සුබ්‍රමනියම් සිවනායගම් විසින් රචිත මේි කතුවැකි මුල් වරට පල වුයේ ඉංග්‍රීසියෙන් යාපනයේ සතිපතා මුද්‍රිත සැටඩේ රිවිව් (Saturday Review) පුවත්පතේය. ඒ ජේ.ආර්.ජයවර්ධන කාලයේ මර්දනය විසින් 1983දී එම පුවත්පත තහනම් කරන ලදුව කතුවරයා දේශපාලන සරණාගතයකු ලෙස ඉන්දියාවට පළා යාමට පෙරාතුවය. ඡේ.ආර් පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාව අත්විඳි පීඩාවත් එයින් උපන් දෙමළ විමුක්ති කාමයේ දේශපාලන දිශානතියත් දකුණ දිසාවේ මාධ්‍යවේදීන් වූ අපට පහදා දුන්නේ එම පුවත්පතයි. තහනමින් පසුව එස්.සිවනායගම් ලංකාව හැර ගියත් දමිළ ජාතික ගැටලුව නන් අයුරින් ලෝකයා හමුවේ විදහා දැක්වීමට ඔහු ටැමිල් නේෂන්, ටැමින් ටයිම්ස්, ටැමිල් වොයිස් ඉන්ටර් නැෂනල් හා හොට් ස්ප්‍රිං යන සඟරා මදුරාසියෙන්ද, ලන්ඩනයෙන්ද එළි දැක්වුයේ දහසක් ගැහැට මැදය.
ජාතික ආරක්ෂක පණත යටතේ වසරක කාලයක් ඉන්දියාවේ සිරබත් කෑම එයින් එකක් පමණි. දේශපාලන සරණාගතයකු ලෙස මහාද්වීප කීපයකම වසරින් වසර දිවි ගෙවන්නට සිදුවූ මේ කතු විරුවාට දේශපාලන රැකවරණ ලැබුණේ නිජබිමින් පිටුවහල් වී දශකයකටත් වැඩි කාලයකට පසුවය. සැටඩේ රිවිව් කතු කම දරන්නට යාපනයට යන්නට කලින් සිවනායගම් කොළඹින් පළ කළ සිලෝන් ඩේලි නිව්ස් හා සිලෝන් ඩේලි මිරර් යන ඉංග්‍රීසි පුවත්පත් දෙකේම කර්තෘ මාණ්ඩලිකයකු විය. දැන් ප්‍රංශයේ ජීවත්වන එස් සිවනායගම් සියවස් කාලකට ඉහතදී ලියු මේ කතුවැකි වල එන දෙමළාට දෙමළ වීම නිසාම මුහුණ පාන්නට වී ඇති ගැටලු අදවත් විසැඳි ඇති දැයි කියවාම බලන්න.
සිංහලට නැගුවේ- යමුනා බණ්ඩාර
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics