BOONDI.LK| අදහස් බූන්දි| යුද්ධය ඉවරයි!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
මහාවංශය හොල්මන් කිරීම | තිසරණී ගුණසේකර
ප්‍රතිචාර[4]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
යුද්ධය ඉවරයි!
ප්‍රතිචාර[0]
බූන්දි| | 23:10:59
යුද්ධය ඉවරයි! අද දවසේ බොහෝ දෙනෙකුගේ සිතිවිල්ල . ඔව් ඒක ඉවරයි. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේම ලාංකීය සමාජය අබ්බගාත කල ත්‍රස්තවාදී ව්‍යාපාරය අවසන්. ඉතින් ජනතාවට සතුටුයි. ජනතාව කති. බොති. ප්‍රීති වෙති. ට්‍රක් යති. ඔල්වරසන් දෙති. ප්‍රීතිය.. ප්‍රීතිය.. අති මහත් වූ ප්‍රීතිය...

අපි පොඩ්ඩක් අතීතයට යමු. දෙවන ලෝක යුධ සමයේ අවසන් භාගය ට. මෙන්න මෙහෙම දෙයක් සිදු වුනා. ඒ 1945 වර්ෂයේ අගෝස්තු 14 වන දින. ජපානය සිය යටත් වීම ප්‍රකාශයට පත් කල දවසයි. එදවස ඇමෙරිකානු නාවික සෙබළෙකුව සිටි ග්ලේන් මැක්ඩෆි නිව්යෝක් හි ටයිම්ස් චතුරශ්‍රය වෙත ඇවිද යමින් සිටියා. මිනිසුන් සිටියේ උත්සවශ්‍රීයෙන්. ජපානය යටත් වී ඇති බව ඒ වන විටත් ග්ලේන් දැන සිටියේ නැහැ.

ඔහු සිටියේ සිය නිළ ඇදුමින් සැරසී. හදිසියේම කාන්තාවක් ඔහු වෙත දිව ආවා. ඇවිත් මෙහෙම කිව්වා. ''නාවිකයා.. මට හරි සතුටුයි. ඔබට ගෙදර යන්න පුලුවන්. යුද්ධය අවසන්''.

ග්ලේන් ට ඇතිවුනු සතුට කියා නිම කරන්න බැරි වුනා. ඔහුගේ සොහොයුරා ඒ වන විටත් ජපානයේ යුධ සිරකරුවෙකුව සිටියා. දැන් ඔහුත් නිදහස්. ග්ලේන් වහා මාවත වෙත දිව ගියා. ප්‍රීතියෙන් ඉපිළෙමින්. එවකට හෙදියක ව සිටි ඊඩිත් ෂෙයින් ඔහුව දුටුවා. ඇය ඔහු වෙත සිය දෑත දිගු කලා. ඔහු වහා දිවවිත් ඇයව සිප ගත්තා. එවකට ඡායාරූප ශිල්පියෙකුව සිටි ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේඩ් සිය කැමරාවේ මේ සිදුවීම ඡායාරූප ගත කලා. ඒ මෙන්න මෙහෙම.

හරි. දැන් ඒ අතීතය. යුද්ධය අවසන් වුනු බව කි විට මිනිසුන්ට විශේෂයෙන්ම සොල්දාදුවෙකුට මෙතරම් සතුටක් ඇයි? ඒක ග්ලේන් ගේම අදහස් වලින් කීවොත්..'' හැම කෙනෙක්ගේම කවුරුන් හෝ යුද්ධයේ සිටියා.. ×ාතියෙක්..පියෙක්..නැත්නම් මිතුරෙක්.... ඉතින් යුද්ධය අවසන් වූ පසු සතුටු නැද්ද?

තමන්ගේ බඩියා තම දෑස් ඉදිරිපිටම කුඩු පට්ටම් වී යන අයුරු දකින සෙබළෙක් ගේ සිත තුල මොනතරම් වේදනාවක් සිරවී ඇත්ද? තමන්ගේ දරුවා, ×ාතියා, මව, පියා, සහෝදරයා බෝම්බයකට හසුවෙලා යන පුවත අසන කෙනෙකුට මොනතරම් වේදනාවක් දැනෙනවා ඇතිද? ඒ විතරද? ඉගෙන ගන්න ඉස්කෝලෙට යමින් සිටි දරුවා බලහත් කාරයෙන් පැහැරගෙන LTTE සංවිධානයට බඳවා ගත්ත පුවත අසා කම්පාවට පත් වන දෙමළ මවක් ගැන සිතන්න. ඉතින් යුද්ධය අවසන් වීම ප්‍රීතිමත් නොවන්නේද? ඉහත සිදුවීම වල කම්පනය දැනෙන්න සිංහල දෙමළ භේදයක් තියෙන්න ඕනෙද? තවත් කාරණයක්. යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්!. ජයග්‍රහණයේ ප්‍රීතිය අඩු කරන එක්තරා සාධකයක්.

ඒ කිසිම කෙනෙක් ඔය විදිහට මියයන්න ඕනෑ අය නොවෙයි. නමුත් එහෙම වුනා. කාගෙද වරද?

මට අහන්න තියෙන්නේ මෙන්න මේකයි. යුද්ධය හැර වෙන විසදුමක් ප්‍රභාකරන් අපිට ඉතිරි කලාද? ඔව්. ඊළම. එහෙනම් අපි ඊළමට එකඟ වෙන්න තිබුනා නේ.නමුත් එහෙමත් නැහැ. අපි ඒකටත් විරුද්ධයි. ඉතින් යුද්ධ කලා.

