BOONDI.LK| රන් රෝස| මහ පොළොවට ආදරය කළ මිනිසා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ
|
අනුෂ්ක තිලකරත්න
[0]
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ
|
අනුෂ්ක තිලකරත්න
[1]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
ආලෝක මිනිසා!!!
|
අනුෂ්ක තිලකරත්න
[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම
|
අනුෂ්ක තිලකරත්න
[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)
|
අනුෂ්ක තිලකරත්න
[0]
මොහොමඩ් අලී (1942-)
|
අනුෂ්ක තිලකරත්න
[0]
අක්ෂර සෙනග-
[රන් රෝස]
[1/1]
අනුෂ්ක
BOONDI • Sookiri • •
රන් රෝස
මහ පොළොවට ආදරය කළ මිනිසා
[0]
බූන්දි| | 04:42:19
නායක සියැටල් (1780 - 1866)
නුඹලාගේ නගර දකිනවිට රතු මිනිසාගේ දෙනෙත වේදනාවෙන් බරවෙයි. ඒ ඇතැම් විට ඔහු ගෝත්‍රිකයෙකු නිසා මෙන්ම අවබෝධයක් නැත්තෙකු වීම නිසා විය යුතුයි.
එළියට සහ අඳුරට එකතැන වාසය කල නොහැකිය.
ඔබලාගේ ධර්මය ගල් පුවරු වල ලියැවුනේය. අපේ ධර්මය ලියැවුනේ හදවතෙහිය.
මහ සයුරේ රළ නැෙඟන්නේ යම් සේද එලෙසම ගෝත්‍රය විසින් ගෝත්‍රය අනුගමනය කෙරෙනු ඇත. ජාතිය විසින් ජාතිය අනුගමනය කෙරෙනු ඇත. සොබාදහමේ නීතිය එයයි. කණගාටුවීමෙන් පලක් නැත.
අප පෘථීවියේ කොටසක් වන අතර පෘථීවිය
අපගේ කොටසකි.
සුදු මිනිසාගේ නගර වල එකදු නිශ්ශබ්ද ස්ථානයක්වත් සොයා ගත නොහැකිය. වසන්තයේ ගහ කොල වල හඬ, කුඩා කෘමීන්ගේ සර සරය අසන්නට තැනක් නැත. ඒ ඇතැම්විට මා ගෝත්‍රිකයෙකු නිසා විය යුතුය. මට නොවැටහෙනවා විය යුතුය. එහෙත් මෙම ඝොෂාව දෙසවන් පෙළයි.
වර්ෂ 1780 ට ආසන්න කාලයක උපත ලදැයි සැලකෙන සියැටල් මව් පාර්ශවයෙන් ''දුවමිෂ්'' නමින් හැඳින්වෙන ගෝත්‍රයට අයත් වන අතර පියා ''සුකුවමිෂ්'' නම් ගෝත්‍රයට අයත් වූ අතර එහි නායකයාද විය. ඉතා තරුණ වයසේදීම නායකයෙකු ලෙසද රණ ශරයෙකු ලෙසද දස්කම් පෑ සියැටල් අනෙකුත් ගෝත්‍ර සමග ඇතිවූ සටන් වලදී ඉතා දක්ෂ ලෙස සිය ගෝත්‍රය මෙහෙයවා ඔවුන්ට ජය ලබා දුන්නේය. අනෙකුත් ගෝත්‍රිකයන් ගෙන් වෙන්ව කැපීපෙනෙන අඩි 6කට ආසන්න උසකින් යුතු වූ මෙම නායකයා එවකට යුරෝපීය රටවල් වලින් පැමිණි වෙළඳුන් හැදින්වූයේ ''ලෙග්‍රොස්'' හෙවත් විශාල මිනිසා යන නමිනි. එමෙන්ම ඔහු සතුව මනා කථීකත්වයක්ද පැවතුනි. තොරතුරු වල සඳහන් වන පරිදි සැතපුම් 3/4 පමණ ඈතට ඇහෙන පරිදි කතා කිරීමට ඔහුට හැකියාවක් තිබිණි.
ඇමෙරිකාවට සුදු මිනිසුන්ගේ පැමිණීමත් සමග එරට ගෝත්‍රික ජනයාට සිය ගම බිම් අහිමිවී ගියේය. ඔවුනට එරෙහිව යුධ වැදීම ද නිශ්ඵල ක්‍රියාවක් විය. සියැටල් පසුකලෙක කතෝලික ආගම වැළඳගත්තේය. එය ඔහුගේ පුතෙකු මිය යාමෙන් ඇතිවූ කළකිරීම නිසා බව ඇතැමුන් පවසතත් බොහෝ දෙනෙක් පිළිගනුලබන මතය වන්නේ සුදු මිනිසුන් සමග සහයෝගයෙන් වැඩකිරීමට ඇති අවශ්‍යතාව මත සිදුවූවක් ලෙසයි. ඔහුගේ ඉතිරි දරුවන්ද බෞතීස්ම කරවනු ලැබීය.
