BOONDI.LK| අදහස් බූන්දි| නිහැඬියාව බිඳිමු..... ජීවිතය සොයා යමු.....
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
අලුතෙන්ම!
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[0]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
තවත් අදහස්
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු....
|
චමීර කොස්වත්ත
[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
චතුර
ප්‍රියාන්
සංඛ
කුසල්
ගාමිණී
රෝහිත
ප්‍රදීප්
චන්දන
මංජුල
නුවන්
වීරයා
ප්‍රියංජිත්
සනත්
නිර්මාල්
ජයසිරි
මාලතී
සුමිත්
අරවින්ද
රන්සිරිමල්
උදය
BOONDI • Currents • •
අදහස් බූන්දි
නිහැඬියාව බිඳිමු..... ජීවිතය සොයා යමු.....
[0]
බූන්දි| | 22:54:39
සකළ සමාජයම නිර්වින්දනය වී කය මිස සිත නැති සෙල්මුවා පිළිරූ මෙන් අජීවි සෙවනැලි මත නිහඩව ඉසිඹුලයි. ජීවිතයේ දුක් කම්කටොළු හිස අවුළුවා දුක පොරෝනාවක් ලෙස වේදනාවෙන් ඉකිබිඳින ශරීරය වසා ගත්ත ද කිසිදු විලාපයක් නොනැගෙයි. දෙකොපොළ මත වියළි සම් මස් ඇට මිදුළු තුළට කාවැදුන කඳුලැලි නගන කෙඳිරිල්ල පමණක් හෙමින් උඩු සුළඟට මුමුණයි......
දෙතොළේ හසරැළි මියැදුනේ කවදාද? කවරෙක් අපේ අනාගතය සොරා ගත්තා ද? මේ නිහැඟයාව තව කොපමණ කලක් ඉවසන්න
ද?.....
ඔබ අප මේ ගෙවා දමන්නේ ජීවිතයේ ඛේදනීය හා පීඩාකාරී කාල හෝරාවයි. සුන්දර හසරැල්ළ උදුරා මකා දැමූ සෑම මුහුණකම වේදනාවේ රේඛා ඇඳී ඇත්තේය. ජීවිතය වෙනුවට මරණය සෑම මොහොතකම රළු පරළු දෑතින් අපව වැළඳ ගැනීමට වෙර දරයි. අනෙකාගේ මරණය වෙනුවෙන් නිහඩවූ අපට දැන් අපේම මරණය වෙනුවෙන් ද නිහඩවීමට සිදුව ඇත. සැබවින්ම අපේ හෘද සාක්ෂිය සෑම මොහොතකම සම් මස් ඇට ලේ නහර ස්පර්ෂ කොට මෙලෙස විමසයි. ඔබ ඔබේ ජීවිතය වෙනුවෙන් පෙනී සිටින්නේ කවදා ද?...... මේ නිහැඩියාව බිඳ ජීවිතය වෙනුවෙන් නිදහස් හඩක් නගන්නේ කවදා ද?... ඔබ ඔබේ ජීවිතය සොයා යන්නේ කවදා ද?......
'ස්ත්‍රීය මරණයේ සලකුණ නොවෙයි. මානව ඉතිහාසය පුරා ස්ත්‍රිය ජීවිතයේ සලකුණයි. සුන්දරත්වයේ හා ආදරයේ සලකුණයි.
ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරුගේ උණුසුමෙන් හා මවගේ ආදරයෙන් යැයි'
රුසියානු ලේඛක මැක්ස්ම් ගෝර්කි වරෙක සඳහන් කළේය.
සැබවින්ම ලෝකයේ ආදරය උණුසුම සුන්දරත්වය පමණක් නොව සියල්ල දරා සිටින සකළ නිර්මාණයන්ගේ නොසිෙඳන උල්පත ස්ත්‍රියයි. ස්ත්‍රිය යනු ජීවිතයයි. ලෝකයේ පැවැත්මයි. මානව සමාජයේ ප්‍රතිඋත්පාදන ශක්තියයි.
එහෙත් ඔබ අප ජිවත්වන්නේ ගෝලීයකරණය වූ වෙනස් ලෝක සිතියමක් මතය. දේශසීමා ඉවත් කළ මෙම වෙළඳපළ මත සජීවි අජීවි සියල්ල ඕනෑම මොහොතක අලෙවි කළ හැකි පරිභෝජන භාණ්ඩ ලෙස හඳුනා ගෙන ඇත. විවෘත වෙළඳපළ සියලු මායාවන් දවටා ඇත්තේ ස්ත්‍රී අවයව මතය. ස්ත්‍රී නග්නත්වයෙන් තොරව ධනේශ්වර අලෙවිකරණයට හෝ ප්‍රචාරණයට පැවැත්මක් නැත.
'සමකාලීන මහා පරිමාන කර්මාන්තයේ සංවර්ධනය මගින් නිර්ධනීන් අතර ඇති සියලු පවුල් සබඳතා ඉරා දමන තරමට දුප්පතුන්ගේ දූ දරුවන් සරළ වෙළඳ භාණ්ඩ හා ශ්‍රම උපකරණ ලෙස පරිභෝජනය කරන තරමට පවුල සහ අධ්‍යාපනය ගැනත් දෙමාපියන් සහ දූ දරුවන් අතර මෘදු සබඳතා ගැන ධනේශ්වර අර්ථක්‍රමයේ රැවටිලි සහගත හිස් ප්‍රලාප තවදුරටත් පිළිකුල් වෙයි. ධනපතියා සිය බිරිඳ සලකන්නේ ද නිෂ්පාදන උපකරණයක් ලෙසය. ස්ත්‍රීන් හුදෙක් නිෂ්පාදන උපකරණයක් පමණක් හැටියට සිතීමේ තත්ත්වයෙන් ඔවුන් මුදවාලීම අපේ අරමුණ යැයි අනුමාන වශයෙන් කල්පනා කිරීමට තරම්වත් ඔහුට ශක්තියක් නැත.'
ගෝලීය ජනතාවගෙන් මිලියන 900ක් මන්දපෝෂණයෙන් පෙළෙති. ඉන් මිලියන 800ක් ජීවත්වන්නේ ලංකාව ඇතුලු තුන්වන ලෝක රාජ්‍ය සමූහයේය. මෙම කලාපයේ සෑම දරුවන් පස් දෙකන=ගෙන් එක් අයකු උපතින් ඌණ වර්ධනයෙන් පීඩා විඳිති. සෑම තිදෙනෙක්ම වයසට සරිලන බර ප්‍රමාණයෙන් අඩුය. සෑම දිනකම ආරක්ෂා කර ගත හැකි රෝගා බාධයන්ගෙන් දරුවන් 30.000ක් මිය යති. මිලියන 130ක දරුවන් කිසි දිනක පාසල් අධ්‍යාපනයට ප්‍රවේශ නොවෙයි. තවත් මිලියන 150ක දරුවෝ ජීවත්වීම උදෙසා වහල් මෙහෙයේ යොදවති. වාර්ෂිකව ළාබාල ගැහැණු දරුවන් මිලියන 2ක් කාම මෙහෙවර සඳහා බලහත්කාරයෙන් යොදවති.
සෑම වසරකම ගැහැණු ළමෝ 146.000ක් ලිංගික බලහත්කාරය හේතුවෙන් ගැබ් ගනිති. ඉන් 25%ක් දරු ප්‍රශ+තියේ දී මිය යති. තවත් මිලියන 2ක ඉස්ලාමීය ගැහැණු දරුවෝ ලිංගික චර්මච්ඡේදනයට තඨඵ ගොදුරු වෙති. බංග්ලාදේශයේ වාර්තා ගත පැමිණිලිවලින් 90% ස්ත්‍රී දූෂණ වන අතර 32%ක් තරුණ ළාබාල දැරියන් බලහත්කාරයෙන් දූෂණය කිරීම්ය. ඉන්දීය භූමියේ පැහැර ගනු ලබන වයස 6 - 18 අතර ගැහැණු දරුවන් අතරින් 30 - 50% ප්‍රමාණය ගණිකා වෘත්තිය සඳහා විකුණා දමන බව ස්ත්‍රීන් සඳහා වූ ජාතික කොමිසම සඳහන් කරයි. මේ අප ජීවත්වන යුගයේ ගෝලීය පොදු යථාර්ථයන්ය. තුන්වන ලෝකයේ දුප්පත් රටක් ලෙස අඛණ්ඩ යුද්ධයක් මධ්‍යයේ ලාංකික ස්ත්‍රියගේ තත්ත්වය මෙයට සමාන්තරව ඛේදවාචකයක් ලෙස නිහඩව දළු ලා වැඩී යයි.
ලාංකික ජනගහනයෙන් අඩක පැවැත්ම ර\ා පවතින්නේ දෛනිකව රුපියල් 200කට වඩා අඩු වැටුපකින්ය. ඉන් බොහොමයක් උඩමළුවේ ආශ්‍රයෙන් ඉවත් කළ නාගරික හා ග්‍රාමීය දිළින්ඳෝය. ලංකාව ඇගේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර හිගයෙන් ද අවපෝෂණයෙන් ද පීඩා විඳීමට සලස්වා ඇත්තේය. ළාබාල දරුවන් 32% ක් මන්දපෝෂණයෙන් ද සෑම තිදෙනකුගෙන් එක් අයකු ඌණවර්ධනයේ පීඩා රේඛාවේ රඳවා ඇත්තේය. ගැබිණි මව්වරුන් 45% ක් රක්ත හීනතාවෙන් පීඩා විඳීමට සලස්වා දෙවන පරම්පරාව පිළිබඳ අපේක්ෂාවේ මල් සූරා දමා ඇත්තේය. දුරස්ථ ග්‍රාමිය ප්‍රදේශවල හා නාගරික පැල්පත්වාසී ජනගහනය තුළ අඩු වියැති දැරියන් ගැබ් ගැනීමට ඉඩ හැර ස්ත්‍රී වසන්තය පමණක් නොව මාතෘත්වයේ ගෞරවය ද අන්ධකාරයේ පාපයෙන් වියළා දමා ඇත්තේය.
අඛණ්ඩ යුද්ධයක් තුළ නොහික්මුණ පුරුෂ රුධිරයේ උණුසුම විඳ දරා ගන්නා යාන්ත්‍රික මෙවලමක් ලෙස ස්ත්‍රී යෞව්වනය ඉම්ගම් මායිමේ ද නාගරික ෙසෙලමේ ද වෛශ්‍යාවක් ලෙස පරිභෝජනවාදය විසින් නිරුවත් කොට ඇත්තේය.
මේ ශිෂ්ටාචාරයේ බිඳ වැටීමක් ද?
පුරුෂ බල දේශපාලනික කෑදරකම හා බලහත්කාරය අවුළුවා දැමූ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයා ස්ත්‍රියයි. යුද ආර්ථීකය දේශපාලන මංකෝල්ලය සංස්කෘතික බන්ධනයේ සෘජු ගොදුර වන ස්ත්‍රිය නොසලකා හැරීමේ සීමා මායිමේ රඳවා සිටිය ද ලංකා ආර්ථීකයේ මූල්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන මෙවලම ඇයයි. ඉකුත් දසක තුන තුළ විවෘත වෙළඳපළ යාන්ත්‍රණය විසින් පුරවැසියාගේ ජීවිතය දැඩි ග්‍රහණයෙන් වෙළා ගත් පසු විදේශ විනිමය ඉපැයීමේ වහල් යන්ත්‍ර ලෙස පීඩිත ස්ත්‍රිය හා පුරුෂ ජීවිත ලක්ෂ 12 ක් විදෙශ් ගත කළේය. මෙම පිරිසෙන් 65% ක් ස්ත්‍රීහුය. ඔවූහු වාර්ෂිකව ඩො, මිලියන 2,000කට ආසන්න මුදලක් උපයති. වතු ක්ෂේත්‍රයේ ලක්ෂ 6 ක් ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටිති. ඉන් අඩක් ස්ත්‍රීහුය. වාර්ෂිකව ඩො, බිලියනයකට ආසන්න මුදලක් උපයති. ඇගළුම් ක්ෂේත්‍රයේ 280,000 ක සේවක සේවිකාවන් අතුරින් 75% ක් ස්ත්‍රීහුය. ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් උපයති. එහෙත් ස්ත්‍රියගේ සමාජ ජීවිතය සුවපත් කොට වහල් සේවයෙන් මුදවා ගැනිමට එම මුදල සමත්වූවා ද?
අදින් මාස කීපයකට පෙර ඩො, බිලියන 3 . 4ක් වූ විදේශ සංචිතය අද ඩො. බිලියන 1 . 8ක්ය. ස්ත්‍රිය දහදිය කඳුළු රුධිරය වගුරා ඉපැයූ එම මුදල විනාශ කළේ කවුද? වතු වගාව ආශි්‍රත විදේශ ආදායම 70% ක් පමණ පහත වැටීමෙන් වතු වගා සේවා ස්ත්‍රිය ආදායම් මාර්ග ඇහිරී කුසගින්නේ දරු පැටවුන් සමග ලයිමේ එළිපත්ත මත ආනාගතය සොරා ගත්තේ කවරෙක්දැයි විමසයි? නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් කම්හලේ දොරටු වැසී මහමගට ඇද වැටුණ 16,000 කට අධික ස්ත්‍රිය තාරුණ්‍යයට හෙටක් ගැන විමසයි? ඉකුත් වසර තුන තුළ යුද භූමියේ විනාශ වූ තරුණ සොල්දාදුවන්ගේ වියෝවෙන් වැන්දඹු වූ 10,000කට අධික දකුණේ ස්ත්‍රිය යුදයේ නිසරු අස්වැන්නක් නෙළා ගෙන ඇත්තේය. සුනාමියෙන් හා යුදයෙන් අවතැන් වූ දස දහස් සංඛ්‍යාත ස්ත්‍රීහු වසර ගණනක් අනාථ කඳවුරු තුළ සාධාරණත්වය ඉටුවන තුරු බලා සිටිති.
උතුරේ ද දකුණේ ද යුද වැන්දඹුවනි ! විරුකියාවෙන් පෙළෙන කාන්තාවනි! ජීවිතය වෙනුවට මරණය සොයා ගිය නැවත නොපැමිණි දරුවන් එන තෙක් මග බලා සිටින මෑණිවරුනි !. අප තවත් කොපමණ කලක් බලා සිටින්න ද? යෙහෙළියනි !!..... බිඳ දමා නිහැඩියාව,...... සොයා යමු ජීවිතය........
'සමාජයක නිරෝගීභාවය රඳා පවතින්නේ එම සමාජය ස්ත්‍රියට දක්වන ගෞරවය මතය.'
Sunil Ranasinghe | සුනිල් රණසිංහ
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.|
Personal Quotes
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus