|
| Comments|ප්‍රතිචාර |
| |
|
|
[Isuru chama somaweera]
මෙහෙම කියනවා :
|
| Koobiyo me sammuka sakachchwa pariwarthanaya kalaata sthoothi. Sugathapalada silva mahaththaya funny boy sinhalata daala eeka mulinma sarasavi poth kadeta aapu dawasema potha aran gihin eka husmata kiyawapu heti mata thaama mathakai, passe mama shayamge anith poth eliyata aawa gama amaruwen English wachana galapa galapa kiyawapu heti mata mathak wenawa. Shamyam eka dhaarawak. mama me polowe hitaganne mata one thenada anith ayata one thenda kiyala hitha hitha inna kaale thama funny boy eliyata awe. Eka mage jeewithe samahara theerana walata eliyak sepayuwa. Shyaam katha karana eth eyage looketa maga herena ihala madyama paanthika nowana, pahala madyama panthiye saha wedakarana panthiye samalingika jeewithawala thwa warna padaasa bohomai. Ewa andakaarai, kaatawath penne ne. Eth ewa thiyanawa. Jeewath wenawa , Shyamge swimming in the monsoon sea kiyawapuwama eka funny boy pahu karala adiya thiyala thiyenne issarahata neme passata kiyala mata hithuna. Funny boy wala nirwayjthwaya wenuwata mokaddo etawillak ekata ringala. Eth shayam eyage funny boy haraha wihidewwa eliya harima prbalai. |
| කිවුව වෙලාව- 2010-07-28 05:25:57 |
| |
|
[thimbiriyagama bandara]
මෙහෙම කියනවා :
|
| mehema hithana minissu hungak innawa nam lokaya meeta wada lassana wei. |
| කිවුව වෙලාව- 2010-07-28 03:00:05 |
| |
|
[ලොකු]
මෙහෙම කියනවා :
|
මටත් හිතෙන්නේ හොටබරියා කියන වචනයේ අපුලක් නැති ය කියාලයි. මේ පිරුළ මම දන්නා තරමින් සිංගල පිරුලක් නොවෙයි. බටහිරින් ආ කතාවක් උනත් ඒකත් මේ පොත ලියවෙන තුරුත් අපේ සිංහල කියවන්නන් අතර සාමාන්‍යයෙන් භාවිතා වුන පිරුලක් කියා මම හිතන්නේ නැහැ.
නොසිදුවෙන දෙයක් ගැන 'බටහිරින් ඉර පායයි', 'මෝල් ගහෙත් දළු දමයි', කූඹියා කවියක් ලියයි, වගේ යෙදුම් තමා අපේ අතර වඩා ප්‍රචලිත.
මේ රටේ, කැනඩාවේ නම් මේක කටවහරේ යෙදුමක්.
ඊලඟට මට හිතුණේ අර්ජිගේ අම්මා මේ කතාව කියන්න ඈත්තේ ඉංග්‍රිසියෙන් මිස සිංහලෙන් නොවෙයි කියාලයි. පොත කියෙව්වේ සෑහෙන කාලෙකට කලින් නිසා අමතකයි පොතේ එන සිද්ධින් හා වාතාවරණය.
මගේ තුට්ටු දෙක.
-ලොකු
@BLIve
|
| කිවුව වෙලාව- 2010-07-27 21:43:40 |
| |
|
[Manel Fernando]
මෙහෙම කියනවා :
|
I read this book about 15 years ago, burrowed from a friend. I really liked it. I still remember how Shyams’ rich prose and style carried me through those pages, along with the gently spiced humour. Capturing the political as well as the personal situations [family life, the intimacies and exchanges] in Arji’s world mesmerized me.
It is a marvelous first novel, about growing up gay in a country, which doesn’t approve of such a thing [or reluctant to approve of such things?].
Too bad I don’t have the book with me to read it again. Also haven’t had a chance to read his other books either.
This ‘hotabari’ and ‘uuru’ kathaa… I don’t think much about it. [haven’t read the Sinhala translation at all anyway…] Yet I think, the word Hota bariya is cuter than uura. :)
@BLIve |
| කිවුව වෙලාව- 2010-07-27 21:19:41 |
| |
|
[Hashitha]
මෙහෙම කියනවා :
|
වචනෙ වැරදි නෑ බං,
මේක එන්නේ කොළඹ නාගරික මැද පංතියේ දෙමළ පවුලක කතාවක්. එහෙම පවුලක අයගෙ කටට හොටබරි වගේ වචනයක් දාන එකේ අවුලයි මට දැනෙන්නේ. ඕක එහෙම්ම පිටින් විදේශික පොතක පරිවර්තනයේ තිබුණා නම් අවුලක් නෑ. මට අර ඉන්ගිරිසි එකේ තියෙන මෙව්වා එක දැනෙන්නේ නෑ ඔය වචනෙ.
මම පොත මිළදී ගත්තෙ නැත්තේ ඒ වචනෙ නිසා |
| කිවුව වෙලාව- 2010-07-27 03:07:39 |
| |
|
[Koombiya]
මෙහෙම කියනවා :
|
ඌරු හොටබරි කතාව සමග බැඳේ.
සුගත්ගේ බස අමුතුයි නේ කොහොමත්? මරාසාද් බලන්න. මං හිතන්නෙ මරාසාද් වගේ අමාරු පෙළක් සිංහලට දාන්නත් එහෙම අමරු ප්ලේ එකක් ස්ටේජ් එකට ගේන්නත් මනුස්සයෙක් ''මාර'' වෙන්න එපැයි. මම ඉංගිරිසියෙන් මේක බලල නෑ. දැන් ඔය මාලතී ගෙ විස්තරේ දැක්කහම සුගත් මිස් කරපු කොටස් ගැන කුතුහලයක් එනවා. ටැබූගෙ ලියමනේ ලින්ක් එක එවනවද රසික. රමිඳු මල්ලිත් මේක ගැන ලියල තිබ්බා.
සුගත් සාමාන්‍යයෙන් අපි ''නැගිට්ටේය.'' කියලා කියන එකට ලියන්නේ ''නැංගේය'' කියලා. ඒ වගේ විශේෂ යෙදුම් හුඟක් මේකෙ තියනවා.
හොටබරියා කියන වචනය වැරදිද මට උඹලා කියන දේ දුරයි. |
| කිවුව වෙලාව- 2010-07-27 02:53:06 |
| |
|
[Kalpana Ambrose]
මෙහෙම කියනවා :
|
:) Dear Rasika Ayya,
I haven't thoroughly gone through the Sinhala translation but according to my opinion it was a great work as any other works of Sugathapala de Silva, the genius in the field.I may guess why Taboosubject has made that comment. (this might be a wrong guess yet I too identified this gap in the second work) Some narrations, especially the places where Argy and Shehan make love, the transator has not gone to a word to word translation. He had summarized those sexual descriptions. I don't see any negative impact of it though, as far as it hasn't affected the holistic picture.
Apart from that I too prefer the word ඌරා rather than the word හොටබරියා as highlighted by Hashitha ayya. (May be Koomb might get angry as this හොටබරියා word is so much loved by him :) )
So, shall forget about the second translation. :)
But one more thing to say which I forgot to mention in my previous comment.
As Koomb has said , the book deeply describes the racial conflict took place in July, 1983 and its impact on the local Tamils in Sri Lanka-Colombo, how they suffered, how their lives were scattered , no matter how well they were doing but how they lost their inheritance and left the native land as refugees.
Great if many of you can find and read the book. |
| කිවුව වෙලාව- 2010-07-27 02:39:58 |
| |
|
[Hashitha Abeywardana]
මෙහෙම කියනවා :
|
| මේ පොතේ මම ආසම දේ තමයි, මාලනී ෆොන්සේකා හා කතා නායකයාගේ නැන්දලා ගැන තියෙන ඡෙදය. PIG හොටබරියා විදිහට පෙරලීම මේ පොතේ තේමාව එක්ක ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ඌරන්ට පුලුවන්ද පියාඹන්න, ඌරෝ පියෑඹුවේ කවද්ද, ඌරන්ට පියාඹන්න බෑ වගේ යෙදුම් ඊට වඩා සරලයි කියලා මට හිතෙනවා. |
| කිවුව වෙලාව- 2010-07-26 23:01:38 |
| |
|
[Rasika Suriyaarachchi]
මෙහෙම කියනවා :
|
I have not read the original or the translation. Recently Taboosubject blogger said in one of his posts that Sugathapala de Silva has not been able to do justice to the original in his translation.
Apparently, Sugathapala de Silva was in his death bed when he completed this job.
Kalpana - there is still a possibility for a second translation - perhaps.
@BLIve |
| කිවුව වෙලාව- 2010-07-26 23:01:23 |
| |
|
[Koombiya]
මෙහෙම කියනවා :
|
කල්පනාගේ පරිවර්තනය කෙබඳු විය හැකිව තිබුනාදැයි කල්පනා කරමි!
එම රහස හරි වැදගත් ය!
ෂ්‍යාම් හොටබරියන්ට පියාඹන්නට බැරි බව අර්ජිගේ අම්මාගේ මුවට නංවන්නේ පොතේ ප්‍රමුඛ අඩංගුව වන ලිංගිකත්වය ගැන කියන්නට නේද? එහෙත්, මට හිතෙන්නේ සමකාමීන් පියාඹන්නට බැරි ''දෙමළුන්ට'' වැඩිය වාසනාවන්ත බවය! හොටබරි උපමාවම පොතෙන් කතා කරන අනික් අඩංගුව; එනම් දෙමළ ප්‍රශ්නයට යොදා කියවූ විට නැගෙන අරුත ගැන ද සිතිය යුතු නොවේද?
ෂෙහාන් සමග අර්ජිගේ පළමු ලිංගික එක්වීම දක්වා, අර්ජිත් නොදන්නා අර්ජි තුළ ගොඩ නැගෙමින් එන මොකද්දෝ හැඟීම කතාව තුළ වර්ධනය කරන හැටි පුදුම සහගතය. එකී ලිංගික හැසිරීම පිළිබඳ සංයමයකින් යුතුව කියන්නට ඔහු වියදම් කරන වචන බලන්න.
සිංහල පරිවර්තනයේ සුගත්ගේ බස මට තේරුම් ගත හැකි තරමට අති විශිෂ්ටය. සුගත් පරිවර්තනය සඳහා ෆනී බෝයි තෝරා ගැනීමම විශිෂ්ටය. |
| කිවුව වෙලාව- 2010-07-26 02:33:18 |
| |
|
[Malathie Kalpana Ambrose]
මෙහෙම කියනවා :
|
ශ්‍යාම් ගේ පොතෙහි පිදුම මට මතක ලෙස මෙසේය.
-For my parents who believe that “pigs can fly-
රහසක් බෙදා ගනිමි. පාසල් සිසුවියකව මා කිය වූ මේ පොත සිංහලයට පරිවර්තනය කිරීමට ඒ දිනවල මට ඉමහත් වුවමනාවක් ඇතිවිය. උනන්දුව කොතෙක් ද යත් පරිවර්තන කාර්යය පිළිබඳ ‘අ’ යන්න වත් නොදැන පරිච්ඡේද දෙකක් පමණ පරිවර්තනය ද කළෙමි. එහෙත් ටික කලකට පසු (මට දැන් කාල පරතරය අමතකය) එය සුගතපාල ද සිල්වා නම් මහා සාහිත්‍යඥයා අතින් පරිවර්තනය වී පාඨකයා අතට පත් විය. (කාගෙත් වාසනාවට :) )
කූඹියාට මේ ලිපිය පරිවර්තනය කිරීම ගැන මා ස්තුතිවන්ත වන්නේ මෙතැනදීය. එය මට අනුව නම් පොත පිළිබඳව අප තුළම සිදු කරන පසු විපරමකි..(An impact review after many years)
මා අද සිතන්නේ එදා ඒ පොත පරිවර්තනය කිරිමට තරම් මට සිත් දීමට තිබුණු සුවිශේෂත්වය කුමක්ද යන්නයි...
බහුතරයක් අයත් වන පසුගාමී සංස්කෘතිය තුළ තුළ කෙවිටෙන් ගෙන බැහැර කෙරෙන "ගැරඬි කුණක්" වූ, සමලිංගිකත්වය වැනි කාරණා දෙස මානූෂිකව බලන්නට මා තුළම තිබූණු සද්චේතනාව නිශ්ඨාවන් බවට පත්කොට මැදහත් මගක් ගන්නට මට land mark එකක් වූයේ මේ පොතයි.
කොළඹ ඉහළ මධ්‍යම පාංතික සමාජය ඉතා පොහොසත් ලෙස විවරණය කරන මේ පොත ලිංගිකව වෙනස් ආශයන් සහිත ජීවිතයක උරුමකම් සේම අභ්‍යන්තර හැඟීම් ද මනාව චිත්‍රණය කොට ඇත. ඉනිදු ඔබිබට යමින් විවිධ සංස්කෘතික කොටු තුළ හිරවෙමින් අනෙකා විවේචනය කරන , විනිශ්චය කරන සමාජයකට මේ සංසිද්ධියේ ඇති ස්වභාවික මානුෂික බව මෙතරම් අව්‍යාජ ලෙස ඉදිරිපත් කළ හැක්කේද කතුවරයාට තමන් වෙනුවෙන් පෙනී සිටීමට ඇති ආත්ම ශක්තිය මෙන්ම එවන් මැදහත් සමාජ පසුබිමක ජිවත් වීමේ භාග්‍යයයද හිමි නිසාය.
පවුල තුළ ද සමාජය තුළ ද ගෝත්‍රිකව පිළිගන්නා දෙයකින් වෙනස්ව කවර පියවරක් තැබුවද, සම්මතය ප්‍රශ්න කරමින් ‘ඇයි?’ යන පැණය නගන විට එසැණින්ම ප්‍රශ්න නගන්නාට එරෙහිව අමෝරා ගන්නා ඒ සාම්ප්‍රදායික අදහස ශ්‍යාම් Funny Boy හි rhythmically කියා ඇති අයුරු මට කිසිදා අමතක නොවන ලෙස කට පාඩම් විය.
“You can’t play with the girls..”
‘But why mummy? “
"Why?
Because the sky is so high,
And the pigs can’t fly.
That's why…!"
____________________
Let’s wish for a world which believes and accepts that the pigs also can fly.!
@BLive |
| කිවුව වෙලාව- 2010-07-26 02:10:17 |
| |
|
[Ruwan Manawadu]
මෙහෙම කියනවා :
|
"Why?
Because the sky is so high,
And the pigs can’t fly.
That's why…!"
@BLive |
| කිවුව වෙලාව- 2010-07-26 02:09:05 |
| |
| |
| 12 Comment(s)|ප්‍රතිචාර |
| |
|
|