BOONDI.LK| අදහස් බූන්දි| අහෝ කලාව!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
|මරා කියයි.
|Theatre Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් අදහස්
වල් අජියාගේ මාක්ස් සොමිය ගැන ඩල් ගුණයාගේ Orgasm එක | කටකලුවා
ප්‍රතිචාර[4]
ලිට්ල් ස්ටාර් තරු පූජාසනයේ මිලින වෙන තරුෂි බබාලා ගැන නොකියන කතන්දරය | තුෂාරි ප්‍රියංගිකා
ප්‍රතිචාර[0]
ඉක්බිති සියල්ලෝ සතුටින් "මෙගා" වූහ.| පුස්වෙඩිල්ලක් වූ මෙගා විරෝධය | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[0]
"මෙගා" සරිත් සාගරය නොහොත් නූතන අවජාතකය | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[1]
ආත්අම්මාගේ 'දුක' අපේ 'සැප' කරගැනීම නොහොත් වර්තමාන ඡායාරූප ප්‍රදර්ශන කලාව | විරාජ් ලියනාරච්චි
ප්‍රතිචාර[0]
පඳුරකට එක ගානේ සුපිරි තරු! ලාබයි... හා... එන්න... | කුමුදු ප්‍රියංකර
ප්‍රතිචාර[0]
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!" | තාරක වරාපිටිය
ප්‍රතිචාර[0]
නග්න කලාව හා පුරසාරම | ඉන්දික උඩුගම්පොල
ප්‍රතිචාර[0]
ඉල්ලීමයි! | මොහාන් විඡේනායක
ප්‍රතිචාර[0]
තහනම් කලා(ව) | කුමුදු ප්‍රියංකර
ප්‍රතිචාර[0]
BOONDI • Raha •
  අදහස් බූන්දි  
අහෝ කලාව!
ප්‍රතිචාර[2]
බූන්දි| | 23:57:47
නෞකාව හසුරුවන කප්පිත්තා දවසක් රෑ ඈත මුහුදේ කුඩා එළියක් දුටුවේ ය. එය දිස් වන්නේ කෙලින් ම සිය ගමන් පථයේ නිසා ඔහු මෙ වැනි රේඩියෝ පණිවිඩයක් නිකුත් කෙළේ ය: ''කරුණාකර ඔබේ ගමන් මග, අංශක දහයකින් දකුණට බර කරන්න'' ඊට පිළිතුරු වශයෙන් සැණෙකින් ඔහුට මෙ වැනි පිළිතුරක් ලැබුණි: ''කරුණාකර ඔබේ ගමන මග අංශක දහයකින් වමට බර කරන්න''. මේ පිළිතුර දැකීමෙන් නැව් කප්පිත්තාට කේන්ති ගියේ ය. ඔහු පෙරළා මෙ සේ අණ දුනි: ''ගමන් මග අංශක දහයකින් වහා දකුණට බර කරනු! මේ කතා කරන්නේ, නෞකා කපිතාන්වරයෙක්'' ඊට ලැබුණු පිළිතුර මෙ සේ ය: ''ඔබේ ගමන් මග අංශක දහයකින් වමට බර කරන්න. මේ කතා කරන්නේ, සාමාන්ය නැවියෙකු වන, තුන්වැනි කැලෑසියේ ජෝන්ස්''. කපිතාන් ගේ කෝපය නිම්හිම් නො වී ය. ඔහුගෙන් අවසාන නිවේදනය නිකුත් විය: ''ගමන් මග වහා අංශක දහයකින් දකුණට යොමු කරනු! මේ අණ නිකුත් වන්නේ යුධ නෞකාවකින් බව දැන ගනු!'' ඊට ඔහු ලද පිළිතුර මෙ සේ ය: ''ඔබේ ගමන් මග අංශක දහයකින් වමට බර කරන්න! මේ අණ නිකුත් වන්නේ ප්රදීපාගාරයකින් බව දැන ගන්න!''

ප්රදීපාගාරයේ සිටිය යුතු කලාකරුවා අද වන විට අර නැවට ගොඩ වී ප්රදීපාගාරය හෙවත් කලාව විතැන් කිරීමට දරදිය අදින සැටි ලංකාවේ ජනාධිපතිවරණ ප්රචාරණය තුළ අපට දැක ගත හැක. කලාකරුවාට දේශපාලනය අකැප නැත. ඇත්තෙන් ම, කලාකරුවෙකු සංවේදී මිනිසෙකු යැයි අප විශ්වාස කරන්නේ ම, ඔහුටත් දේශපාලනයක් තිඛෙන බැවිනි. එය අප හඳුන්වන්නේ, මිනිස් දයාව මත පදනම් වන සමාජ සාධාරණත්වයේ දේශපාලනය වශයෙනි. එය පටු පෞද්ගලික අවශ්යතා පිරිමසා ගැනීමේ මෙවලමක් වශයෙන් උසුරුවන මොහොතේ පටන් ඔහු කලාකරුවෙකු ගේ දේශපාලනයෙන් වියෝ වන්නේ ය.

කලාකරුවා යනු නළුවෙක් ය යන පටු අර්ථ කථනය අප හඳුනා ගන්නේ ද මේ ජනාධිපතිවරණ වේදිකාවේ දී ය. නවකතාව, කෙටිකතාව, කවිය, චිත්රය, මූර්තිය සහ ජනකලා ආදී කලාවේ විවිධ පරාස වෙනුවට මේ වේදිකාව ඔපවත් කරන්නේ ප්රාසාංගික ශිල්පීන් ය. මෙය දේශපාලනයේ සමාජ විද්යාත්මක ඉසව්වකට අප ව ගෙන යයි. කවියෙකුට, චිත්ර ශිල්පියෙකුට හෝ නවකතාකරුවෙකුට වඩා නළුවෙකු!නිළියක දේශපාලන වේදිකාවක් මත ආකර්ශනීය වස්තුවක් වන්නේ ඇයි? ප්රේක්ෂා සමාජය වශයෙන් හඳුන්වනු ලබන ප්රපංචය තුළ, චින්තනය වෙනුවට ඇස හිලව් වීමට ඇති ඉඩකඩ වැඩි ය. එ සේ තිබිය දී, චිත්රය සහ ටෙලි වෘතාන්තය යන දෙක ම දෘෂ්ය මාධ්යයට අයත් වුව ද, චිත්රය ගොළු දෘෂ්ය කාව්යයක් වෙද්දී, ටෙලිය කිසි දවසක ගොළුවෙන් වත් කාව්යයක් වන්නේ නැත. ඇස යන ඉන්ද්රිය හරහා පවා, මේ ප්රේක්ෂා සමාජය තුළ අධිනිශ්චය වන්නේ, චින්තනයෙන් තොර වියළි දෘෂ්යයක් පමණක් ය යන්න එහි අරුත යි. එ තැන ''කාව්යය'' නැත. මෙය තවත් ඉදිරියට ගොස් ටෙලියේ හැව ඇරිය පසු සමාජය ඉදිරියේ ශේෂ වන්නේ නග්න ශරීරයක් පමණි. අප ඉදිරියට විත්, දවසට දෙ තුන් සිය වතාවක් විද්යුත් මාධ්ය හරහා ද, මුද්රිත මාධ්ය හරහා ද (දිනකට රුපියල් මිලියන 70 ක් වැය වන අපේ මුදලින්) අද 'බුද්ධිමත් චන්දදායකයා' අමතන මේ ශරීර කූඩුවලට, හඳුනා ගැනීමේ පහසුව පිණිස, කලාකරුවන් කීමේ වරදක් නැත.

ඔවුන්ගේ මුහුණු හැරුණු විට එ වැනි කලාකරුවන් පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයකි. කලාවට වඩා ජාතිය ජම්මය වැදගත් කොට සැලකීම ඉන් ප්රමුඛ යි. කලාකරුවෙකුට යම් ජාතියකට, ආගමකට හෝ සංස්කෘතියකට අයත් විය නො හැකි බවක් මින් අදහස් නො වේ. හැම කලාකරුවෙකු ම, යම් කිසි ජාතිකයෙකි. යම් කිසි සංස්කෘතියකින් පෝෂණය වුවෙකි. ඇතැම් විට සැදැහැවත් ආගමිකයෙකි. එහෙත් ඉහතින් සඳහන් කළ මානව දයාව නම් වූ විශ්ව බන්ධනයෙන් එ කී කලාකරුවා බැඳී සිටින හෙයින් ස්වකීය ජාතිය, ආගම හෝ සංස්කෘතිය ස්වකීය කලා භාවිතය තුළ ඔහු විසින් පරිශීලනය කරනු ඇත්තේ, අනිකා ගේ ජාතිය, ආගම සහ සංස්කෘතිය කෙරෙහි වන සංවේදී වූත්, විනයගත වූත් ගෞරවයෙනි. හිට්ලර් ගේ ආර්ය මිථ්යාව ඔසවා තැබූ සංස්කෘතික බලධාරීන් සහ කලාකරුවන් එක පැත්තකත්, තමා උපන් රටෙන් සහ ජාතියෙන් පිටස්තර ජනතාවක් අතරට ස්වේච්ඡාවෙන් ගොස් පැසිස්ට්වාදයට එරෙහි ව ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ සටන්කරුවෙකු වූ ජෝර්ජ් ඕර්වල් අතරත් අප දුටු වෙනස එය යි. නට්සිවාදය සාධාරණීකරණය කරමින් හිට්ලර් යටතේ විශ්ව විද්යාල කුලපතිකම් බාර ගත් මහා දාර්ශනික මාටින් හෙයිඩගර් අතරත්, ප්රතිපත්තිමය හේතු මත නොඛෙල් ත්යාගය පවා පිළිකෙව් කළ ෂොන් පෝල් සාත්ර වැනි දාර්ශනික කලාකරුවන් අතරත් අප දුටු වෙනස එය යි.

අදීනත්වය යනු කුමක් දැයි හඳුනා ගැනීමට ශරීරයට හැකියාවක් නැත. අදීනත්වය එක අතකින් දරාගෙන, ජීවත් වීමට රැකියාවක්, පදිංචියට ඉඩමක් හෝ නිවෙසක් අනිත් අතින් ගැනීම ගැන මගේ බරපතල ආරෝවක් නැත. මන්ද යත්, බුද්ධිමය අදීනත්වය වෙනුවෙන් වස කෝප්පයක් පානය කරන සොක්රටීස්ලා නූතන අධිපරිභෝජන සමාජයේ ජීවත් වන 'ගිහි කලාකරුවන්' අතරින් බලාපොරොත්තු වීම අසාධාරණ බැවිනි. එහෙත්, කලාව තුළින් උපයා ගත් කීර්තිය, එම කීර්තිය තමන්ට උපයා දුන් අහිංසක ප්රේක්ෂකයා රැවටීම සඳහා දැනුවත් ව අපයෝජනය කිරීම කලාකරුවෙකුට තරම් නො වන්නේ ය.

ආගිය කතා කීවේ මේ විෂය පථයට, එ නම් කලාවේ නාමයෙන් නළුවා විසින් ප්රේක්ෂකයා රවටනු ලැබීම පිළිබඳ කාරණයට ප්රවේශයක් වශයෙනි. ඊට නිමිත්ත වන්නේ, පසු ගිය දවසක අයි.ටී.එන්. හරහා ජැක්සන් ඇන්තනි පහදා දීමට වෙර දැරූ ඉතිහාස කතාවකි. අපේ රජ කාලේ බලය අභ්යාස කොට ඇත්තේ ඥාති බන්ධුත්වය මත බව, අතීත රාජාවලිය චතුර ලෙස වහරමින් ඔහු පෙන්වා දුනි. අහවලා ගේ තාත්තා, අහවලා ගේ සහෝදරයා, අහවලා ගේ බිරිඳ, අහවලා ගේ සැමියා ආදී වශයෙන් රාජත්වයට පත් වූ දීර්ඝ නාමාවලියක් ඔහු ගෙනහැර පෑවේ ය. එහෙත්, දත්තමය වශයෙන් නිවැරදි විය හැකි මේ සංසිද්ධිය නූතනත්වයට ඈදද්දී ඔහු කීවේ කුමක් ද? එදා ලංකාවට ඒ ඥාති පාලනය යෝග්ය නම් අද ලංකාවට සහෝදර ක්රමය යෝග්ය නොවන්නේ මන්ද යන්න යි.

ඉතිහාසය යනු රජවරුන්ගේ දත්ත කටපාඩම් කිරීමක් වශයෙන් මොහු සළකන බවක් ඔහුගේ බොහෝ සාකච්ඡා තුළ දක්නට ලැබේ. ඒවා ද, අසන්නා හෝ ප්රේක්ෂකයා තුළ ගැස්මක් ඇති වන පරිද්දෙන් ඉදිරිපත් කිරීමට ඔහු දක්ෂ ය. ප්රශ්නය වන්නේ, අසන්නා තුළ එ සේ අහ්ලාදය දනවන දත්ත හැම විට ම නිවැරදි නොවීම යි. වරක් ඔහු ගුවන් විදුලි නාලිකාවක් සමග කළ එක් සාකච්ඡාවක දී, දාර්ශනිකයන් ගේ නාමාවලියක් ''කටපාඩමින්'' කියාගෙන යන අතරේ 'පියුරිටන්' යන නාමය ද ඊට ඇතුළු කෙළේ ය. පියුරිටන් යනු පාරිශුද්ධවාදී චින්තන ව්යාපාරයක් පොදුවේ හඳුනා ගැනීම සඳහා වහරන යෙදුමක් මිස, එ නමින් දාර්ශනිකයෙකු කිසි දවසක මෙ ලොව ජීවත් ව නැත. එහෙත් අසන්නා හැම විට ම රැවටීමට සැදීපැහැදී සිටිතැ යි අදහන මෙ වැනි අයවළුන්ට එය ගැටළුවක් නො වේ. කෙ සේ වෙතත්, ගිය සතියේ ඔහු ප්රකාශ කළ දත්ත නිවැරදි ය යන උපකල්පනය යටතේ සැබෑ ඉතිහාසය මෙ සේ නිරීක්ෂණය කළ හැක.

පවුල් බලය තිබුණේ ලංකාවේ පමණක් නො ව, මුළු ලෝකයේ ම සංවිධිත බලය ගොනු වුණේ ලේ නෑකම් තුළ ය. එය මුටසිවට සේ ම නැපෝලියන්ටත් පොදු ය. එහෙත් ලෝකයා (නැපෝලියන් පවා) තවත් සහස්රයක් එය කරේ තියාගෙන යාමට සිතුවේ නැත. ඒ වෙනුවට, ප්රාග්ධනයට ඉඩ දෙන, පුද්ගල භාවය සමාජකරණය කෙරෙන නව රටාවක් ඔවුහූ සකසා ගත් හ. ඥාති සංග්රහය සමාජ ක්රමයක් වශයෙන් පිළිකෙව් කෙරුණේ එතැන දී ය. නගුලෙන් ට්රැක්ටරය වෙත ද, බර කරත්තයෙන් අහස් යානය වෙත ද, කන්දෙන් කන්දට තැබූ හූව චන්ද්රිකා තාක්ෂණය වෙත ද ඔසවා තැබුණේ එහි ප්රතිඵලයක් වශයෙනි. ඒ වූ කලී, ප්රාග්ධනයේ මහා ප්රවර්ධනය යි. එ සේ නො විණි නම්, ජැක්සන් ඇන්තනිට ගිය සතියේ අප ඉදිරියේ විරිත්තීමට රූපවාහිනී කැමරාවක් වත් නො තිඛෙනු ඇත. මේ ඉතිහාස ක්රියාවලියට දේශපාලනික භාෂාවෙන් අප කියන්නේ, වැඩවසම් ක්රමයෙන්
ධනපති ප්රජාතන්ත්රවාදය වෙත සංක්රමණය වීම කියා ය.

අවස්ථාවාදී ලාබ ප්රයෝජන අපේක්ෂාවෙන් මෙ වැනි නළුවන් විසින් වැඩවසම් සාරධර්ම මොන තරම් ඔසවා තැබුවත්, මේ කලාකාර වේදිකාවේ ඒ වැඩවසම් සමාජය විනෝදමත් කළ පරපුරකට අහලකින් වත් නෑ කම් ඇති කිසි කලාකරුවෙකු (ජන කවියෙකු!ඛෙර වාදකයෙකු වැනි) නැති වීම ඛෙහෙවින් උත්ප්රාසාත්මක ය. සිටින සියල්ලන් අයත් වන්නේ, නූතන ධනපති ප්රාග්ධනයේ තාක්ෂණ කලාවට යි. එය වරදක් නො වේ. වරද ඇත්තේ, ඒ තාක්ෂණයෙන් යැපෙමින් වැඩවසම් චින්තනයට ආවැඩීම තුළ යි. නූතන රාජ්ය පාලනයත් දේවානම්පියතිස්ස මාදිලියේ දුනු ඊතල සංස්කෘතියෙන් සැරසීමට තරම් ව්යාජ වීම තුළ යි.

(''අවරදිග ආවර්ජනා'': උපුටනය- රාවය 03.01.2010)


Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ
[SEO Tags] Gamini Wiyangoda, Mahinda Rajapaksha, Jackson Anthoney, ITN, Sri Lankan Artists, Ravaya, Awaradga Awarjana , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
2 Comment(s)| ප්‍රතිචාර
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.| Personal Quotes
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.