BOONDI.LK| පොත් බූන්දි| යුගයක අඳුර කවියෙන් සිතුවම් කළ කවි සිත්තරා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[1]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
  තවත් පොත්
ඌව වෙල්ලස්සේ ජන කෝෂ්ඨාගාරයෙන් බිහිවූ 'මාගම් සෝලිය' | රත්න ශ්‍රී විජේසිංහ
ප්‍රතිචාර[0]
ඉතිහාසය වෙනස් කළ හැකි බවට කදිම සාක්‍ෂියක් සපයන "සෙංකොට්ටං" | ජයසිරි අලවත්ත
ප්‍රතිචාර[2]
නවකතාව අතික්‍රමණය කළ සමාජ කියවීමක් වූ "පිරිමි ගොඩයි මං විතරයි" | ජයසිරි අලවත්ත
ප්‍රතිචාර[0]
සර්පයාගේ දියණිය- මනෝවිශ්ලේෂණාත්මක සහ සංඥාර්ථවේදී කියවීමක් | කේ.කේ. සමන් කුමාර [සර්පයා]
ප්‍රතිචාර[0]
'සමාජයක්' නොනිදන අවදියක තබන්නට හැඬවෙන ''අර මිහිරි සීනු නාදය'' | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[1]
ශ‍්‍රැතියෙන් පිට පැන්න ඇම්ඩා සමඟ සිනාසීම හෙවත් ඇස් පොඩි කර කර ඉකි බිඳීම නම් වන නූතන ජනශ‍්‍රැතිය | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[0]
අමර කවි | සමන් පෙරමුණ
ප්‍රතිචාර[0]
දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" | රසික සූරියආරච්චි
ප්‍රතිචාර[0]
දිවි "කටු තුඩට" කවි "පිනි පහස" දෙන ළහිරු ගේ කවිසිත | පියන්කාරගේ බන්දුල ජයවීර
ප්‍රතිචාර[0]
"මානසික රෝගියාගේ පරිකල්පනය" කෘතිය පිළිබඳව හැඳින්වීමක් | ඒ. එස්. වික්‍රමසිංහ
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  පොත් බූන්දි  
යුගයක අඳුර කවියෙන් සිතුවම් කළ කවි සිත්තරා
ප්‍රතිචාර[0]
බූන්දි| | 02:16:04
චන්දරේ (චන්ද්‍රකුමාර වික්‍රමරත්න) යනු, අකුරු අවියක් කොට ගත් අකුරුවලින් වෙඩි තැබූ මිනිසෙකි. සැබෑ කවියෙකි. (සැබෑ කවියෙකියි කීවේ අද ඉන්නා ප්‍රවීණයන් යැයි කියාගන්නා සමහර කවියන්, අර්ධ මිනිස්-සුනඛ දෙමුහුන් බව අපට දිනපතා ඔප්පු කරමින් ද ෆැසිස්ට්වාදීන් සමග හුරතල් ගනුදෙනු කරමින් පත්තර පිටු මත වසුරු හෙලමින් ද ඉන්නා නිසාය!) ඉකුත් 2009 සැප්තැම්බර් 13 වැනිදා, සමාජවාදී කලා සංගමය විසින් එළිදක්වන ලද්දේ එම අප්‍රමාණ මිනිසා/ කවියාගේ නිර්මාණ එකතුවයි. චන්දරේ ගැන ඔහුගේ සමකාලීනයෙකු වූ චූලානන්ද සමරනායක ලියූ මේ සටහනෙහි ආසන්න නිමිත්ත භූගත කවිසිත නැමැති ඒ කෘතියයි.
සලකුණකුදු නොතබා - නැත බොහෝ සලකුණු ඉතිරි කර - ඔහු නොකියාම නික්ම ගොස් දශක දෙකක් සම්පූර්ණවීමට ද ආසන්නය. එහෙත් අපි යළි යළිත් ඔහු පිළිබඳව අදරින් සිහිපත් කරමු. ඔහුගේ කවි පිළිබඳව කතා කරමු. අරගල බිමෙහිද ඒ සමගම කවි කෙතෙහිද එකසේ ක්‍රියාකාරී වූ ඔහු අසූව දශකයේ කවියන් අතරද ඉදිරියෙන්ම වූ බව යටපත් කළ නොහැකි සත්‍යයකි. මර්දනය, භීෂණය දොරින් දොර රජ කළ එම අඳුරු සමයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කවිය අවියක් කරගත් නිර්මාණකරුවන් අතර චන්ද්‍රකුමාර වික්‍රමරත්න යනු සුවිශේෂී චරිතයකි.

ඔහු මතුවූයේ සමාජයේ අඳුරු ආගාධ පත්ලෙනි. පීඩිත පංතියේ සාමාජිකයෙක් ලෙස නැගී සිටි ඔහු පෙරළා කවියෙන් මෙන්ම භාවිතයෙන්ද අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව අරගල කළේය. විටෙක උද්ඝෝෂණ පෙරමුණක ඉදිරියෙන්ම සිටි ඔහු තවත් විටෙක අතට අසුවූ අඟරු කැබැල්ලකින් වුව පාර අද්දර පීඩක පාලන තන්ත්‍රයට එරෙහිව සටන් පාඨ ලිවීය. ඒ අතරම පොකුරු වෙඩි මෙන් වූ කවි ලිවූ ඔහු සමාජ අසාධාරණය පිළිබඳව කෙටි කතා සේ කියවිය හැකි රචනාවන් නිර්මාණය කළේය. ඒ සියල්ල බියකරු මර්දනය මධ්‍යයේ ය. මරණය නිබඳ අත වැනූ ධවල භීෂණයක් මධ්‍යයේ ය.

චන්ද්‍රකුමාර වික්‍රමරත්න සුවිශේෂී වන්නේ ඔහු පීඩිත පංතියේ අයෙකු වීම නිසාම නොවේ. යමෙකු පීඩිත පංතියට අයත් වූ පමණින් ඔහු විශිෂ්ට මිනිසකු බවට පත් නොවේ. ඔහු විශිෂ්ටයකු වන්නේ ඔහු තුළ වන පංති හැඟීමේ පොහොසත් බව නිසාවෙනි. පීඩිත පංතියට අයත් බොහෝ අය උත්සාහ ගන්නේ කෙසේ හෝ ඉහළට නැග පුද්ගල විමුක්තිය සොයා ගැනීමට ය. ගෙයක් දොරක්, වාහනයක්, සමාජ තත්වය එවන් අයගේ පරමාදර්ශ වෙයි. මේ දේවල් පසුපස හඹා යන තරගය තුළ එසේ ලුහු බඳින්නා පියවරක් පියවරක් ගානේ මනුෂ්‍යත්වයේ ගුණාංග මඟ හළාදමයි අවසන නරුමයෙක් බවට පත්වෙයි. තම පන්තියට ප්‍රේම කරනු වෙනුවට ඔහු එකහෙළා ඊට වෛර කරයි. හෙළා දකියි. අතීතය අමතක කර දමයි.

චන්ද්‍රකුමාර වික්‍රමරත්න බොහෝ පීඩිතයන්ගෙන් වෙනස් වන්නේ මෙහිදීය. තමා පීඩිත පංතියේ සාමාජිකයෙක් බැව් එකහෙළා පිළිගත් ඔහු කොන්දේසි විරහිතව ස්වකීය පංතිය කෙරේ ප්‍රේමයෙන් බැඳුණේය. පංති සමාජය තුළ රජයන අසාධාරණයට එරෙහිව කළ යුත්තේ පංති විරහිත සමාජයක් උදෙසා සටන් වැදීමය යන්න ඔහුගේ විශ්වාසය වූවේය. කිසිවිටක සිය පංති මූලයන් සැඟවීමට තැත් නොකළ ඔහු ඉතා අව්‍යාජව සිය ආත්ම ප්‍රකාශනය වූ කවිය තුළින් එය හෙළිදරව් කළේය.
ඔහුට අරමුණක් තිබිණි. ඒ පොදු මානව සමාජයේ යහපත උදෙසා අරගල කිරීමයි. කවිය යනු ඒ අරගල මෙඟ් ඔහු විසින් භාවිත කරන ලද එක් අවියකි. ඔහුගේ ප්‍රබලම අවියද එයයි. ව්‍යාජ සැරසිලිවලින්, අන්තර්ගතයට නොගැළපෙන ආකෘතිවලින් ප්‍රහේලිකාමය වදන්වලින් තොර ඔහුගේ කවිය එම යුගයේ අඳුර මනාව සිතුවම් කළ අපූරු කොලාජ් චිත්‍රයක් වැනිය. ඔහුගේ කවි දේශපාලනිකය. විටෙක ඔහු පීඩකයන්ට එරෙහිව සිය වදනින් පොකුරු වෙඩි ප්‍රහාර එල්ල කළේ ඒ සමගම අතිශය සංවේදී බසකින් අරගලයේ රිද්මය සටහන් කරමිනි. තැළෙන පෑගෙන මිනිසුන්ගේ වේදනාබර දිවිය හද කම්පාකරවනසුලු වදනින් ගෙනහැර පෑ ඔහු ඒ සමගම මරණය හමුවේ වුව නොසැලුණ සටන් සගයන්ගේ ජීව ගුණය අනුරාගය මුසු බසකින් සිත්තම් කළේය. මිනිසකු තුළ එවන් සවිමත් බසක් උපදින්නේ අහම්බෙන් නොවේ, භාවිතය තුළිනි. එසේම සමාජ දේශපාලනික අවබෝධය තුළිනි. චන්ද්‍රකුමාර එසේ සමාජ දේශපාලන දැනුමින් අවබෝධයෙන් මෙන්ම, අවංක භාවිතයෙන් ද පොහොසත් සගයකු ලෙස හඳුන්වනු ලැබීමට සාකල්‍යයෙන්ම සුදුසුය.

පීඩිත පන්තියේ විමුක්තිය මත ලෝකය ප්‍රගතිය කරා යන බව තිරව ඇදහූ ඔහු පන්ති සතුරාට එරෙහිව වදන් ප්‍රහාරයට නොපැකිළ පන්හිඳ හැසිරවූයේ ය. ඔහු එසේ කළේ පන්හිෙඳන් ලියැවෙන එක අකුරක් වුව මරණ වරෙන්තුවක් විය හැකිව තිබූ භීම සමයක ය. ''මිනීමරුවනි'' යනුවෙන් ඔහු විසින් ලියන ලද කවිය මේ සඳහා හොඳම උදාහරණයකි.

මිනීමරුවනි !

නිවට නොපනත් වහල්කම් තුළ
සිය දහස් වර
මැරි මැරී උපදින්නට
අපට වුවමනා නැත
ද්‍රෝහියනි,
තොපට එරෙහිව
උදාර මවුබිම වෙනුවෙන්
නිදහස
යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන්
රණබිමට වැද
දිවි පිදීමට ලැබීමත්
අපට වරප්‍රසාදයකි
මරණය ඒකාන්ත වූ දේශයේ
අළුගෝසුවනි
තොපේ කුණු ජීවිතවල
අවසාන රාත්‍රිය නිදන්නට
දැන් ඉතින් සැරසියව්!

එසේ ම චන්ද්‍රකුමාර තිරව ඇදහූ තවත් දෙයක් තිබිණි. එය නම් පීඩිත පංතියේ විමුක්තිය යනු වාර්ගික වශයෙන් වෙන්ව ලබාගත හැක්කක් නොව පොදුවේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පීඩිතයන්ගේ සමගියෙන් දිනාගත යුත්තක් බවයි. වාර්ගික විමුක්තිය පතා කරනා සටන හුදු අදේශපාලනික වන්නක් මෙන් ම පීඩිත පංතියේ විමුක්තියට බාධාකාරී වන්නක් බවට ඔහු තුළ පැවැති විශ්වාසය ද, ඔහු තුළ පැවැති පංති දෘෂ්ටිය ද ''දකුණේ සිට'' නමැති කවියෙන් මනාව ප්‍රකාශ වෙයි.

දකුණේ සිට

එකම අපායක අප හැම දැවෙන සඳ
වෙන ම අපායක ඉන්නට පතයි නුඹ
අපා දෙකක කිරුළට යුද වදින සඳ
කඳුළු කඳුළුමය කාගේ වුණත් මට

පැළී විවර වූ ළයකින් නගන හඬ
මගේ ළය පැළුණු විට නගනා හඬය මට
ඔබත් මමත් උන් තුන්පිලකම වුව ද
ඔබේ මරණයත් මගේ මරණය සේ ය මට

චන්ද්‍රකුමාරගේ දැක්ම මෙන් ම ඔහුගේ කවීත්වය ද මනාව ඔප්පු කෙරෙනා තවත් අපූර්ව නිර්මාණයක් වන්නේ 'ඡේසුනි' නමින් රචිත කවියයි. එහි දී චන්ද්‍ර=කුමාර ආගම පිළිබඳ සාම්ප්‍රදායික අදහස් මත තත්කාලීන සමාජය ගටමින් ප්‍රබල ප්‍රශ්න කිරීමක යෙදෙයි. මෙලෙස තියුණු විචාරාත්මක ප්‍රවේශයකට කවියකුට ළඟා විය හැක්කේ ඔහු දැනුමින් අවබෝධයෙන් මෙන් ම අව්‍යාජත්වයෙන්ද පිරිපුන් වන්නේ නම් පමණි.

ඡේසුනි!

අපි උපන්නෙත්
ගව මඩුවල ය ඌරු කොටු තුළය
ඡේසුනි!
මළ මුත්‍රා පල් ගඳ වතුර
කළු මඩ ගොහොරු මත
අඳුරු පැල්පත්වල
සීතලේ මිරිකෙමින්
අමු ම අමු නිරුවතිනි
අපි උපන්නෙත් ඡේසුනි!

මාළිගා සඳළුතල
කානු අතරින් ගලන
වෛරයේ ක්‍රෝධයේ
අතෘප්තිකර කෑදරකම්
තණ්හාවේ කුහකත්වයේ
විස කටු පඳුරු තුළ
අනුන්ගේ මහාබර උසුලාගෙන
අපි උපන්නෙත්
අඳුරු කාලයක විය

ඡේසුනි,
මට ආගමක් නැත
මගේ ආගම සත්‍යයයි
මගේ ආගම විද්‍යාවයි
නත්තල නම් කුමක් ද?
සොම්නස නත්තලට පමණක් ද?
එකොළොස් මසක මහා බර
මොහොතකට බිම තබන

මිනිසාට එරෙහිව මිනිසා
මිනිස් ලේ උරා බොන මේ සමේ
මේ චණ්ඩ මාරුතේ
අතරමංවූ ඔබේ ප්‍රේමයේ
ආත්මය තිබේදැයි සොයමු අපි
ඡේසුනි!

කුරුසියේ ඇණ ගසා එල්ලුවේ
එදා ඔබ පමණයි ඡේසුනි
ඒත් මේ නත්තලේ
කෲරත්වය වියරු වී
තරුණයෙක් නම්
උණ්ඩ වැස්සෙන් තෙමා
දස දහස් ගණනින් පුළුස්සයි
ඡේසුනි!
බයිබලය ද දේව වදන් මුමුණන
පාදිලියෝ පූජකයෝ
එදා ඔබ කුරුසියේ ඇණ ගැසූ උන් සමග
නත්තල සමරමින් කති බොති නටති
සත්‍ය වනසන්නට ඉඩ හරිති
සත්‍ය කියා අසත්‍යය ද
ධර්මය කියා අධර්මය ද
දේශනා කරති

චන්ද්‍රකුමාර අතිශය බිහිසුණු යුගයක, ඊට එරෙහිව නිර්භයව කවියෙන් සටන් වැදුණේ ය. අරගල බිමේ ක්‍රියාකාරිකයෙක් වූවේ ය. සරසවි, වීදි, රෝහල් යනාදී එකල අරගල පැවැති කවරතැනෙක වුව ක්‍රියාකාරීව හුන් ඔහු ඊළඟ මොහොතේ පත්තර කන්තෝරුවකට ලිපියක් කවියක් රැගෙන ඇතුළු වූවේ ය. සමාජ ක්‍රමය වෙනස් කළ යුතු බව, සමාජවාදය මිනිසාගේ විමුක්ති මාර්ගය විය යුතු බව එකහෙළා විශ්වාස කළ ඔහු මර්දනය, භීෂණය හමුවේ නොසැලී සිය වගකීම ඉටුකිරීම සඳහා පෙරමුණේ ම සිටියේ ය. ඔහුගේ කවිය යනු ඔහුගේ මෙන් ම අසූව දශකයේ ජනතා රගලයේද ප්‍රබල ප්‍රකාශනයයි. ස්වකීය යුගය ප්‍රතිනිර්මාණය කිරීම උදෙසා ඔහු පෑ සමත්කම ඔහු එම යුගයේ අන් කවීන් අතරින් ද ඉදිරියෙන් තබන බව ඔහුගේ සමකාලීනයන් වුව පිළිගැනීමට මැළිනොවන සත්‍යයකි.

ඉතිහාසයේ අඳුරුතම සමයක චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් වූ සගයා මිනිසුන්ගේ හදවත්වලට දිරිය සැපයූ සැබෑ සහෘදයකු වූවේ ය. ඔහුගේ කවිය තුළ පීඩක තන්ත්‍රය වෙත වූ විරෝධය ප්‍රබල ලෙස කැපී පෙනුණු බව සැබැවි. ඒ අතරම ඒ සියල්ල පරයා තවත් එක් ලක්ෂණයක් ඔහුගේ සමස්ත කාව්‍ය ව්‍යාපාරය තුළ ම දක්නට හැකි ය. ඒ සුබවාදී අනාගතයක් උදෙසා වන අචල අපේක්ෂාවයි.


Chulananda Samaranayake | චූලානන්ද සමරනායක
[SEO Tags] Chandrakumara Wickkramarathna, Bhugatha Kavisitha, Chulananda Samaranayaka , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
සිත්තරා මරා ඝාතකයා පහළ වීම| Facts
හිට්ලර්, ස්වකීය තුරුණු විය මුලුල්ලේම සිහින දුටුවේ සිත්තරෙකු වීමටයි! වියානා කලා ඇකඩමියට ඇතුළත් වීම සඳහා හිට්ලර් ඉදිරිපත් කළ අයදුම්පත් දෙවරක් ම ප්‍රතික්ෂේප විය. පසු කලෙක ඔහු තම මව මිය ගිය පසු, ජීවිකාව පිණිස, තමන්ගේම සිත්තමින් සැරසූ පින්තූර පෝස්ට් කාඩ් විකුණමින් වියානාවේ හතර වසරක් ගත කළේය.