BOONDI.LK| රන් රෝස| හොනොරේ ඩි බල්සැක් (1799-1850)
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් රන් රෝස
හිත්ක්ලීෆ්-කැතරින් ආදරය සදාකාලික කොට සැඟව ගිය එමිලි බ්‍රොන්ටේ
|
අනුෂ්ක තිලකරත්න
[0]
නොමියෙන කලු තරුව| හැරී බෙලෆොන්ටේ
|
අනුෂ්ක තිලකරත්න
[1]
විප්ලවයේ මියැසිය| වික්ටර් හාරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
මතක තැනිතලාවේ කුඩා නිවහනක් මැවූ ලෝරා...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ගායකයා සහ මිනිසා එකම සිරුරක එකට සිටි එකමත් එක අතීතයෙන් බිඳක්...
|
අනුෂ්ක තිලකරත්න
[0]
ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක් ගෙවූ මහා සිත්තරා
|
අනුෂ්ක තිලකරත්න
[1]
ආලෝක මිනිසා!!!
|
අනුෂ්ක තිලකරත්න
[0]
මහ පොළොවට ආදරය කළ මිනිසා
|
අනුෂ්ක තිලකරත්න
[0]
මිලිනව සැඟව ගිය ආකාස කුසුම
|
අනුෂ්ක තිලකරත්න
[0]
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (1805-1875)
|
අනුෂ්ක තිලකරත්න
[0]
අක්ෂර සෙනග-
[රන් රෝස]
[1/1]
අනුෂ්ක
BOONDI • Sookiri • •
රන් රෝස
හොනොරේ ඩි බල්සැක් (1799-1850)
[0]
බූන්දි| | 03:20:28
වැඩිමනක් සතුට දරා ගැනීම ලොකුම වේදනාවක් දරා ගැනීමට වඩා හැම අතින්ම අසීරුය.
මරණය.. එය වෙන්කිරීමක් මෙන්ම එක් කිරීමකි. එය සියලූම පහත් ගණයේ හැඟීම නිහඩ කරවයි.
කිසිවෙක් කිසිදිනෙක කාන්තාවකට ආදරය කරයි නම් ඒ ඇය ලස්සන නිසා හෝ කැත නිසා හෝ එසේත් නැත්නම් බුද්ධිමත් නිසා හෝ මෝඩ නිසාහෝ නොව ඒ සැබැවින්ම ඇයට ආදරය නිසයි.
මවකගේ හදවත පතුලක් නොපෙනෙනා මහා අගාධයකි. එහි පතුලින්ම සෑමවිටම ඔබ කෙරෙහි වූ දයාව උපදියි.
දේශපාලනික නිදහස,
ජාතික නිදහස වගේම විද්‍යාවද ත්‍යාගයන් ය. ඒවා කොතෙක් මිල අධිකද කීවොත් දෛවය විසින් එහි මිල තීන්දු කරනු ලබන්නේ රුධිරයෙනි.
හොනොරේ ඩි බල්සැක් (1799-1850) ප්‍රංශ ජාතික නවකතාකරුවෙක් වගේම නාට්‍ය රචකයෙක්. ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණ එකතුව ලා කොමෙඩි හියුමෙන් යනු නැපෝලියන් අධිරාජ්‍යයාගේ බිඳවැටීමෙන් පසු ප්‍රංශ ජනජීවිතය විදහාදක්වන කැඩපතකි.
1799 දී හොනොරේ උපත ලබනවා. ඒ ධනය සහ කීර්තිය උදෙසා අරගල කරන පවුලක. උපන් වහාම වගේ හොනොරේව කිරිමවක් වෙත යැවෙනවා. ඊට වසරකට පසු ඔහුගේ බාල සොහොයුරියද එම කිරි මව වෙතම යැවෙනවා. වසර 4 කට පසු ඔවුහු යළිත් සිය පවුල වෙත පැමිණෙනවා. එහෙත් ඔවුන්ව නොසලකා හැරෙනවා. පසු කලෙක එනම් 1835 දී ඔහු විසින් ලියනලද "ලෙ ලිස් ඩන්ස් ල වැලී" හෙවත් The Lilies of The Valley නම් නවකතාවෙහි එන ඇතැම් චරිත ඔහු කුඩාකල විඳි මේ කටුක අත්දැකීම ඇසුරින් ගොඩනැගෙනවා.
වයස අවුරුදු 8 දී බල්සැක් "වෙන්ඩෝමේ" හි හාෂා පාසැල වෙත යැවෙනවා. පියාගෙන් බල්සැක් ට ලැඛෙන්නේ ඉතා සුලූ මුදලක්. ඔහු අනෙකුත් ධනවත් ශිෂයන් ගෙන් කොන් වෙනවා. තවද බල්සැක් යනු ඉගෙනීමෙහි දුර්වලතාවයන් ගෙන් පෙලූනු කෙනෙක්. ඔහු නිරන්තරයෙන්ම දඬුවම් කාමරය වෙත යැවෙනවා. 1832 දී ඔහු විසින් ලියනලද "ලූයිස් ලැම්බර්ට්" නම් නවකතාවෙහි ඔහුගේ මෙම වෙන්ඩෝමේ හි පාසැල්කාලය අපූරුවට විදහා දැක්වෙනවා.
1829 දී ඔහු සිය පළමු ගීත නාටකය ''ලේ කොසෙයිරෙ'' එළිදක්වනවා. නමුත් එයට සංගීත ශිල්පීන් සොයාගැනීමේ අර්බුදයක් පැන නගිනවා. නවකතා කිහිපයක්ම ලිවීමෙන් අනතුරුව 1832 දී බල්සැක් සිය දීර්ඝතම නිර්මාණය එනම් ඈඳුතු නවකතා ගණනාවකින් සහ තවත් නාට්‍ය ගණනාවකින් යුක්ත ''ලා කොමෙඩි හියුමේන්' (La Comédie humaine), ආරම්භ කරනවා. මෙහි එන ඇතැම් නිර්මාණ අසම්පූර්ණයි. ඇතැම් එවායේ ඇත්තේ මාතෘකාව පමණයි.සිය ජීවිතකාලය තුල බල්සැක් විසින් රචිත සියලූම කෘතීන් මෙයට ඇතුලත් කර තියෙනවා. සමාජයේ සියලූ පැතිකඩ විග්‍රහ කෙරෙන ආකාරයේ නිර්මාණයන් අඩංගු මෙම සුව්ශාල නිර්මාණය බල්සැක් ගේ ජීවන කෘතිය මෙන්ම ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙනවා. සිය නිර්මාණවල දැක්වෙන ප්‍රංශ ජනජීවිතයේ යථා ස්වරූපය සහ අසංෂිිප්ත බව නිසාම බල්සැක් යුරෝපයේ මුල්ම යථාර්ථවාදී ලේඛකයන්ගෙන් එක් අයෙකු ලෙස සැලකෙනවා.
ලෝක සාහිත්‍යයට අමරණීය සේවයක් කල මේ අති විශිෂ්ඨ නිර්මාණකරුවා 1850 අගෝස්තු 18 වනදින මෙලොවින් සමුගන්නවා.
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags] Honoree Balzac
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.|
Personal Quotes
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus