BOONDI.LK| අදහස් බූන්දි| රෝහණ විඡේවීර - මිනිසුන් තැනූ මිනිසා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
  තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
මහාවංශය හොල්මන් කිරීම | තිසරණී ගුණසේකර
ප්‍රතිචාර[3]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
රෝහණ විඡේවීර - මිනිසුන් තැනූ මිනිසා
ප්‍රතිචාර[0]
බූන්දි| | 23:36:24
''අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යාමට නොව අප පසුකර යෑමට'' යැයි මුරගෑ හඟක් විය. එක් ඉල් මහේ අදුරු රාත්‍රියක අලුගෝසුවන් විසින් නිහඟ කළ ඒ නිර්ධන පන්තියේ සැබෑ හඟ සැබැවින්ම නිහඟ කළ නොහැකි වූ බව දිනක් දෙකක් නොව මාසයක් හමාරක් නොව දශක දෙකක් ගතවීත් එලෙසින්ම ඔප්පු වී හමාරය. ධනේෂ්වර පාලනයේ අසමානයතාවට එරෙහිව පීඩිත මිනිසුන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් සිය දිවියම කැප කළ ඒ අභීත මිනිසා තවමත් ජීවමානය. ඒ ජීවමාන මිනිසා එදාට වඩා දැඩි හඟන් මෙන්ම තියුණු හඟන් තවමත් ලංකේය නිර්ධන පන්තියට මග පෙන්වයි. ඔහු අන් කවරෙක් වත් නොව ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විඡේවීර නම් මිනිසුන් තැනූ මිනිසාය.

දුක් විඳින ජනතාවගේ උන්නතිය වෙනුවෙන් සිය දිවිය කැප කළ මේ අභිත මිනිසාගේ දිවි සැරිය පිළිබඳ තොරතුරු විමසනවාට වඩා සැබෑ ලෙසින්ම ඔහුව කියවීමට පහසුම මග වනුයේ ඔහුගේ මගපෙන්වීමෙන් නිමැවුණු නිර්ධන පංති පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ විමසීමයි.

මේ වෙනුවෙන් අමුතුවෙන් මහා ඉතිහාසයක් පෙරළිය යුතු නෙවේ. දේශපාලන සංස්කෘතිය තුළ ජනතා විමුක්ති පෙරමුණ සතු සුවිශේෂ ගුණාංගයන් පිළිබඳව විමසීම පමණක් සෑහෙන බව අපගේ අදහසයි. ශ්‍රී ලංකාවට මෙන්ම මුළු මහත් ලෝකයටම සාපේක්ෂව වාමාංශික දේශපාලනයේ නව සංස්කෘතික ලක්ෂණ හා ගුණාංග රැසක් මේ අසහාය නිර්මාපකයාණන් විසින් සිය පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ තුළ වගා කළේය. එය හුදෙක් සිය නායකත්වයේ බල මහිමයෙන් හෝ වෙනයම් අදෘෂ්‍යමාන බලපරාක්‍රමයකින් බලහත්කාරයෙන් ඔබ්බවන ලද්දක් නොවීම අතිශය සුවිශේෂී වන්නේය.

රෝහණ විඡේවීරයන් මෙරට නිර්ධන පාන්තික පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන් පෙරමග ගනු වස් නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ තුළ මුළු මහත් ලෝකයේම විප්ලවවාදී ව්‍යාපාරයේ නුදුටු සුවිශේෂී ලක්ෂණයන් නිර්මාණය කිරීමට ඔහු සමත් විය. ඒ වුූ කලීි අන් කවරක් වත් නොව වෘත්තීය විප්ලවවාදීයෙකු බිහි කිරීමයි. ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ මෙතෙක් නුදුටු මේ ගුණාංගය ජ.වි.පෙ.ට පමණක්ම සුවිශේෂී විය. පැරණි වමේ ව්‍යාපාර තුළ සිටි පූර්ණ කාලීන සාමාජිකයා සිය පක්ෂයෙන් ලැබුණු දීමනාව යැපුම් මාධ්‍යයක් කොට සිය දේශපාලන කටයුතු සිදු කළ සමයේදී පක්ෂයෙන් දීමනා නොලබන, ජනතාවගෙන් යැපෙන, සිය ජීවිතය විප්ලවය වෙනුවෙන් කැපකළ වෘත්තීය විප්ලවවාදීයෙකු බිහි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවූයේ රෝහණ විඡේවීරයන්ය. මෙහි අනෙක් සුවිශේෂිත්වය වන්නේ, ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය විප්ලවවාදියා වෙමින් ඒ ආදර්ශය ලාංකේය භූමිය තුළ රෝපණය කළේද රෝහණ විඡේවීරයන් වීමයි.

වමේ ව්‍යාපාර ලංකාවේ විප්ලවය වෙනුවෙන් සිය පක්ෂ මෙහෙයවද්දී ධනේෂ්වර සමාජ සංස්කෘතීන් යම් පමණකින් හෝ උකහා ගත්තේයැයි කීම සාවද්‍ය නොවේ. මෙහි දක්නට ලැබෙන එක් දුර්දාන්ත අවස්ථාවක් වූයේ ධනේෂ්වර සංස්කෘතියේ සිය සංස්කෘතික ගති ලක්ෂණයක් ලෙසින් විදහා දැක්වීමට උත්සුක වූ මත්පැන් පානය සිය විප්ලවවාදී ව්‍යාපාරයෙන් තුරන් කිරීමේ අභීත පාදම දමන ලද්දේ ද රෝහණ විඡේවිරයන්ය. මත්පැන් නොබීම, දුම්පානය නොකිරීම, පමණක් නොව අනවශ්‍ය ලෙස මුදල් වැය නොකිරීමේ සම්ප්‍රදායන් පක්ෂය තුළ ගොඩනැගුවේ රෝහන විඡේවීරයන්ය. විඡේවීරයන් මේ සම්ප්‍රදාය සිය පක්ෂය තුළ බිහි කළේ අමුතු සදාචාරයක් බිහිකිරීමට නොව, ජ.වි.පෙ. වෘත්තීය විප්ලවවාදියා ජනතාවගෙන් යැපෙන අයෙකු වූ නිසාවෙනි. එය ජ.වි.පෙ සුවිශේෂී අනන්‍යතාවයකි.

එපමණක් නොව රෝහණ විඡේවීරයන් විසින් ගොඩනැගූ පක්ෂය වූ කලී ව්‍යවස්ථාවෙන් බැඳ ගැටගසා පවත්වාගෙන යන්නක් නොවන බව ඒත්තු යන්නේ ඒ තුළ ඇති ව්‍යවස්ථාව ඉක්මවා ගිය සහෝදරත්වය නිසාවෙනි. ඒ සහෝදරත්වය හා මිත්‍රත්වය ව්‍යවස්ථාව ඉක්මවා ගිය පවුලක ස්වරූපය ගන්නේ ''සහෝදරයා සහෝදරිය'' යන වදන්වලට අමතරව ''අයියා, අක්කා, නංගී, මල්ලී'' යන වදන් භාවිතාවයි. මෙය රෝහණ විඡේවීරයන් විසින් උපත ලබා දුන් එම දැවැන්ත පවුලේ සාමූහිකත්වය හා බැඳීම මැනවින් හෙළිකරන්නෙකි.

සාමාන්‍යයෙන් වමේ ව්‍යාපාරයන් විසින් විප්ලවවාදියාට උගන්වනු ලැබුවේ රැඩිකල් හා විප්ලවවාදී ලෙසින් උද්ඝෝෂණ, හර්තාල්, විරෝධතා ආදියට සහභාගී වීමටය. නමුත් රෝහණ විඡේවීරයන් විසින් ගොඩනැගූ මෙම පක්ෂයේ එකී විප්ලවවාදී තත්ත්වයන් අභිබවා ගිය දේශපාලනය වෙනුවෙන් සිය සමාජ අරමුණ වෙනුවෙන් වදහිංසා දරා ගන්නා වීරත්වයේ හා පරිත්‍යාගයේ ආදර්ශය පමණක් නොව ඒ වෙනුවෙන් සිය ජීවිතය පවා පරදුවට තැබීමට දෙවරක් නොසිතන දේශපාලන ආදර්ශය ජනතා විමුක්ති පෙරමුණ තුළින් ඉස්මතු කිරීමට සමත්වී ඇත. මෙය වචනයෙන් හෝ අන් යමකින් නොව රෝහණ විඡේවීර නම් ඒ අසහාය විප්ලවවාදියා සිය ජීවිතය තුළින් ආදර්ශයෙන්ම එය පෙන්වා තිබීම කටින් විප්ලව කිරීමට යත්න දරන බොහෝ නායකයින්ට මහා ආර්ශයකි.

මේ සියල්ල අබිබවා යන මහා සුවිශේෂී අවස්ථාව වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ තුළින් රෝහණ විඡේවීර සහෝදරයා පෙන්වූ අධ්‍යාපන ක්‍රමවේදයයි. විශේෂයෙන්ම ගැඹුරු අධ්‍යාපනයක් මෙන්ම ඊට අවැසි පදනම බිහිකිරීමෙහිලා විඡේවීරයන්ගේ ක්‍රමවේදයට සමාන වූ දේශපාලන අධ්‍යාපනයක් තවමත් බිහිව නොමැත. පන්ති පහෙන් ඇරඹී අධ්‍යාපන කව, අධ්‍යාපන කඳවුරු තුළින් සාමාන්‍ය අධ්‍යාපන ධාරාවෙන් පිටමන් කරන ලද සාමාන්‍ය ජනයාටද දේශපාලනය මෙන්ම සංස්කෘතික ශික්ෂණය ලබා දෙන අතර දේශපාලනයේ නිර්මාණශීලී විප්ලවවාදියා බිහිකිරීමට මෙමඟින් හැකිවීම විප්ලවවාදී දේශපාලන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් විය.

රෝහණ විඡේවීරයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ බිහි කළද ඔහු කිසිවිටෙක අණ දෙන්නෙක් හෝ ලොක්කෙකු නොවූවා පමණක් නොව, සැබෑ නායකයෙකු බව ක්‍රියාවෙන් ඔප්පු කළා සේම විනය සිය පක්ෂය තුළ දිගින් දිගටම පවත්වා ගැනීමටද කටයුතු කළේය. ඒ, පක්ෂයටම අනන්‍ය වූ ක්‍රමවේදයක් මගිනි. බොල්ෂෙවික් පක්ෂයක සංවිධාන ආකෘතිය රටටම පෙන්වා දෙමින් රටට ආවේණික ලෙස භාවිතයට ගැනීම සඳහා විඡේවීර සහෝදරයා විසින් නිතිපතා එකතු කරන, දක්ෂතාවයට මුල් තැන දෙන, ජවයට මුල්තැන දෙන, වගකීම මිස ඒවා තනතුරු ලෙස නොසලකන, මධ්‍යගතභාවයකින් යුතුව සිය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන විනයානුකූල සංවිධාන රටාවක් ගොඩනැගීමට සමත් විය. වමේ ව්‍යාපාර අතර එදා මෙදා තුර නැවුම් සුවිශේෂී පියවරයන් ගැනීමට ජනතා විමුකිති පෙරමුණට හැකි මෙනිසාය.
මේ අතරම වමේ ව්‍යාපාරයට ඉතිහාසයේ අත්වූ ඛේදනීය තත්ත්වය වූයේ පොතේ ගුරු වාදයට යටවීමයි. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයේ සිටම වමේ ව්‍යාපාරයේ මෙම දුර්වලතාවයෙන් සිය පක්ෂය මුදවා ගැනීමට විඡේවීර සහෝදරයා නිවැරදිව මගපෙන්වීමක් ලබා දුන්නේය. පොතේගුරුවාදී දේශපාලනය වෙනුවට මාක්ස්වාදී දේශපාලනය, දේශිය සංස්කෘතිය, ජනතාවගේ හදගැස්ම හා ඓතිහාසික කරුණු සමඟ ගලපාගෙන නිර්මාණශීලී දේශපාලන භාවිතාවක් කරා සිය පක්ෂය මෙහෙයවීමට විඡේවීර සහෝදරයා මනා පරිචයකින් යුතුව කටයුතු කළේය. පක්ෂය ආරම්භයේ සිටම මෙම ගුණාංගයන්ගෙන් යුතු වෘත්තීය විප්ලවවාදියා ගොඩනැගෙන්නේ කෙසේද යන්න රෝහණ විඡේවීර සහෝදරයා ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීය. සමාජවාදී භික්ෂු සංගමය ගොඩනැගීම තුළින් ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට දේශපාලනය මෙහෙවීමට රෝහණ සහෝදරයා තුළ තිබූ හැකියාව මැනවින් විදහා දැක්විණි.

මේ වූකලී රෝහණ විඡේවීර නම් වූ වෘත්තීය විප්ලවවාදියාගේ දේශපාලන ක්‍රියාමාර්ගයේ උත්තුංග ගුණාංග අතළොස්සකි. මෙවන් කුඩා ඉඩෙක ඒ අසහාය විප්ලවවාදියා පිළිබඳ පූර්ණ විවරණයක් කිරීමට හැකි යැයි සිතීමද මුලාවකි. සිය ජීවිතය තුළින්, සිය ක්‍රියාමාර්ග තුළින් ජනතාවට වගකියන, ජනතා හිතවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගූ ඒ අපූරු මිනිසා දර්ශනයෙන් සැඟව ගොසිනි. නමුත් ලංකාවේ සජීවී දේශපාලන ව්‍යාපාරය තුළ සෑම දිනෙකම විඡේවීර නම් වූ ඒ අසහාය විප්ලවවාදියා යලි යලිත් පණ ලබයි.

කැපකිරීම, ධෛර්යය, දැනුම තුළින් සමාජ මෙහෙවරක යෙදුණු රෝහණ විඡේවීරයන් විසින් ආරම්භ කරන ලද ගමන තවමත් නිම වී නොමැත. නමුත් ඒ සඳහා වන මාර්ගය තවමත් ආලෝකවත් කරනුයේ, විඡේවීරයන් විසින් දැල්වූ ආලෝකයෙනි. ඒ ආලෝකය සියතට ගෙන අසීරු ගිරිදුර්ග සහිත මේ මාවතේ තවමත් යන්නවුන් බොහෝය. ඇතමෙක් ඒ මාවතේ දිව ගොස් අතරමගදී ඇද වැටෙති. තවෙකෙක් ඒ මාවත තිබියදී වෙනත් මාවතවල බැදි කරා යන්නෝ වෙති. නමුත් විඡේවීරයන් විසින් පෙන්වා දුන්, හෙළි පෙහෙළි කළ මාවත දෘෂ්‍යමානවය.

ලාංකේය විප්ලවය යථාර්ථයක් කරනු වස් රෝහණ විඡේවීරයන් විසින් නව අභියෝගයට ගැලපෙන පරිදි බිහි කළ, වමේ ව්‍යාපාරයට නව අරුතක් හෙළි කළ මේ නව පක්ෂ සංස්කෘතිය තුළ පණ ලබන්නේ විඡේවීර ලකුණය. ජනතා විමුක්ති පෙරමුණ නම් වූ ඒ අසහාය නායකයාගේ සෙවනේ වැඩුණු දැවැන්ත පක්ෂය විසින් නිර්මාණය කළ සාධනීය ලක්ෂණ රැකගනිමින් නව ගුණාංග එකතු කිරීම අද දවසේ විප්ලවවාදීන් විසින් කළ යුතු වන්නේය. මාක්ස්, එංගල්ස්, ලෙනින් විසින් පෙන්වා දුන්, රෝහණ විඡේවීරයන් විසින් නව මගකට යොමු කරවාලූ ඒ දැවැන්ත කාර්යභාරය තවමත් අප අබිමුව ඉතිරිව ඇත.

රෝහණ විඡේවීර නම් වූ ඒ අසහාය නිර්මාපකයා, දැවැන්ත නායකයා, අසමාන විප්ලවවාදියා විසින් ඇරඹි ගමන අවසානය කරා ගෙනයාම ඔහුට කෙරෙන හොඳම උපහාරය වනු ඇත. අතට ගත් දැවැන්ත රතු ධජ අවසාන දිනුම් කණුව පසු කර ළෙලදිය යුතු වන්නේය. මේ මොහොතේ ඒ වූ දැවැන්ත කාර්භාරය ඉටු කිරීමට දස දහස් ගණනින් විඡේවීරලා බිහිවිය යුතුය. වෘත්තීය විප්ලවවාදියෙකු ලෙස රෝහණ විඡේවීරයන් විසින් ඇරඹි ඒ කාර්යභාරය ජයග්‍රහණය කරා මෙහෙයවා අවසන් කළ යුතු කාලය එළඹ ඇත. විඡේවීරයන් ඔබ අත තබා ඇත්තේ, ඒ ගමන සඳහා වන සහය දිවීමේ යෂ්ටියයි.

Sajith Saranga Senarathna | සජිත් සාරංග සේනාරත්න
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මරා කියයි.| Theatre Quotes
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]