මේ වනවිට වඩාත් බලවත් වෙමින් සිටි ''ස්නොහොමිෂ්'' නම් ගෝත්‍රය සමග ඇතිවූ සටන් නිසා සියැටල්ට සහ ඔහුගේ ගෝත්‍රයට සිය පාරම්පරික බිම් අහිමි වෙමින් පැවතිනි.එවිට සියැටල් එවකට ඔලිම්පියාවේ සිටි ''ඩේවිඩ් මේනාර්ඩ්'' නම් ප්‍රකට වෛද්‍යවරයෙකු මෙන්ම ගෝත්‍රික ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි සුදු ජාතිකයෙකු මුණගැසුනේය. සියැටල් සහ මේනාර්ඩ් අතර ඉතා තද මිත්‍රත්වයක් ඇතිවූ අතර ඔහු විසින් ගෝත්‍රික ජනතාව අතර සමගිය ඇතිකරලීමට කටයුතු සිදු කලේය. තවද එවකට ''ඩුවම්ප්සA'' නමින් හැඳින්වූ නගරය ''සියැටල්'' ලෙස නම්කිරීමටද කටයුතු කලේය.
1856 දී අනෙකුත් ගෝත්‍රිකයන් විසින් සියැටල් නගරයට මහා ප්‍රහාරයක් දියත් කලේය. නමුත් නායක සියැටල් තම ගෝත්‍රය මේ සඳහා යෙදවූයේ නැත. මේ සටනින් ගෝත්‍රිකයන් අන්ත පරාජයකට ලක්විය. පසුව සුදු මිනිසුන්ගේ රජය විසින් සියලුම ගෝත්‍රිකයන් සඳහා වෙනම භූමි ප්‍රමාණයක් වෙන්කරන ලදී. නමුත් සියැටල් විසින් තම ගෝත්‍රය එහි රැගෙන යාම ප්‍රතික්ෂේප කලේය. ඒ ස්නොහෝමිෂ් ගෝත්‍රය සමග එකට ජීවත් වීම විශාල ලේ වැගිරීමකට හේතුවිය හැකි බැවිනි. මේනාර්ඩ් විසින් සුදු මිනිසුන්ගේ රජයට කරුණු දැක්වීමෙන් පසුව සියැටල්ගේ ජනතාවට ''පෝර්ට්මැඩිසන්''හි වෙනම භූමියක් ලබාදුන්නේය.
සියැටල් සිය ජනතාවට මෙන්ම සොබාදහමට ද බොහෝ සෙයින් ආදරය කලේය. මිනිසා පෘථීවියේ කොටසක් බවත් පෘථීවිය මිනිසාගේ කොටසක් බවත් ඔහු ඇදහීය. සුදු මිනිසාගේ පැමිණීම සිය ජන වර්ගයාගේත් සංස්කෘතියේත් අවසානය බව ඔහු දැන සිටියේය. තමන්ට වඩා තාක්ෂණයෙන්ද පිරිස් බලයෙන්ද වැඩි සුදු මිනිසා සමග සටන් වැදීමෙන් පලක් නොවන බව ඔහු තේරුම්ගත්තා වැන්න.
කෙසේවුවද ඇතැම් ගෝත්‍ර ඔහු කෙරේ නොපැහැදීමකින් සිටි බවද වාර්තා වෙයි. ''ක්ලල්ලාම්'' නම් ගෝත්‍රයේ නායකයා විසින් ඔහුව හැදින්වූයේ ''පහත් මිනිසෙක්.. පාවාදෙන්නෙක්.. විකටයෙක්... සහ බයගුල්ලෙක්..'' ලෙසයි. සියැටල් විසින් සටන් වැදීම වෙනුවට සුදු මිනිසා සමග ගිවිසුම් වලට එළඹීම එම ගෝත්‍රික නායකයා විසින් ප්‍රතික්ෂේප කළා විය යුතුය.
පරක් තෙරක් නොපෙනෙන අහස් තලයද මායිම් ගසා වෙන් නොකල මහා භූමියද සිය නිවෙස්න කොටගෙන ජීවත් වූ මෙම අසහාය ගෝත්‍රික නායකයා වර්ෂ 1866 ජූනි 7 වනදින ''පෝට් මැඩිසන්'' හි සිය ජනවර්ගයා සඳහා වූ වෙන්කරන ලද බිම් කඩෙහි අවසන් හුස්ම හෙළීය.
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Cheif Seattle
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි. |
Personal Quotes
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus