Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
දැක්ක ගමන් දුක...
"නිකිණි වැස්ස" |...
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
  කවි කරන්ට්ස්  
සිනමාව මාරයි
නිමිත්ත:
රජ කෙනෙක් රජ වෙලා පෝලිමත් පැනගෙන
රජතුමා බලනවා රජ කතා ඉඳගෙන

පැරකුමා සූරයි
ඒ කාලෙ සාරයි
ජනතාව මාරයි
රජතුමා ආසයි

.....

[සෙස්ස අස්සට]
ගෙටොවේ එකෙක්
ප්‍රතිචාර[2]
මගෙ සිහිනය
මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
යාචකයන් මග අද්දර
නොම දකින්න
මහ රෑ වුව ළඳකට මග
තනිව යන්න
තිතටම මත නොව මතටම
තිත වැටෙන්න

.....

[සෙස්ස අස්සට]

හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[0]
පෝලිම කඩන් පැරකුම් ඇවිත්
පෝලිම කඩන්
කඩු අත අරන්
තර්ජන කරන්
පැරකුම් ඇවිත්...!

නිෂ්පාදකයෝ
පුදුමෙන් බලත්
පෝලිම කඩා
පැරකුම් ගෙනත්...!
.....

[සෙස්ස අස්සට]
දයා නෙත්තසිංහ
ප්‍රතිචාර[2]
හරක් ගැනද අනුකම්පා උදෑසන
ගිනි ගන්නවා කහ සිවුරක් උදෑසන
හරක් ගැනයි අනුකම්පා බලාගෙන
කරුණාවයි මෛති‍්‍රයයි බදාගෙන
අලි රංචුව එහා පැත්තේ අඬාගෙන

කිරි අම්මලා දුක් කරදර දරාගෙන
හණ ගහද්දි කුර විදිද්දි සිනාසෙන
බුදුන් බුදුන් වැඳ පුදමින් මීනි කන
හරක් ගැනද අනුකම්පා උදෑසන
.....

[සෙස්ස අස්සට]
ගෙටොවේ එකෙක්
ප්‍රතිචාර[5]
සැමරුම
මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද

මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්
ඇඟිලිකරු අතර තුර
මඩ කොහොල් චිරි චිරිය
රුහිරු කැටි වේදනා
.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[1]
නාලන්ද මේ මම..
මිතුර මතක ද තාම
නුඹෙ එදා සන් මිත්‍ර,
ඩලස් මම

දෙවන වර දියවන්නාවෙ ආවාම
නිතොර සිහි වුණා මට දුටුවාම
පහු කරන් යන විටදි
කහ ගැහුණු ඔය මුහුණ..

.....

[සෙස්ස අස්සට]

සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[3]
අතීතය වර්තමානය සමඟ ඇස්
මට මගේ මතකයෙන්
මරා ගත නොහුණු අතීතය
බළල් ඇස් සහිතව
මැදියම් රැයෙත් මා අසලය.....

පංසලේ මල් පහන් පූජා කර
දේවාලයේ බාර ගැට ගැසුව
ආදරණීය අම්මා
පෙවූ කිරි මුරට සිටි යුගය
.....

[සෙස්ස අස්සට]
ප්‍රින්ස් සේනාධීර
ප්‍රතිචාර[1]
ජනයාට පාංශුකූලය දීම හෙවත් මම ම​ගේ බඩ කපා ගැනීම
පින්වතුති
සංසුන්ව පැමිණෙන්න
මේ පෙට්ටියේ වැතිරෙන්න
සුද ඇදන්
බණ කියන සාදු
පැමිණ ඇති
පාංශකූලය දෙන්න

දැන් ඉතින් නාඬන්න
.....

[සෙස්ස අස්සට]
භීම
ප්‍රතිචාර[0]
දුමින්දාගේ ගීතය
"මා වැනි දුමින්දා
වර වර ළඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා...."


පොලු ගත්තා නම් මතකයි
වැඩ වර්ජන මතක නැතෝ
කඩු ගත්තා නම් මතකයි
කුඩු බෙදුවා මතක නැතෝ
.....

[සෙස්ස අස්සට]

හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[2]
පුදුමාතලන් වැල්ලෙන් අහුලාගත් කවියක්
පෙර දවස
නිදහසේ ඇවිදගිය බිම්කඩෙහි
පලින් පල කටු කම්බි වැටවල් ය
උකුසු ඇස් නිදිමරන රැකවල් ය
මපුතුවන් ගැටවුන්ගේ නාඳුනන මුහුණු ය
නොවැටහෙන බස්වලින් එල්ලවන විමසුම් ය

බොහෝ දිනකට පසුව
ගෙවුන රෑ
.....

[සෙස්ස අස්සට]

චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[0]
I loved Joe
"Bodies of victims of a building collapse lie numbered in a row in Savar, near Dhaka, Bangladesh, Wednesday, April 24, 2013. An eight-story building housing several garment factories collapsed near Bangladesh’s capital on Wednesday, killing dozens of people and trapping many more under a jumbled mess of concrete. Rescuers tried to cut through the debris with earthmovers, drilling machines and their bare hands." www.stamfordadvocate.com

- Among other western brands, the brand Joe Fresh is found in the collapsed building. -

I loved Joe
I loved the simplicity of Joe

You are laid in rows

.....

[සෙස්ස අස්සට]
සුභද්‍රා ජයසුන්දර
ප්‍රතිචාර[0]
මැයි දිනය
කාලකට
බත් වේලකට
වැඩකරන පංතියේ
චරිත රංගනයට පැමිණි
කුලී හේවා බලමුළුව පිරිවරා

පංති සතුරා සමඟ නිදිගත්
යෝධ කම්කරු නයුවා
දෙසද්දී
.....

[සෙස්ස අස්සට]

චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]

කවි වියමන්: විචාර- විඳීම්
  අ ලු තෙ න් ම • කවි බූන්දි  
One Million Bones
අස්ථි මිලියනයකි
කඳුළු බිලියනයකි
ඇස ඇස ගැටෙන අස්ථි මිලියනයකි
ඇස ඇස නැඟෙන කඳුළු බිලියනයකි
ඇහිපියන් පියා ගත් ලෝකයක් ඉදිරිපිට!

එකින් එක හා වෙයි
සැකිළි රූ නැගිටියි
ජීවිතේ සුසුම් පොදි
.....

[සෙස්ස අස්සට]

තුෂාරි ප්‍රියංගිකා
බූන්දි| | 23:57:32
ප්‍රතිචාර[2]
  කවි බූන්දි  
"මෙ'විල සරසමි'
විලට අධිපති නිරිඳු කිඳුරා
මත්ස්‍ය පිරිවර ළඟට කැඳවා
පංච මහ විල් අභිබවාලා
"මෙ'විල සරසමි' කියයි දිවුරා

නෙළුම්, මානෙල්, ඕළු, කෙකටිය දිලෙයි හෙට වැව් දිය සිසාරා
ජපන් ජබරල, පාසි, බෙරලිය හරිමි පලවා විලෙන් සූරා
නීල දියවර දෙබෑකරගෙන වතුරමල් අහසට පියාඹා
හඬනගා පවසාවි අසිරිය ලො'වැසි මින් නෙත් මවිත කරවා
.....

[සෙස්ස අස්සට]
මී ගොඩයා
බූන්දි| | 03:06:10
ප්‍රතිචාර[0]
නිශාචරයා
නිමිත්ත:
අගනුවර සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ නිදන කාමරයට එබී බැලූ තරුණයෙකු අල්ලා පොලීසියට භාර දෙයි පසු දින පොලීසිය තුළ දී...

උඹ තමා අපි හෙව්වෙ
මෙච්චර කල් පාහරයා
බලාපං මේ නෝනා
උඹෙ අම්මගෙ වයස ඇති

ඇත්ත කියපං නැත්තං උඹ අමාරුවේ
.....

[සෙස්ස අස්සට]
ඔලීවියා ප්‍රීම්රෝස්
බූන්දි| | 01:29:07
ප්‍රතිචාර[2]
මිලියනයක් මිනිසුන්ගේ පෙළපාළියේ කවිය
රාත්‍රිය දිගු විය..
තුවාල ගැඹුරු විය..
අගල් අඳුරුව තිබුණි..
ප්‍රාකාර,
නැගෙනු බැරි තරමට
දුෂ්කරව නැගී ගති.

දුර ඈත වෙරළක
මිය ගිය නිල් සඳක් යට
.....

[සෙස්ස අස්සට]

මායා ඇන්ජලෝ
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 05:00:05
ප්‍රතිචාර[2]
කගපත පන්හිඳක් කළ මැනව!
හුස්ම ගන්නට දඟළන කොට
කෙඳිරිය නීරස යැයි - ඝෝෂාවක් යැයි පසක් කොට
බෙල්ල ගසා දමනා උන්
මධුවිත හා රුධිරය පත් අට එකට සිඳ
පිළුණු අහරද රසමසවුළක් සේ බුදින විට
කගපත - පන්හිඳක් කළ මැනව!

දෑහෙ කඳුළු අස්සට - කඳුළු ගෑස් ඉහෙන විට
ගිනිගන්න ලෝකය මැද තනිව
.....

[සෙස්ස අස්සට]

තුෂාරි ප්‍රියංගිකා
බූන්දි| | 04:00:34
ප්‍රතිචාර[3]
රහසින් මුනිවතින් නික්මෙන්නේ මන්ද...
(ඩෙංගු රෝගයෙන් වියෝ වූ නීති පීඨයේ නිසංසලා සමරසිංහ සොයුරිය වෙනුවෙනි.)

කොළොම්තොටට සැණෙකින් අකුණක් වැදුණී
දෙසුම්හල අවන්හල කඳුළක් නැගුණී
සුසුම් කුණාටුව සිව් දිග වට සැදුණී
කුසුම් කැකුළ තුරු සිරසින් බිම වැටුණී

ඉසිමින් දසත මදහස මල් මකරන්ද
සෙනෙහෙන් හද කොණෙක මිතු දම් පොදි බැන්ද
.....

[සෙස්ස අස්සට]

ධරණී උපේකා වීරසේකර
බූන්දි| | 11:08:18
ප්‍රතිචාර[10]
  පරිවර්තන කවි  
වියරු රාත්‍රීන් !
වියරු රාත්‍රීන් ! චණ්ඩ රාත්‍රීන්!
වී නම් ඔබ මා අසල
මේ වියරු රාත්‍රීන්
බොහෝ සේ අනුරාගී වන්නට
නියමිතව තිබුණ

තීර්ථයෙහි රැඳි හදවත
සුළඟකින් නොසැලෙන
මාලිමා සිතියම්
.....

[සෙස්ස අස්සට]

එමිලි ඩිකින්සන්
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 04:21:46
ප්‍රතිචාර[0]
  කවි බූන්දි  
පතකි නිදිකුම්බා
සුළඟද වෙව්ලුවන නිදිකුම්බා කුසුම
නොමවෙමි හැකිල ගුලිවන පත වෙමිය මම
දෙඅදර තෙතින් ගත සුලලිත වෙනු කෝම
මුළුගැන්වී නිදමි නැත රති සුව උරුම

නොබා පහස
මලානිකව
මලවි සිහින
සුන් වී ඇත
.....

[සෙස්ස අස්සට]
තිළිණි ෂැල්වින්
බූන්දි| | 00:47:55
ප්‍රතිචාර[1]
රතු සව්කොළ
පහන් කරනු අටියෙන් සුවිසල් මැදුරු
අමුණා එකින් එක කපමින් බට පතුරු
පාමංකඩ කුණු ඇළ ළඟ පොඩි මිතුරු
නිමවයි කදිම අටපට්ටම් මෙන්ම තරු

අත වන වනා අඬ ගා මහතුන්ට ගරු
රථ නොනවතන සඳ පොඩි මුව විය අඳුරු
වැද හිරු තාප කකියන මුදු ගත ළදරු
හරි වේගයෙන් ආ රියකට විය ගොදුරු
.....

[සෙස්ස අස්සට]
විශ්ව හේවාවසම්
බූන්දි| | 03:16:34
ප්‍රතිචාර[3]
අම්මාට පසුව අම්මා
මේ කිමෝනාව නෙක මල් පිපුන
අම්මාගේ සුවඳ ඇත සඟවාන
ආදරය මිටින් ගෙන මදපවන
දොරකඩට ඇවිත් නැවතුනෙ කෝම

අනෝරා වැසි වැටුණු උදෑසන
ගැඹුරු නින්දක ගිලුණි බෝ හීන
දෝතින්ම වඩාගෙන දිව ගියා
සොයාගෙන අබමිටක් ළඟ පාත
.....

[සෙස්ස අස්සට]

කපිල එම්. ගමගේ
බූන්දි| | 22:26:52
ප්‍රතිචාර[0]
දියවන්නා ඔය
රජ වසුරු වළඳන
මාලුන් සැපට වැඩුණ
තඩි කිඹුලන්ද රජයන
දියවන්නා ඔය
පිටතින් රුවට දිලුණට
හිතන්නට බැරි තරම් ගුප්තය

මහ කඩොල්, කිරළ, පර, මණ්ඩ ද
තුරු සපිරි කඩොලාන අතරින
.....

[සෙස්ස අස්සට]

අනිල් නිශාන්ත ලොකුගමරාල
බූන්දි| | 01:42:35
ප්‍රතිචාර[0]
ලුම්බිණි සියොත් කැළ
වෙසක් පුන් පෝ දිනට පෙරදා රැයෙහි ලුම්බිණි විසල් උයනේ
උයන්පල්ලා පෙර නොදුටු දසුනකිය සල් තුරු අතර මැවුනේ
"කිමද සියොතුනි රැයෙහි කළබල?" පුදුමයෙනි ඔහු දෙතොල සැලුනේ
එයට පිළිතුරු බඳිනු පිණිසම එක මලිත්තෙක් පෙරට පැමිණේ

"හිමි, සමාවුව මැනවි අප හට, නොදත්තෙමු රැය ආ වගක්
නුහුරු වූ මග ලකුණු සොයමින් පියා සැලුවෙමු බෝ දුරක්
භූමියට නැමි මෙතැන සල් ශාඛාව දෙස බලනුව මදක්
හෙට දිනේ එහි වේදනාවෙන් වෙලෙනු ඇත සියුමැලි අතක්"
.....

[සෙස්ස අස්සට]

භාතිෂ අකලංක සිල්වා
බූන්දි| | 21:37:18
ප්‍රතිචාර[1]
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
ෆොන්ටමාරා හන්දියේ උන්
බෙරාඩෝ වයලා වෙතයි
එන්න හැකිනම් අපේ ගමටත්
ඇවිත් යන්නට කාලයයි

මිදි උයන්වතු සිසාරා
රුධිරයෙන් ඉරි ගසාලා
නුඹේ උන් පෙර කළ අමනකම්
මෙහෙත් ගජ රාමෙට කරයි
.....

[සෙස්ස අස්සට]
රත්නසිරි නල්ලපෙරුම
බූන්දි| | 03:02:11
ප්‍රතිචාර[2]
වේයෝ
කිසිවිටෙක
නොඉවසති බොරු
කා දමයි
කාලයක් පුරා රැස්කළ
මිටි ගණන්
පත්තර

[කොවුල් හඬ මගේ හඬ | 1999]
ප්‍රින්ස් සේනාධීර
බූන්දි| | 03:53:38
ප්‍රතිචාර[0]
පෙම්වතිය
නොදුන්නද ඇඹුල් වෙරළු
අත මිටට
හා පුරා ආ දාක
උසස් පෙළ පංතියට
ගැටවරකමේ හිතුවක්කාරකම
සොයා දුන්...

දමා හර-බැර කාලයට
සමකොට ශේෂ පත‍්‍රයට
.....

[සෙස්ස අස්සට]

ජයන්ත නිමල් සිරි
බූන්දි| | 07:30:18
ප්‍රතිචාර[1]
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
රුක් දෙවි තැන පැමිණ ගම්වැද විත් ළඟට
ගෙනයන තුරුම මුල්ලේගම වන රොදට
සයිමන්, ඔබ ගෙනෙන දඩයම කා රසට
බුදියන අපට ඇනපන් ටොක්කක් සැරට

හත්-පත්තුවේ හිඳ දුක් පිළිවෙත සපුරා
විත් සෙයිලමේ විඳ සුඛ විහරණ අනුරා
සිත් අසපුවේ මැද මහ දහමක් වපුරා
මත් කරලුවේ, එද යළි නික්මුණි ඇදුරා
.....

[සෙස්ස අස්සට]

තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
බූන්දි| | 00:33:16
ප්‍රතිචාර[5]
වේටරු
වේටරු හිඳිති
සුදු ඇඳන්
කළු මහත
පටි බැඳන්

ඇසෙන
නෑසෙන
දුරින්
අප දොඩන
.....

[සෙස්ස අස්සට]

ආරියවංශ රණවීර
බූන්දි| | 00:51:43
ප්‍රතිචාර[0]
පරම සත්‍යය
"මහා ධනස්කන්ධයකින් ආඪ්‍ය වූ සිටුවරයෙක් හා සිටු දේවිය තම කුඩා දරුවාට නොයෙක් ප්‍රතිකාර කර ඵලක් නොවු තැන රටේ ප්‍රසිද්ධ තාපසයෙකු ලඟට රැගෙන යයි."
(මීට වසර දහයකට පමණ පෙරදී ලංකාදීප පුවත්පතින් කියවූ බෞද්ධ සාහිත්‍ය කතාවකි.)

සිටුතුමා

දඹ දිවට අග සිටු වෙමි
සකල ශ්‍රීයෙන් වැජඹෙමි
නෙත් යොමා බලනු මැන
මේ මගේ එකම පුත් රුවනය
.....

[සෙස්ස අස්සට]
ඔලීවියා ප්‍රීම්රෝස්
බූන්දි| | 07:40:20
ප්‍රතිචාර[0]
නො තෙත් හිත් මත කාසල් කඳුළු
“සුළු අසනීපයට කාසල් රෝහලට ඇතුළත් කළ ගැබිණි බිරිඳ රෝහලේ නොසැළකිල්ලෙන් මිය ගියා.” තරුණ සැමියා වැළපෙයි. -පුවතක්

සඳින් සඳ ගනිමි එන පෙර මඟ බලමි
ගිරෙන් ගිර නැගෙමි හිරු දැක නෙත් පියමි
නෙතින් නෙත දකිමි දෙනෙතින් වැළඳගමි
සිතින් දුක දරමි ප්‍රේමය උහුලගමි

විකල් සරතැසකි මතකය බිඳෙන ඉම
විතැන් වූ සිහින පමණක් ඉතිරි වුණ
.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 04:29:24
ප්‍රතිචාර[7]
වියමන
සුදු පාට බිත්ති කෙළවර
කඳු පෙළකි නැති තුරු පෙල
කිසි පලුද්දක් නොමැති
හීන් නූලෙන් වියා
විශ්මකර්මත් දෙවැනි කළ

දෙවා අත් පොත් මරුට
තවෙකෙකුට
නිවා සැනැහෙන්න
.....

[සෙස්ස අස්සට]

ජයන්ත නිමල් සිරි
බූන්දි| | 01:14:40
ප්‍රතිචාර[0]
අජ්ජා හෙවත් ඇල්කොහොල් කවි
(කවි කතාවකි.)

ප්‍රෙස් ක්ලබ්බෙකේ මුල්ලක අඩ අඳුර සොයා
ගල් බෝතලේකට බාගෙට පපුව තියා
බාගෙට දෙ ඇස් හැර ආපසු දෙ ඇස පියා
යළි ඇස් අරින වීදුරුවක් ඉගිළ ගියා

වමට ගේම ඉල්ලුවොතින් උදහාසේ
මාවෝ නැතොත් ‘උඹෙ අම්මගෙ’ ඉතිහාසේ
.....

[සෙස්ස අස්සට]

මංජුල වෙඩිවර්ධන
බූන්දි| | 09:34:53
ප්‍රතිචාර[13]
විසිරි වළාකුළු
ඝණ නීල අහස් ගැබ
කෝ ගෙනා වළාකුළ
සිඳු ගැඹර සිතිජ ඉම
වේදනා පිරිමදින

සැම තැනම අඳුර යට
මතක අමතක නොවෙන
කිහිරඟුරු වැලි පලස
රහස් සඟවා හිඳින
.....

[සෙස්ස අස්සට]

කපිල එම්. ගමගේ
බූන්දි| | 03:13:47
ප්‍රතිචාර[0]
වසන්තය, වේදනා හිම මත
වසංගං හිටපු මල් මත
තබයි උස් තුරු මුදුන් පිනි කැට
විතැන් වී මල් පුරන ගහටත්
වසන්තය ඇවිදින් හිතවත

මන්ද්‍ර ස්වරයෙන් ඉකිබිඳ
යන්න යන විට සිසිරය
නින්ද නැති කොට හෙමින් විමසයි
බින්ද හැකිවෙද හිම වැටුණු මතකය
.....

[සෙස්ස අස්සට]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි| | 01:21:37
ප්‍රතිචාර[1]
නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක
හිස රිදෙන විට මහ රෑ
තරු එළියකට බර වෙමි
ඇසග දිළිහෙන සඳ දිය
සොඳුරු අඳුරෙහි සඟවමි

යොර්දානයෙහි ගැඹරට
අකුරක් දමා ගසනෙමි
නැඟෙන දහසක් රැළි මත
දහසක් අකුරු විසුරමි
.....

[සෙස්ස අස්සට]

මංජුල වෙඩිවර්ධන
බූන්දි| | 01:20:33
ප්‍රතිචාර[1]
  පරිවර්තන කවි  
උදා වී ඇත අද දිනය...
මැකීගොස් පෙර හැම දිනම උදා වී ඇත අද දිනය
සිහිනැස් ද ආලෝකයේ අතැඟිලි ද අතරින
නැගී එ’හරිත -පියවර මත පැමිණෙනු ඇත හෙට දිනය
වැළකිය නොහැක කිසිවෙකුට ගලන අරුණෙහි ගඟ දිය

වැළකිය නොහැක කිසිවෙකුට ගඟ දිය නගන ඔබෙ දෑත
සුහදිනිය, ඔබේ දෙනයනද එහි රැඳුනු සිහිනද
ඔබමය, දිවයන සසැලෙන මොහොතද
ඉර කදම්බෙක අඳුර සහ එළිය මැද.
.....

[සෙස්ස අස්සට]

පබ්ලෝ නෙරූදා
පරිවර්තනය - නද්යා භාෂිණී අමරනායක
බූන්දි| | 07:44:24
ප්‍රතිචාර[2]
හයිකු  
හයිකු- 40
සඳ නැති රැය
තද සුළං රැළි ඇවිත්
වැළඳගෙන
ඉපැරණි දේවාදාර ගස්

-බෂෝ
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු- 39
වසන්තය!
නම නො දන්නා
කඳු ගැටයක්...
මිහිදුම් අතර

-බෂෝ
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු- 38
සුළං හමන වැසි වැටෙන..
නැමුණු බාර්ලි යට
තණකොළ..
ඇත්තෙන් ම
මම පටු පාරක්

-ජෝසෝ
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු- 37
මුළු රෑම
ජනේලයෙ කෙඳිරිය
අපොයි මේ සිසිරය!

-දරේමෝ
ප්‍රතිචාර[1]
හයිකු- 36
නව වසරේ මුල්ම සිහිනය!
ඒක රහසක්...
තනියෙන් සිනාසෙමි මම

ෂෝ-උ
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[1]
හයිකු- 35
අලුත් අවරුද්දේ පළමු උදෑසන
පයින් ගස් අතරින් එන
ඉපැරණි සුළං රැළි

-ඔනිට්සුරා
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[1]
හයිකු- 34
බලන්න අර ඉටිපන්දම!
මොනතරම් බඩගිනි සුළඟක් ද?
හිම අතරින් දඩයම් කරන!

-සියෙරා
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු- 33
පැහැබර සරත් සඳ...
හැම තණ පඳුරකම
හෙවණැල්ල යට
රෑහි කූජනය

-බුසොන්
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු- 32
බබළයි
තරු පිරි රැය....
ඉකිලන බොළඳ ළඳ,
දල්වන්නද පහන?

-එට්සුජින්
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[1]
හයිකු- 31
නොබිඳීය කිසිවෙක් නිහඬ බව
ආගන්තුකයා
සත්කාරකයා
සුදු කපුරු මල
නොබිඳීය කිසිවෙක් නිහඬ බව

-රියෝටා
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු- 30
ආඩම්බරකාර
අපූරු මේපල් පත්
මෙනෙහි කරමින්
මරණය

-ෂිකෝ
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[2]
හයිකු- 29
ඉතිං සුදු සමනලුනි,
මේ නුඹලාගේ
මල් පුබුදන සොහොන
හමුවේවිද අපි ආයෙත්
මෙතැන

-බෂෝ
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු- 28
බලන විට හිස හරවා
මේ දැන් මා පසුකර ගිය
මඟියා දෙස
දියවී ගිහින් ඔහු
මීදුම තුළ

-ෂිකි
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු -27
කෙටි ය
ගිම්හාන රාත්‍රිය
එනමුදු
නිසල අඳුර මැද
පීදෙයි පියෝනි මලක්

-බුසොන්
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු -26
දිය දහරට වැටුණු මල...
මගේ සුන්දර දිවිය ද
එලෙසින් නිමා විය යුතු.
තවත් මලකි එය
වැටී ගසාගෙන
යාමට නියමිත

-ඔනිට්සුරා
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]
හයිකු -25
මියයයි කෙනෙක්,
දෙදෙනෙක්
දැල්වෙයි ලන්තෑරුම්
ඒ අය වෙනුවෙන්

-ඉසා
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[2]
හයිකු -24
මවිසින්
සුමුදුව ස්පර්ශ කරන සියල්ල
කටු මෙන් ඇනී
යළි මා රිදවයි.

-ඉසා
පරිවර්තනය - මාලතී
ප්‍රතිචාර[0]