BOONDI.LK| අදහස් බූන්දි| යූ.එන්. දොරකඩ දැන් පෙන්නන ගරා යක් නාඩගමේ හංගපු ඇත්ත ටික!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
  තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
මහාවංශය හොල්මන් කිරීම | තිසරණී ගුණසේකර
ප්‍රතිචාර[4]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
යූ.එන්. දොරකඩ දැන් පෙන්නන ගරා යක් නාඩගමේ හංගපු ඇත්ත ටික!
ප්‍රතිචාර[0]
බූන්දි| | 00:39:15
ඔන්න, දැන් අපේ කට්ටියට මාධ්‍ය පොරවල් වෙන්න හොඳපොටක් පෑදිලා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානේ මහලේකම්වරයා විසින් පත් කරන ලද මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධ විමර්ශන කොමිසම සහ යුරෝපා සංගමය විසින් GSP+ සහනය නැවත ලබාදීමට නම් ක්‍රි‍රයාත්මක කළයුතු කොන්දේසි 15 ක් ඉදිරිපත් කිරීමත් සමඟය. දේශ හිතේෂී අයියලා සියල්ලෝටම එල්ලෙන්න මාධ්‍ය වැලක් නැතිව හිටිය මේ කාලේ-

මෙහෙම චාන්ස් එකක් අරන් දීපු එක ගැන බෑන් කීං මූන්ටයි, යුරෝපා සංගමයටයි පින් දෙන්ඩ ඕනේ... ගංවතුර, බඩුමිල ඉහළයාම, අයිෆා අසාර්ථකවීම ආදියෙන් රෙදි ගැලවිලා හිටපු මාධ්‍ය චරිතවලට මේක හොඳම අවස්ථාවක්... හදිසියේ නින්දෙන් ඇහැරුනා වගේ හොඳ හෝටලයක් අල්ලගෙන මාධ්‍ය සාකච්ඡාවක් තියලා, මේ ඔක්කොම අධිරාජ්‍යවාදී බටහිර ක්‍රමණ්ත්‍රන කියලා උගුර ලේ රහ වෙනකන් කෑගහන්ඩ යූ. එන් එක ඉස්සරහා මාරාන්තික උපවාස කරන්ඩ මරුම චෑන්ස් එක!

විමර්ශණ කොමිසමයි, යුරෝපා සංගමයේ කොන්දේසි පිටින් දාලා මිල පහත බසිමින් තිබෙන දේශප්‍රේමී මැෂිම හොඳ ගණනකට විකුණගන්න හොඳම අවස්ථාවක් වගෙම තවත් කට්ටියකට ඕන්නම් පුළුවන් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න එක වෙන්න. තවත් කට්ටියකට පුළුවන් රෙදි ගැළවුණු ආණ්ඩුවට දේශප්‍රේමී කසී සළු අන්දවල හොඳ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරන්න. එහෙමත් නැතිනම් රටේ ස්වාධිපත්‍යයට මේ අවස්ථාවේ බරපතල තර්ජනයක් තියෙනවා කියලා "අපි වෙනුවෙන් අපි වෙමු" වගේ අරමුදලක් හරි බටහිර කුමණ්ත්‍රන පරදවමු වගේ බැනර් ටිකක් ගහලා පිටකොටුව පැත්ත වනසන්න...

නැත්නම් කැලණියේ සීටීබී බස් ටිකක සෙනඟ පුරෝගෙන ඇවිල්ල කොල්ලුපිටිය යුධ පිටියක් කරන්න වගේම මේ දවස් වල දත කට පූට්ටු වෙලා ඉන්න ගරු ඇමතිතුමන්ලගෙ කටවල් වල හිරි ඇර ගන්න හොඳම අවස්ථාවක් ඇවිල්ල... නැත්නම් ජැක්සන් වගේ අයට පුළුවන් වෙයි, මේ වගේ බලපෑම්වලට අතීතයෙදි මුණ දුන් ආකාරය ඉතිහාස ආශ්‍රයෙන් විග්‍රහයක යෙදෙන්න. ඒවාට මුණ දුන්නේ මේ මෙහෙමයි කියලා ජීප් එකක වේගයෙන් ඇවිල්ලා වෙරළක් දිගේ දුවලා කෑමොර දෙන්නත් පුළුවන්...

ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ...? මෙහි අවසන් ප්‍රතිඵලය කුමක්ද...? මෙය අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්ද? අපේ ජනතාවට මාර අහිතකර මේ කොන්දේසිද? මේවා ක්‍රියාත්මක කලොත් අනිවාර්යයෙන් අපිට කශේරුකාවක් නෑ කියලා දැනගනීද? අපිට යුරෝපය කෙළියොත් අපිත් කෙළිමුද? ආදී අනෙක විඳ ප්‍රශ්ණ රැසක් අපි හමුවේ පවතී. ඇත්තටම යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි රටේ ස්වෛරීත්වයට හෝ මහජනයා වෙත හානියක්ද ගෙන එයිද?

