මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...

 
     
 
     
 

Site for Sri Lankan Literature, Arts and Politics

 
 

BLOG

 
 
Home
 

කට දිග ඇරලා කියන්න!

 

 




       
 

 
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...
 
 
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් (1867-1957)
 
වේදනාවන් දුරු වී යාවි. ආදරය සදාකල් රැඳේවි. එය දෙවියන් ගෙන් ලද තෑග්ගකි. එය නාස්තිවී යාමට ඉඩ නොතබන්න.

නිවස යනු මිහිපිට ඇති සුන්දරම වචනයයි.

අවසානයේදී ඉතා කුඩා මිහිරි දේ පමණක් ජීවිතයේ සැබෑම දේ ලෙස දැනේවි.

ඔබ ඔබේ උපරිමය කරන්නේනම් සෑම රැකියාවක්ම යහපත් වේ.

ඉතා සුලු දෙයක් හෝ ආපිට නොලැබෙන මහා විශාල අහිමිවීමක් නොමැත.

වචන සම්බන්ධයෙන් ඇති අඥානම දෙය නම් ඒවායේ අක්ෂර වින්‍යාසයයි.


ලෝරා එලිසබෙත් ඉන්ගල්ස් වයිල්ඩර් වර්ෂ 1867 පෙබරවාරි 7 වනදින මෙලොව එළිය දුටුවාය. ඒ චාල්ස් ඉන්ගල්ස් සහ කැරොලයින් ඉන්ගල්ස් මව්පියන්ට දාව විස්කොසින් මහ වනන්තරේදීය. දරු දැරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක ලෝරා දෙවැන්නිය වූවාය. ඈ එම විස්කොසින් මහ වනන්තරේ ඔවුන් ගෙවූ දිවිය පසු කලෙක සිය Little house in the big woods කෘතිය සඳහා පදනම කරගත්තාය.

ලෝරා සහ ඇගේ පවුලේ සාමාජිකයින් විස්කොසින් මහ වනය හැර දමා ඉන්ඩිපෙන්ඩන්ස් අසල මිටියාවතේ පදිංචියට පැමිණෙන්නේ ලෝරා ගේ කුඩා අවදියේය. පසුකලෙක ඈ සිය Little house on the prairie නම් නව කතාවට පසුබිම කර ගන්නේ මේ මිටියාවතේ ඔවුන් ගෙවූ ජීවිතයයි. වසර කිහිපයක් එහි දිවි ගෙවූ ඔවුහු ඉන් පසු රටේ විවිධ පෙදෙස් වලට සංක්‍රමණය වූහ. වොල්නට් ග්‍රොව්, මිනෙසොටා, ඩැකෝටා වැනි ප්‍රදේශ ඔවුන්ගේ නිවහන විය. ඩැකෝටාවේදී ඔවුහු දැඩි ශීත සෘතු දෙකකට මුහුණ දුන්හ. එයිනුත් 1880-1881 කාර්තුවේ ශීත සෘතුව ඉතා දුෂ්කර විය. ඒ පිළිබඳව ඈ සිය The long winter නම් කෘතියේ සඳහන් කරන්නීය. ඩැකෝටාවෙහිදී ඇය පාසලකට ඇතුලුවූවාය. බොහෝ මිතුරු මිතුරියන් පිරිවරාගෙන ඉතා ප්‍රීතිමත් දිවියක් ගෙවූ ඇයට පසුකලෙක සිය ස්වාමි පුරුෂයා වූ අල්මන්සෝ වයිල්ඩර් මුණගැසෙන්නේ එහිදීය.


වයස 16 දී ලෝරා ගුරුවරියක ලෙස සේවයට බැඳුනාය. ඉගැන්වීම ඇයට එතරම් ප්‍රිය නොවූ නමුත් පවුලේ ආර්ථිකයට ශක්තියක් වීම සඳහා කාන්තාවන් ට රැකියාවන් ඉතා දුලබ වුනු එකල ඇය කෙසේ හෝ වාර තුනක් ඉගැන්වීමේ යෙදුනාය. වර්ෂ 1885 අගෝස්තු 25 වන දින ඇය අල්මන්සෝ සමග විවාහ වූවාය. ඉන්පසු ඇය ගුරු වෘත්තියෙන් ඉවත් වූවාය. ඔවුන්ගේ ජීවිත වල මුල්භාගය සතුටින් සාර්ථකව ගතවිය. 1886 දෙසැම්බර් මස 5 වනදින ඔවුන්ගේ කුළුඳුල් දියණිය "රෝස් වයිල්ඩර්" මෙලොව එළිය දුටුවාය. එනමුත් ඉක්මනින්ම අවාසනාව ඔවුන් කරාද පැමිණියේය. ඩිෆ්තීරියා රෝගයට ගොදුරු වූ අල්මන්සෝ අර්ධ වශයෙන් අංශභාග තත්වයට පත්විය. කලක් යනවිට ඔහු සුවපත් වුවද ජීවිතයේ ඉතිරි කාලය පුරාවටම හැරමිටියක ආධාරයෙන් ඇවිදීමට ඔහුට සිදුවිය. ඔවුන්ගේ නිවහන සහ ගොවිපළ ගින්නෙන් විනාශ විය. දීර්ඝ කාලයක් පැවති නියඟය නිසා ඔවුහු දැඩි ආර්ථික දුෂ්කරතාවලටද මුහුණ දුන්හ. ඔවුනගේ විවාහයේ මුල් වසර හතර පිළිබඳව "The first four years" නම් කෘතියේ දැක්වෙයි. මෙම කෘතියේ අත් පිටපත සොයා ගැනුනේ රෝස් වයිල්ඩර් (ලෝරා ගේ දියණිය) ගේ මරණයෙන් ද පසුවය. එය 1971 දී මුද්‍රණය විය.

1890 දී ලෝරා සහ අල්මන්සෝ මිනෙසොටා හි පිහිටි ලෝරාගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණියෝය. එහි වසරක් පමණ ගත කිරීමෙන් පසු ඔවුහු ෆ්ලොරීඩාවට ගියහ. නමුත් එහි දේශගුණය අල්මන්සෝට අහිතකර වූ බැවින් ඔවුහු යලිත් ඩිස්මෙට් බලා ආවෝය. එහිදී අල්මන්සෝ කම්කරුවෙකු ලෙසත් ලෝරා ඇඳුම් මසන්නියක ලෙසත් කටයුතු කරමින් නව ගොවිපලක් සඳහා මුදල් එකතු කළහ. ඉතා දැඩි සේ දුක් මහන්සි වී එකතු කල මුදලින් ඔවුහු "රොකී රිජ්" නම් අක්කර 40 ක ගොවිපළක් මිලදී ගත්හ. මුලදී ගොවිපළෙන්ද ඔවුනට ප්‍රමාණවත් තරමේ ආදායමක් නොලැබුන නිසා ඔවුහු ළඟ පිහිටි නගරයක නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගියහ. එහිදී අල්මන්සෝ තෙල් විකිණීමේ වෙළඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කල අතර ලෝරා සිය නිවසේ නවාතැන්පලක් පවත්වාගෙන යමින්ද දුම් රිය කම්කරුවන්ට ආහාරපාන ආදිය සපයමින්ද ජීවිකාව සරි කර ගත්හ. පසු කලෙක ඔවුහු යළිත් රොකී රිජ් වෙත පැමිණියහ.


කලක් ගතවන විට රොකී රිජ් ගොවිපල තරම්ක් සශ්‍රීක ස්ථානයක් බවට පත් කරගැනීමට වයිල්ඩර් දෙපළ සමත් වී සිටියහ. ඔවුනගේ දියණිය රෝස් වයිල්ඩර් ලේඛන කලාවට දස්කම් දැක්වූවාය. ලෝරාද දියණිය හා එක්ව තමාගේ ජීවන අත්දැකීම් අලලා නිර්මාණ බිහිකිරීමට උත්සුක වූවාය. මෙකල ඇයට "Missouri Ruralist" නම් ප්‍රකාශනයට ලිපියක් ලිවීමේ ආරාධනාව ලැබුනි. ඉන් මතු ඇය එම ප්‍රකාශනයේම තීරු ලිපි රචිකාවියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද ලැබුවාය. පසුකලෙක එහි කතෘ ධූරයද හෙබවූවාය. 1920 දශකයේ අගභාගයේදී ඇය මිසූරි රූරලිස්ට් හි තනතුරෙන් ඉවත්වූවාය.1930 දී ඇය සිය ළමා කාලය අලලා රචිත ප්‍රථම ග්‍රන්ථය වන “Little house in the big woods " රචනා කරන්නීය. ඉන් ලද සාර්ථකත්වයෙන් දිරි ගෙන ඇය සිය සොහොයුරිය කේරි ගේද සහය ඇතිව දිගටම සිය මතකයන් අලලා ග්‍රන්ථ රචනාකරණයේ යෙදෙන්නීය. Litle house on the prairie ,On the banks of plum creek, The long winter, These happy golden years වැනි ඇගේ අතිශයින්ම ජනප්‍රිය කෘතීන් 1930 ත් 1945 ත් අතර කාලයේදී සුවහසක් වූ පාඨකයන්ට රසවිඳීමට ලැබුනි. ඉන් නොනැවතී ලොව පුරා විවිධ භාෂාවන් ගණනාවකට පරිවර්තය වෙමින් අද දක්වාම මුද්‍රණය වෙමින් පවතී.

ජීවිතයේ අනේකවිද බාධා හමුවෙහි නොසැලී තමාගේත් තම ආදරණීයයන්ගේත් දිවි සුරක්ෂිත කිරීමට ගත් වෑයම තම සුන්දර ළමා කාලයේ මිහිරි මතකයන් සමග මුසුකරමින් ලොවපුරා සිය දහස් ගණනක් වූ පාඨකයන්ට ආදරණීය සොහොයුරියක වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, 1957 පෙබරවාරි 10 වනදින මෙලොවින් සමුගත්තාය.
 
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
Updated on : 2010-07-26 02:50:31 | [Tags] Laura Ingalls Wilder, Author of Little house on the prairie
Bookmark and Share
 
Comments|ප්‍රතිචාර
 
[Nimmi] මෙහෙම කියනවා :
sthutiyi anushka me apuru gahaniya gana sihipath keruwata
කිවුව වෙලාව- 2010-08-02 03:12:10
 
[Rushika] මෙහෙම කියනවා :
ආදරය, කරුනාව, දුක හා සතුට බෙදා ගත්
අසාධාරණයට එරෙහිව නැගී සිටි කුඩා ගොවි පවුලක්

අතීත මතකයන්ගෙන් බිදක්...
කිවුව වෙලාව- 2010-07-28 13:15:16
 
[WIJITHA] මෙහෙම කියනවා :
maxa
කිවුව වෙලාව- 2010-07-27 02:11:54
 
[Nisal Alwis] මෙහෙම කියනවා :
ya...
Little house on the prairie
was one of the best stories I ve ever watched.
කිවුව වෙලාව- 2010-07-26 21:11:07
 
[wathsala] මෙහෙම කියනවා :
me api podi kale balapu kathawak neda?
කිවුව වෙලාව- 2010-07-26 10:22:20
 
 
5 Comment(s)|ප්‍රතිචාර
 

Your Comment[*]:
 
 
 
 
Your Name[*]:  
URL:  
   
 

[Best viewed in 1152 X 864 Screen Resolution]

w w w . b o o n d i . l k

boondionline@gmail.com

    කවරයේ කතාව  
 
 
 

 
     
මහත්වරුනි,
තීරණාත්මක මොහොත එළැඹී තිබේ.
 
ආශ්චර්යයක් සිදුනොවුණහොත්, මේ සතිය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගන්නවා ඇත. ඒ සමගම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සඳහා ගමනෙහි මීළඟ පියවර ඇරඹෙනවාද ඇත. මුළු මහත් ලාංකේය සමජයම නින්දාසහගත නිහඬතාවක ගල්වනු ලැබ තිබියදී, මේ සතියේදී
 
සෙස්ස අස්සට
 
 
 

 
 
  අලුතෙන්  
 
 • මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා... | අනුෂ්ක තිලකරත්න
 • ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්... | අනුෂ්ක තිලකරත්න
 • ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා | අනුෂ්ක තිලකරත්න
 • ආලෝක මිනිසා!!! | අනුෂ්ක තිලකරත්න
 • මහ පොළොවට ආදරය කළ මිනිසා | අනුෂ්ක තිලකරත්න
 • මිලිනව සැඟව ගිය ආකාස කුසුම | අනුෂ්ක තිලකරත්න
 • හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875) | අනුෂ්ක තිලකරත්න
 • මොහොමඩ් අලී (1942-) | අනුෂ්ක තිලකරත්න
 • චාලි චැප්ලින් (1889-1977) | අනුෂ්ක තිලකරත්න
 • නෙල්සන් මැන්ඩෙලා (1918-) | අනුෂ්ක තිලකරත්න
 • මායා ඇන්ජෙලෝ (1928-) | අනුෂ්ක තිලකරත්න
 • ඒබ්‍රහම් ලින්කන් (1809-1865) | අනුෂ්ක තිලකරත්න
 • ජිඩ්ඩු ක්‍රිෂ්ණමුර්ති (1895-1986) | අනුෂ්ක තිලකරත්න
 • මාර්ටින් ලූතර් කින්ග් (1929-1968) | අනුෂ්ක තිලකරත්න
 • රොබර්ට් ෆ්‍රොස්ට් (1874-1963) | අනුෂ්ක තිලකරත්න
 • ලියොනාර්ඩ් කොහෙන් (1934-) | අනුෂ්ක තිලකරත්න
 • ගිල්බර්ට් කීත් චෙස්ටර්ටන් (1874-1936) | අනුෂ්ක තිලකරත්න
 • හොනොරේ ඩි බල්සැක් (1799-1850) | අනුෂ්ක තිලකරත්න
 • චාල්ස් බව්ඩෙලෙයර් (1821-1867) | අනුෂ්ක තිලකරත්න
 • විස්ටන් හියු ඕඩෙන් (1907-1973) | අනුෂ්ක තිලකරත්න
 
 
  තවත් වියමන්