About Boondi | Fan Page | FaceBook | Boondi Lexicon | Boondi Blog | Kids' Boondi | Sinhala Fonts

 

What's New | අලූතෙන්

 
 
       
බූන්දි   නිම නොවූ   ජයතිලක   3-3-3   3-3-3
අලුත් පොත්   කථාව   සමු ගනී.   රූප වාර්තාව   වීඩියෝව
 
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOGS

 

Last update on 02nd February.

Entry Page
 
 

රන්සුණු

 

මානව විමුක්තිය පිළිගන්නා ඕනෑම ආගමක් මම ද පිළිගන්නෙමි. කිසියම් ආගමක් මා මගේ මිනිසුන් වෙනුවෙන් කරන අරගලය වළකාලන්නේ ද ඒ ආගමට මා කියන්නේ මෙපමණකි.
''මකබෑවියං!''

 

 -Malcolm X

 

 
 
 
 
 
 

බූන්දියට එන පාර-

jh¾ Èf.aa-

boondionline@gmail.com

ගොළුඛෙලි තැපෑලෙන්-
බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.
 

කැමතියි ද යන වග

 

 
 

අලූත් ප්‍රතිචාර

 
 
 
සිලිලාර... @ | [KAVI BOONDIYA - කන්දක මල්]
 
වර්ෂා @ | [KAVI BOONDIYA - මට සිටි සකි සඳ]
 
විචිත්‍ර @ | [KAVI BOONDIYA - මට සිටි සකි සඳ]
 
විචිත්‍ර @ | [KAVI BOONDIYA - දයාබර නුගේගොඩ]
 
vishmitha @ | [KAVI BOONDIYA - මාපට ඇඟිලි]
 
ජනප්‍රිය @ | [KAVI BOONDIYA - අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම]
 
Basuru Jayawardana @ | [RATHU BOONDIYA - වෙඩ්ඩාට වෙඩි තබමි]
 
hasitha @ | [KAVI BOONDIYA - ග්‍රීක රංගයක් ද ජීවිතය?]
 
unknown @ | [KAVI BOONDIYA - අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම]
 
Damith Dahanayake @ | [KAVI BOONDIYA - අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම]
 
AMILA-peradeniya @ | [KAVI BOONDIYA - අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම]
 
දමිත් වැලිකල @ | [KAVI BOONDIYA - අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම]
 
unknown @ | [KAVI BOONDIYA - අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම]
 
kuma @ | [KAVI BOONDIYA - අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම]
 
Sri Lal @ | [KAVI BOONDIYA - මාපට ඇඟිලි]
 
දුෂාන් @ | [KAVI BOONDIYA - මට සිටි සකි සඳ]
 
samudra. @ | [KAVI BOONDIYA - දයාබර නුගේගොඩ]
 
lalith @ | [KAVI BOONDIYA - කන්දක මල්]
 
වර්ෂා.. @ | [KAVI BOONDIYA - ගීකියන කන්ද සහ සෙත් කවිය]
 
lakshan @ | [KAVI BOONDIYA - මාපට ඇඟිලි]
 
 
 




       
 

   

 
අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම
 
 
වසන්තේ ජිල් මංඩියක
දනෝ දාහක ඇස් අස්සෙ තෙරපි තෙරපි
කබ්බොම කිරන
තනිකම
තනියෙම්ම
උඹට තියෙන්නෙ ම
මිනී මෝරු උපකල්පන

 
සුදර්ශන සමරවීර
Updated on : 2012-01-31 17:22:14
(7)ප්‍රතිචාර|Comments
 
 
මාපට ඇඟිලි
 
 
බලන්න...
මේ අකුරු අමුණන
මාපට ඇඟිලි ජෝඩුව..

මොන තරම් නං අකුරු කන්දරාවක් අමුණල ඇද්ද
මේ වෙනකොට...

නිදිවරාගෙන
අකුරු අමුණනව
දෙන්නම - දෙපැත්තක
ඉඳගෙන...

කොයි තරම් ආදරෙන්
පද පේලි ගෙතුවද එයාලා
ළං ළං වෙලා ඉදගෙන..