නමුත් සත්‍ය කාරණය දේශප්‍රේමීන් මේතරම් රෙදි උස්සගෙන කෑගසන්නේ මෙම කොන්දේසි හරහා අහිමි වන්නේ ඔවුන්ට හොරකමට මැරකම්ට ඇති 'ස්වෛරීත්වය' වන නිසාය.

මේ තරම් කෑගසන මේ කොන්දේසි මොනවාද?

ඉන් ප්‍රධානම කොන්දේසිය වන්නේ 17 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ක්‍රියාවට නැංවීමයි.

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රි‍යාත්මක කළහොත් මෙරට ස්වෛරීත්වය අහිමි වෙනවාද?

17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ චන්ද්‍රිකාගේ ආණුඩව වැටෙන්නට නොදී ජවිපෙ සහය දුන් පරිවාස ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනය හරහාය. එදා එයට උඩ පැන අත ඉස්සූවන් අතර වර්තමාන ජනාධිපතිවරයා, දැන් මෙයට තදින්ම විරුද්ධතාවය ගෙනෙන දේශප්‍රේමී විමල් වීරවංශ ඇමතිවරයා ද වෙයි. ඒදා ස්වාධිපත්‍යය හානි නොවූ 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද රටට හානියැයි ඔවුන්ම කීම කෙතරමි විහිළුවක්ද?

එදා ඔවුන්ම සම්මත කරගත් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය සහ මැතිවරණ කාර්යාලය දේශපාලනයෙන් බලපෑමෙන් මිදි ස්වාධීන ආයතන බවට පත්වීම මෙදා රටේ ස්වාධිපත්‍යයට හානිගෙන වෙන්නේ කෙලෙසද...?

17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ ජනතාවගේ ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙනි. දේශපාලපාලනයෙන් මිදී සුපිළිපන් ආයතන බවට ඉහත ආයතන පත්වීම මේ දේශප්‍රේමීන්ට දරාගත නොහැකිව ඇත. ඔවුන් මේ කෑගසන්නේ ඉහත් ආයතනවලින් තමන්ගේ බලය ගිලිහීයාමට විරුද්ධව මිස අන් කිසිවක් නිසා නොවේ.

යුරෝපා සංගමය ඉදිරිපත්කර ඇති අනෙක් කොන්දේසි අතර මිනිසුන් අත්අඩංගුවට ගනීමට හැකි දරුණු නීති ඉවත් කිරීම සහ මාධ්‍ය නිදහස යළි ස්ථාපන කිරීමයි.

යුරෝපා සංගමය මෙම කොන්දේසිය ඉදිරිපත් කර ඇත්තේ මේ මොහොත් වන විට ශ්‍රී ලංකාව තුළ ඉවක් බවක් නොමැතිව රාජපක්ෂ ආණ්ඩුව සිදුකරනා විරුද්ධ මතධාරී දේශපාලකයන්, මාධ්‍යවේදීන්, කම්කරු නායකයන්, ශිෂ්‍ය නායකයන් මර්දනය හේතුවෙනි. ත්‍රස්තවාදය මර්ධනයට යැයි කියා පැනවූ නීති අදවන විටි භාවිත කරන්නේ තමන්ගේ මතයට හිස නොනමන සියල්ල පාලනය කිරීම සඳහාය. යුරෝපා සංගමයේ කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ රටේ ජනතාවගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙනි.

එයින් රටේ ස්වෛරීත්වයට හානිවන්නේ කෙළෙසද?

අනෙක් කොන්දේසිය වන්නේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් වෙනුවෙන් නීතිය ඉදිරියේ සාධාරණත්වය ඉටුකිරීමයි. අපේම ජනකොටසක් වන ඔවුන්ට සාධාරණය ඉටුකිරීම රටේ ස්වෛරීත්වයට හානිවන්නේ කෙළෙසද?

අනෙකුන් කොන්දේසි සියල්ලද ජනතාවගේ හිත සුව පිණිසම ඒවා මිස රටේ ස්වෛරීත්වයට හානිවන්නේ වන කොන්දේසි නොවේ. මේ කොන්දේසි සියල්ලෙන් අහිමිව යන්නේ ආණ්ඩුවට හොර මැර කම් කිරීමට ඇති අවස්ථාය. දැන් තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුව මේ කොන්දේසි ඉටුකිරීම සුදානම් නැත. ඒ වෙනුවට චණ්ඩි පාට් දමමින් සිටී. GSP+ අහිමි වීම හරහා මෙරටට විශාල පිරිසකට සෘජු සහ වක්‍ර ලෙස රැකියා අහිමිවීමේ දැඩි අවධානමක් පවතී. ආණ්ඩුවට ඔවුන්ට දෙන්නට විකල්පද නැත.

රැකියා අහිමි වූ විටෙක උද්ඝෝෂණ කලහොත් හොත් වෙනයම් ක්‍රියාමාර්ගයකට යොමුවුහොත්, ඔවුන් දේශදෝහීන් ලෙස නම් කිරීමට බැරි නැත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පිහිටුවන ලද කොමිසම සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. මූලිකවම මෙම මෙවැනි තත්ත්වය රටට උදාවීමට සෘජු ලෙසම බලපානුයේ රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ පවත්නා දියාරු ස්භාවය සහ දැන් ශ්‍රී ලංකාව තුළ පවත්නා මානාව හිතවාදී නොවන, ප්‍රජාතන්ත්‍රවාදී නොවන කි්‍රයාකලාප හේතුවෙනි. මානව හිමිකම් කඩවීම් විමර්ශන කොමිසම පත්කළ විගස ශ්‍රී ලංකා ආණ්ඩුව කළයුතුව තිබුණේ එම කොමිසම හා සහයෝගයෙන් කටයුතු කර මෙටට වැටෙන්නට යන කලු පැල්ලමෙන් රට මුදවාගැනීමයි. එසේ නොමැතිව අන් රටවල් හා එකට එක කිරීමෙන් මෙම තත්ත්වය තවත් අවුල් ජාලාවක් කර ගැනීම නොවේ. මෙවැනි අවස්ථාවක කළ යුතු කාර්ය භාරය පසෙක තබා තමන් පොරවල් වීමට දැඟලීමෙන් රටට දෙයියන්ගේම පිහිට ලැබෙනු ඈත. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ලේ රහ වෙන්නට කෑගැසුවාට පලක් වන්නේ නැත. මහජාතිකවාදයෙන් මිදී ජාතීන් අතර සැබෑ සංහිදායාවක් ඇති කිරීමට කටයුතු කර ලෝකයට පෙන්විය යුතුය. එසේ නොමැතිව කටමැත දෙඩීමන් පමණක් ඵලක් නොමැත.

ජාත්‍යන්තරය විසින් මෙරටේ ස්වාධිපත්‍යයට අතපොවනවා යැයි කෑමොර දුන්නට ජාත්‍යන්තරයට ඉදිරියේ රටේ ස්වාධිපත්‍යයේ රෙදි ගලවන්නේ කැමොර දෙන මේ ජාතිවාදී ආණ්ඩුමය. යුධ සමයේදී සිදුවූ හා ඉන් පසුව සිදුවූ මානව හිමිකම් කඩවීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනයන්, මාධ්‍ය මර්ධනය ආදී රාජපක‍ෂ ආණ්ඩුවේම නොකටයුතුම් හේතුවෙන්ම මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය හැල්ලුවට ලක්වී ඇත.

විශේෂයෙන්ම එකසත් ජාතින්ගේ මහලේකම්වරයාට උපදෙස් සැපයීමට පිහිටවූ මෙම විමර්ශන කොමිසමේ සාමාජිකයන් ලෙස පත්කොට ඇත්තේ මැලේසියාවේ හිටපු නීතිපතිවරයෙකු වන මාර්සුකි දරුස්මාන්, දකුණු අප්‍රිකාවේ සත්‍ය කොමිසමේ සාමාජිකාවක් වන යස්මින් සුකා සහ ඇමෙරිකානු නීතිඥවරයෙකු වන ස්ටීයවන් රැල්ට්නර්ය යන මහත්ම මහත්මීන්ය. ඔවුන් විසින් යුධ සමය අඟ භාගයේදී සිදුවූ බව කියන මානවහිමිකම් සම්බන්ධව සොයාබලා මහලේකම් වෙත තම උපදේශයන් ලබාදෙනු ඇත. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව සිදුකළ යුතුව තිබුණේ සැබෑ ලෙසම මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදයේ කොටස්කරුවන් වීමයි. නමුත් ඔවුන් ඒ වෙනුවට වෙනම ඒකාධිපති මඟක් තොරාගත් විට ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව සම්බන්ධව මෙවැනි මතවාදයකට තල්ලුවීමේ වගකීම රාජපක‍ෂ රෙජීමය බාරගත යුතුය.

මේ රටේ ජනතාවද තේරුම් ගත යුතු සංදිස්ථානයකට පැමිණ ඇත. මේවා පවත්වන්නේ කා වෙනුවෙන්ද යන්නයි. ඒ මෙම විමර්ශණ කරනුයේ, මෙරට අපේම ජන කොටසකට සිදුවූ අසාධාරණටයක් පිළිබඳ මිස ඉන්දියාවේ හෝ බෑන් කීං මූන්ගේ මානව හිමිකම් කඩවීමක් පිළිබඳ නොවන බවයි.


Krishan Rajapakshe | ක්‍රිශාන් රාජපක්ෂ
[SEO Tags] Sri Lankan Political Situation, Protest against UN , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බර්ට්‍රන්ඩ් රසල් කියයි.| Personal Quotes
දේශප්‍රේමියෝ හැමවිටම තම මව්බිම වෙනුවෙන් "මැරෙන" බව කියති; එහෙත් ඔවුහු මව්බිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති!