යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර| ඕලන්ද කෞතුකාගාරය

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 




       
 

 
යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර|
ඕලන්ද කෞතුකාගාරය
 
   ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ කලාව, කාසි, බීරළු රේන්ද කර්මාන්තය, මුද්‍රණ ශිල්පය, රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මය, ඕලන්ද නීතිය සහ ඕලන්ද වචන ඔවුන්ගෙන් අපට උරුම වුණු දේ අතර තිබෙනවා. අගයෙන් ඉතා ඉහල ඕලන්ද කෞතුක වස්තු රැසක් අපට නැරඹිය හැකි පරිදි එක්තැන් කොට අපූරු කෞතුකාගාරයක් පිටකොටුවේ කුමාර වීදියේ පිහිටුවා තිබෙනවා.
 
17 වන සියවස අග භාගයේදි ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන් රී විසින් තමන්ගේ නිල නිවස ඉදිකරගත්තේ පිටකොටුවේ කුමාර වීදියේ. ඇත්තෙන්ම අද වන විට එම නිල නිවස යනු ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයෙ ලක්ෂණ කදිමට දැකගත හැකි අපූරු කැඩපතක්. ඕලන්ද ගෘහ නිර්මාණයේ කැපී පෙනෙන අංග වූ ලිඳක් සහිත මැද මිදුල, දැවයෙන් කල සොල්දර සහ ගඩොල් අතුරා සකසන ලද ගෙබිම දැකිය හැකියි. ඒ වගේම විශාල උළුවහු සහ දොර ජනේල්, පුළුල් සහ උස් වූ බිත්ති, විශාල ඉස්තෝප්පු, අඩ රවුම් උළු සෙවිලි කල පියසි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව පිලිබිඹු කරන තවත් දේවල්. මෙය කොළඹ නගරයේ දැනට ඉතිරිව ඇති පැරණිම ගොඩ නැගිල්ල වන අතරම ඕලන්ද කෞතුකාගාරය එහිම පිහිටුවීම ඉතා සුවිශේෂියි.


මෙම නිවස මහල් දෙකකින් සමන්විතයි. කෞතුකාගාරයේ ඉහල මාලයෙහි ඉපැරණි ලියන මේස, අත් පුටු, කැබිනට් අල්මාරි ආදිය තබා ඇත. ඒවා කලාත්මක කැටයමින් පිරි ඉතා අගනා නිර්මාණ. එමෙන්ම, ඕලන්ද තෝම්බු පිටපත්, මුද්‍රණය කොට එළි දැක්වූ මුල්ම සිංහල ග්‍රන්ථයේ මුල් පිටුවේ පිටපතක්, සිංහල රජවරු සහ ඕලන්ද ආණ්ඩුකාරවරුන් අතර පැවති ලීපි ගනුදෙනු පිටපත් සහ ඕලන්දක්කාරයින් මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින්ට පවරා දුන් ගිවිසුමේ පිටපතක් ද මෙහි ප්‍රදර්ශනයට තබා ඇති දෑ අතර තිබෙනවා.


ශ්‍රි ලංකාවට පැමිණි පලමු ඕලන්ද ජාතිකයා වූ ‘ජොරිස් වෑන් ස්පිල් බර්ජන්’ කන්ද උඩර රජු බැහැදැකීම, පෘතුගීසින්ගෙන් කොළඹ කොටුව මුදා ගැනීමට මූලික වූ ‘ජෙරාඩ් හල්ෆ්ට්’ කන්ද උඩරට රජු බැහැ දැකීම ආදි විශේෂ ඓතිහාසික සිදුවීම් මෙම කෞතුකාගාරයේ පහත මහලෙහි ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි, ඕලන්දයින් කන්ද උඩරට රජතුමාට තිළිණ දුන් සිංහාසනය දැක්වෙන ඡායාරූපයක් ද, වෙලඳාම සඳහා භාවිත කල දේශීය සහ ඕලන්ද මුදල් වර්ග ආදියත් මෙහිදි දැකගන්න පුළුවන්.

ඒ වගේම 17 සහ 18 වෙනි සියවස් වල පැවති උඩරට රාජධානියෙහි සංස්කෘතිය හා කලාව දැක්වෙන ගෘහ උපකරණ, අවි ආයුධ, රිදියෙන් සහ පබළු වලින් කල ආභරණ, මුළුතැන්ගෙයි උපකරණ, දැකුම් කළු පිගන් භාණ්ඩ ආදි කෞතුක වස්තු රැසක් ද මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.


ලන්දේසි යුගය ගැන පර්යේෂණ පවත්වන අයට මෙන්ම, ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන කොයි කාටත් මේ කෞතුකාගාරය වටිනා දැනුම් ප්‍රභවයක්. කොළඹ ආශ්‍රිතව අධ්‍යාපන චාරිකාවක නියැලෙනවා නම්, අනිවාර්යයෙන්ම මෙතැනටත් ගොඩ වී යන්නට අමතක කරන්න එපා.

(ඕලන්ද කෞතුකාගරයේ කළ සංචාරයක් සහ එමගින් නිකුත් කරන ලද විස්තර පත්‍රිකා ඇසුරිනි.)
 
Sumudu Thiwanka Gamage | සුමුදු තිවංක ගමගේ
Updated on : 2010-07-26 04:28:14 | [Tags] Dutch Museum, Petta, Sri Lanka
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
 
0 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

 

 
 
  අලුතෙන්  
 
 • නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා | රුවන්මලී
 • මෙන්න Mathemagics...! Mr. Nine සමග | චාමිනී සෙව්වන්දි
 • වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ | නීල්යා කාරියවසම්
 • අරුම පුදුම කුරුළු ගෙදර | නීල්යා කාරියවසම්
 • යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර| ඕලන්ද කෞතුකාගාරය | සුමුදු තිවංක ගමගේ
 • "මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende | තුෂාරි ප්‍රියංගිකා
 • කතා කරන මාළුවෝ | රුවන්මලී
 • මෙහෙමත් කැකිරි..! | නීල්යා කාරියවසම්
 • ඩයස් ලා සහ අපි | ඉර්සුල රාජකරුණා
 • සමුදුර සරසන - කොරල් | චාමිනී සෙව්වන්දි
 
 
  තවත් වියමන්