BOONDI.LK| රන් රෝස| නෙල්සන් මැන්ඩෙලා (1918-)
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
  තවත් රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා... | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්... | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
ආලෝක මිනිසා!!! | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
මහ පොළොවට ආදරය කළ මිනිසා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875) | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
අක්ෂර සෙනග-
[රන් රෝස][1/1]
BOONDI • Sookiri •
  රන් රෝස  
නෙල්සන් මැන්ඩෙලා (1918-)
ප්‍රතිචාර[0]
බූන්දි| | 04:10:31
හොඳ හිසක් මෙන්ම හදවතක්ද සෑම විටම තදින් එකිනෙක බැඳී පවතියි.

ලෝකය වෙනස් කිරීමට ඔබට පාවිච්චිකල හැකි හොඳම ආයුධය නම් අධ්‍යාපනයයි.

එක්සත් ජනපදය හෝ එංගලන්තය ඔවුන්ගේ ඡන්ද කටයුතු වලදී ආසියාවෙන් හෝ අප්‍රිකාවෙන් නිරීක්ෂකයන් ඉල්ලන්නේ නැත. නමුත් අපේ (අප්‍රිකාවේ හෝ ආසියාවේ) ඡන්ද වලදී ඔවුන්ට නිරීක්ෂකයන් අවශ්‍යය.

ඔබගේ සතුරන් සමග සාමය අවශ්‍ය නම් ඔවුන් සමග එකට වැඩ කරන්න. එවිට ඔවුන් ඔබගේ සහකරුවන් වේවි.

යමක් කර අවසන් වනතුරුම එය කල නොහැකි ලෙසටම පෙනෙනු ඇත.

කෙනෙකුට තේරෙන භාෂවකින් ඇමතූ කල් හි එය ඔහුගේ හිසට ඇතුල් වෙයි. නමුත් ඔහුගේ භාෂාවෙන් ඇමතූ කල් හි එය ඔහුගේ හදවතට ඇතුල් වෙයි.

ඉතා අමාරුවෙන් කන්දක් තරණය කල පසු පමණක් කෙනෙක් දකියි, තරණය කිරීමට තවත් බොහෝ කඳු ඇති බව.


වර්ෂ 1918 ජූලි මස 18 වන දින දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කි හිදී උපන් නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ග භේද වාදයට එරෙහිව සටන් කල එරට හිටපු ජනාධිපතිවරයෙකි. මැන්ඩෙලා උපතින් අප්‍රිකාවේ තෙම්බු ජන වර්ගයට අයත් ය. ඔහුගේ මුත්තා එම ජනවර්ගයේ රජු හෙවත් නායකයා විය. ඔහුගේ මුල්ම නම වූයේ රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ය. තමන්ගේ පවුලේ සාමාජිකයන් අතරින් පළමුවෙන්ම පාසැල් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය හිමි වූයේ රොලිහ්ලාහ්ලා ටය. ඔහුට නෙල්සන් යන ඉංග්‍රීසි නාමය ලබා දුන්නේ ඔහුගේ පාසැල් ගුරුතුමියයි.

ඉගෙනීමට දක්ෂයෙක් වූ මැන්ඩෙලා සාමාන්‍යයෙන් වසර තුනක පමණ කාලයක් ගතවන ජූනියර් සර්ටිෆිකේට් විභාගය වසර දෙකකදී සම්පූර්ණ කලේය. ඔහු වයස අවුරුදු 19 දී කලා උපාධිය හැදෑරීමට ෆෝර්ට් හෙයා විශ්වවිදයාලයට ඇතුලත් විය. එහිදී ඔහුට සිය දිගු කාලීන මිත්‍ර ඔලිවර් ටැම්බො ව මුනගැසුනි. එහි පළමු වසරේ ශිෂ්‍යයෙකුව සිටින සමයේ විශ්වවිද්‍යාලයේ ප්‍රතිපත්ති වලට එරෙහිව එහි ශිෂ්‍ය සංගමය මෙහෙයවූ වැඩවර්ජනයට සහභාහී වූ වරදට මැන්ඩෙලාව එම විශ්වවිද්‍යාලයෙන් නෙරපා හරින ලදී.

පසුකලෙක ජොහැන්නස්බර්ග් නගරයට පැමිණි මැන්ඩෙලා එහි පතලක මුරකරුවෙකු ලෙසද තවත් කලෙක නීති කටයුතු ආයතනයක ලිපිකරුවෙකු ලෙසද සේවය කලේය. 1948 එරට පැවති මැතිවරණයෙන් පසුව මැන්ඩෙලා දේශපාලන කටයුතු වල දිගින් දිගටම නිරත විය. ඉන්දියාවේ මහත්මා ගාන්ධි ගෙනගිය අවිහිංසාවාදී අරගලය මැන්ඩෙලා ගේ දේශපාලන ජීවිතයට මහත් බලපෑමක් කලේය. අප්‍රිකාව තුල ඔහු මෙහයවූ වැඩවර්ජන නිසා ඔහුද ඇතුලූව තවත් 150 දෙනෙකු 1956 වසරේදී අත් අඩංගුවට ගැනුනි. කෙසේනමුදු 1961 වසරේදී ඔහු නිදහස් විය.

පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සන්නද්ධ අංශය භාරව කටයුතු කලේය. අප්‍රිකාවේ පැවති වර්ග වාදී පාලන ප්‍රතිපත්ති වලට විරුද්ධව සන්නද්ධ අරගලයක් කිරීමට ඔහු ජනතාව පෙළගැස්වූයේය. මේවනවිට අවිහිංසාවාදී අරගලයෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව ඔහුට ප්‍රත්‍යක්ෂ වී තිබුනි. 1962 වසරේදී ඇමෙරිකානු CIA ඔත්තු සේවාවේ සහයෝගයද ඇතිව මැන්ඩෙලා යළිත් වරක් අත් අඩංගුවට ගැනුනි. ඔහුගේ වසර 27ක සිර ගත ජීවිතයෙන් 18 ක් ම ගතවූයේ රූබන් දූපතේ සිර ගෙදරයි. ඔහු පවසන පරිදි එහි ඉතා දුෂ්කර කටුක ජීවිතයක් ගත කරන්නට ඔවුන්ට සිදුවිය. දේශපාලන සිරකරුවන් වූ නිසාත් කලූ ජාතිකයන් වූ නිසාත් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබේ. මැන්ඩෙලා සිරගෙදරදීද සිය අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන ගියේය. ඔහු එහිදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී බාහිර උපාධිය ලබා ගත්තේය.

සිරගෙදර සිටි කාලයේදී ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහල ගියේය.මේ වනවිට ඔහු වඩාත් ජනප්‍රිය අප්‍රිකානු දේශපාලන චරිතය බවට පත්වී සිටියේය. 1990 පෙබරවාරි 11 වනදින ඔහු සිරගෙදරින් නිදහස් විය. ඔහු ඉන්පසුවද දකුණු අප්‍රිකාවේ කලූ ජාතිකයන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් දිගටම ක්‍රියාකාරී විය. දේශපාලනයට යලිත් පැමිණි මැන්ඩෙලා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වයට පත්විය. 1994 වසරේ එරට ප්‍රථම සර්ව ජාතික ඡන්දයක් පැවැත්වීය. එයින් 62% ක ප්‍රතිශතයක් ලබා අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කලේ නෙල්සන් මැන්ඩෙලා එරට ප්‍රථම කලූ ජාතික ජනාධිපතිවරයා බවට පත්කරමින් ය. ජනාධිපති අසුන ලබන විට මැන්ඩෙලා ගේ වයස අවුරුදු 75 කි. තව වරක් එම තනතුරට පත්වෙනු වෙනුවට මේ අවංක නායකයා 1999 වසරේ සිය ධූරයෙන් විශ්‍රාම ගත්තේය. ඉන්පසු ඔහු මානව හිමිකම් සුරැකීමේ සහ නොයෙකුත් සමාජීය කටයුතු වලට මැදිහත්වූයේය. ඒඩ්ස් මර්දන වැඩපිළිවෙල ඒවායින් ඔහුගේ විශේෂ අවධානය යොමු වූ කටයුත්තකි.

සිය ජීවිත කාලය තුල තමන් විශ්වාස කල සාධාරණ, සාමුහික සහ සමානාත්මතාවයෙන් යුත් රටක් තම සහෝදර ජනතාවට ලබාදීමට අවංකවම කැපවූ මෙම ශ්‍රේෂ්ඨ මිනිසාගේ එම වෑයම අගයනු වස් 1993 වසරේ නොඛෙල් සාම ත්‍යාගය ඔහුට පිරිනැමුනි. සුවහසක් ආදරණීය ජනතාවගේ කිත් පැසසුම් මැද නෙල්සන් මැන්ඩෙලා ගේ අපරාජිත ජීවිතය අදටත් ක්‍රියාකාරීව පවතියි.


Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Nelson Mandela , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
Simone de Beauvoir කියයි.| Personal Quotes
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය කරන බව කියනු ලැබේ.