තමන්ගේ ජිවිතය බේරාගන්න සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගත්ත සංවිධානයක් විමුක්තිකාමීන් හෝ ජාතියේ ගැලවුම් කරුවන් හෝ වෙන්න කොහෙත්ම බැහැ. ඒක හරියට තමන්ගේම දරුවෙකුගේ හිසට පිස්තෝලයක් තබා ගෙන ''මම මෙයා ගේ තාත්තා කියලා පිළිගනින්. නැත්නම් මරනවා'' කියා කීමක් වගෙයි නේද? හැබෑම තාත්තෙක් නම් කවදාවත් එහෙම කරයිද?

හීනෙන් වත් දිනන්න බැරි වෙනම රාජ්‍යයක් වෙනුවෙන් දහස් ගණනක් මරා ගත්තා. මොකද්ද ඉතිරිවුනේ..උතුරෙත් දකුණෙත් මළ කඳන් ගොඩගහගත්තා විතරයි. ඔන්න දැන් ප්‍රශ්නයක්..

මූ ෂුවර් එකටම මහින්ද ගොට්ටෙක් !. ප්‍රභාකරන්ට බැන්න පමණින් මා මහින්ද ගොට්ටෙක් වේදෝ? . ධ්‍රැවීකරණය වූ ඔලුගෙඩිවලට දෙයක් අවබෝධ කරලීම නම් ඉතාමත් අසීරු බව මම ප්‍රායෝගිකවම දන්නවා.

අති සරලම තර්කය. ''හිතට විරුද්ධ කුහකයෙක් වෙනවාද? නැත්ද?''.

ප්‍රභාකරන්ගේ වුවද මළමිණිය දිහා බලාගෙන මට සතුටින් උඩ පනින්න බැහැ. ඒක බුදුදහමේ බලපෑම වෙන්න පුලුවන්. වෙන දෙයක් වෙන්නත් පුලුවන්. නමුත් කවුරුන් හෝ එහෙම උඩ පනිනවානම් මම එයාට විරුද්ධ වෙන්න යන්නෙත් නැහැ. ඒ අයට සතුටු වෙන්න මට වඩා හොඳ හේතුවක් ඇති. කැසියස් විසින් රෝම අධිරාජ කලිගියුලා මරාදැමූ පුවත ඇසූ ජනයා ඔල්වරසන් දුන්නා. ඇයි? කලිගියුලාගේ ජීවත් වීමට වඩා මරණය දැකීමට මිනිසුන්ට අවශ්‍යය වුනා. තමන්ව එතනට පත්කරගත්තේ ඔහුමයි.

මේ මිනිස්සු කවුරුවත් රහත් වුනු අය නෙමෙයි. මම දුටුවා ඇතැම් අය ලියලා තිබුනා ''දෙමළ මස්ම ඉල්ලනවා'' කියා. මටනම් අදවෙනතුරුත් කාවවත් මුනුගැහුනෙ නැහැ දෙමළ මස් ඉල්ලන. නමුත් ප්‍රභාකරන් මරා හෝ මේ ත්‍රස්තවාදය පරාජය කල යුතුයි කියන අය නම් මුනගැහුනා.

ජාතිවාදය අවශ්‍ය සාමාන්‍ය ජනතාවටද එහෙම නැත්නම් ''මෙහේ මහා ජාති වාදයක් තිබේය'' .. කිය කියා පිට රටින් සල්ලි ගරා ගැනීමට ව්‍යාපෘතීන් පටන් ගන්නට දඟලන රැකියාවක් නැති නිකමුන්ටද කියා මධ්‍යස්ථ මනසකින් කල්පනා කර බලන්න.

අවසාන වශයෙන් මෙහෙම දෙයක් කියන්නම්. මගේ මිතුරෙක් කියා තිබුනු විදිහටම උතුරේත් දකුනේත් ගෙවල් දහස් ගණනක තව අවුරුදු ගණනාවක් යනකම් සතුටින් කල දවස ගෙවෙන්නේ නැහැ. ඒ බව මතක තබා ගත යුතුයි. එනිසා මේ ජයග්‍රහනය වඩාත් සංවේදීව මානුෂිකව සැමරිය යුත්තක්. ලෝක කුසලානය දිනාගත්තා වගේ සතුටු වීම නම් අනුමත කරන්න බැහැ. මෙය වඩාත් ගෞරවාන්විතව සැමරිය යුත්තක් . නිහඬව තම ඇතුලු හදට සමීපව සැමරිය යුත්තක්. අද දවසේ අපි යම් නිදහසක් ප්‍රීතියක් භුක්ති විඳීනම් අනිවාර්යයෙන්ම සිහි තබා ගත යුත්තක් තිබේ.

හෙට දවසේ අප මේ භූමියේ ඇවිදිමින් අපේම අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් වෙහෙසෙනු ඇත. පයට පෑගෙන සෑම වෑලි කැටයකම ගන්නා සෑම හුස්ම පොදකම සැබෑම අයිතිය ඇතැම් විට අප නම ගම වත් නොදන්නා නමුත් අප වෙනුවෙන් මිය ගිය කෙනෙකු වෙනුවෙන් පැවරී තිබෙනු ඇත. අප්‍රමාණ දුක් ගැහැට විදිමින් උන් කල කැප කිරීම අපට කෙසේ වෙතත් මහ පොළොවට නම් කිසි දිනෙක අමතක නොවනු ඇත.


Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Anushka Thilakarathna on End of Sri Lankan Civil War , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) කියයි.| Personal Quotes
තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.