BOONDI.LK| රන් රෝස| ලියොනාර්ඩ් කොහෙන් (1934-)
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
  තවත් රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා... | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්... | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
ආලෝක මිනිසා!!! | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
මහ පොළොවට ආදරය කළ මිනිසා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875) | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
අක්ෂර සෙනග-
[රන් රෝස][1/1]
BOONDI • Sookiri •
  රන් රෝස  
ලියොනාර්ඩ් කොහෙන් (1934-)
ප්‍රතිචාර[0]
බූන්දි| | 03:26:59
කාව්‍යය ජීවිත්වීම පිළිබඳ වූ සාක්ෂියයි. ඔබේ ජීවිතය මනා කොට දැවීයන්නේනම් එහි ඉතිරිවන අලු වන්නේ කාව්‍යයයි.

සෑම දෙයකම පලුද්දක් ඇත. බලන්න, ආලෝකය ඇතුල් වන්නේ එතැනිනි.

ඔබ, ඔබ වන්නට කැමති අකාරයට හැසිරෙන්න. ඉතා ඉක්මනින් ඔබ ඒ ලෙසම වේවි

යාඥාව පරිවර්තනයකි. මිනිසෙක් තමන් ඉතා අමාරුවෙන් දියුණුකරගත් භාෂාව උපයෝහී කරගෙන තමන්වම, සෑමදෙයක්ම ඉල්ලන කුඩා දරුවෙකු බවට පරිවර්තනය කරගනියි.


ලියොනාර්ඩ් කොහෙන් (1934-)කැනේඩියානු ජාතික ගායකයෙක්, ගීත රචකයෙක්, සංගීතඥයෙක්, කවියෙක් වගේම නවකතා රචකයෙක්.

1934 මොන්ට්‍රියල් හිදී යුදෙව් පවුලක ලියොනාර්ඩ් උපදිනවා. ඔභුට වයස අවුරුදු 9 දී සිය පියා අහිමි වෙනවා. අධ්‍යාපනය ලැබීමට ඔහු "හෙස්ලියා" උසස් විද්‍යාලයට ඇතුල් වෙනවා. එහිදී ඔහු ගිටාර් වාදනය ඉගෙනගන්නවා. පසුව උසස් අධයාපනය ලැබීමට මැක්ගිල් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා.

එහිදී ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය Let Us Compare Mythologies එළිදැක්වෙනවා. ඒ 1956 වසරේදී. 1961 වසරේදී එළි දැක්වෙන The Spice-Box of the Earth නම් කෘතිය ඔහු සාහිත්‍ය කවයන් හි ජනප්‍රිය චරිතයක් බවට පත් කරනවා.

1967 දී ඔහු ඇමෙරිකාවට සංක්‍රමනය වෙනවා. ඒ ගායකයෙක් මෙන්ම ගීත රචකයෙක් ලෙසට සිය ප්‍රතිභාව වැඩිදියුණු කරගැනීමට. ඔහු ජන ගී ශෛලියට වැඩි නැඹුරුවක් දක්වනවා. ඔහුගේ පළමු ගීත ඇල්බමය Songs of Leonard Cohen" 1967 වසරේදී නිකුත් වෙනවා. ඉන්පසු Songs From A Room (1969), Songs of Love & Hate (1971), Live Songs (1973) වැනි ගීත ඇල්බම ගණනාවක් ඔහු එළිදක්වනවා. ඉන්පසු ගතවන දශක දෙකක පමණ කාලයම ඔහු ගීත නිර්මාණකරණයේම නියැලී සිටිනවා.

1996 වසරේදී ලියොනාර්ඩ් සෙන් බුදු දහම වැළඳ ගන්නවා. ඔහු මවුන්ට් බැඩ්ලි හි සෙන් ආරාමයේදී "ජිකාන්" යන නමින් පැවිදි වෙනවා. 1999 දී ඔහු එම ආරාමය හැර යනවා.

මේ ජනප්‍රිය කලාකරුවාගේ සංගීත දිවිය අදත් අඛණAඩව ගලා යනවා. ඔහු මේ වනවිට ඔහුගේ ගීත ප්‍රසංගත් සමග ලෝක සවාරියක නියැලී සිටිනවා.


Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Leonard Cohen , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.| Personal Quotes
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.