 
දමිත් වැලිකල
Updated on : 2012-01-26 16:59:13
(5)ප්‍රතිචාර|Comments
 
 
මට සිටි සකි සඳ
 
 
අතු මතින් පෙරී ආ
පහන් කණුවේ එළිය,
දොර පියන් වසාගෙන
මා එතැ යි මග බලන
හුදෙකලා කාමරය
යන්තමින් පෙන්වී ය

අත යවා
යතුර ගෙන,
කරකවා
අගුල හැර...

 
අනුරාධ මහසිංහ
Updated on : 2012-01-26 16:34:36
(4)ප්‍රතිචාර|Comments
 
 
කන්දක මල්
 
 
ඇලකර හිස
ගිරි උරහිසට
සඳ ඇවිත් හැන්දෑවට ඇන්ද
හද්දා ඈත කඳුයාය ම
සේ සිතුවමකි.
මට නුඹ තරමට ම
තවමත් මඳමත් එසඳ
නැංඟ ගිරිහිස විතරක්
යන්තමින් පෙනේ

 
මහේෂ් මුණසිංහ
Updated on : 2012-01-24 17:31:19
(3)ප්‍රතිචාර|Comments
 
 
ගීකියන කන්ද සහ සෙත් කවිය
 
 
ගීකියන කන්ද පාමුල
ගී අමතකව ගිය මහගෙදර
පුරුදු මහපට ඇඟිලි පහස ලැබ
නොවිය හැකි දෙයක් යැයි තිගැස්සෙයි

සියක් පුස් තිත් වලින් බතික් කළ
කමිස කොලරය තදින් පියවගෙන
කැමැත්තෙන් අලුත් හුස්මක් ගන්න
තාත්තා මඟ බලා සිනාසෙයි

 
සුභද්‍රා ජයසුන්දර
Updated on : 2012-01-17 20:36:08
(6)ප්‍රතිචාර|Comments
 
 
වීදියේ කවියක්
 
 
එක පාරක් වයින් කළොත්
බල්ටි හතක් ගහල මිසක්
නතර නොවෙයි
වඳුරු රාළ

මෙහෙම ඇදල ඇත ඇරියම
අත්තටු දෙක දිග ඇරගෙන
පාවෙයි මේ සමනළයා
හමන අතට හුළං පාර

 
රුවන් බන්දුජීව
Updated on : 2012-01-10 17:06:03
(8)ප්‍රතිචාර|Comments
 
 
රාජිනී
 
 
තබා ෆැක්ටේරියෙ පියස්සට
චන්ද්‍ර බිම්බය දිලිහෙනා
කෝල සපුමල් කන්ද හිනැහුන
රාත්‍රිය මට සිහි වෙනා

නළල් තිලකයෙ රත සොරා ගෙන
පපුතුරේ සෙනෙහස ලියා
යන්න පෙර වතුකරෙන් ඉගිලී
කඳුළු පිරි නෙත් දිලිහුණා

 
චිරන්ත ජයසේන
Updated on : 2012-01-10 17:02:57
(5)ප්‍රතිචාර|Comments
 
 
දයාබර නුගේගොඩ
 
 
අවුස්සන හදවතේ ඉඩ කඩ
මනුස්සෙකි නුඹ නම් නුගේගොඩ

මතක අබරණ පළන්දා ගෙල
පාගොඩට සිය නිකට දිගු කළ
දනී සියලුම කරුණු සුල මුල
අසල එක කුස උපන් කොහුවල

සිහින සැමරුම් නහර වැල් අග
මතක මල් තාමත් පිපී ඇත

 
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Updated on : 2012-01-10 16:13:43
(18)ප්‍රතිචාර|Comments
 
 
සමුද්‍රා, මම වීදිය....
 
 
හෙලි තුඩින් ඇන අමුණගෙන ආ තව පරංගියෙකුගෙ හිසක්
ගලන දියවන්නාව මැද්දට වීසි කෙරුවෙමි මං අදත්
ලේ වැකුණු කංචුකය විනිවිද ඇදී ආ සඳ රැස් රැසක්
ගෙනෙයි සිහියට ඔයේ මෙතැන ම ගිලී නො පෙනී ගිය ඇසක්

කෝට්ටේ වාසලින් නික්මී කාලවන් වූ අසු අරා
සමුද්‍රා, නුඹ ළඟින් හිඳුවන් ඔයබඩට අසු මෙහෙයවා

 
රුවන් බන්දුජීව
Updated on : 2012-01-09 17:32:14
(12)ප්‍රතිචාර|Comments
 
 
ග්‍රීක රංගයක් ද ජීවිතය?
 
 
එපිඩෝරස් රංගයෙහි රඟනා
ග්‍රීක ට්‍රැජඩියක් ද
නැතිනම් කොමඩියක් ද
මේ අරුම ජීවිතය උරුමා

දියොනීසියස් දෙවි
පුදසුනෙහි තබනා
මදුපාන සැණකෙළි
සුරා ජන නටනා

 
උදය ආර්. තෙන්නකෝන්
Updated on : 2012-01-08 21:26:17
(5)ප්‍රතිචාර|Comments
 
 
පුදුම
 
 
හුදකලා හමුවක උනත් දැන්
සාමාන්‍ය දෙබස්ම ය
කොහිද
අර පපුවට ම බහින සීතල වචන ?

අපි අපි ම විතරක් දන්න
ගිලගෙන උන්නු රහසක රසය
ප‍්‍රි‍්‍රයසාද වල-හුඟක් යාලූවො අතර
අමුනලා පොදු තේමාවකට
සිතුවිලි රහසෙ ම හිනස්සන කිතිය ?

 
දමිත් උදයංග දහනායක
Updated on : 2012-01-06 01:50:21
(5)ප්‍රතිචාර|Comments
 
ඕමාර් ඛය්යාම් කියයි!
 
 
ලෝකය: අහසේ දූලි කැටියකි,
මිනිස් විද්‍යාව: වදන් පමණි,
මිනිස්සු, සත්තු සහ මල්
සත්වැදෑරුම් දේශ ගුණය
මේ සියල්ල ම ශුන්‍යයේ සෙවණැලිය!
 
ඕමාර් ඛය්යාම්
පරිවර්තනය - මණ්ඩාවල පඤ්ඤාවංස හිමි
Updated on : 2012-01-06 01:46:39
(1)ප්‍රතිචාර|Comments
 
 
සම්ප්‍රදාය | The System
 
 
මාළිගා මැදුරු තුල පමණක්ම දිදුළන එළිය
ගිනිලා දවයි සෙවනැලි අතර සැඟවුණු මිනිසුන්ගේ සතුට සැනසුම
උන්ගේම දුබලකම් වලින් උරා උදුරාගෙන ශක්තිය
එවන් වූ සම්ප්‍රදාය...
ආලෝකයක් නොමැති අරුණෝදය...
පිළිනොගන්නෙමි මම... !
හෙලා දකිමි මම... !

 
හබිබ් ජලිබ්
පරිවර්තනය - රන්සිරිමල් ප්‍රනාන්දු
Updated on : 2012-01-05 23:25:42
(0)ප්‍රතිචාර|Comments
 
පරණ අවුරුද්ද
 
 
ඉතිං අපි බැස ආමු හූ කියන දුම්රියෙන්
සිතින් සිත වැළඳ ගත් නොහිම් වූ ප්‍රේමයෙන්
නිතින් රතු වී යළිත් දියව යන වේගයෙන්
අතින් හිරු අඳින සිතුවම සිඹිමු ලෝභයෙන්

එතැන මඳ නලක් විය නතර වී දුක කියන
එතැන රළ පෙළක් විය හැපි හැපී ඉකි බිඳින
එතැන වුව දහක් දන සිනා මුව පැළඳගෙන
එතැන වූ වැලි තරම් දුක් දුටිමු ඇස් කොණින

 
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
Updated on : 2012-01-02 21:05:28
(4)ප්‍රතිචාර|Comments
 
 
කමලදාස්
 
 
ගැහැණුන් ප්‍රේමය නිසාම අනුරාගයේ බැ‍ඳෙති. පිරිමින් අනුරාගය නිසාම ප්‍රේමයේ බැ‍ඳෙති
- කමලදාස්


කමලදාස් නුඹ කව්රුන් ද

සඳුන් දර දැමූවත් දැවෙන්නට
ගින්දරක් සෑහෙතියි සිතනව ද

අහිංසක විල් දියෙන්
පෙඟී සංතෘප්ත යැයි සිතාගෙන
ළඳක් සිය දෑත් ගෙන
ගින්න මත අතුරාවි නිවෙන්නට
අත්ල මැද ජ්වලණ උණුසුම වතල
ප්‍රේමයේ ඔක්සිකාරක විනැයි
නොදැන සිටියා කියා ලියමු අප

 
සුභද්‍රා ජයසුන්දර
Updated on : 2011-12-26 20:23:15
(3)ප්‍රතිචාර|Comments
 
 
නාමල් සුවඳ
 
 
පිපාසාවට වතුර බිඳුවක්
නොදෙන
කරාමේ ළඟ හිස බිම ගසා සිටියද
නාමල
සුසුවඳ රැහැනින්
මා බදාගනියි

පෙති පියගැට මතින්
කළු කුහුඹු කෙමියට එබෙයි

 
දිලිප් කුමාර ලියනගේ
Updated on : 2011-12-26 20:22:57
(2)ප්‍රතිචාර|Comments
 
 
සිහිනය
 
 
කරමළ සුදු සහසක් සිහිනා'තර
ඉඳහිටක ඇවිලී හිටිවනම නිවීයන
එකමෙ'ක සොඳුරු
අඳුරු සිහිනයක් ඔබටත් ඇති

නිද්‍රා රළ රැළිති අතරේ
ගොළුගැහුණු පාලු මැදියමේ
පිටු පසින් අදින

 
නිරාෂ ගුණසේකර
Updated on : 2011-12-25 21:07:26
(2)ප්‍රතිචාර|Comments
 
 
මිනී කපන අක්කණ්ඩියට
 
 
ඇතෙක් බරට වස්තුව නොතිබුණි දෙන්ට
හිතක් බරැති පෙම පිදුවා හිමියන්ට
ගතේ රුහිරු වැල් දියවී යන කලට
අතේ සැත් පිහිය තබා ඔහු ගියෙ යන්ට

සිතේ සවිය සියුමැලි අත් දෙකට කවා
අතේ තැබූ සැත අදරින් අරන් වඩා

 
ආනන්ද බණ්ඩාර
Updated on : 2011-12-25 20:36:15 | [Tags] Gab Perahara - 2010
(8)ප්‍රතිචාර|Comments
 
 
බැංකු සේවිකා
 
 
පඳුරු ලූ වේදනා කුරුළු පෙඳකින් පිසින
අඳුරු රැය මව් ළැමේ හිස හොවා දුටු සිහින
අතරමැද අවදි වී සඳු පවා ඉකිබිඳින
අලුයමේ ඇරැඹි තව දිනකි පරවී වැටෙන

ගොනු කුමට සෙක්කුවේ බැදී එහි කරකැවෙයි
සියක් නොව දහස් වැඩ අත් දෙකෙන් නිම කරයි

 
පද්මිණි ශ්‍රියාලතා
Updated on : 2011-12-15 21:09:51
(5)ප්‍රතිචාර|Comments
 
 
නාට්ටිකාර තාත්තයි- ඇඩ්වර්ටයිසිං පුතයි
 
 
ගෙදරදි දවසටම
වචන දහයක්
නොදෙඩුවට
වෙසක් එකට
හන්දියේ
පොල්කොට
වේදිකාවේ
රජෙක් වුන අපූරුව….

 
කෞශල්ය පතිරණ
Updated on : 2011-12-13 22:07:19
(9)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

 
 
    Search|සෙවුම් දොරටුව
 

Advance Search|වැඩිදුර සෙවිල්ල

 
 

කළු ජනේරුව


එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.

මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.

තණ පත‍්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.

හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.

උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.

එහෙත් සැනෙකින් රාත‍්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.

ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.

"ජනවාරි මාසෙත් ඉවරයි"
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.

සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.

වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
"ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි."

2012 ජනේරු 25

 
(2)ප්‍රතිචාර|Comments
මංජුල වෙඩිවර්ධන
 

රෙගේ


කොඩියක් නො වෙයි ඒ
සළුව යි ජැමෙයිකා පොළොවේ
ලෙළෙනවා නො වෙයි උඩු ගුවනේ
වැනෙනවා හුළඟේ
රඟනවා නිදැල්ලේ
රෙගෙ රෙගේ රෙගෙ රෙගේ...

ගැහෙන්නේ බෙර හඬින්
උපන් පොළොවේ හදවත
නළාවෙන් ගලන්නේ උණුසුම
දර අහුරු රෑ පුරා දැවෙද්දී
ගිනිමැලය අසල හිඳ වේදනා තවද්දී
ගයන්නේ නිදි වරන කටහඬ:
-නංගියේ, නාඬන්...
No women, no cry!

පලාවන් සුහුඹුල් පත් පිළිස්සී
පෙරී එන සාර දුම
පපු කුහර පාරමින් පාදමින් සොයන්නේ
ප්‍රේමයේ ශේෂය ද
ලෝලයේ රස පොද ද...

-කලපුවට හඳ එළිය වැටුණු දා
අමතක ද උඹට අපි හමු වුණා
සිඳී ගිය පැතුමේ පතුලේ
රෝස කුසුමක් නො වෙද පිපුණේ
වයන්නම් ගිටාරේ
මිය ඇදෙන ඇඟිලි තුඩු පණ ගසා
Stir it up, little darling!

පා වහන් ගලවා
මහ පොළොව පාගා
වීදියේ යායේ අවුවේ
කළු ගැසෙන සිනා රැළි සෙවණේ
දාඩියෙන් පෙඟුණු අත්වැල සදා වට කළේ
පවුරු නැති සම බිම ද
අරාජක සිහිනය ද

-නො දෙසනු ස්වර්ගය අහසේ යැයි
තිබෙන්නේ එය මේ පොළොවේ
අනුන්ගේ යුද්ධයට
කුලී මිනිසුන් සැදූ පොළොවේ
වහසි බස් අසාලා
බිය නො වවු සගයිනි...
අවදි වවු!
Get up! stand up!

සිංදුවක් නො වෙයි ඒ
ඇහෙනවා පෙර අසා නැති යමක්
හැඳිනගත හැකි වේ ද...
නිර්භය ව කෑ ගසා ප්‍රශ්න කළ
ගවේසී යෞවනේ ගීතය ද
බිය වැදී ජීවිතෙන් පලා යන
උන්මාද උච්ඡේද රිද්මය ද...

 
(1)ප්‍රතිචාර|Comments
අනුරාධ මහසිංහ
 

වෙඩ්ඩාට වෙඩි තබමි


මේ සීත දුරුත්තට ගිනි තියන
සීතල ම තව තවත් අවුලුවන
පොල් මටුල්ලෙන් පෙරෙන තෙළි දියට
බිඟුන් අවතාර වී නිති පෙරෙන
එතොත් ඔබ අවුළුපත් බුදින්නට
නෙරළු ගස් මණ්ඩියක වාඩිගෙන
පුරන්නට අවසරද මෙ'තෙළි දිය

දසුන් නැති නමුත් නෙතු තුළ රැඳුනු
කසුන් සිහිනයක ඔබ සිටිනවලු
මසුන් වුව ගැහෙන සීතල හිමක
දුරුතු තනිකමක් දැනුනද යාළු

අඳුරු වන ගැබකි සිත ගුළු ගැණුනු
අඳුරු වැහි කෝඩයට මුළු ගැණුනු
මොණර කුකුළෙකුගෙ මතකය ඇවිලු
සොඳුරු මතකය පමණි මට යාළු

සඳුන් හර ලෙස දවන ජීවිතය
අළුත් සුළගේ ගියා නොකියාම
සුදුම සිගරට්ටුවකි ජීවිතය
ෆිල්ටරය මතක මරණෙකි තාම

ගම්මිරිස් ඇටයකින්
බැදි මිරිස් කරලකින්
මම නුඹට වෙඩි තබමි
හදවතම හිල් වෙන්න
කවි ගලා ගියාවේ
රතු රුහිරු විලාසෙන්
ඒත්........................
පෙණහළුව........ අක්මාව
නුඹ ම එය රැකිය යුතු

 
(6)ප්‍රතිචාර|Comments
උපුල් සේනාධීරිගේ
 

සොහෝවුරෙකි උඹත් කදිම


සරසවියේ අවන්හලක
මුළුතැන්ගෙහි කොනක නිසල
දල්වන නිති දුම්වැටියක
හිමිකරුවෙකි ඔබද එකල

බරසාරෙට පද අමුණන
මාක්ස් ලෙනින් ගැන දොඩවන
ගත රුහිරු'ව ගෙනැත් පුදන
සොහෝවුරෙකි උඹත් කදිම

රැඩිකල් සංගම් නායක
පෙළපාලිය මුල හොබවන
උපකුලපති වුවද සැළෙන
වදනනින් පිලිමල් පරදන

වුවන වැසුණ චේ රැවුලට
ගන දෙබැමකි කැපෙන යසට
නැතිබැරි උන් හට අතදෙන
තේ කහටින් කුස පුරවන

සිසු මහ ජන ගඟ හසුරන
රතු තොල් හඬගා ඉල්ලන
ලේ දහදිය කඳුළු හළන
අපේ ගමන නො නවත්වන

කිසිවිට කිසි තැන නො නමන
නුඹේ හිසද සිඳි බව දැන
සරසවියේ මල් සුපිපුණ
අකලට පරවිය උරණව

නුඹ මින් පිටවී යන විට
ගැලවූ රතු කමිස පොඩිය
ගලහ හන්දියේ කණුවක
ඊයෙත් තෙමුණා වැස්සට

ආයෙත් ඒ කමිස පොඩිය
ඇඟ ලා ගන්නට සුරතින
නිස්සෙකු ඒ දැයි බලමින
සරසවියේ කහමල් පෙති
පාර බලන්නා.....

 
(6)ප්‍රතිචාර|Comments
දමිත් වැලිකල
 

මරණයේ නිවහන


වෙඩි බෙහෙත්වලින් සැදූ බදාමයකින්
පාදම සාදා ගොඩ නගනු
ඔබගේ නිවහන ගින්දරෙන්,
එය වඩාත් සවිමත් වනු පිණිස
මිනිස් ලෙය ඒ මත වගුරවා.
එය මුර කරනු වස් අවතාර පමණක් කැඳවනු.

ඊයේ වළලා දැමුණවුන්
හාරා ගොඩදමනු!
ඔවුන්ගේ පා සහ බාහු ඇට ගෙන
නුඹගේ මන්දිරයේ කවුළු ගරාදි තනා ගනුව!
අන්ධකාරයේදීත් රාත්‍රියේදීත් දොර විවරව තබා,
ගිනියම් සුළං සමග බාගෙට පිළිස්සුණු මිනී ගඳ
පමණක් ඇතුළට ගලා එනුවස්
එම කවුළු විවරව තබනු!

රක්ත තප්ත යකඩින්
ද්වාරයක් තනනු!
ගිනියම්ව දැවෙන යතුරෙන්
එය විවර කර
සාතන්ට බාර දී ඉවත් වෙනු!

මළවුන්ගේ ඇටකටුවලින්
සිංහාසනයක් නිමවා,
පොලු මුගුරු පහර දී හිස සුන් කර
මරා දැමූ ගැහැණියකගේ දත් ඔබ්බවා
එය විසිතුරු කරව,
නුඹගේ යුක්තියේ තුලා දණ්ඩ
විසිතුරු කරනු වස්
ළදරු හිස් කබල් යොදාගනුව.
තරුණියකගේ විලාපයේ දෝංකාරය
දරුවන්ගේ කෙඳිරිය සහ ප්‍රජාවගේ වැළපුම
යොදා නුඹගේ නිවස ගීතවත් කරව!

එහි සපැමිණන ආගන්තුකයන් හට
හළාහල විෂමුසු
උණුසුම් පානයකින් සත්කාර කරව!
එයින් ඔවුන්ගේ උගුර බොටු දියවනවිට
නුඹගේ වික්‍රමාන්විත අසිපතෙන්
ඔවුන් කැබැලිවලට ඉරා දමනු.
ව්‍යංජනයන් පිසිය හැකි වන ලෙස....
ඔවුන්ගේ ඇස් උගුලා එයින්
බොජුන් මේසය සරසව!
ඉරා දැමුණු දිවවල්
කටගැස්මට යොදාගනුව,

නුඹගේ ක්ෂුධාග්නිය
ඉදින් සංසිඳුණේද?
දැන් මට පිළිතුරු දෙව,
කිසිදු වෙනසක් අද දැකිය හැකි වෙද?
නුඹ මා උදෙසා ගොඩ නැගූ මේ
නිවහන සහ මාගේ මාතෘභූමිය අතර?

[A House Of Quicksand]

 
(3)ප්‍රතිචාර|Comments
එම්. රිෂාන් ෂෙරී‍ෆ්
පරිවර්තනය - අජිත් සී හේරත්
 

නූතන නෙළුම් කවි


කෙනකුට කියන්නත් බැරි මාසේ පඩිය
නෙළුම් පොකුණෙ පීනන්නට දිග මදිය
ගන්නත් බැරි කලට මාසෙක අඩු වැඩිය
පන්දහෙ දාහේ අවසර පත බර වැඩිය

කලාවට කොරන මහතුනි උඩ පැනලා
හිනැහෙමු අපිත් යට ඉඳගෙන උඩ බලලා
නැති මුත් දකින්නට බක්කක් කට ඇරලා
අත්වැල් ගයන උන්ටම කරලත් පැහිලා

මොට ද තවත් දෙරණට කුමරස්වාමි
නෙළුම් පොකුණෙ වැඩකරු ජැස්සන් සාමි
පුස්සන් රැස්ව නිස්සන් වළලනු දුටිමි
සරස්වතිය නිහඬව වැලපෙනු අසමි

කොම්පැනිකාර මහතුනි මෙහෙ වරෙල්ලා
පොකුණෙ මලට ස්පොන්සර් කරල්ලා
ආදරණීය මිනිසුනි වැඩ දමල්ලා
හුදී ජනට පස්ස ම පෙන්නපල්ලා

 
(6)ප්‍රතිචාර|Comments
චූලානන්ද සමරනායක
 

නියඟලා කවි


උවන පුස්තකේ සයිබර ගුවන පිට
සරන විහඟුනේ දෙනයන කෙවෙන විට
කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට
බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට

වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ
ගමන පමයි අකුරට වැඩ කලාවේ
වෙහෙස නොවුණ සටනට වැලි තලාවේ
උවන පොතිනි පිටු බලයක් ගෙනාවේ

රුහිරු ගලන පෙති විහිදුණ මලක් ළඟ
සපථ කරන්නට හැඟුමන් කොතෙක් වෙද
මලට පැහැය ලැබ දුන් මව් බිම නැමද
උවන පොතට එක්කෙරුවා මල් සුවඳ

විඩාබර නොවුණ දෑසක් ලද හින්දා
කුඩා සන්දියෙම වෙරළට පෙම් බැන්දා
‘අඩා වර ළඟට වර’ ළඟට ම කැන්දා
කුඩාතනෛ ඉස්මත්තෙම ගිනි බින්දා

සීතම්බර සළු පට පිළි හෙවනැල්ලේ
ආන්නදයක් ඇති දෙයියොත් හෙළුවැල්ලේ
විලි සංගයක් නැති සින්නක්කර වැල්ලේ
සඟමිත් තෙරණියොත් ඉකිබිඳ වැළපිල්ලේ

වැලිකඳුත් ගිළින නැඩ ගිනි මකරුන්ට
ඉඳුමිණක් හැකිද වෙන් කර හඳුනන්ට
මව්බිමත් සමඟ රමණය කළවුන්ට
මව් වුණත් කයක් පමණෙකි හැමනෙන්ට

පියඹලා පැමිණි ගිජු ලිහිණියන් කැළ
බිම හෙළා පයිනි පෑගුව නමුදු මල
ඉවසලා ම ඇස් දෙක රතුවුණු වෙරළ
නියඟලා පිපෙනු, නවතන්නද කෙළෙස?



සටහන- වෘත්තීමය වශයෙන් යාපනය වඩමාරච්චි තැපැල් හලේ සේවකයකු වූ කෙතීෂ්වරන් තේවරාජා, තමා උපන් පරිසරයට බෙහෙවින් ආදරය කළ පරිසරවේදියකු විය. දේශපාලන අනුග‍්‍රහය මත, කුඩාතනෙන වෙරළේ, මූදුවැල්ල මංකොල්ලකමින් සිදුකෙරුණු පාරිසරික සංහාරයට එරෙහිව පෙරමුණේ සටන් කළ ඔහු ඒ පිළිබඳව ප‍්‍රාදේශීය බලධාරීන් දැනුවත් කිරීමෙන් නො නැවතී, "ෆේස්බුක්" අන්තර්ජාල සමාජ වෙබ් අඩවිය හරහා නො බිය ව, ඊට එරෙහි මතයක් සමාජගත කිරීමෙහි ලා උත්සුක විය. තර්ජන හා බිය වැද්දවීම් හමුවේ, උකටලී නො වූ තේවා, කුඩාතනෛ වෙරළ තීරය ඡායාරූපයට නගා, එය අන්තර්ජාල මිත‍්‍ර සංහතිය අතර පතුරුවාහරින ලද්දේ 'කුඩා තනෛ වෙරළේ සම්පත් සංහාරය' මැයෙනි. ඒ 2010 වසරේ අවසාන දිනයයි. එදින ම රාති‍්‍රයේ ඔහුගේ නිවසට කඩා වැදුණු ‘වැලි හොරු’ පරිගණකය පිරික්සා, අනතුරුව ඔහු කුඩාතනෛ වැල්ලට රැගෙන ගිය හ. ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.

 
(6)ප්‍රතිචාර|Comments
මංජුල වෙඩිවර්ධන
 

දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය.


උදේ A -4‍
සවස F- 4

රෑට පැනඩෝල්- 24

 
(3)ප්‍රතිචාර|Comments
විරාජ් ලියනාරච්චි
 

අරගල කැල කැඳවමු අපි


ඔද තෙජ බල නැණ ජන කැල
එක් රැස් කර ගෙන සවි බල
සැක බිය හිත් මුවහත් කර
හමුවෙමු සැම රැය දහවල

මුග්ධ අවිදු හීන මාන
නිති පුද දෙන වන්ද මාන
බිඳ සිඳ විෂ ඇති රුපු දළ
ජන බල ගොස නද අවැසිය

අල දෙල් කොස් ඇති වී පොල්
ජනයා නොසිතති නිවහල්
ජාතිය ආගම හැමකල්
අබිං කවති රෑ දහවල්

දියත පුරා ගරා වැටෙන
අධිපතියට අඳුර රැගෙන
සදිසාවෙන් හමාන එන
අරගල කැල කැඳවනු මැන

ජනයාගේ කර මත යන
සීනිබෝලයෙන් රවටන
හාල්පාරු ජන නායක
අම්බරුවෝ බිම හෙල මැන

වෙඬරු වගේ දිය නොවෙනා
පාලන ක්‍රම දැන හැඳිනා
නිසිකල තැන දුර බලනා
ජන බල මුලු ගොඩ නගනා

නපුරු සිහිනයක් නොවෙනා
පීඩිත ජන සිත් තලනා
උතුර දකුණ හද හඳුනා
අත්වල් බැඳ පා තබනා

මමත්වයට ගිණි බිඳ හැර
මනුස්සයට හද ඉඩ හැර
විවාදයට නිසි දොර හැර
සමූහයම එක් වනු මැන

 
(8)ප්‍රතිචාර|Comments
උදය ආර්. තෙන්නකෝන්