපටිය තනිකරම 'ගිණි අවි සහ ගිණිකෙලි 2' වර්ගයට වැටේ. ඒ මදිවාට ඒ ක්‍රියාදාම සිද්දීන් ගොඩනැගෙන්නේද මන්ද බුද්දික විදිහටය. රාළහාමිගේ කකුල් කපා දැමූ බව දැන දැනත් අපේ වීරයා, පොඩි එකා මෝඩයෙකු සේ උළු මෝලේ සල්ලි හොරකම් කරන්නට යයි. ඒ සල්ලි සුවචව කීකරුව මැල් ට ගෙනැත් දී පොඩි එකා සුවසේ නිදයි. මැල් පොඩි එකා ගේ බෙල්ල කපන්නට යන්නේ ලේන්සුවක් එහෙම මූණට දමා සිනිඳුවටය. පිටිපස්සෙන් එන රාළහාමි මැල් ට වෙඩි තියයි. මෙතැනදී පොඩි එකා හිරේ හැදී වැඩුණු එකෙකුට වඩා අඩු මාසෙන් ඉපදුණු එකෙකුගේ තත්වයට වැටේ.

තවත් තැනක පොඩි එකා ඔහු සිත් ගත් කෙල්ලගේ කෙස් වැටිය කපා දමයි. ඇගේ පියා මනෝරත්න හඬා වැටෙන්නේ ඇගේ බෙල්ල කැපුවෙ නැත්තෙ ඇයි කියමිනි.

කතාවේ ගොඩක් තැන් වල හරි ගුප්ත විදිහට බර කරලා කියන දේවල් වල කිසි තේරුමක් නැත. දමිතා එක තැනකදී හරි බයානක විදිහට 'මැල් මහත්තයාගෙන් අපිට ගැලවීමක් නෑ' කියන්නේ කිසි හේතුවක් නැතුවය. අන්තිමට බලන විට මැල් යනු කිසි දෙයක් කර ගන්නට බැරි මෝඩ බයියෙකි. 'කරන දේ මං ඊළඟට කියන්නං' කියමින් හැම දෙයක්ම තිතට සැලසුම් කර ඇති බඳුව හැසිරෙන මැල් තමන්ගේ මිනීපෙට්ටි සාප්පු වසා දමමින් ගෙවල් පවා සින්න වෙද්දී කරන්නේ අසරණයෙකු ලෙස සුසුම් ලෑම පමණකි.

චිත්‍රපටිය පුරාම ප්‍රේක්ෂකයාට දැනෙන්නේ අතාර්කික සිද්දි හා චරිත ගණනාවක් ඔස්සේ තමන්ව මෝඩ විදිහට පහළට ගලායාම පමණකි. ඒ දුර්වලකම වසන්නට අතුල පාවිච්චි කරන්නේ කිසි තේරුමක් නැති ගුප්ත දාර්ශනික වර්ගයේ දෙබස් විතරය.

'සිනමා සංගීතය ගැන ඉගෙන ගන්නට කසුන් කල්හාරගේ සංගීතය අහන්න' යැයි බඹර වළල්ලේ සංගීතය ගැන කතාවක් මට අසන්නට ලැබුණේය. මට කියන්නට ඇත්තේ සිනමා සංගීතයේ නොදැනුම ගැන උදාහරණයක් හැටියට බඹර වළල්ලේ සංගීතය ඉතා හොඳ බවය. කසුන් ගේ අතින් නිර්මාණය වී ඇති සංගීතය චිත්‍රපටියට කිසිඳු මෙහෙයක් නොකරයි. එය පැත්තකින් එල්ලා වනා තිබේ. ඉන් චිත්‍රපටියට දෙන ආලෝකයක් හෝ චිත්‍රපටිය බලා එළියට එන විට හිතේ ඇති කරන මූඩ් එකක් හෝ නැත. කොටින්ම සංගීතය ඇතැම් තැනක නිකං තාලයක් විතරය. කිසි අදහසක් නැත.

ලාංකීය සිනමාවෙ නවතම ප්‍රවේශය ඇත්තේ මෙතැන නම් ඒ සිනමාව ජැක්සන්ලාට අතුල ලාට සහ මහින්ද චින්තනයටම බාර දී වෙන වැඩක් කර ගන්නවා ඇරෙන්නට අපිට කරන්න දෙයක් නැත. ජැක්සන් විසින් ලංකාදීපයේ වැරදියට පාවිච්චි කර ඇති ඔහුගේම කියමනක් හරියට පාවිච්චි කරමින් මේ කතාව අවසන් කරමි.

'ලාංකේය කලා සම්ප්‍රදායේ අලුත්ම ප්‍රවණතාව වැරැද්ද ප්‍රමිතිගත කිරීමයි. වැරැද්ද නිවැරැද්ද සමඟ ගැටෙන කල් වැරැද්ද සහ නිවැරැද්ද වෙන් වෙන්ව හඳුනාගැනීම පහසුය. එහෙත් වැරැද්ද නිවැරැද්ද ලෙස ප්‍රතිගත වූ විට වැරැද්දේ පැවැත්ම ස්ථාවර වන්නේය'

කට බොරු කීවත් දිව බොරු කියන්නනේ නැත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Francis Coppola, The Godfather (1972), Review on Bambara Walalla Sinhala Movie, Athula Liyanage, Jackson Anthoney, Kasun Kalhara
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Akila DJ මෙහෙම කියනවා :
@Ruwan
මචං රුවන්, 'සඳ මිතුරි' කොපියක් නෙමෙයි බන්!
උඹ ඒකවත් දන්නෙ නැතුවද කතා කරන්නෙ!
කසුන්ට කොපිය කියල බනිනව නම් බැනපන් "මල් මිටක්" වගේ ඒවට... මල් මිටක් කොපියක් වගේ එකක්, සඳ මිතුරි එක රාජ් හදපු එකක්. රාජ් සිංහල එක කසුන්ටත්, දෙමළ එක බාලසුප්‍රබනියම්ටත් කියන්න දීල....


කිවුව වෙලාව- 2010-10-09 11:30:22
Tinker-Bell මෙහෙම කියනවා :
@කවීෂ,

HONDA PRASHNAYAK NE AHALA THIYENNE
ANNA
CHINTHANA DEEPAN UTTARA....

MAHINDA KALUYI
RANIL SUDUYI... CHOOTIYA


කිවුව වෙලාව- 2010-09-27 21:54:04
කවීෂ මෙහෙම කියනවා :
චිත්‍රපටිය අරගෙන මහින්ද හමුවීමට යාම නිසා අතුල ලූම්පන් වෙයි.
එතකොට රනිල් එක්ක පත්තර ගහන්න, පෝස්ටර් හදන්න යන චින්තන වැටෙන්නේ මොන වර්ගයටද?


කිවුව වෙලාව- 2010-09-27 11:46:17
රවී මෙහෙම කියනවා :
@Meesha

සිගරැට් එක වෙනුවට චින්තන අතේ "coca cola" එකක් තිබුන නම් චින්තනට
කිසිම දෙයක් අහිමි වෙන එකක් නැද්ද?


කිවුව වෙලාව- 2010-09-27 11:21:36
ruwan sudassana මෙහෙම කියනවා :
meka vicharayak newe.dum beemak vithrai.

කිවුව වෙලාව- 2010-09-22 07:18:20
Meesha මෙහෙම කියනවා :
@ruwan sudassana

dum beema nisa wicharakayekuta ahimi wena "deya" pahadili karanna.


කිවුව වෙලාව- 2010-09-20 22:45:44
ruwan sudassana මෙහෙම කියනවා :
Kanagatui Chinthana.Loku loku weradi hoyanna kiyanna katha puluwan.Sinamawa miyayana ugayaka Athulage weyama agaya kalayutui.Sarwasampuna film 1k nunath Athula dura gamanak yanna palamu piyawara thiyalai thiyenne.Ohuta jaya.Obage vicharaya film 1kta wada narakai.balai.Jaksonlata wada sinamawa gena oba danna de denaganemata kemathi.Anika oba porak wenna yanne oya pinthure inna widiyatada kiyala denagannath kemathi.

