BOONDI.LK| අදහස් බූන්දි| අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
මහාවංශය හොල්මන් කිරීම
|
තිසරණී ගුණසේකර
[4]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
චතුර
කේ.කේ.
දර්ශන
ප්‍රසාද්
අනුෂ්ක
ආදිත්‍ය
ප්‍රියංජිත්
ගාමිණී
ප්‍රදීප්
මංජුල
රසික
සන්ධ්‍යා
චන්දන
රංජිත්
මාලතී
අශෝක
නුවන්
රුවිනි
උදය
වීරයා
BOONDI • Currents • •
අදහස් බූන්දි
අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය
[0]
බූන්දි| | 04:43:44
"මහින්ද රාජපක්ෂ සිංහල අන්තවාදියෙක්" - ලී ක්වාන් යූ
මහාචාර්ය ටොම් ප්ලේට් විසින් ලියා ඇති "ලී ක්වාන් යූ සමග සාකච්ඡා -රටක් ගොඩ නැගූ හැටි" යන ග්‍රන්ථයේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ගැන ලී ක්වාන් යූ දැක් වූ අදහස් ඇතුළත් වී ඇත. ලී ක්වාන් යූ නූතන ආසියාව ගොඩ නැගු මහා පුරුෂයෙකු ලෙසත් ආසියානු ආර්ථික ආශ්චර්යයේ නියමුවකු ලෙසත් පිළිගැනේ. සිංගප්පූරුවෙන් ලෝකයේ වඩාත්ම තරඟකාරී ආර්ථිකයක් බිහිකිරීමට දැක්මක් හා වැඩපිළිවෙළක් ඇති කළේ
ඔහුය. චීනයේ නැගීම මුලින්ම පෙරදැක්කේ ඔහුය. ලෝකය පුරා ප්‍රතිපත්ති සම්පාදකයෝ ඔහුගේ අදහස් මහත් සේ අගය කරති. ලංකාවද දැන් ආසියාවේ ආශ්චර්යය වීමට බලාපොරොත්තු වන්නේ සිංගප්පූරුව ආදර්ශයට ගනිමින්ය.
ලී ක්වාන් යූ ගේ උපදෙස් ලෝකය පුරා විවිධ නායකයින් පිළිගෙන ඇත. ඇමරිකානු ජනාධිපතිවරුන් සේම චීන නායක ඩෙන් ෂියාඕ පෙන් ද ඒ අතර වේ. ඉන්දීය අගමැති මෙන්ම මැලේසියාවේ මන්ත්‍රී මොනමස් ද ලී ක්වාන් යූ ඉහළින් අගය කරයි. එමෙන්ම මහාචාර්ය සැමුවෙල් හන්ටින්ටන්ට අනුව දූෂණයෙන් බෙහෙවින්ම අඩු දේශපාලන ක්‍රමයක් ගොඩ නැංවීම ඔහුගේ අති විශි ෂ්ට කාර්යයකි.
"ශ්‍රී ලංකාව සතුටින් සිටින එක්සත් රටක් නොවේයැ"යි ලී ක්වාන් යූ පවසයි. "යුද්ධයෙන් පසු එය යන දිශාව සුබදායක නොවේ. වර්තමාන ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රශ්නය විසඳුවායයි සිතයි. එහෙත් සිදුව ඇත්තේ දෙමළ කොටින් මරාදැමීම පමණි". ඒ ඔහුගේ අදහස්ය. "මම ඔහුගේ (මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ) කතා කියෙව්වා. ඔහු සිංහල අන්තවාදියෙක්. මට ඔහුගේ අදහස් වෙනස් කළ නොහැකියි." මේ ලෝක ප්‍රකට දේශපාලන නායකයා පවසයි. ටොම් ප්ලේට්ගේ නිරීක්ෂණ වලට අනුව ලී ක්වාන් යූ ගේ පාලන ක්‍රමය ශ්‍රී ලංකා ක්‍රමයට වඩා මෘදු, පොදු එකඟතාවකින් යුතු බුද්ධිමත් එකකි.
"්‍රී ලංකාව මෙවර දෙමළ කොටින්ව පරාජය කළා.එහෙත් දැන් එතරම් දක්ෂ නැති සිංහලයින් වඩා හැකියාව ඇති යාපනේ ජනතාව පසෙකට දා තිබෙනවා. ඔවුන්ව ඈතට තල්ලු කළා. ඔවුන් කැරළි ගැහුවේ ඒ නිසයි. එහෙත් ජනවාර්ගික සංහාරයක් වන බවක් පෙනෙන්නේ නෑ. යාපනේ දෙමළ ජනතාව සිංහලයින් තරම්ම පැරණියි." ලී ක්වාන් යූ කියයි.
-රාවයෙන් (2010.06.05) උස්සා පළ කරන ලදී.
අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය
මේ හරුපේ රාවයෙං දැක්ක වෙලාවේ හිටං (රාවයේ ගොබිලෝ කවදත් කොරන්නේ මේ ජාතියේ කුණුහරුප හොය හොයා උන්ගේ පත්‍රයේ දැමීමය!) මං උන්නේ අසූ හාරදායි පොයින්ට් අසූ හතරට මළ පැනලාය. මේ වාගේ පත්‍ර තියෙන කල් රටක් ගොඩ නගන එක නම් සුම්මා ය. මං ඉන්නේ දණමිණ විතරක් ඉතුරු වෙංඩ අනික් සේරම පත්‍ර සීල් කරලා බෝතල්වල දමලා මූදට දාංඩ කියා රජ්ජුරුවං වහන්සේට ලියුං කරදාහියක් යවංටය.
මේක නං, අර ඇස් වහක් කටවහක් නැතුව කේසර සිංහයෙක් වාගේ ඉන්නා පස්වාන් දහසකට බුදුවෙන්ඩ අප මහා රාජෝත්තමයාණං වහන්සේට කොහෙද ඉන්න ලොං හැලුණු අබ්-ලීක් වාන් යූ කියලා පොරක් ඊරිසියාවට කියාපු කතාවකි. අබ්-ලීක් වාන් යූ කාරයා හැරෙද්දී ඒ හැරෙන්නේ නං සාර සුබාවට වැඩුණු අපේ පොල් පැලේ කන්ට බව අපි නං දන්නවාය. මුන්ඩ ඇත්තේ පැහැම-පැහැදිලි ඊරිසියාවකි. ඊරිසියාවට හේතුව නං, ඔය මිනිහා ඒ කාලේ හිංගප්පූරුව ලංකාවක් කොරන්ට ගොහිං ඒක කොරගන්ට බැරි වුන එකය!
පුරාණ කාලයේ ඔය හිංගප්පූරුවේ ආර්ථීකය තිබුණේ ඇංගෝලාවටත් වඩා මහම මහ පජාති තැනකය. ඔය අබ්-ලීක් වාන් කාරයා, ඒ රටේ මීටිං වල යටි උගුරෙං කෑ ගසා කිවුවේ ''මිට්‍රවරුනි, මම හිංගප්පූරුව ලංකාවක් කොරනවාය'' කියලාය. අනේ උංගෙ (හිංගප්පුලි ජනතාවගේ) කරුම දෝසෙකට ද කොහෙද උංඩ ලංකාව අහලකටවත් එංඩ බැරි වුනාය. දැන් මේ තැං තැං වල අපේ රජ්ජුරුවංඩ අන්තවාදියෙක්ය අරකය මේකය කිය කියා කෝචොක් කරන්නෙ එහෙව් අබ්-ලීක් පොරවල්ලාය.
මේකා ඒ මදිවාට තවත් මහම මහ අසමජ්ජාති කතාවක් කියා ඇත. ලංකාව සතුටින් සිටින රාජ්ජයක් නොවේය කියා උන්නැහේ කියනේ හොඳ සිහියෙංද? අනේ අම්මාපල් වෙන මොකුත්ම නැති උනත් මේ ඊයේ පෙරේදා රජ්ජුරුවංවහන්සේ කොරාපු පුන්‍ය කරුමය ගැන වත් මුන්ඩ ගානක් තියේද? ඕනෑම ගොබිලෙකුට අතේ ඇති මුදලට වාහනයක් ගංට ඇහැකි වෙන අහවල් රටේද? ඇයි යකෝ ඒක පුදගල ආදායම උඩ යන යෑමට වාහනයක් නැතුව බස් කෝච්චිවල පැස්ටෝල් පුච්ච් පුච්චා ගමං බිමං යංට ඕනෑද? අනේ අබි-ලීකෝ මේකෙ ඉන්න එවුංගේ සතුටට ඊරිසියා නොකර එන සැරේවත් ඔය හිංගප්පුරුවේ හුගතදාස එකට අයිපා කානිවොල් එකවත් ගෙන්න ගන්ට බලාපන්. දුකෙන් ඉන්න රටකට මේ තරං හුපිරි තරු කංදරාවක් ඒවිද කියලා ඔය ඔං-ගොළුවෙන් හිතාපන්. මට පේන්නේ මුන්නැහේ අලුත් කොළඹ සුබාව පිංතූරෙකිංවත් දැකලා නැතුව ඇති කියාය. කොළඹ කියන්නේ ඔය හිංගප්පුරුව වගේ කොරියාවක් නොවේය. දැංමම මෙහෙම නං, තව ටික දවසකින් කොළඹ ආසියාවේම ආස්චර්යේ උනායිං පස්සෙ පහු මුං ඊරීසියාවේ පැලෙන හැටි මට මැවිලා පේනවාය.
මේ යෝදයා කියා ඇති අනික් වසල කතාව නම් කොටි සුං කරලා දෙමළ මිනිස්සුං ගැන බලන්නේ නැතුව අහක බලාගත්තාය කියන එකය. මේක නං හෙණම හැත්තෑ හතක් ගහන කතාවකි. ඒ මොකද කියනවා නම් රජ්ජුරුවං වහන්සේ මහ කොටියාගේ පණ යංඩත් කලිං කිවුවේ දැං ඉතිං දෙමළ සිංහල කියලා ජාති දෙකක් නැත කියාය. අනේ අම්මාපල් මේ කතා මුන්ඩ ආරංචි වෙන්නෙ නැති හැටි. දෙමළ මිනිස්සුංඩ කොටිංගෙ කරදරේ ඇරෙන්න වෙන කිසිම කරදරයක් තිබුනේ නැත. ඔය අබ්-ලීක් කාරයාට උවමනාවක් තියේ නං ඔය කරුණු කාරනා අපේ කරන්ට් ඇමතිගෙං හරි බිල්ඩිං ඇමතිගෙං හරි දැන ගන්නට තිබුනාය. එහෙම නැත්තං ප්‍රොපා නලිංට කිවුවා නං අතිං වියදං කොරාගෙන හරි හිංගප්පූරුවට ඇවිදිං ඔය කරුණු කාරනා කියලා දෙනවාය.
මේ හිංගප්පූරු හිකනලුන් ජාත්තියන්තරෙත් එක්ක එකහු වෙලා... (තුහ් නොදමකින් ඔයා ජාත්තියන්තරෙ...) කොරන අදිරාජ්ජිවාදී කුමන්තොරන නං අපිට තේරුං බේරුං ගන්ට ලේසිය. ඒත් මට නොතේරෙන්නේ මේ මුසලෝනියා මේ තරං ජඩ කතාවක් කියලත් අපේ රටේ මේ ගොං හිංගලයෝ ටික තාමත් බුදියං ඉන්නේ අහවල් එකද කියන එකය. ඉස්සර නං මේ වගේ කතාවක් පර දෙසක්කාරයෙක් කිවුව ගමං උංගේ තානාපති කාර්යාල ගාවට ගෙහුං බැණ අඩ ගහංඩ, හූ කියංඩ, ගිනි තියාගන්ඩ සෙනග වැහි වැහැලාය. අනේ අම්මාපල්... මුන්ඩ අයිපා ඌස්නෙ වැදිලද කොහෙද එකම එක මීමින්නෙක්වත් මේවා ගැන කටක් අරින්නේ නැතුවාය. කරන්ට් ඇමතිටයි බිල්ඩිං ඇමතිටයි නං දැං මෙව්වා කොරගන්ට වෙලාවක් නැති හංදා සමාවක් දෙංට පුලුවන්ය. ඒත් අප්පේ අර මොනිටාර්කොමෙන් අයිං වෙලා ඉන්න ඇම්ඩන් සිල්වාටවත් බැරිද මේකට මැදිහත් වෙංට? අම්මාපල් කැළණි පුරේවත් නැද්ද බොලව් මහ ජනතාව එක දුසිම් බාගයක් හොයාගංට? කුජීතයි පිංවතුනි. අමුම අමු කුජීතයි!
මං නං කියන්නේම එකම එක දෙයකි. ඉල්ලන්නේම එකම එක දෙයකි.
හිංගප්පුරු බඩු වර්ජනය කරවු! හිංගප්පූරු කෑම නොකවු! හිංගප්පුරුවට පොල් ගසවු!
සිංහලයිනි අවදිවවු!
මේ වගට,
කක්ෂපුට
(එකම කැඳවුම්කරු)
කක්ෂාදීප විමුක්ති වියාපාරය
ප.ලි.
ඕං පුච්චනවා නං පුච්චංඩ අබ්-ලීක් වාන් කාරයාගෙ උසට මගේ වියදමිං පඹයෙක් බැඳලා දෙංට මං සූජානං ය!
Kakshaputa | කක්ෂපුට
[SEO Tags] Leek Uan Yew, Mahinda Rajapaksha, How to build a nation by Prof. Tom Plate
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ලෙනින් ලියයි.|
Book Quotes
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු වංචාවක් වන්නේ ය. එබැවින් නෛතික අර්ථ නිරූපණයන් සමග ක්‍රීඩා නොකර, නැතහොත් අර්ථ නිරූපණයන් නිර්මාණය නොකර, ජාතික ව්‍යාපාරවල ඓතිහාසික ආර්ථීක තත්ත්වයන් පිරික්සා බැලීම මගින් ජාතීන්ගේ ස්වයං තීරණය යන්නෙන් අරුත් වටහා ගැනීමට අපට වුවමනා නම්, අපට නොවැළැක්විය හැකි සේ එළඹිය යුතු නිගමනය වන්නේ ජාතීන් පිටස්තර ජාතික ආයතනවලින් වෙන් වී ස්වාධීන ජාතික රාජ්‍යයන් පිහිටුවා ගැනීම ඉන් අදහස් කරන බවයි. ස්වයං තීරණ අයිතිය යනු වෙනම රාජ්‍යයක් වශයෙන් පැවතීමේ අයිතිය යන්න හැර එයට වෙනත් අර්ථයක් දීම සාවද්‍යය.
-පෙරදිග ලෝකයේ ජාතික විමුක්ති ව්‍යාපාරය/ ජාතික ප්‍රශ්නය හා නිර්ධන පංති ජාත්‍යන්තරවාදය
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus