BOONDI.LK| අදහස් බූන්දි| ඔහු ද අපේ එකෙකි!!!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
අලුතෙන්ම!
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[0]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
තවත් අදහස්
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු....
|
චමීර කොස්වත්ත
[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
අරවින්ද
වරුණ
නුවන්
රෝහිත
චන්දන
රන්සිරිමල්
ප්‍රියංජිත්
සුමිත්
ප්‍රදීප්
එස්.ජී.
කේ.කේ.
දර්ශන
උදය
සංජීවිකා
ආදිත්‍ය
අනුෂ්ක
සුනන්ද
වීරයා
ජයසිරි
මංජුල
BOONDI • Currents • •
අදහස් බූන්දි
ඔහු ද අපේ එකෙකි!!!
[0]
බූන්දි| | 23:05:23
මේ වෙසක් සමයයි. වීදි පුරා ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් දකුණේ බොහෝ පෙදෙස් හි විවිධ වූ ජාතක කථා දිග හැරෙනා වෙසක් තොරණ, අනේක විධ මොස්තරයන්ගෙන් හැඩ වුණු වෙසක් පහන් කූඩු වලින් හා විවිධ වූ වෙසක් සැරසිලි වලින් වීදි පිරී ආලෝකමත් වී මහත් වූ උනන්දුවෙන් වෙසක් සමරති. ගමක් නගරයක් පාසා දන්සැල් වලින් පිරී යන්නේ එයට තවත් බොහෝ හැඩ වැඩ එක්කරමිනි. මෙවර වෙසක් සමය ජාතියටම අතිශය සුවිශේෂ
වෙසක් පොහොයක් ලෙස නම් කරමින් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ජාතික වෙසක් කලාපයන් සංවිධානය කොට තිබිණ. ජනපති, අගමැති වෙසක් පණිවුඩ නිකුත් කරති. ජාතික නාලිකා වෙනමම වේලාවක් ගෙන ගිරවුන් මෙන් ඒවා කියවති. මැති ඇමතිවරුන්ට ද අතිශය කාර්ය බහුල කාල සමයකි. ඒ මේ කාලය පුරා සංවිධානය වන වෙසක් තොරණ් හි විදුලි පහන් ක්‍රියාත්මක කිරීම් සහ දන්සැල් ඉඳුල් කිරීම් වෙනුවෙන් සහභාගී වීමට ඇති නිසාය. අමාත්‍යංශ ලේකම්වරුන්ටද ත්‍රිවිධ හමුදාපතිවරුන්ටද ඉස්පාසුවක් නැත. ඒ විවිධ වූ වැඩසටහන් වෙනුවෙන් සහභාගී වීමට ඇති හෙයිනි. මේ සියල්ලෙන්ම වැඩිම බරක් පැටවෙනුයේ රාජ්‍ය මාධ්‍ය හි තාක්ෂණික සේවකයන්ටය. ඒ ඉහතින් සඳහන් කළ සියල්ලන්ගේම අවස්ථා මාධ්‍ය ආවරණය සිදුකළ යුතු බැවිනි. කුමකින් හෝ අතපසු වීමක් සිදුවුවහොත් ලොක්කන්ගෙන් ඔවුන්ට විසුමක් නැත.
ගම් ගොඩේද වෙසක් කූඩුවක් පත්තු නොකරන බෞද්ධ ගෙදරක් නැති තරම් ය. සියල්ල හොඳය. නමුත් ප්‍රශ්ණය බුදු දහමේ නියම අරුත මේ සියල්ලන්ම අවබෝධ කරගෙන සිටීද යන්නයි. වෙසක් තොරණ්, දන් සැල්, වෙසක් කලාප සංවිධානය වන තරමින්ම අධ්‍යාත්මිකවද බැඳී සිටියේනම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය ගැන අතිශය කණගාටුවෙන් කථා කරන යුගයක් නිර්මාණය වන්නේ නැත. උඩින් ඔපේ ඇති යටින් හපයක් වූ සමාජ ක්‍රමයක් නිසාවෙන්ම අතිශය පිරිහුණු රාජ්‍ය ත්‍රන්ත්‍රයක් බිහිවී තිබේ.
බුදු දහමේ හරය වන මෛත්‍රිය පසෙක ලා දතට දතක්, ඇසට ඇසක් ඉල්ලා සිටිනා තැනට ගොස් ඇත්තේ ඉහත කී අධ්‍යාත්මික බැඳීම් මෙරටින් පලාගොස් ඇති බැවිනි. ප්‍රභාකරන් මැරුණු විටද සරත් ෆොන්සේකා පැරදුනු විටද කිරිබත් කෙසෙල් කන්නේ මියැදුනු පැරදුනු පුද්ගලයන්ට ගරු කිරීමට නොදත් ජාතියක් ලෙස ලොවටම හොරණෑ පිඹ පෙන්වමිනි. ඇත්තෙන්ම ඔවුන් අපේ එවුන් නොවන්නේද? අපේ එකෙක් පැරදුනු විට එය තවත් මිනිසුන් කොටසක් ලෙස සැමරිය හැකිද? මොන මත වාදයන් දැරුවත් ඔවුන් මේ බිමේ එවුන්ය. මේ පොළවෙන් උපන් එනුන්ම වන්නේය.
සටන් පැරදුනු එළාරගේ මෘත ශරීරය නිසි පරිදි සොහොනක තැන්පත් කර ගරු කිරීමට ද රාජ ආ ඥාවන් පැවවූ බව අප මෙරට ඉතිහාසයෙන් ද අසා තිබෙන අතර ලෝක ඉතිහාසයේ ද ඕනෑ තරම් උදාහරණ තිබේ. එහෙත් මෙරටේ මහජාතිකවාදීගේ වරදින්ම සන්නද්ධ ව්‍යාපරයක් වෙත යොමු වී මරු වැළද ගත්ත ද ඔවුන්ගේ සොහොන් කොත් කඩා දැමීමෙන් රිදෙන්නේ සොහොන් කොත් වලට නොව ඒ ජාතියේ ජීවත්ව සිටිනා අපේම එවුන් කොටසකටය. දැන දැනම නැවත නැවතත් එසේ සිත් තුවාල කරන්නේ ජාතික ප්‍රශ්ණයට සැබෑ ලෙසම පිළිතුරු අවශ්‍ය නැති නිසාය. සමහර විට මෙසේ කරනවා වන්නට ඇත්තේ නිරන්තර සිත් බිඳිම් තුළින් ජාතික ලෙස බෙදී සිටින තාක් ඔවුන්ගේ පාලන අරමුණු ඉටුකර ගැනීමට පහසු වීමටයැයි ද කෙනෙක්ට උපකල්පන කිරීමට නොහැකි නොවේ.
මේ බුදුන්ගේ දේශයය යැයි සංකල්පනා නිර්මාණය කිරීමෙන් පළක් නැත. බුදුදහමේ අධ්‍යාත්මික හරය, විනය තමා තුළින්ම ප්‍රදර්ශණය ප්‍රදර්ශනය කළ යුතුමයි. තමා සම්මතේ නොමැතිව වැදි බණ දෙසා සමාජය සුචරිත කළ නොහැක. එම විනයේ අරුම පසුගිය කාල පරාසය පුරාම මෙරට දුටු නුදුටු මිනිසෙක් නැත.
සංහිදියාවේ කොමිසම් පත් කිරීමෙන් පමණක් මෙම ප්‍රශ්ණයට විසදුම් සෙවීමට යාම පලක් නැත. දමිළ ජනයාටද තමන් කැමති පරිදි නිදහසේ ජීවත්වීමට පරිසරය සකස්කිරීම අනිවාර්යයෙන්ම කළයුතුය. දකුණේ ජනයා හට උතුරට යෑමට අවසර පත් දැන් අවශ්‍ය නොවන හෙයින් උතුරේ අහිංසක දමිළ වැසියන්ට ද දකුණට එමට තවමත් තාවකාලික අවසර පත් ලබාගැනීමට සිදුවීම ජාතික විහිළුවකි. එසේ සිදුවන්නේ ඔවුන් අපේම එවුන් ලෙස පිළිගැනීමට මහජාතිකවාදී නායකත්වය සූදානම් නොමැති නිසාද? ලොවට මානව සංහිදියාවේ අරුත හොඳින් ම පහදා දුන් බුදු රජුන් අංගුළිමාලට පවා සමාව දී සසුන් ගත කලද අර අහිංසත මිනිසුන්ට යුද්ධය හමාර වී වසරක් ගතවී ඇතත් තවමත් සමාජගත වීමේ අවස්ථාව අහිමි කරමින් විවිධ වූ මිලිටරි අණපනත් වලට යටත් වී ජීවත් වීමට සිදුව ඇත.
කරුණා අම්මාන්ට මෙරට ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වී ඇමතිකමක් පවා දරන්නට හැකිනම් උතුරේ කඳවුරු වලට ගාල්කර සිටින ඔවුන්ගේම අංකුරයන්ටද ප්‍රජාත්‍රත්ත්‍රවාදී ප්‍රවාහය තුළ තමන්ගේ ජීවිතය රිසි සේ ගෙන යාමට සම අවස්ථාව සලසා යුතු වන්නේ නොවේද?
අවාසනාවන්තම කාරණය දකුණට ඔවුන්ගේ සිත් හඬනා වේදනාවේ හඬ නොඇසීමයි. අද දකුණම මර නින්දක සුබ අනාගතයක් ගැන සිහින දකිමින් සිටිති. එසේ නොමැතිනම්, මේ වෙසක් පුන් පොහෝ දිනයේ සියලලෝ සුව පත් වේවා යැයි හැඟුමින් පහනක් පත්තු කරන සෑම කෙනෙකුටම උතුරේ සොහොයුරා අමතක වන්නට කාරණාවක් නොමැත. ඒ සියල්ලෝම අපේ එවුන්ය. මේ පොළවේ උරුමය ලද එවුන්මය. දෙවියන් නොමැති තැන සියල්ල අහිමි වන්නාක් මෙන් ආදරය, මෛත්‍රිය නොමැති තැනක ගෙවෙන්නේ යකෂයාගේ හෝරාවයි. අප ගෙවන්නේ ද එවැනි වූ කාල සමයක් වන්නට බැරි නැත.
උතුරට පමණක් නොව අද දකුණේද මකරාක්ෂ සෙවනැළි වල අඩුවක් නොමැත. සඳ කිඳුරියගේ අදෝනාවෙන් සෑම බොදු සිතක භක්ති සංවේගාත්ම සිතුවිළි ජනිත වන විට අපේ තවත් එකෙක් (ප්‍රගීත් එක්නැළිගොඩ) අතුරුදහන් වී දින 125 ක් වන තැන ඒ ගැන එවන් සංවේගයක් ඇති නොවන්නේ බුදුන්ගේ ධර්ම ප්‍රායෝගික ලෙස සමාජ භාවිතාවේ පළපුරුද්දක් නොමැති හෙයින්ද? මල දරුවා සුවපත් කර දෙන ලෙස බුදුගෙන් ඉල්ලා සිටීමේදීද ඇයට සත්‍ය පසක් කරදීමට බුදන් පවා උත්සුක වූවද අපේ පාලකයන්ට තවමත් සන්ධ්‍යා එක්නැලිගොඩගේ කඳුළු කථාවට සාධාරණයක් කිරීමට උනන්දු නොවන හේතුට වටහා ගැනීමට අප උකටලී නොවෙමු. එහෙත් තවමත් දකුණ නිහඬය.
මාටින් නීමෝලර්
ගේ කවියක මෙසේ එයි.
මුලින්ම ඔවුහු යුදෙවුවන් මරා දැමුහ.
මම යුදෙව්වෙක් නොවේ.
එබැවින් මම නිහඬව සිටියෙමි.
ඉන්පසු ඔවුහු කොමියුනිස්ට්වාදීන් මරා දැමුහ,
මම කොමියුනිස්ට්වාදියෙකු නොවේ,
එබැවින් මම නිහඬව සිටියෙමි.
අනතුරුව ඔවුහු වෘත්තිය සමිති නායකයන් මරා දැමූහ.
මා වෘත්තිය සමිති නායකයෙකු නොවේ.
එබැවින් මම නිහඬව සිටියෙමි.
අවසානයේදී ඔවුහු මා සොයා පැමිණියහ,
එවිට මා වෙනුවෙන් කථාකිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ.
වේලුපිල්ලේ ප්‍රභාකරන්ද, නඩේසන්ද, බාලචන්ද්‍රන්, සරත් ෆොන්සේකාද, ප්‍රගීත් එක්නැලිගොඩද, ලසන්ත වික්‍රමතුංග ද මේ බිමේම එවුන් වන්නෝය. මතවාදය වෙනස් වන්නට පුළුවන. එසේ වෙනස් මත දරන්නට ඕනෑ තරම් කරුණු කාරණා අපේ ඉතිහාසය ඔවුන්ට නිර්මාණය කර දී ඇති බව ද අපි දනිමු. අප හතුරුව ඇත්තේ අපටම නොවේද? මේ වෛරී සමාජ ක්‍රමයේ තිමිර පටලය බිඳගන්නාතුරු ඔබ ඔහේ දෙන දෙයක් කා - වෙන දෙයක් බලාගෙන සිටිනු ඇත. දැන්වත් අවදි වන්න. නැතිනම් ඔවුන් ඔබ සොයා පැමිණි කළ ඔබ වෙනුවෙන් හඬක් නැගීමට කිසිවෙකුත් ඉතිරි නොවනු ඇත. ලේ සුවඳට නොව හදවතේ සුවඳට ඉවකර, දෑස් හොඳින් විවර කර බලන්න. එවිට අපට අපේ එවුන් පෙනෙනු ඇත.
Krishan Rajapakshe | ක්‍රිශාන් රාජපක්ෂ
[SEO Tags] Sri Lankan Political Situation, Post war era in Sri Lanka
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
එංගල්ස් කියයි.|
Personal Quotes
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.
-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus