BOONDI.LK| කතන්දර බූන්දි| ගිනි ගත් ලිප
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් කතන්දර
පාදඩයා | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
ආදරයට වෙඩි තියන්න | සෝමසිරි ඒකනායක
ප්‍රතිචාර[2]
අප පෝෂණය කරමින් ඉන්නේ කවර වෘකයාද? | චනුර ජනිත්
ප්‍රතිචාර[0]
බොහොඬෙක් | ඇන්ටන් චෙකොව්
ප්‍රතිචාර[2]
අවන්හල | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
අදෘශ්‍යමාන හාදුව | තිළිණි ෂැල්වින්
ප්‍රතිචාර[21]
වෘකයා සහ බැටළු පැටවා
ප්‍රතිචාර[1]
අංශක 110 | දසුනි හෙට්ටිආරච්චි
ප්‍රතිචාර[1]
ගැබ්බර හිතට ගබ්සාවක් | හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[4]
The Cobra Woman and Her Visitor | අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  කතන්දර බූන්දි  
ගිනි ගත් ලිප
ප්‍රතිචාර[0]
බූන්දි| | 22:58:43
කෑ හැකි නම් ජපන් ජබරද, සැල්වීනියාද මේ වැව් දියේ සුලබ බෝගයන්ය. එහෙත් ඒ වෙනුවට අහල පහළක බජිරි වැවී තිබුණේ නම් උද්ධමනයේ නාමයෙන් තම්බා කන්ට තිබුණි. ඉනවට දියේ කඩා ගත හැකිව තිබුණු වල් කංකුං දළු නම් සියල්ල ඉවරයි. එරෙන මඩේ තව ගැඹුරට යෑම අනතුරකි. හදිසි නිධානයක් පහළවීමත් හරි අහරක් වේල් ගණනකින්නැති පවුලක් සඳහා පාන් ගෙඩියකට මුදලක් අතට ලැබීමත් සමාන විය හැකිද? එසේ නම් එය මහ පොළව පළා ගෙන මතු වු පාන් ගෙඩියක්ම විය යුතුය.

බඩ ගින්න බඩේම ඉතිරි වෙන්නට මලින්දගේ පුංචි දෙපයෙහි හාමත සැනින් පළා ගියේය. ගෙතුලින් පටන් ගත් දෙවෙනි පිම්මෙන් ඔහුගේ ඇට කූඩුව උළුවස්සෙන් එපිට මිදුළ ද ඉක්මවිය. අතෙක ඇඟිළි අතර ගුලියට තිබූ පාන් සල්ලිය නිසා බල්ටියේදී ඔහුට උපකාර වූයේ තනි අතකි. ‘‘...දෙවේල කට බඩ තෙමෙනවා නම් ගෝල් මැඩල් ගේන අත පය...’’ මලින්ද ගැන අම්මාට සිතිණි. සුසන්තිකා සඳහා නම් ඒ දවස්වල පොළොස් ගැටයවත් හිඟ නැතිව තිබී ඇත.

මලින්දට වයස අටකි. නංගිට යම්තම් පහමාරයි.

කොහොම හරි සුමානෙ වේල් හතර පහක් මේ විදියට බඩ රවට්ටා ගැනීම උරුමයක් හැටියටම මලින්දලාට තිබිණ. මේ පාන් කෑල්ලෙන් පස්සෙ බඩට මොකුත් වැටෙන්නේ තව වේල් කීයකින්ද කියා ගණන් බැලීමක්ද මලින්දලාගේ නැත. දෙවියන් දෙන විදිය තමයි. පූරුවේ කරපු කිසියම් පිනකුත් ඇති නිසා වැවේ වල් කංකුං දණ්ඩවත් වවා දෙන්නට දේව කරුණාව තිබේ. අනුකම්පා සහගත වැඩ පිළිවෙලක් මිහිතලය මත නම් මලින්දලා සඳහා නොතිබිණ.

පාන් ගුලි වෙනුවට තුන් වේල බත්ම කන්නට පරිසරයක් ළඟදි උදා කර දෙන බවට ඡන්දය ඉල්ලපු මහත්තයෙක් සහතික වුයේ යැයි කවුදෝ කී දිනේ මලින්ද කට හැරගෙන බලා සිටියේය. පුංචි වුව තමාගේ යෝධ අත්දැකීම්වලට අනුව එය නම් පිළිගත නොහැක. ඊටත් වඩා ඇදහිය නොහැකි කරුණ නම් එවෙලේ ඔහුගේ සිතිවිල්ලම කෙඳිරිල්ලක් බවට හැරී අම්මාගේ මුවින්ද පිට වීමය. ‘‘...තුං වේලම නැතුවට තුං වේලකට පස්සෙ ඊළඟ වේලවත් ළමයින්ට බත් ඩිංගක් දීගන්ඩ හැටියක් මුන් අපට හදල දෙනවනං....’’

ටවුමෙ ගොඩනැගිලි ඉදිකරන බිම්වල වැඩ තිබේ. ටවුම කීවාට හැතැම්ම හත අටකට එපිට ඩිස්පැන්සරිය හංදිය නොවේ.‘‘....ඉතිං දෙයියනේ මේ පැටව් කාගෙ හෙවනෙ දාල මං ඔච්චර දුරක් යන්නද...’’ යි ඈ සිත සිතා සිටියේ අදක ඊයෙක සිට නොවේ. අනන්ත වාරයක් පසුතැවිල්ල හා දෙගිඩියාව අතර පසු බැස ගියාය. එහෙත් ඇයගේ අවසාන තීරණය එයම වන්නට දිනය පැමිණ ඇත.

සියයට පහළොවේ පොළියට හෝ මුදලක් කෙනෙක් දෙන්නේ ඉල්ලූම්කාරයාට ආදායමක් තිබේ නම් පමණි. බැංකුවක ක‍්‍රමයද එයමය. දැන් මේ පාන් ගෙනෙන්නට මලින්ද ගුලි කරගෙන ගිය මුදල ඉල්ලා ගත්තේ දරුවන්ගේ හිස මත දෑත් තබා දිවුරමින් හෙට ටවුමට යන බවට පොරොන්දු වීමෙනි.

‘‘....පොලීකාරයෙක්වත් හදිසියකට නැති මිනිස්සු ඉන්නවා පුතේ. ඒ අතින් අපි පව් කරලා නෑ එච්චර. හෙට උදේ පාන් ගෙඩියක් ගෙනැල්ලා දවල්ටත් තියා ගෙන නංගිත් එක්ක කාපන් මයෙ පුතේ. හොඳට බොරේට හොද්දකුත් එක්ක බත් උයල දෙන්නම්කො රෑට. හො‍ඳෙයි....’’ පසු ගිය දවස් කීපයේම ගෙදර හට්ටියේ තැම්බුනේ වල් කංකුං.

සමහර දේ පිළිබඳ මේ පවුලේ අවසාන තීරණය මලින්දගේ වචනයයි. පාන් ගෙඩියක් මේ හවසම ගෙදර ගෙනාවොත් අම්මාටද කෑල්ලක් කන්නට පිළිවන. පාන් ගෙනෙන්නේ උදේට නම් අම්මා එවිට පිටව ගොසිනි. ටවුමේදී අම්මාට වැඩ කරන්නට වෙන්නේ හාමතෙනි. ඒ අනුව ඔහු ගියේ ගියාට වඩා වේගයෙන් ආපසු ගෙදර එන සිතිනි.

හෙට පායන්නේ අද හිමිදිරි කාෂ්ඨකේ පෑයූ හිරුම නොවේ. නව හිරු උණුහුමේ නිල්ල වැදී එන ලා කංකුං දල්ලකට මිස මේ ගෙදර වළං පල්ලක් දකින්නට මින් මතු මේරූ කංකුං දංඩකට ඉඩ දිය නොහැක. අස්ථාන ගත නොවූ බව සැකහැර ගන්නට ළමයිනගේ මෑණියෝ බත් උයන හට්ටිය අතපත ගා බැලූවාය. කලේ වතුර බැලූවාය. මේ දැන් බත හොද්ද උයනු වැනි හදිසියක් ඈ කෙරේ ප‍්‍රකට විය.

දවසේ කුලිය අරන් හවස ගෙදර එන විට හාලූයි... හොද්දට මොනව හරියි ... සීනියි...ඊළඟට මොනවද? .... තේ කුඩු. කොච්චර වුනත් පාන්දර හතරට ගෙදරින් දොට්ට බැස්සොත් ටවුමට ඇවිදන් යද්දි හත අට පමණ වනු ඇත... කුලියක් හොයා ගන්නට වෙලාව මදි... ඊටත් වේලාසන යායුතුයි ඕ සිතට ගත්තාය.

‘‘....රවුං කඩේ පාන් නැද්ද දන්නෑ අම්මේ. අයියා බක්කරේ ගෙදර යන්න ඇති...’’ පොඩි එකීගේ කෙඳිරිල්ලක් පිට විය.

අම්මා පුරුද්දෙන් දන්නා විදියට එය දැරියගේ පැමිණිල්ලක හෝ මැසිවිල්ලක දුබල ප‍්‍රයත්නයකි. වරෙක දොරකඩද දොරින් එපිටද යමින් නැගණිය පාන් ගෙනෙන්නට ගිය අයියා ගැන විපරමේ සිටියාය.

නොසන්සුන් කමක් අම්මාගේද විය. මේ අවේලාවේ පාන් නොතිබේද යන දෙගිඩියාව සිත සසළ කරවන හෙයිනි.
‘‘.....කඩ කාරයොත් දැන් පාන් හදන්නෙ අඩුවෙන්ද කොහෙද. අපිට බත්ම කාපල්ලා කියන එකද දන්නෑ උනුත් කියන්නෙ....’’

මිදුලෙන් අවසන්වන දෙවැටේ ගිය පොඩි එකී සපත්තු මල් පොහොට්ටු උරන්නට ගත්තාය. අම්මාගේ ශෝකය කලක සිට සපත්තු මල් ගස කෙරෙහිද විය. පූදින හැම පොහොට්ටුවක්ම කැඩෙන බැවින් මලක් පල දරන්නට මේ ගස වාසනා කර නැත. එහෙත් අම්මා නියම ලෙස දන්නා කාරණය නම් සපත්තු මල් පොහොට්ටුවෙන් හෝ පාන්වලින් නොව වල් කංකුං දඬුවලම ආනුභාවයෙන් ළමයිනගේ පණ කෙන්ද මෙතෙක් රැකී තිබේ.

‘‘....තුන් වේල බත් කාපු ජාතියක් අපි....’’

ඡන්දය කාලෙදි ඇසුණු තවත් කථාවකි. ළමයිනගේ මවට ඒ පිළිබද උපන් කිසි හැඟීමක් නොතිබිණි. තමා හෝ මේ දරු පැටවුන් ඒ වැනි පරපුරකට අයත් නැත. එක දිගට වැවේ
වල් කංකුං දඬුම තම්බා කන දඬුවම උරුම වීයේ එබැවිණි. මළ පහ කරන විට කොළ පාටයි. ඈ තැති ගැනී සිටි වාර අනන්තය. දරුවනට අමුතු ලෙඩක් හැදෙන්නටද බැරි නැත. දොස්තර හොරුන්ගෙයි බෙහෙත් කඩකාරයින්ගෙයි පෙරේත බැල්ම වැටෙන්නට පොට්ටනි කාසි මේ ගෙදර නැත.

...ඉස්පිරිතාලයක් කියන්නේත් දැන් ඉතින් බිත්ති කෑලි ටිකකට විතරනෙ...
ඈත දෙවැටේ බිම වැටී දඟලන යමෙක් දැක පොඩි එකීගේ බෙල්ල ඒ දෙස දිගු විය. අම්මාගේද දෙපා හදිසි කෙරිණ. බිම පෙරළෙමින් සිටියේ මැක්කන් මඬින බල්ලෙකි. මලින්ද පාන් සොයා ගෙන බක්කරේ ගෙදර ගියත් මේ වන විට ඔහු ගත කර ඇති කාලය දෙගුණයකි.
‘‘....උඹ ගෙට පලයන්...’’ අම්මා මගට බැස්සාය.

ගස් යට අඳුර විශාල වෙමින් තිබුණේය. දමින්දගේ අම්මා ඌ පසු කර යනවිට දෙවැටේ බල්ලා උඩුකුරුව දඟලමින්ම ඈ දෙස බැලීය. පිට්ටනියේ බෝල ගැහිල්ලද නිමා වෙමින් තිබිණ.
ළමයිනගේ කතා බස විදේශීය ක‍්‍රිකට් පිටියක් පිළිබදවය.
‘‘....අපේ දමින්ද දැක්කද ඔය ළමයි....?
‘‘....රවුං කඩේ පැත්තට ගියා....’’
‘‘....වැව පැත්තට එහෙම ගියේ නෑනේ.....’’
‘‘... රවුං කඩේ පැත්තටයි ගියේ.....’’

බක්කරේ ගෙදර පාන් නැති නම් ඊළඟ කඩ දෙකේ කොහෙත්ම නැත. ඉක්බිති තෙල් කඩේ හන්දියයි. ඒ සඳහා එකගමනක මුළු දුර හැතැප්ම භාගයකට කිට්ටුයි.
‘‘...කලන්තෙවත් හැදෙයි හාමතේ ඉන්න දරුවා...’’

කෙසේ වුව දමින්ද රවුං කඬේ පමණ තෙක් දුර ගොස් නොතිබිණි. පිං ළිඳ හමුවන වෙල මායිම දුර සිටම අම්මා ඔහු දැක භිරන්ත වූවාය. තමා වටා පදාසයක තණ ගස් ඔහු විසින් මුළුමනින් උදුරා දමනු ලැබ තිබුණේය. දහදියේ පෙඟුණ දුහුවිල්ලේ විකෘතියට පත් දමින්ද හඳුනා ගත නොහැකි තරම්ය. පාන් ගන්නට තිබූ මුදල අතරින් රුපියල් පහේ කාසිය ගිලිහී අතින් වැටුණ වේලේ සිට ඔහු විඳි ගැහැට ඔහු කෙරේ මොනවට ප‍්‍රකට විය.

ගෙදර සිට දිව එද්දී මලින්දගේ තනි අරමුණක් තිබිණ. ළමෝ සෙල්ලම් කරමින් සිටි පිටිය අසළදී දෙපයේ ඉලක්කය පාන් සඳහා ඉතිරි කෙරෙමින් මනසේ ඉලක්කය විසිර ගියේය. අත කරකවා කඩුල්ල වෙත බෝලය එල්ල කරන ඉරියව්වට ඔහු පත් විය. තේක්ක කට්ටිය අවසන් වන තැනදී ඔහු පිටිය රකින්නෙකුගේ තැන ගත්තේය. අහසට දමන රුපියල් පහේ කාසිය නැවත පහතට එද්දී නිවැරදි ලෙස අල්ලා ගැනීම කදිම උඩ පන්දුවක් විය. තවත් අති සාර්ථක එවැනි උඩ පන්දු කිහිපයක්ම රැක ගන්නට මේ අතර ඔහු සමත් වී තිබුණේය. ක‍්‍රීඩාගාරය දෝංකාර කෙරෙමින් ඔල්වරසන් හඬ නැගිණ. එහෙත් තවත් ක‍්‍රීඩකයෙක් දවා ගන්නට තිබුණු අනගි අවස්ථාවක් මග හැරී යමින් ඉතා අවාසනාවන්ත ලෙස ඒ පන්දුව ඔහු අතින් ගිලිහිණ. එපමණකි.

මලින්ද ඔහුගේ නංගි අම්මා සහිත සමස්ත කණ්ඩායම් තීරණාත්මක ලෙස පරාජයට පත් විය. සිය ඇඟිළි අගින් ඔහු පොළොව හා සටන් වැද තිබූ අයුරු විස්මය ජනකය. නිය අග ඉරී තිබුණේය. අම්මාට ඒ කිසිත් දැකිය නොහැක. රුපියල් පහේ කාසිය ඇයගේ මුළු ආත්මයද උදුරා ගනිමින් නැවත නොඑන ගමන් ගොස් ඇත. යාඥාවට මෙන් දෑත ළමැදේ ගුලි කර ගත් ඕ තොමෝ දණින් වැටුණාය.

‘‘.... මොකක්ද දෙයිහාමුදුරුවනේ අපිට මේ වෙලා තියෙන නස්පැත්තිය. ....අනේ මොකක්ද මේ කරුමෙ කියල කියා දෙන්න කෙනෙක් මට නෑනේ.... හාමතේ ඉන්න මුන් දෙන්නව ගෙයි තනියෙන් දාලා ඉතිං මං කොහොම ද හෙට දොට්ට පිලට බැහැලා වැඩකට යන්නේ.....’’

බොහෝ වේලාවක් තනියෙම හඬමින් සිටී මලින්දගේ උගුර කට වියලී ඉදිමී තිබුණා විය හැක. හඬා වැටෙන්නට තමාට පමණක් ඉතිරි කරමින් නොහඬා සිටින ලෙස ඔහු අම්මා
වැළඳ ගෙන බැගෑපත් විය.
‘‘... පහේ කාසිය මං කොහොම හරි හොයා ගන්නම් අම්මේ. අනේ අම්මා අඬන්න එපා මගේ සුදු අම්මේ. අම්මා අඬනකොටයි මට හුඟක් දුක.....’’

‘‘....හපොයි මාව මැරිලවත් පලයන් දෙයියනේ... මං කොහොමද මගේ දරු පැටවු මේ තරම් අසරණ වෙනවා බල බලා නහයෙන් කටින් හුස්ම ගන්නේ.... ’’ ඕ තොමෝ.... දඩි...බිඩි ගාමින් ස්වකීය පපුවට පහර දී ගන්නට පටන් ගත්තාය. මෙහිදී දඟලන අම්මා වලකාලන්නට යෑමෙන් අම්මාත් පුතාත් දෙදෙනාම මහපොළොව මත කඩා ගෙන වැටුණෝය.

අම්මාගේ පණ නල නතර වීයේද බියක් ඇයගේ පුතු තුළ ඇති විය. සජීවී බවක් අම්මා වෙත නැත. ඔහු ඇයගේ පපුවට කණ තැබීය. බිය පහ විය. පාන් බත් හෝ කිසියම් අහරක් පිළිබද අපේක්‍ෂාවක් ඉඳුරාම අම්මාගේ පපුවේ තෙරපෙමින් තිබේ. එහෙත් ඉස්තීරෙටම හෙටත් බත් නැත.

‘‘....හෙට අපි තුන්දෙනාම ටවුමට යමු අම්මේ. අම්මා වැඩ කරන්න. මාත් උදව් කරන්නම්....’’
පිළිතුරක් අම්මාගේ නැත. ඕ තොමෝ වේගවත් ලෙස හුස්ම ගනිමින් සිටියාය. අලූතෙන්ම ඉනූ තවත් උණු කඳුළු අහුරකින් මලින්ද පුතාගේ දෙනෙත් තෙත්විය.
‘‘....අම්මට වැඩ කරන්න අමාරුයිද අම්මේ.කමක් නෑ මට පුළුවන්නෙ. මං වැඩ කරන්නම්.....’’

ඇසිපිය නොගැටුණු දරුවන්ගේ මවගේ දෙනෙත ඈත අඳුරු මුල්ලක සිර වී තිබුණේය. ඒ බැල්ම බියකරුය. ඈ දුටු දේ ඊටත් වඩා බියකරුය. එතැන දම් පාට වල් කංකුවලින් සෑදුනු මල් වඩම් පෙළකි. මළගමකට සහභාගි වෙන පිරිසක් මෙන් ඒවා එහි කෝටු තුනෙන් ඇවිද එමින් තම දරුවන් වෙත කිට්ටුවෙන අයුරුද, යෝධ කංකුං දණ්ඩක් දෑතින් ගත් තමා මල්වඩම් පෙළට එරෙහිව සටන් වදින අයුරුද ඇත්තට මෙන් එතැන රඟ දැක්විණ.

බොහෝ වේලාවකට පසු ඕ තොමෝ නැගිට ගත්තාය. ඈ සන්තකව මේ වනවිටත් නොතිබුණු ඈ සිත අර මල්වඩම් පෙළ හා පැටලී තවමත් එතැනය. අද්භූත බලයකට යටත් වූවා හෝ තමා මෙහෙයවා ගැනීමේ ඇයගේ මුළු බලය ස්වකීයත්වය තුලින් අහෝසි වූවා වියහැක. දෙපස වැනෙමින් විසි වෙමින් වල් කංකුං ගොල්ල සහිත පාළු වැව දෙස ඈ ගත තල්ලූ විණ.

අන්ධකාරය විසින් ඩැහැගත් කාසිය අන්ධකාරයටමය. අතේ ඉතිරි මුදල ඒ අයුරින්ම ගුලියට එතැන බිම තිබුණද අහල පහලක මලින්ද නොසිටියේය. හාත්පස බොහෝ දේ අපැහැදිලි ඡායාවන් පමණක් බවට වී තිබිණ. ඡායාවකුදු ඉතිරි නොකරමින් අඳුරේ අන්ත‍්‍රස්ධානව යමින් ඇති දේ තව ඇත. එහෙත් කවදා හෝ දිනෙක මහපොළොවට හිරු පායනු සත්තයි. එතෙක් වැව්පිටියට ඉහළ තේක්ක වියන ද ස්වකීය සර සරය නතර කර ගත්තේය.

[නැදිමාලේ miniහෙක් ලියූ දෙනේත්‍රා කෙටිකතා සංග්‍රහයෙන්]
Nedimale Minihek | නැදිමාලේ Miniහෙක්
[SEO Tags] Denethra by NEdimale Minihek, Sri Lankan Short Stories, Sinhala Short Stories , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ඊසොප් කියයි.| Personal Quotes
අපි පුංචි හොරු එල්ලා දමමු. ලොකු හොරු මහජන තනතුරුවලට පත් කරමු.