BOONDI.LK| රන් රෝස| ගිල්බර්ට් කීත් චෙස්ටර්ටන් (1874-1936)
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා... | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්... | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[1]
ආලෝක මිනිසා!!! | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
මහ පොළොවට ආදරය කළ මිනිසා | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875) | අනුෂ්ක තිලකරත්න
ප්‍රතිචාර[0]
අක්ෂර සෙනග-
[රන් රෝස][1/1]
BOONDI • Sookiri •
  රන් රෝස  
ගිල්බර්ට් කීත් චෙස්ටර්ටන් (1874-1936)
ප්‍රතිචාර[0]
බූන්දි| | 03:23:21
ච්‍යාපරිකයා සිය වෘත්තිය වෙනුවෙන් සදාකල් සමාව අයැද සිටින්නෙකි.

හොද නවකතාක් අපට එහි වීරයා පිළිබද සත්‍යයය එළිකරයි. එහෙත් නරක නවකතාවක් එහි කතුවරයා පිළිබද සත්‍යයය එළිකරයි

පොත් පත් නැති කාමරයක් ආත්මයක් නැති ශරීරයක් බඳුය.

කලාවට එහිම සීමාවන් තිබේ. බලන්න. රූපයක වඩාත්ම වැදගත් කොටස එහි රාමුවයි.

ජනමාධ්‍යය බොහෝවිට සමන්විත වන්නේ ''වංශාධිපති ජෝන්ස් මියගිහින්'' වැනි ප්‍රවෘත්ති වලිනි. නමුත් ඒ කිසි දිනෙක ''වංශාධිපති ජෝන්ස්'' ජීවත්ව සිටි බව නොදන්නා ජනතාවක් වෙනුවෙනි.

බොන්න. කාලකන්ණිකමට නොව සතුටින් නම් පමණක් බොන්න.


ගිල්බර්ට් කීත් චෙස්ටර්ටන් (1874-1936) විසිවන සියවසේ මුල් භාගයේ විසූ ඉංග්‍රීසි ජාතික ලේඛකයෙක්. ඊට අමතරව ජනමාධ්‍යය, දර්ශනය වැනි ක්ෂේත්‍ර වලද ඔහු සිය දස්කම් පෑවා. චෙස්ටර්ටන් හැදින්වෙන්නේ The Prince of Paradox ලෙසයි. ඒ ඔහුගේ ලේඛන ශෛලිය නිසා. බැලු බැල්මට ඒවා පරස්පර විරෝධී ලෙස පෙනෙතත් සත්‍ය වශයෙන්ම සුවිසල් අර්ථයක් ගැබ්වී තිඛෙනවා.

1874 මැයි 29 වන දින චෙස්ටර්ටන්, කෙන්සින්ටන් වලදී උපත ලබනවා. ඔහු ශාන්ත පෝල් විද්‍යාලයෙන් ඉගෙනුම අරඹනවා. ඔහු ස්ලේඩ් විද්‍යාලයෙන් සහ ලන්ඩන් යුනිවර්සිටි කොලීජියෙන් කලාව හදාරනවා. නමුත් ඔහු සිය උපාධිය සම්පූර්ණ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු රෙඩ්වේ සහ ටී ෆිශර් වැනි ප්‍රකාශන ආයතනවල සේවය කරනවා. ඒ නිදහස් ලේඛකයෙක් මෙන්ම සාහිත්‍ය සහ කලාව සම්බන්ධ විචාරකයෙක් ලෙසයි. 1901 වසරේ ඔහු විවාහ වෙනවා.

වාද විවාද පැවත්වීම චෙස්ටර්ටන් ගේ විනෝදාංශයක්. ඔහුගේ අසමසම මිතුරා ජෝර්ජ් බර්නාඩ් ෂෝ, එච්.ජී වේල්ස්, බර්ට්‍රන්ඩ් රසල් වැනි ප්‍රබුද්ධ සමකාලීනයන් සමග වාද කිරීමට හේ වැඩි කැමැත්තක් දැක්වූවා. චෙස්ටර්ටන් ලියූ පොත් ගණන 80ක් පමණ වෙනවා. ඊට අමතරව කෙටිකතාද, කවිද නාට්‍යද ඔහු විසින් රචනා කර තිඛෙනවා. ලෝක ප්‍රකට බි්‍රටැනිකා විශ්වකෝෂයට ඔහු ලිපි ලීවා. ඒ චාල්ස් ඩිකනස් ගැන. චෙස්ටර්ටන් රහස් පරීක්ෂක කතා රචකයෙක්. "බ්‍රවුන් පියතුමා" ඔහුගේ ප්‍රසිද්ධම රහස් පරීක්ෂක චරිතය. නැපෝලියන් ඔෆ් නොටින් හිල්, ද මෑන් හූ වෝස් තර්ස්ඩේ, ද එවලාස්ටින් මෑන් ඔහුගේ තවත් අග්‍රගන්‍ය නිර්මාණයන්. මේ ප්‍රකට ලේඛකයා 1936 ජූනි 14 වනදින මෙලොවින් සමු ගන්නවා.


Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Gilbert Chesteron , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.| Personal Quotes
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.