BOONDI.LK| අදහස් බූන්දි| ස්ත්‍රී පුරේ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
අලුතෙන්ම!
රෝ සහ ස්ලිංගා
|
ලක්ෂාන් පීරිස්
[0]
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[1]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
තවත් අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස
|
ජස්ටින් පියරත්න
[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය'
|
දමිත් වැලිකල
[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක්
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
11 වැනි පැයේදී.....
[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය
|
සුදර්ශන සමරවීර
[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක්
|
විචක්ෂණ අධිකාරි
[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන්
|
චන්දරේ
[0]
දඩයක්කාරයා හමුවීම
|
රුවන් එම්. ජයතුංග
[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර
|
මායා නවගත්තේගම
[9]
අක්ෂර සෙනග-
[අදහස්]
[13/37]
සඳුන්
තුෂාරි
රුවන්
වීරයා
දර්ශන
එරික්
ලියනගේ
මාලතී
ජගත්
උපුල්
දමිත්
පියන්කාරගේ
මංජුල
BOONDI • Sookiri • •
අදහස් බූන්දි
ස්ත්‍රී පුරේ
[0]
බූන්දි| | 00:42:45
“ALL ANIMALS ARE EQUAL. BUT SOME ANIMALS ARE MORE EQUAL THAN OTHERS''
(සියලූ සතුන් සමානය. නමුත්, සමහර සතුන් අනිත් උන්ට වඩා වැඩියෙන් සමානය) මේ උධෘතය GEORGE ORWELL ගේ ANIMAL FARM කෘතියෙන් උපුටා ගත්තකි.
ඉහත කියමන පරම සත්‍යයකි. අයිතිවාසිකම් ගැන කියන විට හැමෝම සමානය. එහෙත් තෝරු මෝරු බඳු බලවත් පුද්ගලයන් වැඩියෙන් සමානය. අධ්‍යාපනය ගත්තාම කොළඹ ඉස්කෝලයත් මොනරාගල හුලංදාව ඉස්කෝලයත් අතර සමානකම් මීට හොඳ නිදර්ශනයකි. ඉස්පිරිතාල ගත්තත් එහෙමයි.
මේ සමානකම නිකං සංකල්පයක් විතරමයි. හරියට ඇමැතිතුමා ගේ පුතෙකුයි මේ ලියන මායි ගත්තම අහවල් සමාන කමක්ද?
නුවරඑළියේ දිස්ත්‍රික්කයේ වලපනේ, මතුරට වගේ ප්‍රදේශත් බදුල්ල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශත් වැඩියෙන් හාද වෙලා තිබුණෙ මහියංගනය සමගයි. මේ ප්‍රදේශ සමන් දෙවියන්ට අයිති වෙලා තියෙන්නේ. එදා බල ප්‍රදේශ, අද ප්‍රාදේශීය සභා පළාත් සභා ක්‍රමයට වෙනස්. දෙවියන්ට අයත් පළාත් පසුව ප්‍රානීන් (ප්‍රා.ආ.නි) ප්‍රාදේශීය ආදායම් නිලධාරීන්ටත් පසුව දිසාපතිවරුන්ට අයත් විය. කාට මොනවා අයිති වුණත් ජනතාව හැමදාම දුක් විඳිති. ජෝර්ජ් ඕවල්ගේ ඉහත කතාව අපේ භාෂාවට පරිවර්තනය කළොත් කියන්නට වෙන්නේ කොළඹට කිරි අපට කැකිරි කියාය.
ගෙදර ඉඳන් මා සුනාපරන්තයට එතෙර කරන්නේ මහජන බැංකුවේ අම්පාර ප්‍රාදේශීය කළමනාකරු ජී.ඒකනායක මිතුරාය. රජමාවතේ එන අපට කීර්ති බණ්ඩාරපුරදී ආර්.එම්. ජී. කරුණාරත්න එකතු වෙයි. ඔහු අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ලෙස සේවය කරයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගත් 'ගැමිකරු' ගේ ගම වටඹේ නම් ගමයි. වටඹේ ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ මැතිවරණ කොට්ඨාසයේ ඔය පළාත කෝරළයේ තිබ්බටුගොඩ වසමේ පිහිටා තිබේ. වටඹේ අතිශයින්ම ග්‍රාමීය ප්‍රදේශයකි. තිබ්බටුගොඩ, රඹුකේ ගමවෙල, වැරැල්ල, එගොඩකන්ද, මැදඅරාව, කැටකඳුර ආදී ගම් වටඹේ ගම වටා පිහිටා තිබේ. එකල මේ ප්‍රදේශවල වාහන ධාවන වූයේ නිල්දණ්ඩාහින්න හා වතුමුල්ල (දැන් වලපනේ) අතර පමණි. පුංචි කාලෙ නිල්දණ්ඩහින්න ගම ගැන මා ඇසුවේ 'ඉතිං ඊට පස්සේ' කතාවේ කැළුම්, දේදුණු සමඟ අමනාප වී නිල්දණ්ඩාහින්නට ගිය ප්‍රවෘත්තිය කියවීමෙනි. 'සිත්තර' පත්තරේ කතාවේ දුටු මේ ගම ඇත්ත වශයෙන්ම සුන්දර ගමකි.
මේ ගම්වල අයට ප්‍රධාන ගමනක් තිබුණි. ඒ පෝයට මහියංගනේ යාමයි. මේ ගමනට වාහන පහසුකම් තිබුණේ නැත. යම් හෙයකින් වාහනයකින් යනවා නම් වතුමුල්ලේ සිට මහනුවරට ගොස් එතැනින් දහඅට වංගු පසුකර මහියංගනයට යා යුතුය. මාසිකව මහියංගනයේ යන පයින් ගමන බොහෝ විට සිදුවූයේ මාර්ග දෙකක් ඔස්සේය. තෙරිපැහ සිට කන්ද කැටියට පයින් ගොස් බදුලූ මහියංගන බස්වලින් යන්නේ නම් පයින් යන දුර ටිකක් අඩුය. අනෙක් මාර්ගය මැද අරාව, කැටකඟර, බෝගුනේ හරහා මිනිපෙට පැමිණ මහියංගනේට වැටී ඇත. මේ මාර්ගයේ මිනිපෙට ආ විට ඉතිරි දුරට අවශ්‍ය නම් බසයක් ගත හැකිය.
පයින් ගමන් යන අය මහියංගනේ බලා පිටත් වන්නේ පාන්දර හතරටය. තනි තනිව පයින් යන්නේ නැත. පොහෝ දිනට කලින් දා සියලූ දෙනා රැස් වී ගමන ආරම්භ කරති. එළිය වැටෙන තුරු හුළු එළියෙන් ගමන් කරති. පොල් කොළ මිටි බැඳ හුළු අතු සාදා ගැනීම ගමේ පුරුද්දකි. පසුව උණ බටයකට ලාම්පු තෙල් පුරවා කටට මුඩ්ඩක් ගසා දැල්වීම ආරම්භ වූයේ භූමිතෙල් සුලබ වීමත් සමගයි. පන්දම් පත්තු කරගෙන පෙරහරක් ලෙස පිටත් ව මේ කණ්ඩායමට දවුල් හා මේ ගමනට දවුල් හොරණෑ ඇතුළත් වූයේ කැලෑ මාර්ගයේ හමුවන හා හොරණෑ පංතියක්ද අලින්ගෙන් බේරීම සඳහාය. මේ කණ්ඩායමේ හුදා මාමා නොනවත්වා හොරණෑ වැයීමට දක්ෂය. නහයෙන් ගන්නා හුස්ම මුවින් හොරණෑවේ ඉපියා හරහා යැවීමෙන් ඔහු ද්විත්ව කාරියක නිරත වෙයි. දවුල් කණ්ඩායම් හතරක් පමණ සිටි මේ පෙරහරේ දවුල් වැයූ නිපුනා, සුද්දනා, පොඩියා, දැනට ජීවතුන් අතර ඉන්නවාද? නැද්ද, කියන්නට ගැමි කරු දන්නේ නැත. සෝමසිරි මැදගෙදර ගායකයා කරුලගෙ ගමේ වුණත් පයින් ගමනට හවුල් වූවා දැයි නොදනිමි.
පෙරහරින් මහියංගනයට එන අය දින තුනක් නැවතී ඉන්නේ ගස් යටය. මෙහිදී වෙනත් පළාත්වලින් එන අය සමඟ දවුල් තරග පවත්වති. එදා කුරුඟ ඔය ඔස්සේ වැටී තිබුණු අඩිපාර අද රන්දෙණිගල රජමාවත ලෙස වර්ධනය වී ඇති බවක් පෙනේ.
දැන් රන්දෙණිගල ජලාශයට යටවී ඇති සැරැසුම් තැන්න ප්‍රදේශයේ ස්ත්‍රීපුරය නම් තැනැක් තිබේ. එහි ඇති උමඟක රජතුමාගේ බිසෝවරුන් සඟවා සිටි බව කියැවේ. ඉස්සර පයින් ගිය පළාතේ දැන් මහපාරවල් අතුරා තිබේ. කරු ගැමි වුණාට දැන් ඔහු යන්නේ ප්‍රාඩෝවකිනි.
සොර බොර වැවේ නා කිතුලේ ලැගි කොක්කු
පිලී නැතිව පත් පිරුවට ඇඳ ගත්තූ
රිදී නැතිව රත්තරනින් තුඩ ලත්තූ
සොර බොර වැවේ දිය පිට පීනති කොක්කූ
කන්ද උඩින් පෑවේ තාරකාවා
නළා හඟන් පිම්බා වැනි සෙබාවා
සතර වරන් දෙවියන් කළ උපාවා
මයියංගනේ වැඳලා යන්ට ආවා
Amarasiri Wickramarathna | අමරසිරි වික්‍රමරත්න- සුනාපරන්තවාසී
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
චේ ලියයි.|
Personal Quotes
...මතක තබාගන්න, අරගලයේ බොහෝ වර්ෂයන් එළඹෙන්නට නියමිත ඉදිරියටයි. ඔබ වැඩුණු ගැහැණියක වූ පසු, ඔබට ද අරගලය වෙනුවෙන් වූ ඔබේ කොටස ඉටු කරන්නට සිදු වෙනු ඇත. එතෙක් සූදානම් වන්න! ඔබේ වයසේ දී විප්ලවකාරී වීම යනු, හැකි තරම් හොඳින් ඉගෙන ගැනීමත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමත් ය.....
....ඔබ නිතරම පාසැලේ හොඳම ළමුන් අතර රැඳීමට වෑයම් කළ යුතුයි. අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විප්ලවීය ආකල්ප අතිනුත් ඔබ "හොඳම" දරුවෙකු විය යුතුයි. වෙනත් වචන වලින් කියනවා නම්, යහපත් හැසිරීමෙන්- විප්ලවය කෙරෙහි වූ ආදරයෙන් - සහෝදරත්වයෙන් ඔබ "හොඳම" විය යුතුයි. මා දරුවෙකු කාලයේ මට එසේ වන්නට නොහැකි වූවා; අප ජීවත් වූයේ මිනිසා මිනිසාගේම සතුරෙකු වූ වෙනස් සමාජයකයි. දැන් ඔබ වෙනත් යුගයක ජීවත් වීමේ වරප්‍රසාදය ලබා තිබෙනවා. ඉන් ඵළ නෙලා ගැනීම ඔබේ වගකීමයි.....
[
1966 පෙබරවාරි 15 දා
චේ
සිය දියණිය
හිල්දිතා
ට ඇගේ දහ වැනි උපන්දිනය දා යැවූ ලිපියෙන්.
]
[3]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus