BOONDI.LK| අදහස් බූන්දි| නඩරාජලා, ශාන්තිනීලා සහ සරෝජලා- (කුරුණෑගල රෝහලේ සංචාරයකින් පසු)
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් අදහස්
තණකොල සහ පුන්නක්කු | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[3]
අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද? | කෞශල්‍ය කුමාරසිංහ
ප්‍රතිචාර[2]
ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය | අජිත් හැඩ්ලි පෙරේරා
ප්‍රතිචාර[2]
ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! | දමිත් කේතක
ප්‍රතිචාර[24]
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා! | කක්ෂපුට
ප්‍රතිචාර[5]
ලංකාවට එල්ල වී ඇති අන්තර්ජාතික අභියෝගය | ටෙරන්ස් පුරසිංහ
ප්‍රතිචාර[2]
රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴ | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[2]
දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි. | මීනා කන්දසාමි
ප්‍රතිචාර[1]
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු.... | චමීර කොස්වත්ත
ප්‍රතිචාර[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
නඩරාජලා, ශාන්තිනීලා සහ සරෝජලා- (කුරුණෑගල රෝහලේ සංචාරයකින් පසු)
ප්‍රතිචාර[0]
බූන්දි| | 23:14:11
යුද කල්හී සිදු වූවාක් මෙන්ම මෙන්ම, පසු යුද සමයෙහි ද දකුණට විද්‍යාමාන වන්නේ යුදෙහි ඉමිහිරි ඵල ය. එහි අමිහිරි ඵලය භුක්ති වින්දෝ නම්, යුද ගිනි මැද දැවුණු අහිංසක සිවිල් වැසියෝ ය. යුද ජය සැමරුමක වෙසින් දකුණේ හාත්පස ගිල ගනිද්දී ඔවුහු හිණ රැඳි රෙදි කඩට ද අස්වාමිකව එක්කෝ කඳවුරක අවතැන් ව, නොඑසේනම් රෝහලක ගිලන් ව වෙසෙන්නෝ ය. එවන් වූ උදවු අවැසි මිනිසුන් සොයා උදවු රැගෙන දකුණෙන් ගිය මිනිසුන්ගේ හඬට කන් දීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය ය. එබැවිනි, මෙවර අදහස් බූන්දිය ඔවුනට වෙන් වන්නේ.
රුවන්ඩාවේ, සෝමාලියාවේ, හෝ ඉතියෝපියාවේ හාමත් ව දුර්වලව ජීවිතය සොයා සංක්‍රමණය වන මිනිසුන් දෙස සාලයේ සුවපහසුව හිඳ ''ආපෝයි'' ලෙස හීල්ලීමෙන් පමණක් හෘදසාක්ෂිය සනසා ගත් අපට යා හැකි මානයේ සැඟව සිටි අපගේම සහෝදර සහෝදරියන් පිරිසක් හාමත්ව, අසරණව, ජීවිතය සොයා එන විට හීල්ලීමෙන් පමණක් හෘද සාක්ෂිය සනසා ගැනීමට තව දුරටත් නොහැකි විය. මේ එළඹ ඇත්තේ මහපොළොව මත ක්‍රියාත්මක විය යුතු මොහොතය.

අප යා යුතු මඟ නිශ්චිතව නොදැන පාරට බැස්සෙමු. දකුණේ මිනිස් කැළගෙන් ආදරය, කරුණාව, ධෛර්යය උතුරේ අපගේම ජනපිරිස වෙත ගෙනයාම අපගේ අරමුණ විය. කන්තලේ රෝහල වෙත ක්‍රියාත්මක වූ අතිසාර්ථක ගමනෙන් පසු එම රෝහල ඉලක්ක කරගෙන අපගේ දෙවන ගමනද සැලසුම් වුවත්, එහි වූ පිරිස නික්ම ගොස් ඇති බව අවසාන මොහොතේ සැලවීම නිසා කුරුණෑගල රෝහල අපගේ ඉලක්කය විය.

පෝලිමේ පැමිණ ගත හැකි බඩු සලාකයක් ලබාදීමම පමණක් අපගේ අරමුණ නොවීය. ආදරය, කරුණාව, අවබෝධය මෙන්ම ඔවුන්ගේ හීනවී ගොස් ඇති ධෛර්ය දකුණේ ජනතාව නියෝජනය කරමින් ලබාදීම අපගේ අරමුණ විය. උතුර දකුණ අතර පාලමක් ඉදිවන්නේ එවැනි මානුෂීය සබඳතාවයකින් බවට අප විශ්වාස කළෙමු. මේ නිසාම පෝලිමේ පැමිණ ලබාදෙන සලාකය හෝ එකගොඩේ පොරකෑමට දැමීම නොව ඔවුන්ට අප විසින් ගෙන යන ලද දෑ අප අතින්ම ඔවුන්ට පිරිනැමීමට තීරණවී තිබුණි. ඒ අනපේක්ෂිත සහෝදරත්වය නිසා ඔවුන් ආරම්භයේදී මදක් තුෂ්නිම්භූත විය.

රෝහලේ නේවාසිකව සිටි පිරිස් අතර බොහෝමයකගේ පාදය පූර්ණ වශයෙන් ආබාධයට ලක්ව තිබීම අනාගතය දෙස සුබවාදී දැක්මක් නොවීය. දණහිසෙන් පහළ ප්‍රදේශය අහිමිව සිටි බොහෝමයක් තරුණ තරුණියන් යුද්ධයේ විනාශය මොනවද කියා පෑවේය.

දීර්ඝ කාලීන යුද්ධයකට අතරමැදිව සිටි ජනපිරිසක් තේරුම් ගැනීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. PTSD වැනි මානසික රෝග මෙන්ම ඔවුනගේ හැසිරීමද සාමාන්‍ය නොවිය හැක. මේ ඊට උදාහරණයකි.

''මේ මිනිස්සු මහා විනාශකාරයෝ මහත්තයෝ, ඔය දෙන අළුත් රෙදි ඇදලා ඇදලාම විනාශ කරනවා. ඕවා හෝදන්නේ නැහැ. ජාරා වුණහම ඔය රෙදි කකුල් පිහදන්න ගන්නවා.'' අපගේ දායකත්වය දැක එක්තරා හෙදියක් පැවසුවේ අවිඥානගත වාර්ගිකත්වය මුසු තරහකිනි.
සැබැවින්ම මේ තත්ත්වය තේරුම්ගැනීම සංකීර්ණ තත්ත්වයකි. තමන් ජීවිත කාලයේම හම්බකරගත් , ගොඩනඟාගත් සියළුම දේ විනාශවීමෙන් පසු ඔවුන්ට හෙට දවස ගැන බලාපොරොත්තුවක් ඇතිකරගැනීම පහසුවක් නොවේ. වසර ගණනාවක් තමන් විසින් අරමුණු කොට ගත් (ඔවුන් වසර 30කට අධික කාලයක් එල්ටීටී පාලන ප්‍රදේශයේ සිටිය වුන් බවත් ඔවුනගේ සිහිනය ඊළම වූ බවත් පිළිගත යුතුය) ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වූ පසු තවත් කිනම් බලාපොරොත්තුවක් ඔවුන් සතුවේද? එතැන් සිට ඔවුන් ප්‍රාථමික අවශ්‍යාතාවන්ගෙන් පමණක් සමන්විත වේ. (මෙය සුළග එනු පිණිස චිත්‍රපටයෙහි සංවාදයට ලක්කරයි) සැබැවින්ම මේ පිරිස වෙත හෙට දවස ගැන බලාපොරොත්තුවක් ඇති කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අපසතු යුතුකමක් නොවේද? එය එකවර සිදුකළ යුතු ක්‍රියාවලියක් නොවනවා සේම නොකඩවා ක්‍රමිකව සිදුවිය යුත්තකි.

මා සංවේදී වූ තවත් සිද්ධියක් දක්නට ලැබුණේ අප විසින් තේ, සීනි, බෙදමින් සිටින විටය. (කන්තලේ රෝහලට ප්‍රමාණවත් භාණ්ඩ එකතු කළ නිසා සීනි, කිරිපිටි හා තේකොළ පමණක් අවශ්‍ය තරම් අපවෙත නොවීය.) එ හිදී තේකොල හා සිනී ඔවුන් සතු භාජනයකට ලබාදෙනු ලැබිනි. එහිදී තනිව සිටි කුඩා දැරියක් භාජනයක් නොමැති නිසා තමන්ගේ බෑගයේ තිබූ තමන් පලා එන විට රැගෙන ආ අත්‍යාවශ්‍ය භාණ්ඩ අතර තිබූ එක්ස්සයිස් පොතක් ගෙන ඉන් හිස් පිටුවක් කඩා ඉන් ගොටුවක් ගසා ඊට සීනි දැම්මේය. සැබැවින්ම මෙය එක්තරා කතාවක් කියන ලද්දක් විය. පොතක් ඇය ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ගොඩේ තිබීම ඈත පෙනෙන බලාපොරොත්තුවක් වුවත් එකී බලාපොරොත්තුව සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අපගේ වගකීමකි. නොඑසේ නම් මේ පොත ඉවරවෙන තෙක් තේකොළ, සිනි සදහා ගොටුගසන්නට ඉඩ සැලැස්සුවහොත් මේ බලාපොරොත්තු දියව යනවා නියතය.

උතුර දකුණ පාලම ගොඩනැගීම සදහා වූ අපගේ කර්තව්‍යයට විශාලතම බාධකය වූයේ භාෂාවයි. ඔවුන් දෙමළ පමණක් දන්නා පිරිසක් වන විට අපට එය තේරුම්ගත නොහැකි විය. එහෙත් දන්නා වචන ගැටගැසීමෙන් හා සංඥා භාවිතය තුළින් ලෙන්ගතු කමක් ගොඩනගා ගත හැකි වුවද මෙහිදී අවධාරණය කළ යුත්තේ වඩා ශක්තිමත් බැදීමට අවශ්‍ය සන්නිවේදනය සදහා භාෂා ඥානය අත්‍යවශ්‍ය කාරණයක් වන බවයි.

සුනාමි ආධාර බෙදාදීමේ අත්දැකීම් වලට සාපේක්ෂව බඩු භාණ්ඩ බෙදාගැනීම සදහා රංචු ගැසීම් පොරකෑම් අවම විය. එහි පසුබිම වාර්ගික ශික්ෂිත අශික්ෂිත බව ලෙස පහසුවෙන් වර්ගකිරීම සිදුකළත් එය එසේ නොවීය. එනම් මේ අතර සිටි කාන්තාවන් පිරිසක් පමණක් භාණ්ඩ සදහා උනන්දු වීමයි. ඒ අර්ථයෙන් කාන්තාවන් බඩුවලට කෑදරයි යන සාමාන්‍ය වර්ගකිරීමද මෙයට වලංගු නොවන බව පසක් වුයේ මෙආකාරයෙන් භාණ්ඩ සදහා ලැදියාවක් දක්වනුයේ කුඩාදරුවන් සහිත(තමන්ගෙන් පෝෂණය වන) මව්වරුන් වීමයි. තමන්ට හෙට සදහාද යම් භාණ්ඩයක් ආහාරයක් අවශ්‍ය යැයි පූර්ව සැලසුමක් තිබුනේ එතැන සිටි මව්වරුන්ට පමණි. අන්අයට ලද දේ කනවා බොනවා හැරෙන්නට වෙනත් අනාගත සැලසුමක් ගැන සිතීමක් සිදුකර නොතිබුණි. හුදෙක් ''විනාශකාරයෝ'' ''කළගුණ නොදන්න මිනිස්සු ''තාම කොටි රැස් බැහැල නෑ'' වැනි ප්‍රකාශ සිංහල වචනයෙන් සුලබ වූ මේ රොහල තුල මෙකී පිරිසගේ හැසිරීම අවබෝධ කරගැනීමට දැඩි අවධානයක් අත්‍යවශ්‍යය. ඔවුන් කෙරෙහි සානුකම්පිතව බැලීමටත්, ඔවුන්ගේ දෘෂ්ඨිකොණයෙන් ඔවුන්ව තේරුම්ගැනීමත් (සහකම්පනය Empathy) හැරුනුකොට මෙය සිදුකළ හැකි ලෙහෙසි මාර්ගයක් නොවීය.

සමස්තයක් ලෙස අතිශය සාර්ථක සංචාරයක් වු මෙහි අන්තිම භාණ්ඩය දක්වා අදාළ නිශ්චිත පුද්ගලයා වෙත ලැබෙන්නට සැලැස්වීමු. එදින දහවල් ආහාරය පිළිබදව අදහසක් වත් අප අතරට නොආවේ මෙකී ක්‍රියාවලිය තුල අප තෘප්තිමත් වූ බැවිනි.

මේ සියලු කටයුතු සදහා දායකත්වය ඔබ සැමගෙනි. ඒ අතර ඉතා ස්වල්පය දෙනෙක් තමන් ඉවත් කරන ලද භාවිතාකළ නොහැකි භාණ්ඩ එවා තිබීමෙන් ඒවා ඉවත් කිරීමට අමතර කාලයක් ගත විය. ඒ හැරුණුකොට ඉතිරි සියයට 95 කගේ ආදරය, අවබෝධය, කාරුණිකබව අළුත් බලාපොරොත්තු ඇති කරන්නක් විය.

මනසේ ගොඩනැඟී ඇති සියළු අගතීන් නොසලකා මේ ජනයා හට රෝහලේ කාර්යමණ්ඩය විසින් ඉටුකරන සේවාව යම් යම් සුළු අතපසුවීම් මඟහැර සතුටුදායක මට්ටමක තිබුණි.

මෙකී අපේම සහෝදර ජනතාවගේ සැබෑ තතු සැබැවින්ම අත්දැකීමෙන් පසු අපට අති වගකීම තවත් පුළුලවේ. ඔවුන්ට හෙට දිනය ගැන බලාපොරොත්තුවක් ඇතිකිරීම සදහා ගත යුතු සියලු පියවරයන් අප ගත යුතුය. ඒ සදහා ඔවුන්ගේ ගම්බිම් වල ඔවුන් නැවත පදිංචි වන තෙක් වන සියලු කාර්යයන් සදහා අත්‍යාවශ්‍ය දෑ සම්පාදනයෙන්, ශ්‍රමයෙන් සහ දේශපාලනික වශයෙන් මැදිහත් වීම ඔබ ද මා ද විසින් සිදුකළ යුත්තකි.


Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල
[SEO Tags] End of Civil War in Sri Lanka , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
නෙල්සන් මැන්ඩෙලා කියයි.| Personal Quotes
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන ගන්නාක් මෙන්ම ආදරය කිරීමට ද ඉගැන්විය යුතුය. මක් නිසාද යත්, ආදරය කිරීම එහි ප්‍රතිවාදී හැඟීමට වඩා මිනිස් හදවත්හි ස්වභාවික උත්පාදනය වන නිසාය.