BOONDI.LK| අදහස් බූන්දි| SF ද ? මහින්ද ද ?
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් අදහස්
තණකොල සහ පුන්නක්කු | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[3]
අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද? | කෞශල්‍ය කුමාරසිංහ
ප්‍රතිචාර[2]
ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය | අජිත් හැඩ්ලි පෙරේරා
ප්‍රතිචාර[2]
ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! | දමිත් කේතක
ප්‍රතිචාර[24]
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා! | කක්ෂපුට
ප්‍රතිචාර[5]
ලංකාවට එල්ල වී ඇති අන්තර්ජාතික අභියෝගය | ටෙරන්ස් පුරසිංහ
ප්‍රතිචාර[2]
රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴ | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[2]
දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි. | මීනා කන්දසාමි
ප්‍රතිචාර[1]
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු.... | චමීර කොස්වත්ත
ප්‍රතිචාර[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
SF ද ? මහින්ද ද ?
ප්‍රතිචාර[0]
බූන්දි| | 00:06:29
දමිළ සන්නද්ධ ව්යපාරය යුධමය වශයෙන් මුඟමනින්ම සමූල ඝාතනය කිරීමෙන් (liquidate) මාස හතක් ගත වන තැන් සිට ශ්රි ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් ඇත්තේ මාසයකට අඩු කාලයකි. නිදහසින් පසු ගතවුණු දශක හයක කාල පරිච්ඡේදය තුළ සිය දේශපාලන අයිතීන් වෙනුවෙන් සටන් කළ දමිළ ජාතියේ නියාමක බලවේගය ලෙස ක්රියාත්මක වුනු LTTE සන්නද්ධ ව්යාපාරය තිස් වසරක් පුරා ගෙන ගිය යුධමය ක්රියාන්විතයට අවශ්ය දේශපාලන විසඟමකින් තොරව මිලිටරිමය ලෙස පරාජයට පත් කිරිමට වත්මන් පාලන තන්ත්රය ක්රියා කර තිබේ. මෙය අතිශය ප්රජාතන්ත්ර විරෝධී වූවද, මෙයට පෙර බලයට පත්වූ විධායක ජනාධිපති වරුන් තිදෙනෙකුට කළ නොහැකි වූ එහෙත් සිංහල ජාති මාමක (Sinhalese chauvinists) බලවේගයන් අපේක්ෂා කළ විසඟමයි.

