|
|
|
|

|
| ප්ලම් ඇටය |
| |
 |
  |
දවසක්දා අම්මා ප්ලම් ගෙඩි කීපයක් ගෙනාවා. දවල් බතෙන් පස්සෙ ළමයින්ට ප්ලම් ගෙඩි බෙදා දීමටයි අම්මා ලෑස්ති වුණේ. වාන්යා කිසිම දවසක ප්ලම් ගෙඩි කාලා නැහැ. ඔහු ප්ලම් ගෙඩි අරගෙන ඒවා සිඹින්ට පටන් ගත්තා. ප්ලම් ගෙඩි වල පුසුඹ බලන්ට ඔහු බොහොම සතුටු වුණා. ඒවායේ රස බලන්ට ඔහු බොහොම ආශා කළා. හැම තිස්සෙම ප්ලම් ගෙඩි ළඟින් ඔහු එහා මෙහා ගියා. කෑම කාමරයේ කිසිවෙක් හිටියෙ නැති වෙලාවකදී, වාන්යා හොරෙන්ම ප්ලම් ගෙඩියක් අරගෙන කටේ දමා ගෙන කෑවා. දවල් කෑමට ඉස්සෙල්ලා ප්ලම් ගෙඩියක් අඩු වෙලා තියෙන හැටි අම්මා දැක්කා.අම්මා මේ ගැන තාත්තාට කීවා.
දවල් කෑමට වාඩි වෙලා තාත්තා ළමයින්ට කතා කරලා මෙහෙම කිව්වා. "ළමයිනේ ප්ලම් ගෙඩියක් කෑවෙ කවුද?" "අපි කෑවේ නැහැ." කියලා ළමයි හැමදෙනාම පිළිතුරු දුන්නා. |
|
|
|
|
"මම කෑවේ නැහැ" කියලා වාන්යා කියන කොට ඔහුගේ මුහුණ ජම්බු ගෙඩියක් වගේ රතු වුණා.
"නුඹලා කෑවේ නැතිනම් බොහොම හොඳා. නමුත් කාරණය එය නොවෙයි. ප්ලම් ගෙඩි ඇතුලෙ ඇට තියෙනවා. ඒවා කන හැටි නොදන්න ළමයි ඇට ගිලිනවා. බැරිවෙලාවත් ඇටයක් ගිලුණොත් පහුවදාට ඒ ළමයා මැරිලා යාවි. මම බයවෙන්නෙ ඔය හන්දා" කියලා තාත්තා ළමයින්ට කීවා.
වාන්යාගේ මුහුණ සුදුමැලි වුණා. "නෑ, මම ප්ලම් ඇටය ජනේලයෙන් එළියට වීසි කළා" වාන්යා තාත්තාට කිවුවා.
එතකොට හැමදෙනාම හිනා වුණා. වාන්යා විතරක් ඇඬුවා. 
|
|
|
|
[උපුටනය- ලියෝ තෝල්ස්තෝයි ළමා කතා| ප්‍රකාශනය -ප්‍රෝග්‍රසිව් පබිලිෂින් හවුස්] |
|
|
ලියෝ තෝල්ස්තෝයි |
|
Updated on : 2010-08-31 22:39:00 | [Tags] Russian Children Stories, Progressive Publishing House |
|
|
|
|

|
මෙන්න Mathemagics...!
Mr. Nine සමග |
| |
 |
  |
හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ මැජික් වල රහ වැටුනොත් නම් පොඩ්ඩො ගණිතය එක්ක මීට වඩා හුඟාක් යාළු වෙයි. ඔන්න ඉතිං අපි ගණිත මැජික් දැන ගන්නත් එක්කලා ඔයාලා කවුරුත් දන්න කියන යාළුවෙක් එක්ක කතාබහ කළා. ඒ තමා Mr. Nine! මේ ඒ රසවත් කතාබහෙන් කොටස් කීපයක්.
අපි: Mr. Nine, ඇත්තටම ගොඩක් අය කියනවා ඔයා හරි නපුරුයි කියලා.... |
|
|
|
|
අපිට මුලින්ම කියන්නකෝ මේ කතාව ඇත්තක්ද කියලා....
Mr. Nine: හපොයි පිස්සුද? ඔය කතාව මහම මහ බොරුවක්නේ..... මගේ චරිතය ඝාතනය කරන්න හදපු එකක්. මට කරන්ඩ පුළුවං අපූරු වැඩ ගැන දන්නව නම් කිසිම කෙනෙක් ඔය වගේ දෙයක් කියනවා තියා හිතන්නෙවත් නෑ .
අපි: මොනවද අප්පේ ඔය කියන අපූරු වැඩ?
 |
|
|
චාමිනී සෙව්වන්දි |
|
Updated on : 2010-08-27 04:11:34 |
|
|
|
|

|
| නිහඬතාව රත්තරං....! |
| |
 |
|
|
එක් සිසුවෙක් සිය ගුරුතුමා ළඟට ගොස් "ගුරුතුමනි..., ගොඩක් කතා කිරීමෙන් හොඳක් සිද්ද වෙනවද?" යැයි ඇසුවේය.
සිය සිසුවා දෙස බැලූ ගුරුතුමා, "මැඩියෝ, දිවා රෑ හඬ නගනවා. නමුත් කවුරුත් උන්ට අවදානය යොමු කරන්නේ නැහැ. ඒත් බලන්න උදේ පාන්දර හඬලන කුකුළා දිහා.. දවසේ වැදගත් මොහොතක ඇහෙන උගේ හඬ නිසා සියලූම දෙනා අවදි වෙනවා.. වැඩියෙන් කතා කිරීමට වඩා වැදගත් වෙන්නෙ, සුදුසු දේ සුදුසු වෙලාවට පමණක් පැවසීමයි...", සිය සිසුවාට තේරුම් බේරුම් කර දුන්නේය.
(ජන කතාවක් ඇසුරිනි.) 
|
|
|
පරිවර්තනය - මුතු පබා |
|
Updated on : 2010-08-27 03:11:30 |
|
|
|
|

|
| ගුණේ සීයාගේ රේඩියෝව |
| |
 |
  |
පුංචා හිටියේ ඔංචිලි පැද පැද. "පුංචෝ... පුංචෝ.. මගෙ පොඩි කොල්ලෝ" ඔන්න ආත්තම්මා පුංචව හොයනවා.
කතාකරන විදියෙන් පුංචා දැනගත්තා අත්තම්මාට මොකක් හරි වැඩක් කරවගන්න ඕනෙ වෙලා කියලා.
"ආතම්මේ, මං මිදුලේ" පුංචා උත්තර දුන්නා.
"අනේ, මගෙ හොඳ කොල්ලා වගේ ගිහිං ගුණේ සීයගෙ කොරටුවෙන් බුලත් කොළ දහයක් විතර ඉල්ලං වරෙං මයෙ පුතේ" ඔන්න අත්තම්මා වැඩේ පැවරුවා පුංචට.
"හ්ම්... හරි" එහෙම කියලා පුංචා කෙලින්ම දුවල ගියේ කන්ද පල්ලෙහාට. ඒ කියන්නෙ ගුණේ සීයගෙ ගෙදරට.
පුංචා යද්දි, මිදුලේ අඹ ගහ පාමුල ඉඳගෙන ගුණේ සීය මොකද්දෝ ලොකු වැඩක්. ළං වෙලා බලද්දි ගුණේ සීයා ඊයම් පාට පෙට්ටියක් අතෙ තියාගෙන මොන මොනවදො කරනවා. |
|
|
|
|
"සීයේ, මේ මොකද්ද මේ?"
"පරණ රෑඩියො එකක් නෙ පුංචො, අවුරුදු පහළොවක් විතර පරණයි මයෙ හිතේ"
"ඉතිං මේක වැඩ කරනවද තාම?"
"ඔව්, ඔව්... නැතුව ..නැතුව"
"ඉතිං සීයේ රෙදි කෑල්ලක් අතේ තියන්ද රේඩියෝව අහන්නෙ??"
"නෑ.. නෑ..පුංචෝ. මේං මේකට හොඳහැටි දූවිලි අල්ලලා. මං මේ ඒක පිරිසිදු කොරන්ටයි ලෑස්ති වුණේ. ඉතිං පුංච මොකද මේ පැත්තේ?"
 |
|
|
|
සිත්තම- රුවන්මලී |
|
|
ප්‍රශංසනී පරණවිතාන |
|
Updated on : 2010-08-10 01:45:59 | [Tags] Punchage Katha |
|
|
|
|

|
| වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ |
| |
 |
  |
ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක් ලෙස කුට්ටම් පොකුණ හඳුන්වන්නට පුළුවන්. කුට්ටම් පොකුන පූජනීය ස්ථානයක් නොවුණත් වන්දනාකරුවන් විසින් මහත් භක්ත්‍යාදරයෙන් නරඹන ස්ථාන වලින් එකක්. අනුරාධපුරයේ අභයගිරි විහාරයට නුදුරු ස්ථානයක පිහිටුවා ඇති මේ කුට්ටම් පොකුණ තනා තිබෙන්නෙ අභයගිරි වාසි භික්ෂූන්ගේ ස්නානය සඳහා යි. එකම පවුරකින් වටවුණු දැකුම්කළු- |
|
|
|
|
-පොකුණු දෙකකින් මෙය සමන්විත වීම නිසාම මෙයට කුට්ටම් පොකුණ ලෙස නම ලැබී තිබෙනවා. මේ පොකුණු දෙක, එකක් අඩි 51ක බැගින් වූ සමාන පළලින් යුක්තයි. එසේ වුණත් එක් පොකුණක් තරමින් විශාල වන අතරම අනෙක තරමින් කුඩා පොකුණක්. ලොකු පොකුන 132 ක් දිගින් යුතු වන අතර පොඩි පොකුණ දිගින් අඩි 92 ක් වෙනවා. ඉවුරු බැමි නිමවා තියෙන්නෙ ගල්වරි පැන්නීමෙන් බැමි මාලා 3 ක් සහිතව. පොකුණේ කට පිහිටා තිබෙන්නේ පොළෝ මට්ටමින් අඩි 3 ක් පමණ පහළට වන්නටයි. ලොකු පොකුණෙ මධ්‍ය ගැඹුර අඩි 17 කුත් අඟල් 9 ක්. කුඩා පොකුණේ ගැඹුර අඩි 14ක්. එසේම ලොකු පොකුණට බැසිය හැකි වන පරිදි අලංකාර සෝපානමාලා හෙවත් පඩිපේලි තුනක් නිර්මාණය කරල තියෙනවා. කුඩා පොකුණට පඩි පේළි දෙකක් බැසීමෙන් ඇතුළු විය හැකියි.
 |
|
|
නීල්යා කාරියවසම් |
|
Updated on : 2010-08-09 23:59:03 | [Tags] Kuttam Pokuna, Anuradhapuraya, Sri Lankan Ancient Places |
|
|
|
|

|
| වැරදි කළත් උදව් කරමු |
| |
 |
  |
එකමත් එක කැළෑවක කෙළවරට වෙන්න ගෙයක් තියෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නෙ දුඹුරු පැහැ ලොකු වලහෙකුයි, මීයො රංචුවකුයි. ගෙදර පිටුපස වත්තක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගේ ඉදිරිපස ටිකක් ලොකු බංකුවක් තියෙනවා. වලහා හරිම කැමතියි මේ බංකුවට වෙලා හිරු බැස යන අන්දම බලන්න.
”මේ විදිහට ජීවත් වෙන්න මම හරිම කැමතියි....” වලහා හිමිහිට කීවා. ”මට ඕනෑ කරන හැමදේම මට තියෙනවා....” ”අපිත් කැමතියි මෙහෙම ජීවත් වෙන්න.. අපිට ඕනෑ කරන හැමදේමත් අපිට තියෙනවා.. ඒ ඔක්කොටම වඩා අපිට ඔයා ඉන්නවා....” මීයෝ රංචුවත් උත්තර දුන්නා. |
|
|
|
|
වසන්තය
අද හරිම ලස්සන කාලගුණයක් තියෙන්නෙ.. ඒක නිසා මට ඕනෑ අද දවසම වත්තෙ වැඩ කරන්න..” යැයි කීව වලහා, වත්තෙ විශාල බිම් පෙදෙසක් සුද්ද කරලා, බඩඉරිඟු හිටෙව්වා. ඉදිරිපස මිදුලෙ සූරියකාන්තා මල් ඇට පැළ කරා.
”අපි මොනවද කරන්න ඕනෑ ?” මීයෝ රංචුව වලහගෙන් ඇහුවා.
”ඔයාලට පුළුවන්නද කැරට් ඇටයි, බෝංචි ඇටයි හිටවන්න ?”
 |
|
|
විල්හෙල්ම් ටොප්ෂ් |
පරිවර්තනය - මුතු පබා |
|
Updated on : 2010-08-02 04:31:36 |
|
|
|
|

|
| අරුම පුදුම කුරුළු ගෙදර |
| |
 |
  |
බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට වාසස්ථානයක් සැපයීම. ඒත් ඇතැම් සුවිශේෂි කුරුළු විශේෂයන්හි කුරුල්ලන් පවා කූඩු හදන බව ඔබ දන්නවාද? ඔන්න අද අපි කියන්නට යන්නේ ඒ ගැනයි. මේ කුරුල්ලන් හඳුන්වන්නේ "බවර්බර්ඩ්" කියලා. ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගීනියාවේ. මේ කුරුල්ලෝ කූඩු තැනීමට සහ සැරසීමට අපූරු දස්කමක් දක්වනවා. |
|
|
|
|
ඒගොල්ලන්ට "බවර්බර්ඩ්" කියන නම ලැබිල තියෙන්නෙ මේ හදන අපූරු කූඩුව නිසාමයි. හැබැයි මේ "බවර්බර්ඩ්" කුරුල්ලෝ කූඩු හදන්නෙ විශේෂ හේතුවකට. ඒ තමයි කිරිල්ලියන් බොහෝ ගණනක් ආකර්ෂණය කර ගැනීම. බිත්තර දැමීම, බිත්තර රැකීම සහ පැටවුන් රැකබලා ගැනීම කරන්නේ "බවර්බර්ඩ්" කිරිල්ලිය තනිවම. බිත්තර දමන කාලය ආවම ඒ සඳහා සුදුසු තැනක කූඩුව සෑදීම කරන්නෙත් කිරිල්ලිය විසින්මයි.
 |
|
|
නීල්යා කාරියවසම් |
|
Updated on : 2010-08-02 03:27:13 | [Tags] Bowerbird, Ptilonorhynchus violaceus |
|
|
|
|

|
යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර|
ඕලන්ද කෞතුකාගාරය |
| |
 |
  |
ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ කලාව, කාසි, බීරළු රේන්ද කර්මාන්තය, මුද්‍රණ ශිල්පය, රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මය, ඕලන්ද නීතිය සහ ඕලන්ද වචන ඔවුන්ගෙන් අපට උරුම වුණු දේ අතර තිබෙනවා. අගයෙන් ඉතා ඉහල ඕලන්ද කෞතුක වස්තු රැසක් අපට නැරඹිය හැකි පරිදි එක්තැන් කොට අපූරු කෞතුකාගාරයක් පිටකොටුවේ කුමාර වීදියේ පිහිටුවා තිබෙනවා. |
|
|
|
|
17 වන සියවස අග භාගයේදි ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන් රී විසින් තමන්ගේ නිල නිවස ඉදිකරගත්තේ පිටකොටුවේ කුමාර වීදියේ. ඇත්තෙන්ම අද වන විට එම නිල නිවස යනු ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයෙ ලක්ෂණ කදිමට දැකගත හැකි අපූරු කැඩපතක්. ඕලන්ද ගෘහ නිර්මාණයේ කැපී පෙනෙන අංග වූ ලිඳක් සහිත මැද මිදුල, දැවයෙන් කල සොල්දර සහ ගඩොල් අතුරා සකසන ලද ගෙබිම දැකිය හැකියි. ඒ වගේම විශාල උළුවහු සහ දොර ජනේල්, පුළුල් සහ උස් වූ බිත්ති, විශාල ඉස්තෝප්පු, අඩ රවුම් උළු සෙවිලි කල පියසි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව පිලිබිඹු කරන තවත් දේවල්. මෙය කොළඹ නගරයේ දැනට ඉතිරිව ඇති පැරණිම ගොඩ නැගිල්ල වන අතරම ඕලන්ද කෞතුකාගාරය එහිම පිහිටුවීම ඉතා සුවිශේෂියි.
 |
|
|
සුමුදු තිවංක ගමගේ |
|
Updated on : 2010-07-26 04:28:14 | [Tags] Dutch Museum, Petta, Sri Lanka |
|
|
|
|

|
"මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende
|
| |
 |
  |
ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ Garmisch (ගාර්මිෂ්) නම් නගරයේදී, 1929 වසරේ නොවැ. 12 වැනිදා. එඩ්ගා එන්ඩ් සහ ලුයීස, මයිකල්ගෙ දෙමව්පියන්. |
|
|
|
|
පසුකාලයේදී "මයිකල් එන්ඩ්" (Michael Ende) නමින් ඔහු ලොව පුරා ප්‍රකට වුණා. මයිකල් එන්ඩ් 1940 දී ඔහු ඉපදුණු ගමට නුදුරු මියුනිච් නගරයේ "මැක්සිමිලියම්" නම් උසස් පාසලට ඇතුලු වෙනවා. පසුව විවිධ පාසැල් කිහිපයකම අධ්‍යාපනය හදාරන අතර, 1943 විතර වෙනකොට මයිකල්, කවි සහ කෙටිකතා (කුඩා විස්තර කිරීම්) ලේඛනයට පිවිසෙනවා. මේ කාලයේ රට ඇතුළෙ යුද්ධය තිබුණු නිසා ඔවුන්ගේ නිවසත් බෝම්බ ප්‍රහාරයකට ලක් වෙනවා. 1948-1950 දක්වා කාලය Falckenberg පාසැලට ඇතුළු වෙලා මයිකල් රංගනය හදාරනවා.
වසර 1953 වන විට උසස් අධ්‍යාපනය අවසන් කර ඔහු නාට්‍යකරණයෙහි යෙදෙනවා. මාස ගණනාවක් තිස්සේ ගම්මඩු වලටත් සහභාගී වෙනවා. මයිකල් එන්ඩ් කැබරේ පිටපත් ද රචනා කරන්න පටන් ගන්නවා. පසුව 1954 සිට 1962 දක්වා කාලය තුළ දී බැවේරියා ගුවන් විදුලියෙහි සිනමා විචාරකයෙක් ලෙස සේවය කරනවා.
 |
|
|
තුෂාරි ප්‍රියංගිකා |
|
Updated on : 2010-07-22 04:17:10 | [Tags] Michael Andreas Helmut Ende |
|
|
|
|

|
| කතා කරන මාළුවෝ |
| |
 |
  |
මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා සමග සන්නිවේදනය කරන්නෙ රහස් බසක් යොදා ගනීමෙන් බව. ඒ විතරක් නෙමෙයි බොහෝ විට මේ බස ගෙරවිල්ලක්, සියුම් කූජනයක් හෝ පොප් හඬක් කියලාත් හොයාගෙන තියෙනවා. ගැඹුරු නිහැඬියාවකින් පිරුණු සමුදුරු ලෝකය- |
|
|
|
|
-මේ සොඳුරු කතාබස් වලින් පිරී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම පවසනවා. සමහරක් කතා බහ තමන්ගේ විරුද්ධ ලිංගිකයන් වෙත නිකුත් කරන ඒවා. තවත් සමහරක් අනතුරු ඇඟවීම් පිණිස වන කතා බහ. ඒ වගේම තවත් සමහරක් එකිනෙකාට යා යුතු දිශාව හඟවන කතා බහ. ඉතින් මේ කතා බහ නිසා, මාළුන් ගොදුරු කර ගන්නා විලෝපිකයන්ට පහසුවෙන් තමන්ගෙ ගොදුරු සොයා ගත හැකි වන බවත් පවසනවා.
ඒ වගේම, හැම මාළුවෙකුටම වගේ මේ ශබ්ද ඇසීම කරන්න පුළුවන් වුණත් ශබ්ද නිකුත් කිරීමේ හැකියාව නෑ. හඳුනාගත් ශබ්දවලින් 99% ක්ම මාළුන්ගේම වන බවත්, ඔවුන්ගේ මීලඟ පියවර වෙන්නෙ මේ ශබ්ද වලින් ගෙනයන පණිවුඩය කුමක් දැයි සොයාගැනීම බවත් ඔවුන් තව දුරටත් කියා සිටියා.
 |
|
|
රුවන්මලී |
|
Updated on : 2010-07-12 03:26:44 |
|
|
|
|

|
| මෙහෙමත් කැකිරි..! |
| |
 |
  |
ඔන්න අද අපි මේ කතා කරන්නට යන්නෙ ආහාරයට ගන්නා හැබෑ කැකිරි ගැන නම් නෙමෙයි. ඇත්තටම කැකිරි කිවුවට මේගොල්ලො මුහුදු ජීවි විශේෂයක්. පෙනුමෙන් හා හැඩයෙන් කැකිරි ගෙඩියක ස්වරූපයක් තියෙන නිසා තමයි “මූදු කැකිරි” කියල කියන්නෙ. මූදු කැකිරි කියන මේ සමුදුරු ජීවි විශේෂය අයත් වෙන්නෙ එකිනොඩර්මාටා කියන වංශයටයි. මේ වංශයට අයත් අනෙකුත් සතුන් වෙන්නෙ මූදු ඉකිරි, බංගුර තාරකා සහ පසැඟිල්ලන්. |
|
|
|
|
දැනට ලෝකයේ මූදු කැකිරි විශේෂ 1250 ක් පමණ හඳුනා ගැනීමට සමත් වෙලා තියෙනවා. මූදු කැකිරි සමුදුරු වාසීන් වන අතර බොහෝ විට ඔවුන් ජීවත් වෙන්නෙ මූදු පත්ලට සමීපව. එහෙමත් නැතිනම් අඩක් පතුල තුල ගිලී සිටිනවා. නොගැඹුරු ස්ථාන වල ඔවුන්ගේ වර්ධන වේගය ඉතා අඩු බවත් උපරිම වර්ධන වේගයක් පෙන්නුම් කරන්නෙ ගැඹුරු මූදු පතුලේ දී බවත් සමුදුරු ජීවි විශේෂඥයෝ පවසනවා. මොවුන්ගේ ආහාර වෙන්නෙ මූදු ජලයෙ ඇති ක්ෂුද්‍ර අංශු, ඇල්ගේ වර්ග සහ කුඩා ජලජ ජීවින්. මේ සතුන්ගෙ මුඛය වටා පිහිටන නාල පාද 8 ත් 10 ත් අතර ගණනකින් තමයි මේ කාර්යය කෙරෙන්නෙ. ආහාරයට ගන්නා දේවල් ඉතාමත් කුඩා අංශු බවට පත් කරන්නත් මේවා උපකාර වෙනවා.
 |
|
|
නීල්යා කාරියවසම් |
|
Updated on : 2010-07-07 00:34:29 | [Tags] Sea cucumber, Echinodermata, Holothuroidea |
|
|
|
|
| |