කිවුව වෙලාව- 2010-09-19 01:51:13
mara putha මෙහෙම කියනවා :
sewala nam dan nahuthetama hindila athi neda baba

කිවුව වෙලාව- 2010-09-15 10:12:34
@mara putha මෙහෙම කියනවා :
ADIC eke sewalayek bahala menno

කිවුව වෙලාව- 2010-09-14 22:05:06
mara putha මෙහෙම කියනවා :
cinamawa gena panditha katha monawa kiwwath chinthana jeewithe gena nam melo rahak nethi ekek bawa athe thiyena eken penawa.toilet chemical addama mood ena eke
bamara walala gene hithanna epa aneeee,


කිවුව වෙලාව- 2010-09-14 08:05:31
Tharushi මෙහෙම කියනවා :
Methana Comments damapu Siyaluma dena wenuwen , Chinthana Wisin Nawatha Warak Siya adahasa Prakasha Kala Yuthui

කිවුව වෙලාව- 2010-09-01 11:32:33
Amila Sandaruwan මෙහෙම කියනවා :
@sujani jaliyagoda

OW
ATHULA PAWU
SAMAHARA WICHARA BALUWAHAMA HITHENNE ATHULA AMMATA SIRI WENA EKAK HADALA KIYALA. HUGAK AYA BABARA WALALLATA DOS KIWUWA GAMAN PARALA WENNA HETHUWATH EEKAMA THAMA.

LANKAWE WICHARAYA BORUWAK....
SERAMA BORU NISA EEKA ECHCHARA LOKU AWULAKUTH NEME HABAYI


කිවුව වෙලාව- 2010-09-01 01:44:09
sujani jaliyagoda මෙහෙම කියනවා :
Athulata deveni film eka karanna puluwanweida sakai. mokada me vichraka perahara athulawa pumbapu tharamata dan u enne polowe nemei ahase. ahew eke umbe liyawilla mata penne awanka ekak viduyatai.

කිවුව වෙලාව- 2010-09-01 01:15:34
Bax මෙහෙම කියනවා :
niyamayi arindepa

කිවුව වෙලාව- 2010-08-31 21:46:17
Ravi මෙහෙම කියනවා :
@WASUDEVA

ithaama pahadiliwa chinthanage liweem thalaya gana liyala thiyena kenek dakeema loku sathutak.

adata awashyama karana namuth lesiyen kenek noliyana, chinthanage wage nirmanaya haraha nirmanakaruwawa kiyaweemak karddi ridena paarshawa hungak wadi bawath pahadiliwa pena kaaranawak..

ehew parinatha kamaka inna hunga denekta bambara walalla 'loku' weemath, jackson ge 'loku' kirillath, me wage vichaarayakin rideemath, pudumayata kaarana newei...


කිවුව වෙලාව- 2010-08-31 09:11:00
Alawaka මෙහෙම කියනවා :
@Fonseka

umba ganayekda?
kamburugamuwe wajirage yaluwekda?


කිවුව වෙලාව- 2010-08-31 05:22:57
Fonseka -Moratuwa මෙහෙම කියනවා :
Den aluth cinemawe Enna Kattiya Thula kisima Hadiyawak naha ,Sara Dharma naha.Vinayak naha
KATATA GANNAWA , PUKA DENAWA Wage katha ,wachana bhawitha kereemen peni yanawa.
Samahara wita ponnayo wenna Ethi. Namuth
wasara 2500 Mahagu ethihasayak apata thiyenne,Jathiye Mura Dewathawun Lesa Budda Puthrayo Ennawa,
Me Dharmadeepaye Oya wage Dewal Wenne naha ,Ehew Eke
Katata Gannawa ,Puke Arinawa wage wachana kohethma sudusu naha .
Methan Thiyana samahara comments ,
, KUJETHAI...KUJEETHAI..KUJEETHAI...ANTHIMAI


කිවුව වෙලාව- 2010-08-31 05:17:38
WASUDEVA මෙහෙම කියනවා :
@Ajith

cinema nirmanayaka ho onema kala nirmaneka antharagathaya ho akruthiya ho nirmanakaruwage athmayen wiyukthawa wicharaya karannata puluwanda? ehema puluwan kalayak thiyenna athi. mata nam hithenne dan oya kale panala kiyalayi.

chinthana darmadasa karala thiyenne hudu sinema wicharayak nowe. nirmanaya haraha nirmanakaruwawa kiyaweemak.


කිවුව වෙලාව- 2010-08-31 04:27:24
Ajith මෙහෙම කියනවා :
chinthana, oyage agatheen bohomayak athula namathi pudgalaya pilibandawa gotha thibena bawa balu balmatama peniyana deyak.cinema nirmanaye anthargathaya pilibandawa wadi awdanayak yomu wuna nam hondai neda....?

කිවුව වෙලාව- 2010-08-31 04:09:19
Namal මෙහෙම කියනවා :
@Ravi

ekangayi... sampurnayen ekagayi...

mama chinthana darmadasa ge siyalu de anumatha karana bathimathek nemeyi.
namuth, chinthanala arts ekka karana karanna yana ganudenuwa me rate anagatha kalaawe shape eka theeranaya karanawa.
ethanadi athula wage kenek wenama track ekakin wenama gamanak yama gataluwak neme.
hama artist kenekutama ananya sadarana lakshana thiyenawa.
hamona handagamala wenna uwamana naha.

methana chinthana katha karala tiyenne athula (saha athulalage wargaye mahindawadiyo) watila inna niwata deshapalana bankolothkama gana. meka dakin hugak aya hurt wena hethuwa eyayi.


කිවුව වෙලාව- 2010-08-30 20:57:07
Ravi මෙහෙම කියනවා :
As panaapita chinthana kiyapu cinamaathmaka hethu kaaranaa aththa kiyalaa peneddith samaharu eh dewal chinthanage irisiyaawak gana kathaa karamin wahanna yana eka gana hunngak kanagaatuyi.. bambara walalla sudda karanna hadana hama kenaama kaa gahala kiyanna hadanne athula paw kiyala nam, danatamath chithrapatiya balapu kawuruth eka dannawa...
paripoornayi kiyalaa ganna puluwan ekama vichaarakayek wath nathi rataka thamange palaweni chithrapatiyata labenna puluwan wadak athi vichaarayak chinthanagen labuna kiyana thana hitaganna tharam athula parinatha nam, athulage eelanga wade gana saahena balaaporoththu thiyaganna puluwan.
kese wethath ‘how I wonder what u are' ekka bambara walalla thiyalaa sasadanna tharam mati harak boondhiya kiyawanawa kiyala hithaaganna baha. athulayi chinthanayi paya gahala inne sampoorna wenas than dekaka.. pawathma arakshaa karaganeeme vyaapaara kalaawak karan yana athulawa, minihekge athulaanthaya widahaa dakwana kalaawak vishwaasa karana chinthanata deke kolayei gaanen maneema arenna wena wikalpayak nathi bawa pahadhiliyi. namuth athula yana paara gana chnthana inna thana inndhan wiweichanaya kireeme wadak nathi bawa piliganna wenawaa. athulage alleem layisthuwayi samaaja vishwaasayayi pathithakin thiyalaa me vichaaraya kerunaa nam ethana siyata seeyaka saadhaarana wichaarayak thiyeyi..
katata dena hama dema ane rahayi kiyalaa gilina pirimi godak madde katak aralaa bambara walalle sinamaathmaka garaa wateem ganath jakson ge danume waruna ganath kathaa karanna chinthanata thibuna hayiya hunngak agaya karanawaa..


කිවුව වෙලාව- 2010-08-30 13:24:47
ASELA මෙහෙම කියනවා :
chinthanage manda buddika sinama wicharaya. wadak karapu ekata kisima deyak kara ganda bari apathayo wadi bana liyanawa.

කිවුව වෙලාව- 2010-08-30 11:39:41
MOHOMMAD මෙහෙම කියනවා :
AMMAPA MEHEMA KATTIYADA LANKAWE FILM HADANNETH ,WICHARA PALA KARANNETH

කිවුව වෙලාව- 2010-08-30 05:33:58
Mr. Bakan Nilan මෙහෙම කියනවා :
'ඉතිං මචං මහින්ද ළඟට ගිය එකේ සල්ලි ටික එතනින්ම එන්න විදිහක් හදා ගත්තා නං හරිනෙ. ඔය කට්ට කන්නෙ නැතුව?'

chinthana,
why u asked this men?
onema halparuwek mahindata puka deela ema puka deema sadaranikaranaya karanna monawa hari labbak kiyanawa. athula kiyannet ehema puka deepu ekek thama.

නිෂ්පාදකයා බේරගන්න මං මහින්ද නෙමෙයි කවුරු ගාවට වුණත් යනවා

ane bola athulayo,
thopi with puruddata puka dena ewun. film haduwath nathth ude hawasa puka dena eka thama thope rassawa.


කිවුව වෙලාව- 2010-08-30 04:36:09
Lansiya මෙහෙම කියනවා :
@marco

methana me kiyanne micle jackson gana nemeyi. me jackson awilla history kapu panditha porak ooyi


කිවුව වෙලාව- 2010-08-30 04:32:24
Sadun Kanchana මෙහෙම කියනවා :
Great one mate.... Some of my ideas also hear

කිවුව වෙලාව- 2010-08-30 03:47:46
marco මෙහෙම කියනවා :
jakson kiyanne katata ganna ponnayekne! u kiyana ewa kauda ganan ganne.

කිවුව වෙලාව- 2010-08-30 03:33:35
IO Sirisena මෙහෙම කියනවා :
review eka pattayi

kasun kalharath irajge wargema horek thama samahara than waladi

uge mal mitak thiyanna melody eka patta pal copiyak

horu thama serama
sri lankawe original copy eka missing ne machanla koyi deth....


කිවුව වෙලාව- 2010-08-30 01:48:10
ruwan m මෙහෙම කියනවා :
chinthana oyage pade hadanam shok.... gada thamai poddak awul... mulinma cinema pataya wicharaya karanna igena ganna... oyata one film eka wicharaya karanna namai. athulata gahala oya pora wenna. mama piligannawa athula thkkadiyek... babek namai... bt ekai athlage film ekai patalawa ganna epa... oyata jathika geeyai... oyage arriyas ekai .....jeleous ekai.... athulage gon kamai ...hoda kamai ...okkoma patalila thiyenne...

කිවුව වෙලාව- 2010-08-30 00:28:30
Amarajeewa මෙහෙම කියනවා :
film hadana ewunta film wicharay thahanam da?
kavi liyana ewunta kavi wicharaya thahanam da?


කිවුව වෙලාව- 2010-08-29 23:24:42
YSN මෙහෙම කියනවා :
This criticism is very harsh..frankly I dont know the quality of this film...even if it is bad, we should understand that this is Athula\'s first film..most probably he has to learn a lot & has long journey to go..it\'s always good to make a constructive criticism, but for me chinthana\'s criticism is filled with hatred & jealousy....
Chinthana can learn how to write good constructive criticisms, before giving lectures(vadi bana) to others. Chinthana please read good articles and learn from them.


කිවුව වෙලාව- 2010-08-29 22:34:24
Isuru chamara somaweera මෙහෙම කියනවා :
Chinthana, Oya kiyana godak de walata mama oluwa namala ekaga wenawa. Bambara walalla gena ahala kiyawala iwara wela bambra walalla bala lido eken eliyata enakota Athula apiwa moda widiyada andanna haduwa kiya de oluwata aaawa. Eth meka adu wiyadamakin karapu Athulage palaweni daruwa. Api balam eelagata eya denne mokakda kiyala. Mal mahattayage charithe anthima hariya angawikala karala, godak charith wadenne ne moda widiyata kathawata galapenna wenas wenawa. Jeewith aththatama athata awith lissala yanawa.

කිවුව වෙලාව- 2010-08-29 05:41:34
Surangi මෙහෙම කියනවා :
නිර්මාණය වී ඇති සංගීතය චිත්‍රපටියට කිසිඳු මෙහෙයක් නොකරයි. එය පැත්තකින් එල්ලා වනා තිබේ.

Viyamanak wage Lassana kiyamanak, I like it


කිවුව වෙලාව- 2010-08-29 02:29:00
Ruwan මෙහෙම කියනවා :
@Amila From Ruwan,

That music director is from India, I think his name is Raj , It made for balasubramaniam . Not for kasun kalhara, So I agree with you .kasun has nothing to do with music ,easily stolen the original track from india.
very sad in sri lankan music, so why do i want to jealous with stolen music????? Not a trained voice,that is trained thief

'


කිවුව වෙලාව- 2010-08-29 02:20:53
අමිල මෙහෙම කියනවා :
@[Ruwan] please make sure who is music director of sanda mithuri, Kasun is only a vocalist there. This is your jealousy on his trained voice. you also talking about music like chinthana..

කිවුව වෙලාව- 2010-08-28 10:32:17
අමිල මෙහෙම කියනවා :
චින්තනට හොඳම කමෙන්ට් එක මුලින්ම තියෙනව. හයියෙන් පඩයක්වත් ඇරපු නැති මෙයා දහදුක් විඳල වැඩක් කරපු එකාව 2 කොළේට දානව. මෙයා මොනවද කරල තියෙන්නනෙ? නොදන්න සංගීතෙ කතා නොකළ නම් හොඳයි. මෙයා ඉස්සර විදියෙ දෙඤ්ඤං බැටේ කාරයෙක් ඇඳුම වෙනස්. හැබැයි කවුරුත් මේ අදහස් පිළිගන් නෑනෙ. කාටත් කලින් බූන්දියෙ තියෙන් වැදගත් විචාර වගේ ලියන්ඩ දැන්වත් පුරුදු වෙන්ඩ. මේ පොරටෝක් අපි ඉස්කෝලෙ යන කාලෙ ඉඳළ දන්නව. ඔයාට පුලුවන් මොනවද ඒක විතරක් කියන්ඩ විරිලැජ්ජාවෙන් ගැළවෙන්ඩ.

කිවුව වෙලාව- 2010-08-28 10:28:55
namalee මෙහෙම කියනවා :
frist you do a best work..... after that write like this.According to my opinion this film is better than your "how i wonder what you are"....... Everyone can talk...but cant work......

කිවුව වෙලාව- 2010-08-28 08:30:09
De Mel- France මෙහෙම කියනවා :
Hello chinthana, We don't know other Sri Lankan directors who are won the same award before, are u able to explain who are they and for which films?

කිවුව වෙලාව- 2010-08-27 11:23:35
Arundathi මෙහෙම කියනවා :
but this film is better than how i wonder what you are

කිවුව වෙලාව- 2010-08-27 06:50:55
Ruwan මෙහෙම කියනවා :
මට කියන්නට ඇත්තේ සිනමා සංගීතයේ නොදැනුම ගැන උදාහරණයක් හැටියට බඹර වළල්ලේ සංගීතය ඉතා හොඳ බවය.

kasun kohomath nirmana horakam karanna dakshaya
Eyage ''sanda mithuri '' amu copiyak, Asuchi godak


කිවුව වෙලාව- 2010-08-27 06:16:04
LALANI මෙහෙම කියනවා :
I DO NOT AGREE WITH THIS ARTICLE , EVEN THERE ARE SOME CONTROVERSIAL THINGS ABOUT THE FILM AND AWARD.
BUT YOU CANNOT COMPARING SRI LANKAN FILM WITH HIGH BUDGET FILM.
I NEVER SEEN THIS FILM ,BUT CANNOT AGREE WITH THIS CRITICISM ,MAD CONTRADICTION.
CHINTHANA ALSO A FILM DIRECTOR (BUT......) BUT HE WAS UNABLE TO MAKE A NEW AUDIENCE WITH CONTEMPORARY THEME.
YOU CANNOT MAKE A FILM , BUT BEST THING IS YOU CAN STOP WRITING THIS KIND OF CRITICISM.
'' COMPARE THE JOHN WITH JOHN''


කිවුව වෙලාව- 2010-08-27 06:10:49
Sameera මෙහෙම කියනවා :
මට කියන්නට ඇත්තේ සිනමා සංගීතයේ නොදැනුම ගැන උදාහරණයක් හැටියට බඹර වළල්ලේ සංගීතය ඉතා හොඳ බවය.

sahathika aththa
mamath ekagayi mekata nam


කිවුව වෙලාව- 2010-08-27 03:35:41
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චින්තන ධර්මදාසගෙන් තවත් වියමන්
කතා-බස්
"අනිවාර්යෙන් කාල් මාර්ක්ස් එදාට මේ කොන්සර්ට් එකට එනවා!"- අජිත් කුමාරසිරි- නෝ මෝර් මාර්ක්ස්
රංග
කාමරයක් ඇතුලෙ දොළහක්....
වෙසෙස්
POPසිකල් වෙනුවට රියල් POP!
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
BoondiLets
මරා කියයි.
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook