BOONDI.LK| කතන්දර බූන්දි| ප්‍රේමය ගාලූමුවෙදාරට ඉහළින් පායලා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
  තවත් කතන්දර
පාදඩයා | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
ආදරයට වෙඩි තියන්න | සෝමසිරි ඒකනායක
ප්‍රතිචාර[2]
අප පෝෂණය කරමින් ඉන්නේ කවර වෘකයාද? | චනුර ජනිත්
ප්‍රතිචාර[0]
බොහොඬෙක් | ඇන්ටන් චෙකොව්
ප්‍රතිචාර[2]
අවන්හල | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
අදෘශ්‍යමාන හාදුව | තිළිණි ෂැල්වින්
ප්‍රතිචාර[21]
වෘකයා සහ බැටළු පැටවා
ප්‍රතිචාර[1]
අංශක 110 | දසුනි හෙට්ටිආරච්චි
ප්‍රතිචාර[1]
ගැබ්බර හිතට ගබ්සාවක් | හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[4]
The Cobra Woman and Her Visitor | අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  කතන්දර බූන්දි  
ප්‍රේමය ගාලූමුවෙදාරට ඉහළින් පායලා
ප්‍රතිචාර[0]
බූන්දි| | 04:02:33
''ඉර මූද අයිනේ හැංගිල යනව වගේ නේද.....''?

මගේ වම් උරිස්සට ආදරŒය හේත්තුවක් දාගෙන ඉන්න ගමන්ම ඇය මගේ දිහා නොබලාම මූද දිහා බලාගෙන කියෝනවා.

''ම්..ම් හැබැයි ඔය හෝගාන පොකුණට අයිනක් කියල දෙයක් නෑ. ලෝක බෝලෙ වටේටම උඩයි යටයි හැම තැනම මූද රජකරනවා.''

මමත් පණ්ඩිත වාක්කියක් දිග ඇරියා. කොහොමටත් මං හරි ආසයි සෙව්වන්දි ඉස්සරහ මහ බරපතල චරිතයක් රඟපාන්න. ඒ වෙලාවට මං කියන දේවල් තේරුංගන්න එයා අමාරුවෙන් උත්සාහ කරන දිහා බලබලා මං කෲර සතුටක් විඳිනවද මන්දා......මං දන්නෙ නෑ ඇත්තටම.

එයත් නිකං හිටියෙ නෑ
''රජකරනවා විතරක් නෙවෙයි සුනාමිත් එවනවා. ඒ වෙලාවට මූද අයිනෙ ඉන්න අපි වගේ අහිංසක ජෝඩුත් මරාදානවා''.

සෙව්වන්දියි මමයි දෙන්නම මතුගම එකම ඉස්කෝලෙට ගියේ. එයා විභාගේ කෙරුවේ එකපාරයි. විද්‍යාපීඨ යන්නත් එයාට ලකුණු මදිවුනා. ලකුණු තිබුනත් යන්නැති බව දැනං හිටියෙ මං විතරක් නෙමෙයි. එයාට දුප්පත්කම ඒ තරමටම ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. ඒ හින්දාම ප්‍රතිඵල එන්නත් කලින්ම කටුනායක ගාමන්ට් රස්සාවකට ගියා. අපේ තාත්තා කෙරුවෙත් වත්තක ඩ්‍රයිවර් වැඩක්. ඒත් මම දෙවෙනි පාරටත් විභාගෙට වාඩිඋනා. එයා හයදාහක් පඩි අරගෙන තුන්දාහක් ගෙදරටත් යවලා දාහක් මටත් එව්වා. හැම මාසෙකම මේ දේ සිද්ධඋනා.

දැං මං කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. තාමත් මහපොළට අමතරව සෙව්වන්දිගේ මාසික ආධාරෙත් හම්බවෙනවා - ඉස්සරට වැඩිය ටිකක් වැඩියෙනුත්. එයා දැන් ප්‍රමෝෂන්. සුපවයිසර්.
දන්නවද?...මට කැම්පස් එකෙත් තව කෙල්ලෙක් ඉන්නවා. එයා කරන්නේ සමාජවිද්‍යාව විශේෂ උපාධියක්. ඒ උනාට එයා නොදන්න රහස් කොච්චරනං මේ සමාජෙම තීනවද?

''ඔයාට තව කොච්චරකල් කැම්පස් ඉන්න තියෙනවද''?
''අතරමග වැහුවෙ නැතොත් තව අවුරුදු දෙකයි.''
''එච්චරකල් .....'' සෙව්වන්දිගේ දිලිසෙන ඇස් ඉස්සිලා මං දිහා බැලූවා.

හුළඟ හරිම අකීකරු වෙලා.එයාගෙ කොණ්ඩෙ මූණෙම පටලෝනවා. ඉතිං මට කිචි. මම වම් අතින් කොණ්ඩෙ පිටිපස්සට කරලා වම් අත කොණ්ඩෙට උඩින් තියාගත්තා. මට මතක් උනේ ලින්ටන් සේමගේ ගේ ''මගේ වම් අත'' චිත්‍රපටිය.
ඒකේ කථානායකයා පික්පොකට් කාරයෙක්. අහිංසක ජීවිත වලට හිංසාවාදී තට්ටු දාන මමත් එක්තරා විදියක පොකට් කාරයෙක් තමයි. නඟවා පවුලක් නඩත්තු කරන්න හොරකං කරනවා. පොලීසිය,උසාවිය,හිරගෙදර ඌට හුරුපුරුදුයි. මට නුපුරුදුයි. වෙනස එතනයි.

''මං එච්චර නරක නෑ'' මම හිතුවා.
''වැඩි ලකුණු අරගෙන ෆයිනල් එක පාස්උනොත් මට කැම්පස් එකේම ලෙක්චරර් පෝස්ට් එකක් ඉල්ලන්න උනත් පුඟවන්. එහෙම උනොත් ඊළඟ උපාධි කරන්න රට උනත් ගියහැකි''

''එතකොට මම.......?''
ආයෙමත් ඒ ඇස් දිලිහුනා.

''එහෙම උනොත් ඔයාට තව ටික කාලයක් ඉවසන්න වෙනවා කෙල්ලේ''

''මූදට සීමාවක් නැතිඋනාට මගේ ඉවසීමට සීමාවක් හදලා හරි දෙන්න''
ඒකනං අන්ත අසරණ ආයාචනයක්.

කොච්චර ජරා අදහස් තිබුනත් මගේ පපුවත් හෝස් ගෑවා. මම සෙව්වන්දිගේ මූණ මගේ දෙඅත්ලට මැදිකරගත්තා. ඒ ලස්සන මූණ දැන් මට සමීප රූපයක්. මෙච්චර දුක් විඳිද්දිත් මේ කෙල්ල මෙච්චර ලස්සන වෙන්නෙ කොහොමද? අංශු මාත්‍රයකින්වත් වැහැරිල්ලක් නෑ ඒ රූපෙ. මේ කෙල්ලගේ හිත හොඳයි. සෙව්වන්දි කියන්නේ රෝස මලට එයාට ඒ නම ඝන පිහිටුවලා දැම්මේ අස්සජි හාමුදුරුවෝලූ.
සෙලෝලයිඩ් හිතුවිලි පටිය සුපර්සොනික් වේගෙයෙන් ඉගිලූනා.

''උපාධි කරලත් රස්සාවල් නැතුව හුඟදෙනෙක් ඉන්නවා නේද?''
ඒ ප්‍රශ්නෙටනං මාව ටිකක් ඩිම් උනා. ෆයිනල් ඇනුනොත් ඇනුනම තමයි. කෙල්ලන්ව රවට්ටනවා වගේ නෙමෙයි ජීවිතේ හරිම අමාරුයි. ඒත් පවු කරල ඉපදුන මේ ගොන් නාම්බට හපුතල් කන්ද නගින්නම වෙනවා.

''මම ට්‍රයි කරලා බලනවා රස්සාවක් හොයාගන්න.බැරි උනොත් මමත් එනවා ඔයාගේ ගාමන්ට් කලාපෙටම.''

''අපෝ හීනෙකින්වත් එන්න එපා ඒ රස්සාවට''.
එයා මට එයාගේ දෙඅත්ලම පෙන්නුවා. ඇඟිලි දහයෙන් හත අටකම මුල කරගැට ඇවිල්ලා.

''මේ මොකද මෙච්චර කරගැට?''
''රෙදි මනින්න කෝදුව අල්ලනවනෙ හැම තිස්සෙම ඒකයි.''

මගේ කැම්පස් පෙම්වතීගෙ දකුණු අතේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අගිස්සවල් අනික් ඇඟිලිවලට සාපේක‍ෂව ඝනකමයි. ඇයි ඉතිං කියවන නෝට් එක අනික් අතට ලියනවා. ඉතිං පෑන අල්ලන ඇඟිලි ගොරෝසු වෙන එක අහන්නත් දෙයක්ද?

මේ අස්සෙ අපි වාඩිවෙලා හිටිය බංකුව ගාවට අන්නාසි කාරයෙක් ආවා.
''අන්නාසි කෑල්ලක් කමු නේද මල්ලි'' ඌ වෙළඳාම කරන්නෙත් පාට් එකෙන්. කෙල්ල ඉස්සරහ නෝණ්ඩි වෙන්න බැරි නිසා කොල්ලො වෙස්සන්තරලා වෙනව කියන ආර්ථීක විද්‍යා තියරිය ඌ හරියටම ඉගෙන ගෙන තියෙනවා.

''කෑලි දෙකක් දෙන්න''
මගේ වචන තුනට පුඟවන් උනා සෙව්වන්දිගේ පර්ස් එකේ තවත් ගානකට විදින්න.

මම හිතං හිටියෙ කැම්පස් ඇවිත් දේශපාලනේ කරල පොරක් වෙන්න. අවුරුදු එකහමාරක්ම ශිෂ්‍ය සංගම් වැඩ කෙරුවා මැරීගෙන. අන්තිමේ බලද්දී මොනවද අපි කෙරුවේ හැම දේකටම විරුද්ධයි කියපු එක විතරයි. මහ උන්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් ගලාගෙන ගියේ අපේ පංචස්කන්ධ ඇතුලෙනුයි අපිටත් නොදැනීම. මම දේශපාලනෙන් අයින් උනා. දැන් මට ඕනෙ ඒ වාමාංශිකයාව දකුණෙන් ඕවර්ටේක් කරන්න. ඒකට සල්ලි ඕනෙ මට නැත්තෙත් එව්වමයි.

''සෙව්වන්දි ..... මට රුපියල් පන්සීයක් දෙනවද ? අනුරාධපුරේ යාඟවෙක්ගේ ගෙදරක පිරිතකට යන්න තියෙනවා''

''ලබන සුමානෙ පඩිනෙ එතකොට දෙන්නම්''

''හ්ම්''

කොළඹ අහස ඩිංගක් විතර කඟ කරා.
''දෙයියනේ වහින්න නං එපා හෙට වැඩට අඳින්න තියෙන්නෙත් මේ ඇඳුමමයි.''

සෙව්වන්දි අහස දිහා බලාගෙන කිව්වා.

''මමත් මාසයක් තිස්සෙම පට්ට ගහන්නේ මේ ඩෙනිම තමයි'' මම එහෙම කියන්න හිතුවත් කිව්වෙ නෑ. කිව්වනං අනිවාර්යෙන්ම ඊළඟ පඩියෙන් ගෙදරට යවන කොටහ අඩුකරල හරි මට සල්ලි දෙයි. කලිසමක් ගන්න කියලා.
වැඩිය කඩන නරක ළමයෙක් වෙන්න හොඳ නෑ

''මොකක්ද අනේ එකම කලිසම හැමදාම අඳින්නේ ලැජ්ජා නැද්ද''කියලා කැම්පස් පෙම්වතී දවසක් කිව්ව.
හොම්බට දමල අනින්න හිතුනත් සුඟ ධනේෂ්වර චින්තනය ඒකට ඉඩ දුන්නෙ නෑ. කවදා හරි බඳින කෙනා අධ්‍යාපන මට්ටමෙනුත් සම උනොත් හොඳයිනෙ. මම එහෙම හිතුවා.

''ගෙඟන් දිය බීල මුහුදට ආවඩන්න එපා යකෝ '' මගේ යටි හිත මට කිව්වා.
''අපි යමුකො අනේ ආයි දවසක කඵතර බෝධි, ගෙදර යන ගමන්ම යමුකෝ''
''යමු''
මාත් ඕනෑවට එපාවට කියල දැම්මා.

සෙව්වන්දිත් එක්ක බුදු පිළිමයක් ළඟට ගිය වෙලාවට ඇත්තමයි මං මාර විදියට අප්සට් වෙනවා. මම කරන්නේ දිට්ඨධම්ම වේදනීය කරුමයක් කියල මට ඇඟටම දැනෙන්නේ ඒ වෙලාවට තමයි.මට නං යන්න අපායක් නෑ.

''පහමාරයි අපි යමුද ඔයාට රෑ වෙනවනේ'' මම ඇහුවා.මම දන්නවා එයාට ඕනෙ තව ටික වෙලාවක් මං ළඟින් ඉන්න.

''ලබන ඉරිදත් එනවා නේද?''
බංකුවෙන් නැගිටින ගමන් එයා ඇහුවා.

''හ්ම්''

ගෝල්ෆේස් හෝටලේ ආඩම්බරෙන් අපේ දිහා බලං ඉඳියා. පරණ පාර්ලිමේන්තුව ඉස්සරහා හිටපු නායකයින්ගේ පිළිම ටික මූදටම විරිත්තගෙන ඉන්නවා. සෙව්වන්දිව කොටුවෙන් එයාපෝට් බස් එකක නග්ගලා මම පුංචි බොරැල්ලෙ හොස්ටල් එකට යනවා.

ලබන සතියෙත් එයා මගේ අතේ කීයක් හරි මිට මොළවයි අද වගේම.
වවුල්ලූ රෑනක් කොටුවෙ ස්ටේෂන් එකට උඩින් වරාය පැත්තට පියෑඹුවා.
103 බස් එකක් අහස් පාලම මුලම නතරකෙරුවා.
මම පය ඉක්මන් කරා.


Amila Jayachandra Liyanarachchi | අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
[ඇක්මන්....] මෙහෙම කියනවා :
#thumbsup#
කිවුව වෙලාව- 2012-01-18 03:15:25
 
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් මාර්ලේ කියයි.| Personal Quotes
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය හිරු එන විටම
කියයි ඔබ සුළඟට පෙම් බඳින බව -
එනමුදු වැසෙයි කවුළුව ඔබගේ සුළඟ එන විටම

එබැවින්ය මා බිය වන්නේ - ඔබ මට ආදරෙයි කියන විට!