Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස| මිය නොයන නික්ම නොයන මිනිසා
බූන්දි, 23:09:19
ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුණි
නුඹේ සිංදු කණ ළඟ වාගෙම ඇහුණි
ඉබේ ඇහැ ඇරී ඒ හීනය බිඳුණි
හැබෑව නම් නුඹ ළඟ නැති එක පමණි


එහෙම දුක දැණුනු රත්න ශ්‍රී පසුගිය නම වන දා හැන්දෑවේ මාස අටකට පසු ගාල්ලේ සිට කොළඹ ආවේය. ඒ කපුගේ හෙවත් සිය සහෘදයාගේ හැට පස් වන උපන් දිනය සමරන්නටය.

"ඔහු තමන් තෝරා ගත් ගීත වලට වග කීවේය. ඔහු තමන් ගැයූ/සංගීතය සැපයූ සෑම ගීතයකටම ගැළපෙන සංගීත ආකෘතිය සූක්ෂමව තෝරාගත්තේය. අතපත් නිර්මාණයේ සාර්ථකත්වය හැර අන් සියළු කාරණා ඔහු ජීවිත තර්ජන ද නොතකා ප්‍රතික්ෂේප කළේය.

ඔහු අනම්‍ය ස්වර රචනාවන්හි තනුව වෙනුවට ගීතයේ සාහිත්‍ය අර්ථය ගැයුවේය. ඔහු සිංහල ජන දිවියේ රිද්මය මැනවින් දැන සිටියාක් මෙන්ම ඒවා සිය නිර්මාණ වලට ද මුසු කළේය. ඔහුගේ ගීතවල වූ ප්‍රතිපත්ති සමාජයට සක්‍රියව දායක කළේය. වෙල්ලස්සේ ඉඩම් අරගලයේදී, සරසවි සිසු අරගල වල දී මෙන්ම පදවි ශ්‍රී පුර ජනතා අරගල වල දී ද ඔහු ජනතාව අත් හළේ නැත. කලාවට මනුෂ්‍යත්වය ප්‍රදානය කළ මිනිසා ඔහුය." එල්පින්ස්ටන් රඟහළෙහි උතුරා යමින් සිටි කපුගේ ප්‍රේමීන් අමතා ඔහු කීවේ එසේය.

පංති විඥානය ‍ ලංකාවේ ඓතිහාසික දේශපාලන අරගල සහ ගමන් මග මත නිරන්තරයෙන් ප්‍රතිවර්තනය වන්නේ වෛරි ස්වභාවයකින්යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. අනෙක් සමාජ ස්ථරයන් කෙරේ ඇති වෛරය තුළින් ස්වකීය පන්තිය කෙරෙහි ප්‍රේමය උපද්දවාගන්නා, (එතෙකුදු ඒ ගැන කිසිදු විටෙක සවිඥානික නොවූ), බොහෝ පාර්ශවයන් අමතක කරන හෝ නොදන්නා දෙය නම් සමස්ත මිනිස් වර්ගයාට දැක්විය යුතු ප්‍රේමය සිය පෞද්ගලික වෛරයට පමණක් සීමා වූ තැනින්, එනම් තිඹිරි ගෙයිදීම අරගලයෙහි සැබෑ අරුත සුණු විසුණු වන බවයි.

කම්කරු පවුලක උපන් ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස ලංකාවේ මෙතෙක් බිහිවූ බහුතරයක් විරෝධාකල්පධාරීන්ගෙන් වෙනස් වන්නේ එතැනිනි. සිය ගීතයෙන්, සංගීතයෙන් පමණක් නොව ජීවිත භාවිතයෙන් ද දුක් විඳින මිනිසුන් සමග සිටි ඔහු වෛරය උදෙසා නොව ආදරය උදෙසා ගැයුවේය. අනුන්ගේ අයිතීන් උදෙසා තමන්ගේ බත් පත ද උන් හිටි තැන් ද අහිමි කර ගත්තේය. ඔහු ගීතයේ සැබෑ මෙහෙවර ගැන ‍කියුවේ මෙසේය.

"සහෘදයාගේ ජීවිත පරිඥානය පුළුල් නොකර, ඔහුගේ අයහපත් මානසික භාවයන් විවේචනය නොකර, ආනන්දයෙන් ඇරඹී ආනන්දයෙන්ම පමණක් අවසන් වන ගීත වලින් සිදු වන්නේ සහෘදයා ජීවිතයට යොමු කරවීම නොව, ඔහුට ජීවිතයෙන් පලා යාමට උදව් දීම පමණි. සැබෑ ගීතයක් , හරවත් ගීතයක් සැම විටම පවත්නා දේට වඩා සුවිශේෂ අපූර්වත්වයකින් , නව ජීවණ ද්‍රෘෂ්ටියකින් ඉදිරිපත් වන්නකි. එවන් නිර්මාණ “විරෝධාකල්ප” පුවරුව නැතිවාට අසාධාරණයට අයුක්තියට එරෙහිව තියුණු අසිපත් සේ නැගී සිටියි. එහෙත් ඒවා කිසිම විටෙක හුදු වාර්තාමය සටන් පාඨ නොව නිර්මාණාත්මක ඕජෝ ගුණයෙන් පිරිපුන් සෞන්දර්යාත්මක කෘතීහු වෙති."
(කපුගේ- ප්‍රකම්පන කෘතියෙන්)

ඔහු කලාවෙහි ඉම් පුළුල් කරන්නේ සමාජ දේශපාලන වපසරිය තුළ පමණක් නොවේ. විප්‍රයෝගයෙන් නින්ද අහිමිව සිටිය දී සවනත ගැවසෙමින් හදවත රිදව රිදවා සැනහූ ඒ වේදනාවේ කම්පනයට පෙම්වතුන් සදා ණයගැතිය.

ඒ දුක්ඛ දෝමනස්සයන් සිය හඬ තුළ ප්‍රකම්පනය කොට ගනඳුරෙහි සැඟව ඇති ශාන්තිය හා නින්ද අපට දී විඳවන සහෘදයා ඔහුය.
වේදනාවේ සදාකාලික කටහඬ ඔහුය.
අරගලයට මිනිස්කමින් ද ආදරයෙන් ද උරගල තබන මිනිසා ඔහුය.
මිය නොගිය, කිසිදා නික්ම නොගිය මිනිසා ඔහුය.

මලක් නම් වැටෙයි රැඳුනත් ගස මුදුන
අනන්ත මල් ඇති ඒ වෙනුවට පිපෙන
කොවුල් හඬත් එහෙමයි හැම තැන ඇසෙන
මනුස්සයෙක් නුඹ වගෙ දකිමිද කොතැන
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Gunadasa Kapuge, Rathna Sri Wijesinghe
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
අන්ජු මෙහෙම කියනවා :
කපුගේ...
ඔබ ඔබමයි......
වචනයට නැගිය නොහැකි
ආශ්වාදයකි.....


කිවුව වෙලාව- 2011-06-30 04:09:13
saman idammudali මෙහෙම කියනවා :
YES , HE S IMMORTAL INDEED...

කිවුව වෙලාව- 2011-01-13 22:01:09
dulip මෙහෙම කියනවා :
"අරගලයට මිනිස්කමින් ද ආදරයෙන් ද උරගල තබන මිනිසා ඔහුය.
මිය නොගිය, කිසිදා නික්ම නොගිය මිනිසා ඔහුය."


කිවුව වෙලාව- 2011-01-13 01:48:09
සුමිත් ජයන්ත ඞයස් මෙහෙම කියනවා :
සොයුරිය.
ඔබගේ අදහස් සහ නිර්මාණ සයිබර් අවකාශයේ දී කියවමි...
එසේම ඔබගේ නිර්මාණාත්මකවු මනස් ආධිපත්යට ...සුභ පතමි.
සුමිත් ජයන්ත ඞයස්


කිවුව වෙලාව- 2010-10-06 16:32:33
dinesh මෙහෙම කියනවා :
hoda wdak JAYAWEWA!

කිවුව වෙලාව- 2010-09-09 12:11:29
Monkey මෙහෙම කියනවා :
kapuge hondayi
namuth kapuge anusmaranaya kujeethayi


කිවුව වෙලාව- 2010-09-01 01:33:06
ලක්මාල් මෙහෙම කියනවා :
සබද අපි කදු නොවෙමු වුනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම අතකට ගලන

කිවුව වෙලාව- 2010-08-14 00:01:03
Suranga Wickrama මෙහෙම කියනවා :
kapuge is the best

කිවුව වෙලාව- 2010-08-13 04:14:42
Anonymous මෙහෙම කියනවා :
"පංති විඥානය ‍ ලංකාවේ ඓතිහාසික දේශපාලන අරගල සහ ගමන් මග මත නිරන්තරයෙන් ප්‍රතිවර්තනය වන්නේ වෛරි ස්වභාවයකින්යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. අනෙක් සමාජ ස්ථරයන් කෙරේ ඇති වෛරය තුළින් ස්වකීය පන්තිය කෙරෙහි ප්‍රේමය උපද්දවාගන්නා, (එතෙකුදු ඒ ගැන කිසිදු විටෙක සවිඥානික නොවූ), බොහෝ පාර්ශවයන් අමතක කරන හෝ නොදන්නා දෙය නම් සමස්ත මිනිස් වර්ගයාට දැක්විය යුතු ප්‍රේමය සිය පෞද්ගලික වෛරයට පමණක් සීමා වූ තැනින්, එනම් තිඹිරි ගෙයිදීම අරගලයෙහි සැබෑ අරුත සුණු විසුණු වන බවයි. "


මේ ටික මෙසේ කීම සමහරුන්ට නොදිරවන්නට පුළුවන් නේද? ඒත් මාලතී මේ ඈත්ත පිලිගන්නාතුරු අරගලයට කෙසේ වෙතත් මේ රටවත් අනාගතයක් නැත.

ආදරය කැටිවුණු මේ සටහන ලිවීම ගැන ආදරෙන් තුති පුදමි.

Posted by Anonymous to බූන්දි|BOONDI at 11 August 2010 05:52


කිවුව වෙලාව- 2010-08-11 21:27:08
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් වෙසෙස් බූන්දි
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
BoondiLets
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook