About Boondi | Fan Page | FaceBook | Boondi Lexicon | Boondi Blog | Kids' Boondi | Sinhala Fonts

 

What's New | අලූතෙන්

 
 
       
ප්ලම්   පුදුම වැඩක්!   යුගයක   මෝමෝ සහ   කතා කරන
ඇටය   රබර් හමක්!   මතක   කාලහොරු   මාළුවෝ
 
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOGS

 

Entry Page
 
 
 

 
 
 
 
 

බූන්දියට එන පාර-

jh¾ Èf.aa-

boondionline@gmail.com

ගොළුඛෙලි තැපෑලෙන්-
බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.
 
 

අලූත් ප්‍රතිචාර

 
 
 
gaya @ | [KATHANDARA DOSIYA - දුප්පත් ගොවියා]
 
gaya @ | [KATHANDARA DOSIYA - හඳ අහසට ගිය හැටි]
 
Sahas @ | [KATHANDARA DOSIYA - දේදුන්න අයිති කාටද?]
 
ෂේන් @ | [KATHANDARA DOSIYA - උදව් කරන, කතා කරන බනිස් ගෙඩිය]
 
Warsha @ | [KATHANDARA DOSIYA - හඳ අහසට ගිය හැටි]
 
සහස් @ | [KATHANDARA DOSIYA - පුරසාරම් කපුටා]
 
poojani @ | [KATHANDARA DOSIYA - පුරසාරම් කපුටා]
 
Devaka S. Jayasuriya @ | [KATHANDARA DOSIYA - අචිනියි, සචිනියි.....!]
 
Anu and Ama @ | [KATHANDARA DOSIYA - එක ලපයා වාසනා]
 
Anu and Ama @ | [KATHANDARA DOSIYA - පුරසාරම් කපුටා]
 
AMA AND ANU @ | [KATHANDARA DOSIYA - අචිනියි, සචිනියි.....!]
 
chanaka @ | [KATHANDARA DOSIYA - උදව් කරන, කතා කරන බනිස් ගෙඩිය]
 
anudi @ | [KATHANDARA DOSIYA - උදව් කරන, කතා කරන බනිස් ගෙඩිය]
 
විචිත්‍ර @ | [KATHANDARA DOSIYA - දේදුන්න අයිති කාටද?]
 
අදෘෂ්‍ය @ | [PANA DOSIYA - පැන දෝසි | 015]
 
GIhan @ | [KATHANDARA DOSIYA - ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!]
 
pankaja @ | [KATHANDARA DOSIYA - අචිනියි, සචිනියි.....!]
 
Sanjaya @ | [KAVI DOSIYA - වයසේ වෙනස]
 
Gihan @ | [PANA DOSIYA - පැන දෝසි | 015]
 
Ravi @ | [PANA DOSIYA - පැන දෝසි | 015]
 
 
     




       
 

   

 
හඳ අහසට ගිය හැටි
 
 
ඉස්සර කාලෙ ඒ කිව්වෙ ඉස්සරම ඉස්සර කාලේ හඳ තරු තිබුණෙ නෑ. ඉර විතරයි අහසෙ හිටියෙ. ‍ තනියම නෙවෙයි, එයාගෙ ගින්දර භටයොත් එක්ක. ඒගොල්ලන්ගෙ අහස් මාළිගාව ළඟ තිබුණා රත්තරන් පාට කුරුල්ලො ඉන්න උද්‍යානයක්. ඒ ‍කුරුල්ලො ගෙනත් දෙන පළතුරු තමයි ඉර යි එයාගෙ යාළුවොයි කෑවෙ. ඉර හැමදාම උදේට ගින්දර භටයොත් අරගෙන අහස් මාළිගාවෙ මිදුලට ඇවිත් සෙල්ලම් කරනවා. එහෙ මෙහෙ දුවනවා.. එතකොට තමයි ලෝකෙට එළිය වැටෙන්නෙ. ගින්දර භටයො ඉර පස්සෙ දුවද්දි හරියට ඊතල වගේ. මෙහෙම හවස් වෙනකම් සෙල්ලම් කරලා මූණවල් රතුම රතු පාට කරගෙන තමන්ගෙ විමානෙට ගිහින් නිදා ගන්නවා.

 
වසිලිස්සා
Updated on : 2012-01-11 23:16:32 | [Tags] Fairy Tales for kids, Surangana Katha
(2)ප්‍රතිචාර|Comments
 
පුරසාරම් කපුටා
 
 
දුර ඈතක සිට පියාඹා පැමිණි පාත්තයන් රංචුවක්, මුහුදු වෙරළක විවේකී සුවයෙන් එහාට මෙහාට පැන පැන උන් කපුටෙක් අසලින් වැසුවා.

පාත්ත රෑන දෙස පිළිකුලෙන් බැලූ කපුටා: "කොයිතරම් අවිනීත තාලයකට ද ඔයාලා පියාඹන්නේ"යි උන්ට පැවසුවා. "ඔයාලා දන්නෙ අත්තටු වනන්න විතරයි. අනේ! හැබෑට ඔයාලාට හරි විදිහට පියාඹන්න තේරෙන්නෙම නැද්ද? අඩුම ගානේ උඩු ගුවනේ කරණමක් ගහන්නවත් ඔයාලට පුළුවන්ද?" පාත්ත රංචුවට එකම පිළිතුරක්වත් දෙන්නට ඉඩ නොතියපු කපුටා නැවතත්, "ඔයාලා ඉතින් කොහොම කරණම් ගහන්නද.... ඒ දේවල් ඔයාලගෙ හැකියාවට වඩා ගොඩක් ඈතින් තියෙන අමාරු වැඩ නේ...." යි, කියමින් නොහොබිනා ලෙස සිනාසුණා.

 
පරිවර්තනය - මුතු පබා
Updated on : 2011-11-23 16:50:25 | [Tags] Folk Stories
(3)ප්‍රතිචාර|Comments
 
වැඩ බැරිදාස | වට මේස කතා
 
 
වැඩ බැරි දාස ඉක්මනට ඇඳගෙන කිටි කිටි ගාන ලී පඩි පෙළ දිගේ උඩ තට්ටුවට ආවා. පළමුවන තට්ටුවේ ඇති කාමරයට වඩා දෙවන තට්ටුවේ කාමරය තරමක් පොඩියි, නමුත් සැප පහසුයි. අඩ කවාකාර ජනේල දෙකට ලස්සන තිර එල්ලා තිබුණා. ඒවා මහ පාරට මූණලා පිහිටා ඇත. ජනේල දෙකට මැදින් සඳලු තලයට යන දොරකි. කාමරය මැද මේසය උඩ නොයෙක් වර්ග වලට අයත් කෑම ඇත. පිඟන් කුඩා බේසම්, දීසි වල ජෑම්, විස්කෝත්තු, කේක්, පාන් වලලු, මස් පාන්, මාළු පාන් ආදිය තිබේ. පැංචියෝ වැඩ බැරි දාසට හොඳට කෑම දීමට සිතා ගත්තා. මේ තරම් ගොඩක් රසැති කෑම දුටුවාම වැඩ බැරි දාසගේ ඇස් ඉබේටම නැටවෙන්නට වුණා.

 
තවත් කතා | වැඩ බැරි දාස චිත්‍ර ශිල්පියෙක්වුණු හැටි
නිකොලායි නෝසව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු
Updated on : 2011-10-10 01:07:02 | [Tags] THE ADVENTURES OF DUNNO AND HIS FRIENDS, Wada Bari Dasa, Russian Kids Stories
(1)ප්‍රතිචාර|Comments
 
අචිනියි, සචිනියි.....!
 
 
අචිනියි, සචිනියි හරිම හුරුබුහුටි නිවුන් සොයුරියන්. අචිනි, අක්කා වුණේ විනාඩි 12කට කලින් ඉපදුණු හින්දයි. අචිනියි, සචිනියි දෙන්නම එක වගේ. ඒ දෙන්නව එක පාරටම වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වුණේ අම්මටයි, තාත්තටයි විතරමයි. ඒත් සචිනිගේ නළලෙ වම් පැත්තෙ තියෙනවා පුංචි ළප කැළැල්ලක්. කෙස් වලට ඒක වැහිලා තිබුණෙ නැත්නම් අනිත් අයටත් මේ දෙන්නව අඳුන ගන්න පුළුවන් වුණා.

බැලූ බැල්මට හැමෝම වගේ රැවටුණාට, හොඳට බැලුවොත් සචිනිගේ මූණෙ පුංචි දිගැටි ගතියක් තියෙනවා අචිනි ට වඩා. ඒත් කව්ද මේ තරම් විපරම් කරලා බලන්නේ? ඒ නිසා ගොඩක් අයට මේ දෙන්නව එක සැරේටම වෙන් කරගන්න බැරි වුණා. ගොඩක් අය රැවටුණා.

 
තුෂාරි ප්‍රියංගිකා
Updated on : 2011-10-07 00:35:56
(3)ප්‍රතිචාර|Comments
 
දේදුන්න අයිති කාටද?
 
 
රෝස කැලේ රෝස කුමාරියෝ දවසක් දේදුන්නට අයිතිවාසිකම් කිය කියා රන්ඩු වෙන්න පටන් ගත්තා.

"දේදුන්න පටන් ගන්නෙ රතු පාටින්. ඔය කාටවත් වඩා ඒක නිසා දේදුන්නට වැඩි අයිතියක් තියෙන්නෙ මට...." රතු රෝසි ආඩම්බරෙන් කීවා.

"වැඩි අයිතියක්....? ඒ කොහොමද එහෙම වෙන්නෙ...?" දම් රෝසි තර්ක කරන්න පටන් ගත්තා. "දේදුන්න පටන් ගන්නෙ රතු පාටින් වුණාට, ඉවර වෙන්නෙ දම් පාටින්.... ඒ නිසා දේදුන්න ගැන වැඩි අයිතියක් ඔයාට කොහෙත්ම දෙන්න බෑ... ඔයාට එහෙම අයිතියක් තියෙනවනම්, ඒ අයිතියම මටත් තියෙනවා.."

 
මුතු පබා
Updated on : 2011-10-03 16:40:38 | [Tags] Kids Stories from Sri Lanka
(4)ප්‍රතිචාර|Comments
 
එක ලපයා වාසනා
 
 
වසන්නතය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි පුංචිම පුංචි හරිත දම් ලපළු අතු ඉති වලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඬේසි මල් තණකොළ අතරින් පතර පීදෙද්දි, පුංචිම පුංචි කුරුමිණියො අවදි වෙනවා. උන් කෑම හොයන්නට කොළ අතරින් පතර එහෙට මෙහෙට යනවා. එහෙමත් නැතිනම් සෙල්ලම් කරනවා.

ඒත් එක කුරුමිණියෙක් විතරක් කොළයක් උඩට වී, හෙල්ලෙන්නෙවත් නැතුව නින්ද ගියා සේ ඉන්නවා. ඒත් ළං වෙලා හොඳ හැටි බැලුවොතින් නම් පෙනෙයි, පුංචි ඇස් ඇරිලා තියෙන ආකාරය. මිතුරු කුරුමිණියෝ සන්තෝසෙන් ඉපිලෙමින් හැංඟිමුත්තො කරනායුරු බලන් ඉන්නාකාරය.

 
එවලින් ෆන් දොර්ත්
පරිවර්තනය - මුතු පබා
Updated on : 2011-06-24 04:42:23 | [Tags] Kids Stories
(9)ප්‍රතිචාර|Comments
 
දුප්පත් ගොවියා
 
   එක්තරා ගමක එක් ගොවියෙක් වාසය කළා. ඔහු ඉතා දිළිඳු යි. ඔහුට ඕනැ වුනා දුප්පත්කමෙන් මිදී ධනවත් බලවත් පුද්ගලයෙකු වී රූමත් කුමරියක් විවාහ කරගෙන සැපෙන් ජීවත් වෙන්න. නමුත් ඔහු ගත කළේ ඉතා දිළිඳු ජීවිතයක්. මේ ගැන ඔහු සිටියේ බලවත් කලකිරීමෙන්. දිනක් ගොවියා කුඹුරු වැඩ කරමින් ඉන්න විටදි ඔහුගේ උදැල්ලේ තලය කැඩී ගියා. ඔහු එය අලුත්වැඩියා කර ගැනීමට-
 
උත්සාහ කළත් බැරිවුනා. ඔහු ඉතා දුකින් කැඩුනු උදැල්ල ද රැගෙන ගෙදර ආවා. "මෙච්චර කල් මට පිහිට වුනේ මගේ මේ උදැල්ල. දැන් ඒකත් කැඩිලා. අලුත් උදැල්ලක් ගන්න මට සල්ලිත් නෑ. අනේ මං වගේ අසරණයෙක්." ඔහු ඉතා දුකින් කල්පනා කරන්නට වුනා. හදිසියේම ඔහු ඉදිරියේ ඉතා රූමත් දිව්‍යාංගනාවක් පහළ වුනා. ඇය ඔහුට මෙසේ පැවසුවා. "ඔබ ඉතා දුකින් සිටිනබව මට පේනවා. ඔබට කුමක්ද ඕනෑ? ඔබට ඕනෑ දෙය පවසන්න. නමුත් මතක තබා ගන්න. ඔබට ඉල්ලීමට හැකි එක ම එක දෙයක් පමණි. හොඳින් කල්පනාකර ඉල්ලන්න."

 
අනුෂ්ක තිලකරත්න
Updated on : 2011-05-25 23:59:33 | [Tags] Children Stories
(10)ප්‍රතිචාර|Comments
 
උදව් කරන, කතා කරන බනිස් ගෙඩිය
 
   ඔන්න එකමත් එක නගරයක දුප්පත් බක්කරේ කෙනෙක් හිටියා. ඔහු බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක්. ඒත් ඔහු හදන පාන් බනිස් කන්න ඒ නගරයේ මිනිස්සු කැමති නෑ. ඒ නිසා වෙළඳාම අඩුයි. දුප්පත් බක්කරේ බොහොම කණගාටුවෙන් තමයි දවස් ගත කළේ. ඔහු ගෙදර ගිහින් සුසුම් හෙලන කොට බක්කරේගේ හොඳ බිරිඳ මෙහෙම කියනවා.

"ඔයා කණගාටු වෙන්න එපා. අපිට හොඳ කලක් යාවි."

කොහොම හොඳ කලක් යන්න ද? බක්කරේ කල්පනා කරනවා. මිනිස්සු බක්කරේ හදන-
 
දේවල් ගන්නෙ නෑ. නගරයේ දුප්පත් ම මිනිස්සු විතරක් වෙන කන්න දෙයක් නැති නිසා ද කොහෙ ද ඔහුගෙ පාන් බනිස් ගත්තා. ඉතිං ඔහුට ජීවත් වෙන්න ලැබුණෙ සුළු මුදලයි. බක්කරේ වෙන රස්සාවක් දන්නෙත් නෑ. මෙහෙම කල්පනා කර කර ඔහු නිදා ගන්නවා.

තවත් දවසක් උදා වුණා. බක්කරේ සුපුරුදු පරිදි පාන් බනිස් හදන්න පටන් ගත්තා. මෙහෙම හදද්දි එක පිටි ගුලියක් වැරදිලා සීනි ගෝනියට වැටුණා. බක්කරේ ඒ පිටි ගුලිය ආපහු අරගෙන අනෙක් පිටි ගුලි එක්කම පෝරණුවට දමලා බනිස් හැදුවා.

 
වසිලිස්සා
Updated on : 2011-05-25 05:08:58 | [Tags] Sri Lankan Kids Stories
(13)ප්‍රතිචාර|Comments
 
ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!
 
   දුර ඈත චීනයේ සහෝදරයින් දෙදෙනෙක් වාසය කළා. ඉන් බාලයාගේ නම චෑම්. පළමුවැන්නාගේ නම ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො විය! පළමුවැන්නාට පමණක් දිග නමක් දැමීම එවකට වෙසුව චීන ජනතාවගේ පුරුද්දක්.

දවසක් මේ සහෝදරයින් දෙදෙනා ඔවුන්ගේ ගෙවත්තේ තිබුණ ළිඳ අසල සෙල්ලම් කරමින් සිටින අවස්තාවක, 'චෑම්' ළිඳට වැටුණා. බයවුණ 'ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො'-
 
කෑගසමින් අම්මා ළඟට දුවගෙන ගියා.

"අම්මේ.. අම්මේ.... ඉක්මන් ඉක්මන්.. චෑම් ළිඳට වැටුණා.. අපි මොනවද දැන් කරන්නේ.. ?"

"මොනවා...! චෑම් ළිඳට වැටුණා" අම්මා අඬමින් ඇසුවා. "යන්න යන්න.. දුවල ගිහින් තාත්තට කියන්න.."

අඬ අඬා තාත්තා ළඟට දුවගිය අම්මයි පුතයි, ලහි ලහියේ ඔහුට විස්තරේ කියන්නට වුණා.

"ඉක්මන් කරන්න.. චෑම් ළිඳට වැටිලා.. අපි දැන් මොකද කරන්නෙ..?"

 
පරිවර්තනය - මුතු පබා
Updated on : 2011-04-22 00:38:57 | [Tags] Chinese Flktales
(14)ප්‍රතිචාර|Comments
 
ගල් වඩුවා
 
   එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා; "දණ ගහපල්ලා! ආචාර කරපල්ලා!"

සුදුපාට ඇතෙකු එන හැටි ගල් වඩුවා දැක්කා. ඇතා පිට වාඩි වී හිටියා රජ කෙනෙක්. ගල් වඩුවා දණ ගසා රජතුමාට ආචාර කළා. ඔහු මෙහෙම සිතුවා.
 
"රජතුමාට මාව පෙනෙන්නෙ වත් නැහැ, එහෙනම්, මම නමස්කාර කරන්නේ ඇතාට වෙන්න ඕනේ. ඇතා බොහොම වැදගත් සතෙක්.ඇතාත් මට වඩා හොඳට ජීවත් වෙනවා. මටත් ඇතෙකු වෙන්නට ඇත්නම් කොතරම් හොඳද" කියලා ගල් වඩුවා හිතුවා. එහෙම හිතුවා විතරයි ගල් වඩුවා එකවරම ඇතකු වුණා.

ඇතා බවට පත්වුණු ගල් වඩුවාගේ පිට උඩ රජා වාඩිවෙලා තේ බොනවා. රජ්ජුරුවන්ගේ උණු තේ කෝප්පයෙන් උණු තේ ටිකක් ඇතාගේ පිටට වැටුණා. උගේ පිට රිදුණා. "මීට වැඩිය හොඳයි රජ කෙනෙකු වෙනවානම්" කියලා ගල්වඩු ඇතා සිතුවා. එහෙම සිතුවා විතරයි, ගල් වඩු ඇතා රජ කෙනෙකු බවට පත් වුණා.

 
ආර්. කුෂ්නේරෝවිච්
Updated on : 2011-02-24 01:50:12
(6)ප්‍රතිචාර|Comments
 
Lilo and Stitch| "පුංචි ලිලෝ"ගේ අසීමිත ආදරයේ කතාව
 
   ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි. ලිලෝ අවුරුදු පහක් වයසැති පුංචි ගෑනු ළමයෙක්. එයා ජීවත්වෙන්නෙ හවායි දූපතේ එයාගේ අක්කත් එක්ක. හදිසි අනතුරකින් දෙමාපියන් මියගියාම පුංචි ලිලෝව බලාගන්නෙ එයාගෙ අක්කා. පුංචි ලිලෝ හුඟක් ආදරෙයි සත්තුන්ට.

ඒ අතරෙ වෙනත් ලෝකයක ඉන්න සත්වයෙක් තමයි "එක්ස්පෙරිමෙන්ට් 626"කියන්නෙ. එයා ජාන තාක්ෂණයෙන් බිහිකල බුද්ධිමත්ම ඒත් නපුරු විනාශකාරි කෙනෙක්. ඉතින් දඬුවමක් විදියට එයාව ඒ ග්‍රහලෝකයෙන් වෙනත් ග්‍රහලෝකයකට පිටමං කරනවා. ඒ වෙලාවෙදි "එක්ස්පෙරිමෙන්ට් 626" ගමන් කල යානය අනතුරකට ලක් වෙනවා. ඒ නිසා "එක්ස්පෙරිමෙන්ට් 626" වැරදීමකින්-
 
-පෘථිවියේ හවායි දූපතට ගොඩ බහිනවා. පුංචි බලු පැටියෙකුට සමාන රූපයක් තියෙන හින්දා තවත් අත් වැරැද්දකින් "එක්ස්පෙරිමෙන්ට් 626" සුරතල් සතුන් ඇති දැඩි කරන ස්ථානයකට ගෙන යනවා.

ඔන්න ඒ වෙලාවෙදි තමයි සුරතල් බලු පැටියෙකු සොයමින් සිටින ලිලෝට "එක්ස්පෙරිමෙන්ට් 626" දකින්න ලැබෙන්නේ. ඉතින් ලිලෝ තමන්ගේ හුරතලා විදියට තෝරගන්නෙ "එක්ස්පෙරිමෙන්ට් 626". ඇය ඔහුට දෙන නම තමයි " ස්ටිච්". ඔන්න එදා ඉඳලා "ලිලෝ" සහ " ස්ටිච්" අතර ගොඩ නැගෙන අපූරු යාළුකම සහ ඔවුන්ගේ මිත්‍රත්වයේ අපූරු සිදුවීම ගැන කියැවෙන අපූරු කාටූන් චිත්‍රපටක් මේ.

 
[Lilo and Stitch] Torrents ගන්න- මෙතනින් යන්න
පුබුදු ගයාන් වර්ණකුලසූරිය
Updated on : 2010-09-09 04:43:09 | [Tags] Lilo and Stitch [2002], American animated film, By Walt Disney Pictures
(2)ප්‍රතිචාර|Comments
 
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

 
    Search|සෙවුම් දොරටුව
 

Advance Search|වැඩිදුර සෙවිල්ල

 
 

15

-පැනය  
"...අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්ඩ දෙනවද මගෙ පුංචි කළේ..."


1. මේ සම්පූර්ණ කවිය දන්නවා ද?
2. මේ කවිය කීවේ කවුදැයි දන්නවා ද?
3. කවියේ කියවෙන "අට පහ" මොනවා ද?
4. අන්තිමට බැලුවාම, කළය හංගලා විහිළුවක් කරලා තියෙන්නේ කවුද?

  (3)පිළිතුරු දෙන්න - මෙතනින් යන්න
කලින් ඇසූ පැන සහ පිළිතුරු
 
 
 
   
     
  සත්ව විද්‍යාත්මකව Misumena vatia ලෙස හැඳින්වෙන මේ සුවිශේෂි මකුළු විශේෂය කකුළු මකුළු පවුලෙ සාමාජිකයෙක්. ඇත්තටම මේගොල්ලන්ගෙ ඉදිරි පාද යුගල කකුළුවෙකුගේ මෙන් ඉදිරියට නැඹුරු වූ ස්වරූපයක් ගන්නවා. ඒවගේම කකුළුවෙකු මෙන් පසුපසටත්, පැත්තෙන් පැත්තට පාර්ශ්වීය ලෙසත් චලනය වීමේ හැකියාව තිබෙනවා. වේශාන්තරණය මකුළු ලෝකය තුල දුලබ සිදුවීමක්. ඒත් මේ Misumena vatia අයත් මකුලුවන් සුවිශේෂි වන්නේ ඔවුන්ට වේශාන්තරණය වීමේ ඇති හැකියාව නිසයි. උතුරු අමෙරිකාවේ සුලබ මකුළු විශේෂයක් වෙන මොවුන් හඳුන් වන්නේ ගෝල්ඩන්රොඩ් මකුළුවන් ලෙසයි. ඒ ඔවුන් වැඩියෙන්ම ගැවසෙන්නේ ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයේ නිසයි.

මේ කකුළු මකුළු විශේෂය ගොදුරු අල්ලාගන්නට කිසි විටෙකත් දැල් උපයෝගී කරගන්නේ නෑ. ඔවුන් ප්‍රසිද්ධ සැඟවී සිට පහරදෙන දඩයක්කරුවන් ලෙසයි. ඒ කියන්නේ Misumena vatia විශේෂයේ මකුළුවන් ඉන්නා පෘෂ්ඨයට සමීප වර්ණයකින් සිරුර පවත්වා ගැනීමක් එහෙම නැතිනම් වේශාන්තරයක් සිදුකිරීමෙන් තමයි මෙය සිදු කරන්නේ. වේශාන්තරණය මකුළුවන් අතර දුලබ දෙයක් වුණත් Misumena vatia ට මේ හැකියාව තියෙනවා.

මේ මකුළුවන් ගේ පිරිමි සතුන් ප්‍රමාණයෙන් මි. මී.5ක් තරම් වන නමුත් ගැහැණු සතුන් මි. මී.10ක් පමණ වෙනවා. ශරීර වර්ණය ලා කහ පැහැයක් හෝ සුදු පැහැයක් ගන්නේ ඔවුන් දඩයන් කරන්නට යොදා ගන්නා පෘෂ්ඨය අනුවයි. ඩේසි සහ සූරියකාන්ත මල් වල සිටින නොමේරූ ගැහැණු සතුන්ට තමාගේ ශරීර වර්ණය තමා කැමති පරිදි වෙනස් කරගැනීමෙ හැකියාව තිබෙනනවා. මේරු ගැහැනු මකුළුවෙකුට ශරීර වර්ණය වෙනස් කරගැනීමට වර්ණක බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම එම කාර්යය සඳහා දීර්ඝ වේලාවක් ගතවෙනවා. ඒ නිසා ඔවුන් වැඩිපුර තොරා ගන්නේ තද කහ පැහැති ගෝල්ඩන්රොඩ් කියන මල් වර්ගයයි.

කයිනුරෙනීන් සහ 3-හයිඩ්රොක්සිකයිනුරෙනීන් නම් කහ පැහැති වර්ණක සහිත දියරයක් ශරීරයේ බාහිර සෛල ස්ථරයට නිකුත් කිරීමෙන් තමයි ඔවුන් පාට වෙනස් කරන්නේ. ඉන්පසු ශ්වේත වර්ණය මූලික කරගෙන එම කහ වර්ණය පහල ස්ථරයන් වෙත පරිවහනය කරනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ල සුදු පැහැ ගැන්වීමෙන් අනතුරුව එය බාහිරයට පෙනෙන්නට පටන් ගන්නවා. මෙම මකුළුවන් දීර්ඝ වේලාවක් සුදු පැහැති පෘෂ්ඨයක රැඳි සිටින්නේ නම් කහ වර්ණක ශරීරයෙන් දිගින් දිගටම බහිස්‍රාවය කරනවා. එමගින් ශරීරය කහ පැහැවීම දිගු වේලාවකට ප්‍රමාද කරනවා. සාමාන්‍යයෙන් පැහැය සුදු වර්ණයයේ සිට කහ වර්ණය දක්වා වෙනස් වීමට දින 10-25 ත් අතර කාලයක් ගත වෙනවා. ඒ වගේම යථා තත්වයට පත් වෙන්න ගත් වෙන්නෙ දින 6ක් වගේ කාලයක්.
 
     
නීල්යා කාරියවසම්
(0)ප්‍රතිචාර|Comments
 
 
 

වැහි කුමරිය ටිකක් කළුයි ඇගේ ඇතා හුඟක් කළුයි


වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි

කුමරිය ඇතු පිට එනවා
වළාකුළු ද කළු වෙනවා
වැහි කුමරිය හිනැහෙනවා
විදුලි එළිය විහිදෙනවා

වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි

වැහිලිහිණියෝ රැල් බැඳලා
පිණුම් ගසති උඩ පැනලා
වැහි කුමරිගෙ හිනා කටයි
වැහි බිඳු අතු රිකිලි නටයි

වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි

සිංදුව අහන්න

මියැසිය- අමරදේව
ගායනය- අමරදේව ඇතුලු පිරිස

 
(2)ප්‍රතිචාර|Comments
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
 
 
 

අන්ධ ළමයා


මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මටද
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

උණුසුම දැනේ දහවල මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා

ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලෙක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

ලස්සන කියන දේ නැහැයට වත් කනට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා
මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

[සුදෝ සුදු]
සිත්තම- කුමුදු තාරක

 
(0)ප්‍රතිචාර|Comments
සාගර පලන්සූරිය - කේයස්
 

වයසේ වෙනස


ලබුවැල- වැඩුණු මහ ලොකුවට
කීයද වයස තමුසෙට

කිතුල් ගස- අහන එක පුදුමයි
දැන් මට වයස පණහයි

ලබුවැල-මට මාස හයකුත්
දවස් හතරකි තව මත්

කිතුල් ගස- ඔබ බාල බව මම
දැන ගෙන සිටිමි හොඳටම

ලබුවැල- නැතත් වයසක් මට
උස වෙමි ඔබේ තරමට
මට මෙන් ඉක්මනට
හැදෙන්නට බැරි මොකද තමුසෙට

කිතුල් ගස- ඉක්මට හැදුණොත්
ඒ ඉක්මනින් නැති වෙත්

මගෙ ඇඟේ වෙළිලා
මාසෙන් දෙකෙන් හැදිලා
ඔබ මෙන් මැළවිලා
දහස් ගණනක් ගියා මැරිලා

 
(2)ප්‍රතිචාර|Comments
එස්. මහින්ද හිමි
 

මම වතුර බිංදුවක්..


ගලා බසින ලොකු ගඟවල් අතරේ...
පුංචි දිය බිඳක් මං
මම ඉන්නා ලොකු ගංගාවේ
පාලුවක් දැනෙයි මගේ පුංචි හිතට..

ලොකු ලොකු ගංගා හැදෙන්න
මම වගේ පුංචි දිය බිඳක් ඕනෑමයි
එය නොදන්න ලොකු ගංගා - ආඩම්බර පානවා
නරක අයට කවදාවත් ජය ගන්නට බෑ..

මනුරි විහංගා
3 ශ්‍රේණිය
ත්‍රි/පදවියාය මහා විද්‍යාලය

 
(3)ප්‍රතිචාර|Comments
මනුරි විහංගා