දමිළ සන්නද්ධ ව්යාපෘතිය යුධමය වශයෙන් මුළුමනින්ම පරාජය කිරීමේ වගකීම ගත් දකුණේ බහුතර සිංහල ජනතාව වත්මන් නායකත්වයට ඒ සඳහා පූර්ණ සහයෝගය පල කර තිබේ. දකුණ අත්පත් කරගත් ඒ විජයග්රහණය මාස කිහිපයක් ඇතුලත දියවී යන්නට පටන් ගැනුනේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහු යටතේ යුද හමුදා නායකත්වය දැරූ, අවසන් යුධ වෙහෙයුමේ ප්රමුඛතම කර්තව්ය ඉටු කළ සරත් ෆොන්සේකා අතර පැවති සබඳතාව පලූදු විමෙනි. මෙයට අවශ්ය මූලික සැලසුම විපක්ෂය ප්රමුඛ අනෙකුත් ආණ්ඩුවට එරෙහි සුලූතර පක්ෂ වලින් දියත් කෙරුණි. අවසානයේ ආණුඩු පක්ෂය නොසිතූ ලෙස විපක්ෂයට ජනාධිපතිවරණය සඳහා වාසියක් අත් වුනේ ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව පසුගිය කාලය මුළුල්ලේ මේ රටේ ස්ථාපිත කළ ''රණවිරු දේව සංකල්පය'' නිසාවෙනි. එනම් හමුදා සෙබලා දේවත්වයෙන් සැලකීමයි. තව දුරටත් කියනවානම් මෙය මෙපමණ මීට පෙර යුද්ධය පැවතුණු කාල වකවානුව තුළ සිදු වූවක් නොවුනු අතර රාජ්ය සේවයේ අත්යවශ්ය සේවාවන්ගෙන් එකක් වන හමුදා සේවය උත්කර්ශයට නංවා සාමාන්ය ජනතාව ලවා ඔවුන්ට වැඟම් පිඟම් කරවීමයි. ප්රධාන විපක්ෂය ඇතුඟ අනෙක් පක්ෂ මෙවර මැතිවරණයට තනි තනිව තරඟ කිරීම වෙනුවට ජාති මාමකයන්ගේ වීරයෙක් වන සරත් ෆොන්සේකා සිය ජනාධිපතිවරණ සටනට තෝරා පත් කරගෙන තිබේ. දැන් මේ තත්වය ආණ්ඩුවට පාරා වළල්ලක් බවට පත්ව තිබේ. මෙය ඉතිහාසයේ මීට පෙර සිදු නොවූවක් වන්නේ එකම කණ්ඩායමක එකම අධිපති මතවාදයක් දැරූ දෙදෙනෙක් එකිනෙකාට ප්රතිවිරුද්ධව අවි අමෝරාගෙන සිටීමයි. ඒ හරහා ජනවාරි 26 වෙනිදාට නියමිත ශ්රී ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරයා තේරීමේ මැතිවරණය සිංහල අධිපති මතවාදය (Sinhalese chauvinists)තීරණාත්මක ලෙස ඛණ්ඩනය කෙරෙන මැතිවරණයකි. මේ හරහා ප්රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින්ගේ මූලික අවධානය උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූණු දෙමළ ජනතාව වෙත යොමුවී තිබේ. LTTE සංවිධානය මිලිටරිමය ලෙස අවිචාරවත් ලෙස පරාජය කිරීමෙන් අනතුරුව දකුණේ සිංහල නායකයින්ට නැවත වරක් තීරණාත්මක ලෙස දෙමළ ජනතාව හමුවට පැමිණීමට සිදුවීම ඛෙහෙවින් උත්ප්රාසජනකය. තිස් වසරක යුධමය කාලය තුළ බලයට පත්වුණු ජනාධිපතිවරු තිදෙනෙක් ජනවාර්ගික අර්බුදයට විසඟමක් ඉදිරිපත් කිරීම ප්රමුඛ කොට ගෙන මෙරට සුඟ ජාතිකයින්ගෙන් ජන වරම ඉල්ලා සිටි අතර 94 බලයට පැමිණි චන්ද්රීකා කුමාරතුංගගේ ප්රධාන මැතිවරණ පොරාන්දුව වූයේද එක්සත් ලංකාවක් තුළ පිලිගත හැකි විසඟමක් ලබා දීමයි. ඒ සඳහා දෙමළ ජනයා විශාල වශයෙන් චන්ද්රිකා කුමාරතුංගට ඡන්දය පාවිච්චි කලහ. නමුත් ඇගේ වසර එකොළහක ධුර කාලය තුළ සිංහල ජාතිවාදී දේශපාලනය සහ එම ජාතිවාදී මතවාදයේ ප්රධාන ප්රකාශකයින් වන බෞද්ධ භික්ෂුන්ද දේශපාලන ගැත්තන්ද සමඟ දෙමළ ජාතියට සිංහල ජාතියේ දේශපාලනික වංචනිකත්වය මනාව විදහා පෑවේය. චන්ද්රිකා කුමාරතුංගගේ දෙවන ධුර කාලයේ ප්රථම අදියරේදී බලය ඛෙදීම පිලිබඳ ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ පසු එය ගිනි තබා ඉරා දමා ප්රතික්ෂේප කර තිබීම යතෝක්ත ප්රකාශයට කදිම නිදසුනකි. මෙවැනි තත්වයන් වල ප්රතිඵලයක් ලෙස දෙමළ ඛෙදුම් වාදී අරගලය පිලිගත හැකි විසඟමක් ලබාගැනීම වෙනුවට බිහිසුනු යුද්ධය වෙත ආපසු තල්ලූවිය.

පසුගිය දශකයක කාලය තුළ බලයට පැමිණි ප්රධාන ධනේෂ්වර පක්ෂ දෙක වන ශ්රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතියේ ඉල්ලීම් සුජාත ඒවා බව පිළිනොගත් අතර එහි ගාමක බලවේගය වුණු විමුක්ති කොටි සංවිධානය මිලිටරිමය වශයෙන් සමූල ඝාතනය කිරීමට 2005 දී ජනතා විමුක්ති පෙරමුණ හෙළ උරුමය ප්රමුඛ ජාතීවාදී බලවේග මහින්ද රාජපක්ෂ බලයට පත්කන ලදී. ජනාධිපති ධුරයේ සිව් වසරක් අවසන් වීමට මත්තෙන් ජාතිමාමක බලවේගයන්නේගේ අපේක්ෂාවන් මුදුන් පත් කරමින් කොටි සංවිධානයේ මිලිටරි ක්රියාකාරිත්වය පසුගිය මැයි මාසයේදී සමුපූර්ණයෙන්ම නිහඟ විය. ඒ අනුව නව යටත්විජිතවාදී ධනේශ්වර රාජ්යයේ (neo colonial capitalist state)පූර්ණ රාජ්ය බලය සිංහල ධනපති පංතිය වෙත කේන්ද්රගත කිරීමටත් මහ ජාතිවාදය පෝෂණය කිරීමටත් එම බලවේගයන් දෙමළ ජනතාවගේ මළ සිරුරු දහස් ගණනක් මතින් සමත් වී තිබේ.

අද වන විට එක් පූද්ගලයෙකු වටා කේන්ද්රගත වී තිබුණු සිංහල හෙජමොනික ආධිපත්ය දෙමළ ජනයාගේ පිඩක යාන්ත්රනය වුනු මිලිටරි බලවේගය වටා ඒකරාශී වෙමින් තිබේ. ඒ අනුව වත්මන් නායකත්වයේ ''රණවිරු දේව සංකල්පය යේ'' ආනුභාවයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය සඳහා හිටපු මිලිටරි නායකත්වයක් ඉදිරිපත් වී තිබේ. මෙය පාලක පංතිය අපේක්ෂා නොකල අතර ඒ හරහා විපක්ෂයේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයාට පැහැදිලි ශක්තිමත්, තරඟකාරී ජනමතයක් ගොඩ නැගෙමින් තිබේ.

ජනාධිපතිවරණයට සති 3 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී ප්රධාන පක්ෂ දෙකේ අවධානය යොමුව තිබුණේ දෙමළ ජනතාවගේ ඡන්දය කා සඳහාද යන්නය. එයින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික සංධානයේ තීරණය ලබා ගැනීමට ප්රධාන සිංහල අපේක්ෂකයින් කැස කැවූහ. මේ ලිපිය ලියන මොහොත වන විට දෙමළ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂට සහයෝගය නොදී විපක්ෂ පොදු අපේක්ෂකයා වන සරත් ෆොන්සේකාට සහය පල කිරීමට තීරණය කර තිබේ. LTTEය බිඳ වැටීමත් සමඟ මහින්ද රාජපක්ෂ පාලනය පශ්චාත් යුධමය කාල පරිච්ඡේදයේදී ජාතික ගැටලූව හා දෙමළ ජනයාගේ ජාතික විමුක්ති අභිලාෂයන් ඉතිහාසයේ කුණූ බක්කියට ඇද දැමීය. මේ සඳහා රාජපක්ෂ රෙජිමය බරපතලව නියෝජනය කෙරෙන සිංහල ජාතිවාදී දෘෂ්ටිවාදයත්, යුධ ජයග්රහණයේ උන්මාදයත් උපක්රමිකව ජනවාර්ගික අර්බුදය යටපත් කිරීමට යොදාගෙන තිබේ. මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට අන්ත ජාතිවාදී පිරිස්, සිවිල් සමාජ බුද්ධිමතුන් යැයි කියා ගන්නා බුද්ධිමතුන් රැලක්ද ජන මූල සංස්කෘතික නායකයා යැයි කියමින් පටු ලාභ ප්රයෝජන වෙනුවෙන් වැඩවසම් ක්රමයට ආවඩන මනෝ මූල ඊනියා කලාකරුවන් පිලක්ද, නින්දිතව රාජ්ය මාධ්ය මෙහෙයවන්නන්ද සමඟ බරපතල ප්රචන්ඩ දේශපාලන භාවිතයක් තුලින් කෙසේ හෝ නැවත විධායක ජනාධිපති ධූරයට පත්වීමේ ක්රමවේදය තෝරා ගෙන තිබේ.

විපක්ෂයේ පොදු අපේක්ෂකත්වයට ඉහත කී ලෙස ෆොන්සේකාගේ ආගමනයෙන් නව පනක් ලැබී තිබේ. ප්රතිවිරුද්ධ මතවාදයන් දෙකක් හසුරවන ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය මේ මොහාතේදී එකට එක්ව තිබේ. අනෙකුත් විසිරී සිටි සුඟ ජන නියෝජනයන් සහිත මුස්ලිම් දෙමළ පක්ෂද මේ මොහොතේ එක පෙරමුණකට එක්වී සිටී. ඒ අතරට රාජපක්ෂ රෙජිමයට දෙමළ ජාතික සංහාරය (ethnic cleansing) සඳහා යුධමය හා දේශපාලනික ශක්තිය ලබා දුන් (මේ මොහොතේ ලංකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් උනන්දුවෙන් සිටින) ජාත්යන්තර බලවේග හා ඔවුන්ගේ න්යාය පත්රයට අනුව කටයුතු කරන මෙරට රාජ්ය නොවන සංවිධාන ක්රියාකාරීන් සිවිල් සමාජයේ ඇතැම් බුද්ධිමතුන් ෆොන්සේකාගේ බලයට පත්වීම උදක්ම අපේක්ෂා කරයි. වඩාත්ම උත්ප්රාසාත්මක කාරණය නම් මේ පිරිස් අතරට යුද්ධයට සහයෝගය දැක්වූ නමුත් මහින්ද රාජපක්ෂට විරුද්ධ කලාකරුවනුත් එක්වී සිටීමයි. මෙය ජාතිවාදී බලවේගයේම අනෙක් අන්තයයිි. එනම් ක්රමය වෙනස් කිරීමේ දීර්ඝ කාලීන විසඟම සෙවීම වෙනුවට පුද්ගලයා වෙනස් කිරීම මඟින් තාවකාලික ප්රමෝදයක් අත්කර ගැනීමට උත්සාහ කිරීමයි. ෆොන්සේකා හරහා රාජපක්ෂ පාලනය පන්නා දැමුවද නැවත දේශපාලන බලය සංකේන්ද්රගත වන්නේ සිංහල බෞද්ධ ධනපති කේන්ද්රියව නොවේද?

ජාත්යන්තර ප්රජාව ගතහොත් වරෙක ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතික අරගලය මර්දනය කිරීමට සහයෝගය දුන් ඉන්දියාව, ඇමරිකාව, හා යුරෝපා කේන්ද්රීය රටවල් අද සිය න්යාය පත්රය සකස් කර ඇත්තේ ඔවුන්ගේ යෝජනා හා ව්යාපෘතින් වලට වඩා වාසිදායක පොරාන්දු ලබා දෙන අපේක්ෂයා ජයග්රහණය කරවීමයි. ඔවුන්ට අවශ්යව ඇත්තේ කුමන අපේක්ෂකයා ලවා හෝ නව ලිබරල්වාදී න්යාය පත්රය ක්රියාත්මක කරවීමටත් ඒ හරහා ධනේශ්වර රාජ්ය ක්රමය ස්ථාවරව පවත්වා ගෙන යාමටත්ය. හොඳම උදාහරණය නම් රාජපක්ෂ රජය චීනය, ඉන්දියාව වැනි ආසියාතික බලවතුන්ගේ දේශපාලන න්යාය පත්රය ක්රියාවට නැංවීමෙන් මෙය වෙනස් නොවීමයි. මේ අනුව ජාත්යන්තර බලවේග ඕනෑම අවස්ථාවක දිනන අපේක්ෂකයා අනුව සිය ස්ථාවරයන් වෙනස් කිරීමට පෙලඹෙනු ඇත.

දැන් දෙමළ ජනතාවට අභිමුඛ වී ඇත්තේ දෙමළ සමාජය මර්දනය කිරීමේ යාන්ත්රනයේ ප්රභල කොටස්කරුවන් දෙදෙනායි. ඒ අනුව සිංහල බලවේග දෙමළ ජනතාවට සිය දේශපාලනික යටත්වීම සංකේතවත් කිරීම සඳහා සිංහල නායකත්වයේ ආඥාදායකත්වයට (Sinhalese Diktatorship) ඡන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටී. අද වන විට බහුතර දෙමළ හා මුස්ලිම් පක්ෂ ප්රධාන සිංහල අපේක්ෂකයින් දෙදෙනා වටා රොක්වී සිටී. දෙමළ ජාතික සන්ධානයද සිය දේශපාලන ස්ථාවරය ප්රකාශ කරමින් ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට සහය පල කිරීමට තීරණය කර තිබේ. නමුත් එය සියලූ මන්ත්රින්ගෙන් සැදුම් ලත් තීරණයක් නොවන අතර ඔවුන්ගෙන් හරි අඩක් ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් සහය පල නොකිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් බහුතර දෙමළ නියෝජනයන් සහිත පක්ෂයක් ලෙස ෆොන්සේකාට සිය සහය පල කිරීමට අවශ්ය ඉල්ලීම් කිසිවක් පැහැදිලිව ඉදිරිපත් නොවුනු අතර හුදු කට වචනයකට සීමා වුනු අදහස් කිහිපයක් පමණක් මාධ්ය වෙත ඉදිරිපත් කර තිබේ. එදිනම ජනතා විිමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්ය වෙත ප්රකාශ කර සිටියේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් සියලූ පක්ෂ සහය පල කර සිටියත් දෙමළ ජාතික සන්ධනය සමඟ බලය ඛෙදීම පිලිබදව කිසිදු සාකච්ඡාවක් හෝ ගිවිසුමක් අත්සන් නොකල බවයි. ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්රකාශයෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? සිංහල බහුතර ඡන්දයෙන් පත්වීමට නියමිත ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවර අයෙකුටවත් දෙමළ ජනතාව මුහුණ දී තිඛෙන වාර්ගික පීඩනයට දේශපාලන විසඟමක් ලෙස දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය පිලිගැනීමට සිංහල හෙජමොනිය ඉඩ නොදෙන බව නෙවේද? නිදහසටත් එපිට සිට දෙමළ හා මුස්ලිම් ජන වර්ග මුහුනදී සිටින විෂම දේශපාලන චක්රයෙන් එම ජනතාව මුදා ගැනීමට වත්මන් ප්රධාන සිංහල ධනපති පක්ෂ දෙකත් ඒවාට සහයෝගය දක්වන ඊනියා වාමාංශික ලිබරල්වාදී පක්ෂත් අසමත් වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ එම ප්රකාශයෙන් එය ඉතා පැහැදිලි වේ. බලය ඛෙදීම පිලිබද සාකච්ඡාව ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශයන්ගේ තහනම් වචනයයි. ජනාධිපති රාජපක්ෂ යුධ ජයග්රහණයෙන් ඔද තෙද වැඩුණු දකුණෙන් තමාට පෙරලා කෘත ගුණ දක්වන්නැයි ඉල්ලා සිටී. එය ඔහු පසුගිය මැතිවරණ වේදිකාවකදී බෞද්ධ හා සිංහ කොඩිය එකවර අතට ගෙන ප්රදර්ශනය කරමින් ප්රකාශ කරයි. අනෙක් පසින් ජනරාල් ෆොන්සේකා හමුදා නිල ඇඟමේ බලය ප්රදර්ශනය කරමින් දකුණේ කෘතවේදීත්වය අපේක්ෂා කරයි.

මේ අතර LTTE සංවිධානයේ පරාජයත් සමඟ දෙමළ දේශපාලන සමාජය ක්රමික ඛෙදීමකට භාජනය වී තිබේ. දෙමළ ජාතික සංවිධානය ෆොන්සේකාට හෝ රාජපක්ෂට එක්ව සයෝගය පල නොකරයි. අනෙකුත් දෙමළ නියෝජනයන් සහිත දෙමළ පක්ෂ ප්රධාන බලවේගයන් වෙත සංක්රමණය වී තිබේ. කඟකර දෙමළ ජනතාවගේ නියෝජිතත්වයද අවිනිශ්චිතය. මේ අනුව දෙමළ ජනතාවට මෙම මැතිවරණය තීරණාත්මක සාධකයක් වීමට කිසිදු ඉඩක් නොමැත. විශේෂයෙන් උතුරු නැගෙනහිර කඳවුරු වල දුක් විදින ජනතාවත් නැවත පදිංචි කෙරූ අවතැන් ජනතාවටත් ඡන්දය භාවිත කිරිම කෙසේ වෙතත් ඔවුනගේ මූලික අවශ්යතාවයන් හෝ ඉටු නොවන තත්වයන් යටතේ එම ප්රදේශවල සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට රජයේ දේශපාලන ප්රචන්ඩත්වය කිසිදු අවකාශයක් සලසා දේ යැයි සිතීමද අසීරුය. මේ හරහා ප්රධාන පක්ෂ දෙක උත්සාහ ගන්නේ දෙමළ නායකයන් ලවා එම ජනතාවගේ ඡන්ද උදුරා ගැනීමයි. එයට ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට සහයෝගය දෙන දෙමළ දේශපාලන නායකයන් දෙමළ ජනතාව පොදුවේ මුහුණ දී සිටින ඛේදවාචකය නොසලකා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිංහල රාජ්යයට ඡන්දය පාවිච්චි කරන්න යැයි කිම කෙතරම් අකාරුණිකද?

ලොව පුරා සිටින දෙමළ කතා කරන සැබෑ මානව හිතවාදී බලවේග හා මෙරට සැබෑ බුද්ධිමත් සමාජය කළ යුත්තේ මෙම ඊනියා ජාතික වීරයන් ගැලවුම් කරුවන් කරගෙන ඊනියා ප්රජාත්රන්තවාදී දේශපාලන ප්රවාහයට හවුල් වීම නොවේ. මෙරට සැබෑ වාමාංශික දේශපාලන බලවේගයන් ඇත්නම් ඔවුන් සිදුකළ යුත්තේ පීඩාවට පත්වී සිටින දෙමළ මුස්ලිම් මෙන්ම සිංහල පීඩිත ප්රජාවන්ද සිංහල ධනපති වංචනික පාලනයෙන් මුදා ගැනීමට සැබෑ බලවේගයක් ලෙස ක්රීයා කිරීමයි. එය ධනේශ්වර දේශපාලන පක්ෂ හා බද්ධ වී කිසි කලක ඉටු කළ නොහැක්කකි. සියලූ ජනවර්ගයන්ට අයත් සැබෑ ජනතාවාදී බලවේග පිල් ඛෙදී එකිනෙකට චෝදනා කර ගැනීම වෙනුවට පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යතාර්ථවාදීව ක්රියා කළ යුතුය. දෙමළ ජනතාවට දෙමළ වීම නිසා වුනු අසීමිත පීඩාවන්ද අනෙකුත් සුඟ ජාතීන් මුහුණ පා සිටින පීඩාවන්ද පීඩිත සිංහල ජනතාවද මුදා ගත හැක්කේ ඒ හරහායි. සැබෑ ජනතා බලවේග ගමන් කළ යුත්තේ ඒ දෙසටයි. ලිබරල් ප්රජාතන්ත්රවාදයේ මර්දනයට එරෙහි සැබෑ මානුෂිය අරගලය දියත් කළ හැක්කේ විවේචන මඟින් නොවන අතර එහෙත් අභ්යන්තරයෙන් මතුවන ක්රියාමාර්ග තුලිනි. එයට අවශ්ය මුලික ශක්තිය සැපයීම අපගේ උත්සාහයයි. මේ ලිපියද ඒ උදෙසාය.


Ruwini Thalpawila | රුවිනි තල්පාවිල
[SEO Tags] Sarah Fonseka or Mahinda Rajapaksha? , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.| Book Quotes
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන් උන් උඹව ගොදුරු කර ගන්නවා.

-කැරොලිනා;බ්‍රසීල ජනාධිපතිට.... (කැරොලිනාගේ දින පොත- අනු: සුනිල් මාධව)