BOONDI.LK| වෙසෙස් බූන්දි| අපේ ජීවිත විනාශ කළාට උඹලාට හෙණ හතම ගහපන්! | Z අකුරේ සාපය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව | රෝමා ටියාර්න
ප්‍රතිචාර[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
ප්‍රතිචාර[1]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි! | තිළිනා වීරසිංහ
ප්‍රතිචාර[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
ප්‍රතිචාර[3]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට | සංඛ කිරිඳිවැල
ප්‍රතිචාර[2]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා.... | නාලක ගුණවර්ධන
ප්‍රතිචාර[2]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා! | සුරත්
ප්‍රතිචාර[4]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
ප්‍රතිචාර[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ් | නද්යා භාෂිණී අමරනායක
ප්‍රතිචාර[3]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට..... | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[1]
BOONDI • Currents •
  වෙසෙස් බූන්දි  
අපේ ජීවිත විනාශ කළාට උඹලාට හෙණ හතම ගහපන්! | Z අකුරේ සාපය
ප්‍රතිචාර[6]
බූන්දි| | 18:14:13
"අපේ ජීවිත විනාශ කළාට උඹලාට හෙණ හතම ගහපන්"

ඒ මේ දිනවල ෆේස්බුක් එකේත් අන්තර්ජාලයේත් තියෙන ජනප්‍රිය පණිවුඩයකි. පණිවුඩය සමග අමුණා ඇත්තේ සරදම්කාරී සිනාවෙන් පිරුණු මුහුණු තුනක් සහිත ඡායාරූපයකි. ඒ සරදම්කාරී සිනාවෙන් පිරුණු මුහුණත්තහඩුවල අයිතිකාරයෝ අමුත්තන් පිරිසක් නොවන බව එක කෙටි බැල්මකින් වුව පෙණේ. කෙටියෙන්ම කියනවානම්, ඒ මුහුණත්තහඩුවල අයිතිකාරයෝ අධ්‍යාපන අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් හිටපු විභාග කොමසාරිස් වරයාත් ය. "ඔබගේ පැතුමත් මෙය නම් එය යාලුවන් සමග බෙදාගන්න" පණිවිඩය තවදුරටත් දක්වයි.

පණිවිඩය ප්‍රවේගකාරී නමුත් ඊට යටින් ඇති කතාව නම් ඛේද ජනකය. ඒ අනාගතය විනාශ කරමින් අතරමන් කරනු ලැබූ දහස් ගණනක් සිසුන්ගේ කඳුලු කතාවක් ය. අතරමං කරනු ලැබුවා කීවාට යළි යළිත් අතරමං කරනු ලැබූ දරුවන් පිරිසකගේ කතාවක් ය!

අපොස උසස්පෙළ විභාග ප්‍රතිඵල පසුගියවර ගණනය කර ඇත්තේ ඉතා වැරදි සහගත ලෙස බව හෙළිවද්දීත් ඒ පිළිබඳ සමාජයේ කථීකාවක් ගොඩනැගෙද්දීත් බලධාරීන් කීවේ එවැනි වරදක් නම් කෙසේවත් සිදුවී නොමැති බවය. ඉසෙඩ් ලකුණු ක්‍රමය රටට හඳුන්වා දුන් මහාචාර්යවරයා පවා ඒ ප්‍රතිඵලයට විරුද්ධව හඬ නගද්දී ඔවුන් කළේ ප්‍රශ්නයට උත්තර හොයනවා වෙනුවට මහාචාර්යවරයා ඇතුළු පිරිසට මඩ ගැසීමය. නොඑසේනම් කෙස් පැලෙන තර්කත්, බඩ පැලෙනකන් හිනායන කතාන්දරත් කියමින් ප්‍රශ්නය දිගින් දිගටම ඇදීමය. හිතාමතා නොතකා හැරීමය.

වැඩේ හත්පොලේ ගෑවී ඇති බව තේරෙන්නට පටන්ගත්තේ වාණිජ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රතිඵල ලැබෙද්දීත්, "ඒ" සාමාර්ථ තුනක් ලබා ගත් ශිෂ්‍යයින්ට වඩා "එස්" සාමාර්ථ තුනක් ලබා ගත් සිසුන් දිස්ත්‍රීක් හා දිවයින් කුසලතා මට්ටමෙන් ඉහළ ගොස් තිබෙද්දීත් ය. කෙසේ හෝ ජාමේ බේරාගන්නට සිතූ මේ අය කීවේ, මෙතන තියෙන්නේ "චූටි කොම්පියුටර් අවුලක්" විතරයි කියලාය. මේ අය කළේ, ඒ චූටි අවුලෙන් ගැලවී තම සායම පිරියම් කරන්නට තවත් කමිටුවක් පත් කිරීමය.

ප්‍රධාන ප්‍රශ්නය වූ ඉසෙඩ් ලකුණු ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වගකුදු නොසෙවූ මේ කමිටුව කළේ ලොකු අවුල පැත්තක තිබියදී "චූටි අවුල" සැකසීමට නිර්දේශ ඉදිරිපත් කිරීමය. පැරණි සහ නව විෂය නිර්දේශයන් දෙකකින් සිසුන් විභාගය ලියා තියෙද්දී ඒ විෂය නිර්දේශ දෙක පිළිබඳ නොතකා හැර, ඒ ඒ විෂයන්හි මධ්‍යනයන් එකතු කිරීම සාවද්‍ය බව රට පුරා උගතුන් ප්‍රකාශ කළත් වගකිව යුත්තන් කීවේ තමන් ඉසෙඩ් ස්කෝර් හදන්න දන්නේ නැති නමුත් මේ හදලා තියෙන විදිහේ වරදක් නැති බවනම් තමන්ට සක්සුදක් සේ පැහැදිලියි කියලාය.



ලබාදී තිබූ ලකුණු සාවද්‍ය බවට රට පුරා කතා බහ වෙද්දීත් ඊට විරුද්ධව විරෝධතා සංවිධානය වෙද්දීත් ඔවුන් යළි යළිත් කළේ සියල්ලට නෑසූකන්ව හිඳ තම උද්දච්චකම හුවාදැක්වීම විතරය. කවුරු කුමක් කීවත් තමන් කිසිලෙසක නොසැලෙන බවට පෙන්වන්නට මෙන් ඔවුන් කළේ එම ප්‍රතිඵලයේ ඉදිරියෙන්ම සිටින සිසුන් හෙළි කිරීමටත් ඔවුන් ඇගයීමටත් ඉක්මන් වීමය. එ පමණක් නොව, විශ්වවිද්‍යාල ප්‍රවේශයේදි ලබාදෙන නායකත්ත්ව පුහුණුවට පවා විභාගය සමත්යැ'යි සම්මත වූ සිසුන් කැඳවීමට යුහුසුලු වීමය.

බන්දුල- එස්බී- අනුර රටේ පුවත්පත් කාටුන් සහ තීරු ලිපි තුළත් අන්තර්ජාලයේත් ත්‍රී-ඉඩියට්ස් ලෙසත් බෞතීස්මවද්දීත්, වැඩේ පොරවෙන් කපන්නටත් බැරි තැනකට ඔඩුදුවා එද්දීත් තම විශ්‍රාම සුවය සොයා අනුර එදිරිසිංහ ලිස්සා ගිය අතර, සාවද්‍ය ප්‍රතිඵලයේ නිවැරදියැ'යි තහවුරු කිරීමේ ඔහුගෙන් හිස්වූ වගකීමට කරගහන්නෙත් පොදු ලක්ෂණ අතින් මේ තිදෙනාටම නොදෙවෙනි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාය.

අගතියට පත්වූ සිසුන් හා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරූ පසු සහ නඩුව පරාජය වූ පසු මේ අය කීවේත්, නිවැරදි ලෙස ගණනය වූ ඉසෙඩ් ලකුණු පළවී මුළු රටම තක්බීරිවී සිටියදී මේ අය හඟවන්නේත් වරදක් සිදුවූ බව තමන් නොපිළිගන්නා බවය. තම සාවද්‍ය ප්‍රතිඵලය ඉවත් කර අලුත් ප්‍රතිඵලයක් ගෙන ආ නිසා යම් සිසුවෙක්ට අවාසිසහගත වූවේනම් ඒ සඳහා තමන් වගකීම බාර නොගන්නා බවය. එය පිරිසිදු ප්‍රතිඵලයක බලාපොරොත්තුවෙන් නඩු දැමූවන් සමගම බලා ගත යුතු වබය.

වැරදි ප්‍රතිඵලය වහා අත්හිටුවා නැවත ප්‍රතිඵල ගණනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේ තමන් පැරණි ප්‍රතිඵලය වැරදි සහගත එකක්යැ'යි නොපිළිගන්නා බවය. අවසානයේ අධිකරණයට සිදුවූයේ සියල්ල පසෙකින් තිබියදී තමන්ගේත් නීතියේත් ගෞරවය ආරක්ෂා කරගැනීම ගැන හිතා බලන එකය. අධිකරණයට අපහාස වීම පිළිබඳ නිදහසට කරුණු කියන ලෙස මහාචාර්යවරයාට නියෝග කරන එකය.



අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී මෙන්ම මේ වසරෙහි උසස්පෙළ විභාගය මුවවිටටම පැමිණ තිබියදී පවා සුපුරුදු කල් මරන ප්‍රතිපත්තියෙන් බැහැරවීමට බලධාරීන් කල්පනා කළේ නැත. ඉසෙඩ් ලකුණු ක්‍රමය හඟන්වා දුන් මහාචාර්යවරයා වන ආර්.ඕ. තටිල් පෙන්වා දුන්නේ ප්‍රතිඵල යළි සංශෝධනය දින බාගයකින් කළ හැකි'යි කියලාය. එසේ නමුත් ඒ කටයුත්ත කිරීමටත් කමිටු පත් කරමින් ආණ්ඩුව තවත් සති ගණනක් කල් මැරීය.

කෙසේ වෙතත් සංශෝධිත ප්‍රතිඵල අනුව පැරණි ප්‍රතිඵලය හාත්පසින් උඩු යටිකුරු වී ගියේය. ඒ රටම නොසිතූ ආකාරයටය. එය ඒ තරමට විකෘති වී තිබුණේයැ'යි කාගෙ කාගේත් ඇස් ඇරෙන්නට වූයේ එවිටය. ඛේදයට කරුණ වූයේ, විශ්වවිද්‍යාලවල ප්‍රවේශයට සිහින මවමින් සිටි සුවහසක් සිසු සිසුවියන්ගේත් ඔවුන්ගේ නෑ හිතවතුන්ගේත් බලාපොරොත්තුත් මේ සමග පරසක්වලෙහි ගැටී ඉරිතැලී යෑමය. ඒ, ප්‍රතිඵලය වැරදි බව දැනගත් විගසම එය නිවැරදි කරන්නට තරම් ආණ්ඩුව නිහතමානී නොවීම හින්දාය.

මේ ක්‍රියා පටිපාටියත් සමග ඇගයීමට ලක් කළ බොහෝ සිසුන්ට අද වී ඇත්තේ පයතැබූ අත්තත් අල්ලන්න ගිය අත්තත් නැතිවී යෑම විතරක්ය. ඒ නැවත සංශෝධිත විභාග ප්‍රතිඵල ලබාදීම පැවැත්වීමට නියමිත විභාගය මුවවිටට එනතුරු හිතාමතා දික් ගැස්සූ නිසාය. සංශෝධිත ප්‍රතිඵලය තුළින් ගැටලු මතුවී ඇති සිසුන් සඳහා එන උසස් පෙළ විභාගය ලියන්නට සාධාරණ ඉඩක් ලැබෙන්නේ නැත. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ඔවුන්ට ඉතිරිකර නැති නිසාය. තවත් පැත්තකින් කියනවානම්, තමන් නිකුත් කළ ප්‍රතිඵලය ඉතා නිවැරදි බවට බලධාරීන් මැවූ සිහින ලෝකයේ අතරමං වූ බොහෝ සිසුන් ඒ ලකුණු තුළින්ම විශ්වවිද්‍යාලවලට යෑමට බලා සිටියා මිස තමන්ට නැවතත් විභාගයකට පෙනී සිටින්නට සිදුවනු ඇතැ'යි සිහිනෙනුදු සිතුවේ නැත.

අධ්‍යාපන අමාත්‍යාංශය අද කියන්නේ අගතියට පත් වූ සියලු සිසුන්ට මෙවර විභාග ලියන්නට සියලු පහසුකම් සලසා ඇති බවය. විභාගයට අයදුම් නොකළ ඕනෑම කෙනෙකුට තම විස්තර "ෆැක්ස්" කිරීම මගින් ඉක්මනින් ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බවය. ප්‍රවේශපත්‍ර ලබා දුන් විගසින් ප්‍රශ්න සියල්ල විසඳී යන බව ඔවුන් කල්පනා කරනවා වන්නට බැරි නැත. තවත් අතකින් "ෆැක්ස්" යන්ත්‍රයක් යනු රටේ හතරදිග්භාගයේ අස්සක් මුල්ලක් නෑර ඇති අති සරල උපකරණයකැ'යි මේ අය කල්පනා කරනවාද විය යුතුය. ෆැක්ස් යන්ත්‍රයක් තියා විදුලි බුබුලක් දල්වාගන්නට අවශ්‍ය විදුලි වයරයක් හතර මායිමකටවත් ගොසින් නැති ගම්මාන ඕනෑතරම් මේ ආශ්චර්යමත් රටේ තිබෙනා බවටවත් මේ අයට අවබෝධ වී නැතුවා සේය.

ලැබී ඇති නව ප්‍රතිඵලය තුළ පසුගිය ප්‍රතිඵලය මගින් යටගසා තිබුණු දක්ෂයින් බොහෝ දෙනෙක්ට සරසවි වරම් හිමිව තිබෙන්නේය. ඒත් සමගම පසුගිය ප්‍රතිඵලය තුළ ඉදිරියෙන් සිට බලාපොරොත්තු දල්වා සිටි සිසුන් රාශියකට ඒ අවස්ථාව අහිමිවීද තිබෙන්නේය. අද ඔවුන් ඉන්නේ සමාජයටත් දෙමව්පියන්ටත් කාටවත් මුහුණ දෙන්න බැරි මානසික පීඩනයකය. කුමක් කරන්නදැ'යි හිතාගන්න බැරි අතීරණයකය. ඔවුන්ට ඉතිරිවී ඇත්තේ උද්ඝෝෂණය කිරීමත්, මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කිරීමත්, දෙවියන් බුදුන් යැදීමත් විතරක්ය. එසේ නොකර විභාගය නැවත ලිවීමට කාලයක් ද ශක්තියක්ද ඔවුන්ට ඉතිරිකර නැති නිසාය.

මේ ගැටලුව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා නැවතත් කර ඇත්තේ සුපුරුදු කටයුත්තමය. ඒ අලුත් ප්‍රතිඵලයත් සමග විශ්වවිද්‍යාල වරම් අහිමිවන සිසුන් පිළිබඳ වාර්තාවක් ඉල්ලන එකය. මේ වගේ වාර්තාවක් නිසා කාලය කා දැමීම මිස අගතියට පත් අයට යහපතක් වන්නේයැ'යි සිතන්නට බැරිය. මේ ප්‍රශ්නය මාස ගණනාවක් දික් ගැස්සුනේත් තව තවත් උග්‍ර වූයේත් වාර්තා ඉල්ලීමත් කමිටු පත්කිරීමත් කියන ව්‍යාජ ක්‍රියා පටිපාටියන් නිසා බව අමුතුවෙන් මතක් කරන්නට ඕනේද නැත.



අද ආණ්ඩුව කියන්නේ මේ දෙපිරිසටම අසාධාරණයක් නොවෙන්නට තමං කටයුතු කරන බවය. වගකීමක් නැති වුණත්, වග කිව යුතු ආණ්ඩුවක් විදිහට කරන්නට ඕනේද එයය. මක් නිසාද යත් වරද ඔවුන්ගේම මිස සිසුන් අතේවත් ගුරුවරුන් අතේවත් වෙනත් බාහිර බලවේගයක් අතේවත් නොවන හින්දාය.

ගැටලුව විසඳන්නට විවිධ යෝජනා ඉදිරිපත්වෙමින් තිබෙන්නේය. පැරණි සහ නව විෂය නිර්දේශයන් වලින් ඉසෙඩ් ලකුණු ලබාගත් සිසුන් සියයට පනහ බැගින් හෝ විභාගයට මුහුණ දුන් ප්‍රතිශතවලට අනුව ගෙන විශ්වවිද්‍යාලවලට ඇතුලත් කිරීම ඉන් එක යෝජනාවකි. අත පුච්චා නොගෙන මේ ගැටලුවෙන් ගැලවී යන්නට මෙවැනි යෝජනාවක් ආණ්ඩුවට හිතකර වන බවට නම් සැකයක් නැත. එසේ නමුත් එවන් කෝටා ක්‍රමයකින් සියයට සියයක් දක්ෂයින්ම පෙරී එනු ඇතැ'යි කල්පනා කරන්නටද බැරිය. අවසානයේදී වෙන්නේ මේ මොහොතේ ගැටලුව විසඳුනත් නැවතත් ප්‍රශ්නයේ මුල් ස්වරූපයටම යන එක විතරක්ය.

වැඩි පිරිසක් විශ්වවිද්‍යාලවලට ගැනීමෙන් මේ ප්‍රශ්නය විසඳන බව අද උසස් අධ්‍යාපන ඇමතිවරයා කියමින් සිටින්නේය. රටේ සියලු විශ්වවිද්‍යාල තමන්ගේ උපරිම ධාරිතාවන්ටත් වඩා මේ වනවිටත් සිසුන් බඳවා ගනමින් සිටිද්දී මෙසේ වැඩි පිරිසක් බඳවා ගන්නේ කෙසේදැ'යි ඇමතිවරයා කියන්නේ නැත. සිසුන් වැඩිපුර බඳවාගන්නටනම් අලුතින් විශ්වවිද්‍යාල සහ අධ්‍යන පීඨ පිහිටුවන්නට ආණ්ඩුවට සිදුවනු ඇත. අවශ්‍ය භෞතික සම්පත් තබා ගුරුවරුන්වත් නොමැතිව රජරට වෛද්‍ය පීඨය වැනි පීඨයන් ආරම්භ කළ ආණ්ඩුවකට තමන්ගේ සායම බේරගන්නට අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට වුනත් බැරිවේයැ'යි කල්පනා කරන්නද බැරිය.

අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල කලාපයේ ඕනෑම දුප්පත් රටකට සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක ඇති බවත්, පාසල් සහ විශ්වවිද්‍යාලවල භෞතික හා මානව සම්පත් කිසිසේත් අධ්‍යාපනය සඳහා නොසෑහෙන බවත් පවසමින් වේදිකාවේ එක්පසක රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියලුදෙනා වැඩවර්ජනයක යෙදෙමින් සිටියදී මෙවන් දේවල් කියන්නට බලධාරීන්ට සිදුවීම එක් අතකින් දෛවයේ සරදමක්ම මිස අන් කවරක්ද?

Udula Nuwan Bandara | උදුල නුවන් බණ්ඩාර
[SEO Tags] Sri Lankan Education Crisis, Education and High Education Ministers, Advance Level Examination, Z Score Crisis, S.B. Dissanayake, Bandula Gunawardana, Mahinda Rajapaksa, Z Score Crisis, Sri Lankan School Stidents , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
6 Comment(s)| ප්‍රතිචාර
අමීන් ඩාඩා (ඉඩි අමින්) කියයි.| Facts
අමීන් ඩාඩා (ඉඩි අමින්) 1971 ඉඳලා 1979 වෙනකල් උගන්ඩාවේ පාලකයා. මේ අමීන් ඩාඩා කිවුව දේවල් කීපයක්.

"මම දේශපාලනඥයෙක් නොවෙයි; මම වෘත්තීයමය සොල්දාදුවෙක්."(1971)

"සමහර විටෙක මිනිස්සු වැරදියට තේරුම් ගන්නවා මම කියන දේවල්- ඒවා මම හිතන දේවල්ය කියලා. මම කිසිම දවසක ඉගෙන ගෙන නැහැ. පෙර පාසල් අධ්‍යාපන සහතිකයක්වත් මට නැහැ. ඒ වුනාට, සමහර වෙලාවට මම දන්නවා පී.එච්.ඩී. කාරයන්ටත් වැඩිය. මොකද මම මිලිටේරිකාරයෙක්. මං දන්නව වැඩ කරන විදිහ. මම වැඩ- කාරයෙක්!!!" (1974)