BOONDI.LK| අදහස් බූන්දි| සීටීබී-බස් ඩිපෝවක හැදූ සාහිත්‍ය විචාර සිල-බස්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස | ජස්ටින් පියරත්න
ප්‍රතිචාර[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය' | දමිත් වැලිකල
ප්‍රතිචාර[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක් | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය | උදේෂිණි කුමාරි දයාරත්න
ප්‍රතිචාර[1]
11 වැනි පැයේදී.....
ප්‍රතිචාර[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක් | විචක්ෂණ අධිකාරි
ප්‍රතිචාර[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන් | චන්දරේ
ප්‍රතිචාර[0]
දඩයක්කාරයා හමුවීම | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර | මායා නවගත්තේගම
ප්‍රතිචාර[9]
BOONDI • Sookiri •
  අදහස් බූන්දි  
සීටීබී-බස් ඩිපෝවක හැදූ සාහිත්‍ය විචාර සිල-බස්
ප්‍රතිචාර[0]
බූන්දි| | 00:51:26
ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ සිංහල ගෞරව උපාධිය සඳහා උගන්වන රසවත් විෂය නිර්දේශයක් මා අතට පත් වුනා. එය රසවත් වන්නේ සාහිත්‍ය විචාරය උගන්වන නිසා පමනක් නොවේ. බටහිර දර්ශන සම්ප්‍රදාය තලු මරමරා ගිලදමන භෝජනයක් කරගෙන ඇති නිසාත්ය. අද සරසවිවල අධ්‍යාපන මට්ටමේ පිරිහීම කියාපෑමට මීට වඩා සාධක උවමනා නැත. මෙය හුදීජනයාගේ පහන් සංවේගය පිනිස බූන්දියට එවන්නේ යගිරල මහීපාල.

මේ සිලබස් එක බලන්න මෙතන කොටන්න. [PDF]
මේ නිර්දේශය ග්‍රීසියේ ඇතැන්ස් නුවර කේන්ද්‍ර කොටගත් සාහිත්‍ය විචාරවල සිට දහනමවන සියවසෙන් පසු බටහිර සාහිත්‍යයෙහි පැතිරගියාවූ නූතන සාහිත්‍ය විචාර ප්‍රවනතාවන් පිලිබඳ අවබෝධයක් ලබාදෙන්නක් බව ද පැවසේ.

මෙය රටට උදා කරන්නට යනබව කියන ආශ්චර්ය වලින් එකක් නොව කිහිපයක් වියයුතුය.

මෙය කිය වූ මට ප්‍රශ්න කීපයක් ඇතිවිය. මෙහි පැය එකහමාරේ කාලපරිච්ඡේදයකින් අවුරුදු ගනනක දැනුමක් ලබාදෙන්නට හදන මහා ආශ්චර්යයකි. එය තුන්වන ලෝකයේ ඓශ්චර්යය ද වෙන්නට පුලුවන. මෙහි නම් කොට තිබෙන ඇතැම් දාර්ශනිකයකුගේ අදහස් ඉගැන්වීමට තබා ඒ අයගේ පසුබිම වටහා ගන්නටත් මාස දෙක තුනක් ඉගැන්වීමෙනුත් නොහැකිබව දැන ගන්නට දාර්ශනිකයෙකු විය යුතු නැත. එහෙත් මෙහි ඩේකාට්, ස්පිනෝසා, ලයිබිනිස්, හියම්, කාන්ට් හා හේගල් මෙන්ම සොෆිස්ට්වරුන් ගැනද පැය එකහමාරකින් උගන්වනු ලැබේ.

කොල්රිජ්, වර්ඩ්ස්වර්ත්, ශෙලී යන රොමැන්ටික් කවියන් හා ඔවුන්ගේ විචාර ගැනද පැය එකහමාරකින් ඉගැන්වීම තවත් ප්‍රතිහාර්යයකි. රිචර්ඩ්ස් හා එලියට්ද පැය එකහමාරකින් කවර් කරනු ලැබේ. සෘද්දි ප්‍රාතිහාර්යයක් විය හැකිය. මේ විචාර ප්‍රාතිහාර්යය ගොන්නේ ඇති විශේෂ සුවිශේෂ තවත් විශේෂන දමා කිය යුතු අංගය වන්නේ-

මාක්ස්ටත් වඩා මාක්ස්වාදී වීමය. මාක්ස් දර්ශනය පිරිපහදු කරන්නේ හෙගල්ව ඔලුවෙන් සිටුවලාය.

මෙහි මාක්ස්වත් අනිකුත් මාක්ස්වාදීනුත් ඔලුවෙන් සිටුවා මදි නිසා කනපිට හරවා හොම්බෙන් යවා තිබේ. යටත්විජිතවාදය හා යටත්විජිතවාදය ද මාක්ස්වාදය යටතට දැමෙන්නේ ඒ හොම්බෙන් සිටුවීමේ න්‍යාය අනුවය. මාක්ස්වාදයේ අලුත් ශාකාවක්ද ඒ අනුව සොයාගෙන තිබේ. එනම් ''ලෙනින් සහ එංගල්ස්වාදි'' සාහිත්‍ය විචාරයයි. මාක්ස්වාදය යටතේ ඉගැන්වෙන්නේ ඔය අන්දමට ඔලුවෙන් සිටුවා හොම්බෙන් යැවූ න්‍යායයි.

මාක්ස්වාදී සාහිත්‍ය න්‍යාය පෝෂනය කල ෆ්ලෙකනොව්, ට්‍රොට්ස්කි, ලූකාෂ්, රේමන්ඩ් විලියම්ස්, ඊගල්ටන්, බෙන්ජමින්, ගෝල්ඩ්මාන්, ස්වින්වුඩ් වැනි විචාරකයන්ගේ නමක් මාක්ස්වාදී විචාරයේ අහල ගං හතකින්වත් ගොස් නැත්තේ ඒ න්‍යායෙන් මිස ඒවා ගැන නොදන්නා නිසාවෙන් නොවේ.

මේ සිලබස්එක අනුව බටහිර සාහිත්‍ය විචාරයේ තවත් පුරෝගාමියෙක් බිහිවී තිබේ. ඔහු ''අනික් ෆෝස්ටර්''ය. මේ ඡන්ද පෝස්ටර් වැනි පෝස්ටර් වර්ගයකින් වෙනස් වන නිසා අනික් පෝස්ටර් ගොඩට දමා ඇත්තේ ලැබෙන කොමිස් ගනන අඩු නිසාවෙන් විය හැකිය. ඉස්කුරුප්පු ආචාරීන්ගේ සිලබස් කෙරුවාවට මෙය හොඳ උදාහරනයකි. මේ අනික් ෆෝස්ටර් යන යෙදුම ලියනගේ අමරකීර්ති බඳු අපේ විචාරකයන් දැක ඇත්තේ ඊ. ඇම්. ෆෝස්ටර්ගේ යථාර්ථවාදී පැත්ත පමනක් බවත් ඔහුගේ න්‍යායෙහි ෆැන්ටසිමය පැත්තක් ඇති බවත් කීමට යෙදූ කවි යෙදුමකි. ජපුරේ විශාරදයා මෙය තවත් නමක් සේ සලකා තිබේ.

මේ සිල-බස් එකට කියවීම සඳහා පොත් නාමාවලියක්ද එක්කර තිබේ. එයත් විශාරද වැඩක් නිසා ආශ්චර්යයේ ඊලග අංකය යටතට දමාගත හැකිය.

මෙහි තලුමරමරා රසවිඳිය හැකි තැන් කිහිපයක් ඇති නිසා දුරුමිරිස් දමා පෙන්වීමට අවශ්‍ය නැත. ගාමිනී වියන්ගොඩ පරිවර්තනය කල ප්ලේටෝ පත්‍රිකා නවකතාවක් බව නොදන්නා නිසා ප්ලේටෝගේ නම දුටු මතින් එය ප්ලේටෝගේ විචාරන්‍යාය ගැන කියවීමට නිර්දේශ කර තිබෙන්නේ දුටුවන් සිනා සාගරයෙහි ගිල්වමිනි.

සාහිත්‍ය විචාරය යනු නූතනත්ව අධ්‍යයනයන් හා වර්තමාන සමාජය ගැන විග්‍රහයන් නොවන බව තේරුම්ගන්නට කුහුඹු හිසක් තරම්වත් මොලයක් තිබිය යුතුය. විසිවන සියවසේ ශ්‍රී ලංකා සමාජයේ අනන්‍යතා හරපද්ධති හා අනාගත දිශානතිය විමසන නිරා වික්‍රමසිංහගේ Sri Lanka in Modern Age සහ තවත් එවැනි පොත් කිහිපයක් එහි නම් කර ඇත්තේ සිසුන් බියගැන්වීමට පඹයන් අටවා තබන අන්දමිනි. නිරාගේ පොතේ නූතන සාහිත්‍ය විචාරය ගැන කිසිවක්ම නැතිබව දැන ගන්නට ඉස්කුරුප්පු බාස්ලාට බැරිය. ඒ සඳහා පොතපත කියවීම පුරුදු කල යුතුය.

කෙතට පනින කුරුලුකොබෙයියන්ට පඹයින් තනන්නා මෙන් මෙන්ම ඌරන් හරකුන් හා අලින්ට ඉනිවැටවල් බැඳීම ගොවියාගේ මගයි. මේ සිල-බස් එකේද පොත් නාමාවලිය එසේ පඹයින් සිටුවා වැටවල් බැඳීමකි. ඔලුවෙන් හිටුවූ මාක්ස්වාදි විචාරය ගැන ශිෂ්‍යයනට කිසිවක් දැනගැනීමට ඉඩ නොතබා ඔවුන්ට පිටු දෙකක වැටක් අන්තර්ජාලයෙන් කටුකම්බි ගෙන තනා තිබේ. ඒ ලුවී අල්තුසර්ගේ හා අපල්තූසර් ගැන ලියවුනු පොත් 15ක ලේඛනයක් දැක්වීමෙනි. එහෙත් එහි එකම පොතේ නම දෙපොලක දැක්වෙන බව ඉංග්‍රීසි අකුරු ගැටගසා කියවා ගත්තානම් තේරුම් ගත හැකිව තිබුනි.

ලංකාවට මාක්ස්වාදී විචාර සම්ප්‍රදාය හඳුන්වා දුන් වර්ධනය කල මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විඡේගුනසිංහ ආදී අය හෝ සෝවියට් සංගම් යුගයේ පොත් පරිවර්තනය කල දැදිගම රුද්‍රිගුලා හෝ මාක්ස්වාදී සාහිත්‍යවිචාරය ගැන අබමල් රේනුවක දෙයක් සිංහලෙන් තියා අපභ්‍රංශයෙන්වත් ලියා නොමැති බැවින් මෙහි ඒවා නොදැක්වෙයි. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ඊගල්ටන්ගේ මාක්ස්වාදය හා සාහිත්‍ය විචාරය සිංහලෙන් පල කලේත් නැත. තරමේ මාඕ සේතුංගේ කලාවිචාර මතවාද ගැන හරිශ්චන්ද්‍ර විඡේතුංගවත් පොතක් ලියා නැත. ඒ නිසා ඒවා ගැන දැනගන්නට ජපුරේ වාසනාවන්ත විද්‍යාර්ථීන්ට පිං මදිවෙන්නැති සංසාරේ. අනේ සාදු. හෙන ගහපං. මේවා උගන්වන අයගේ මව්ගුන සිහිකරමු.

මේවා කරනවාට වඩා ලංකාවේ කොනකට මුල්ලකට වී කුසුමේනනේන කියා මලක් පානක් පූජා කොරගෙන වට්ටියක් මලුපැදුරක් වියාගෙන හීපදයක් කියාගෙන හිටියනං කොච්චර අගේද කියලා මං අපේ කෙලිපොඩ්ඩියන්ගෙන් අහනවා...

Yagirala Mahipala | යගිරල මහීපාල
[SEO Tags] Jayawardhanapura University, Western Literary Criticism Syllabus , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි.| Personal Quotes
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.