BOONDI.LK| වෙසෙස් බූන්දි| ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
අලුතෙන්ම!
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[0]
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
|
මාලක දේවප්‍රිය
[2]
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
|
තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
[4]
තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව
|
රෝමා ටියාර්න
[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
[0]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි!
|
තිළිනා වීරසිංහ
[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
[1]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට
|
සංඛ කිරිඳිවැල
[1]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා....
|
නාලක ගුණවර්ධන
[0]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා!
|
සුරත්
[2]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ්
|
නද්යා භාෂිණී අමරනායක
[1]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට.....
|
සුමුදු තිවංක ගමගේ
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/52]
ජයලාල්
මාලතී
දර්ශන
නිර්මාල්
ගාමිණී
අරුන්දතී
සනාල්
චූලානන්ද
රිචඩ්
ඬේව්
රුවන්
දේවක
මොහොමඩ්
සුනන්ද
ප්‍රසාද්
තුෂාරි
ගෝරන්
ආදිත්‍ය
සංඛ
BOONDI • Currents • •
වෙසෙස් බූන්දි
ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි
[0]
බූන්දි| | 01:41:14
1
ක්‍රිෂාන්ති කුමාරස්වාමි යාපන ප්‍රදේශයේ ජීවත්වූ තරුනියකි.අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් සාමාර්ථ 7ක් සහිතව සමත් ව සිටි ඇය උසස් පෙල සදහා විද්‍යා විෂයන් හදාලාය.
1996 සැප්තැම්බර් 07 වන දින ඇය පාසල වෙත නික්මුනේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම සදහාය. පිලිතුරු ලියූ ඉක්බිති සිය පා පැදියෙන් මිතුරියක බැලීමට ඇය පිටත් වූවාය. අතරමගදී කයිතාඩි හමුදා මුරපොලේදී ඇයව රදවා ගනු ලැබින. පස්වරු 2ට ඇයව හමුදා භාරයට ගනු මග යන එන
කිහිප දෙනෙක් විසින් දක්නා ලදී.
එසේ දුටූවෝ ඇය හමුදා භාරයට පත්වූ පුවත ඇගේ මවට දන්වනු ලැබූහ. කයිතාඩි මහා විද්‍යාලයේ උප විදුහල්පතිනිය ලෙස සේවය කල 59 හැවිරිදි රාසම්මා කුමාරස්වාමිගේ සැමියා පිලිකා රෝගයට ගොදුරුව කලකට ඉහතදී මිය ගොස් තිබුනි.
සිය දහසය හැවිරිදි පුත්‍රයා වූ පරවනන් හා අසල්වාසියෙක් වූ 32 හැවිරිදි සිතම්පරම් සමග සිය දියනිය සෙවීම උදෙසා රාසම්මා කුමාරස්වාමි සිය නිවසින් හමුදා කදවුර වෙත පිටත් වූවාය. දවස අවසාන වීමට ප්‍රථම මේ සියල්ලෝ අතුරුදහන් වූහ. අතුරුදහන් වූවෝ යලි මතු වූයේ දින 45ට පසුවය. හමුදා පරිශ්‍රය අසල නොගැඹුරු මිනී වලකින් සිවුදෙනාගේ සිරුරු ගොඩගන්නා ලදී. පලල් කඹයකින් ගෙල සිරකරනු ලැබ රාසම්මා කුමාරස්වාමි මාතාව මරා දමා තිබුනි. සිතම්පරම්ගේ සිරුර එවැනිම කඹයකින් වෙලනු ලැබ හුස්ම හිර කොට ඝාතනය කොට තිබුනි. ක්‍රිෂාන්තිගේ හා ඇගේ දහසය හැවිරිදි සොයුරාගේ මල සිරුරු කෑලි කෑලි වලට කපා දමා තිබුනි.
පසුව සාක්ෂි වලින් හෙලි වූ පරිදි හමුදා භාරයේදී ක්‍රිෂාන්ති සොල්දාදුවන් සය දෙනෙකු අතින් සාහසික ලෙස දූෂනයට ලක්වී තිබුනි. රංචු ගැසී දූෂනය කිරීමක (gang rape ) ගොදුර බවට විභාගය අවසන් කොට ගෙදර එමින් සිටි මෙම තරුනිය පත්විය. සය වෙනි සෙබලා සිය අවස්ථාව අර ගැනීමට පෙර - ඒ වනවිටත් පස් වරක් දූෂනයට ලක්ව හෙම්බත්ව සිටි තරුනිය වතුර පොදක් බීමට ඉල්ලා තිබේ. "කරුනාකර විනාඩි පහක් මට පාඩුවේ ඉන්න අරින්නැයි" ඇය හය වෙනි සෙබලාගෙන් ඉල්ලූ බවද හෙලිදරවු විය.
ඇය මරා දැමුනේ ඉන් පසුවය.
2
තුන්වන ගැමුනු බලකායේ ලුතිනන් ඒ.විජේසූරියගේ අන මත අමරදාස රත්නායක නම් සොල්දාදුවාගේ වෙඩි පහර කාගෙන කතරගම නගර මධ්‍යයේ ප්‍රේමවතී මනම්පේරි බිම ඇද වැටුනේ ක්‍රිෂාන්තිගේ මරනය වීමට වසර 25 ට පෙර 1971 දීය. මිය යාමට පෙර දින අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රේමවතී රැය පුරා හමුදා නිලධාරින්ගේ අඩත්තේට්ටම් කිරීමට ලක්ව සිටියාය. නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ නිරුවත් කරනු ලැබූ තරුනිය තිරශ්චීන ලෙස වෙඩි තබා මරා දැමීමට ලක්වූවාය. පසුකාලීන නඩු විභාගයකදී මිනීමැරීමට තැත් කිරීම යටතේ ඒ.විජේසූරිය හා අමරදාස රත්නායක චෝදනා ලැබූ අතර චෝදනාවට වරදකරු කරනු ලැබ සිරදඩුවම් නියම විය. කෙසේ වෙතත් කතරගම ප්‍රදේශයේ "ත්‍රස්තවාදී" ක්‍රියා මැඩපැවැත්වීමට කල "සේවය" සලකා පසුව ඒ.විජේසූරියගේ දඩුවම ලිහිල් කරන ලදී.
3
ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි යනු සංකේත දෙකකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහසිකත්වයේ හා හිංසනයේ සංකේත දෙකකි.
රාජ්‍යය වූ කලී සංවිධානය වූ හිංසනයයි.සමාජයට "සේවා" සපයන අහිංසක ආයතනයක් ලෙස වෙස් ගන්වා තිබුනද රාජ්‍යයේ අභ්‍යන්තර සාරය බලහත්කාරයයි. හිංසනයයි.එය සෑම විටම එක්තරා සමාජ කන්ඩායමක, ස්ථරයක උවමනාවන් ආරක්ෂා කරයි. මතුපිට සැරසිලි ඉරා දැමූ විට අභ්‍යන්තරයේ පෙනෙන නිරුවත් ඇත්ත එයයි.
රාජ්‍යයේ අභ්‍යන්තර සාහසිකත්වය එලියට පනින්නේ රාජ්‍යයේ පදනම සැබැවින්ම අභියෝගයට ලක්වු කලය. රාජ්‍යය විසින් ආරක්ෂා කරන ප්‍රභූවේ පැවැත්ම සමාජයේ විවිධ කොටස් අතින් ප්‍රශ්න කෙරෙන කල රාජ්‍යය සිය වර්නවත් සලු පිලි ඉවතලා එහි උපන් ඇදුමින් පෙනී සිටී.
ලංකාවේ සිංහල කේන්ද්‍රීය ධනපති රාජ්‍යය අවස්ථා තුනකදී මෙරට බැහැර කරන ලද ජනකොටස් අතින් ප්‍රශ්න කිරීමට ලක්විය. 71,88 හා ඊලාම් කැරැල්ල එම අවස්ථා තුනයි. අවස්ථා තුනේදීම සිය ව්‍යාජ "ප්‍රජාතන්ත්‍රවාදී" සලු පිලි උනා දැමූ රාජ්‍යය තමන්ව ප්‍රශ්න කිරීමට තරම් දිරිමත් වූවෝ බුල්ඩෝසර් කර දැමිමට සිය අවයව වලට විධාන දුන්නේය. හමුදාව නම් වූ රාජ්‍යයේ ප්‍රධාන අවයවය එම විධානය සියතට ගත්හ.
සිහලුන් වේවා දෙමලුන් වේවා - සාමාන්‍ය මිනිසා මෙම රාජ්‍ය අවයවයන් හට හුදෙක් ද්‍රව්‍යයයන් පමනි. මනම්පේරි ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර කොට මරා දැමුනේ ඈ තුල මිනිස් සාරයක් ඔවුහු නොදුටු නිසාය. කුමාරස්වාමි මෙන්ම ඇගේ කුඩා සොහොයුරාද කෑලි කෑලි වලට කපා ගෝනි තුල වලලනු ලැබූයේ කුමාරස්වාමිලා ගනන් නොගත යුතු මිනිස් "කෑලි" වූ නිසාය.
මනම්පේරි හා කුමාරස්වාමි උතුරේදි මෙන්ම දකුනේදී අසාධාරනයට අතවරයට හා පෑගීමට ලක්වූ නම් දත් නොදත් දස දහස් සංඛ්‍යාත තරුන තරුනියන් අතුරින් සංකේත දෙකකි.ඔවුන් ඝාතනය කල "නියෝජිතයන්" දඩුවම් ලැබුවද නියෝජිතයන් හට විධානය පැවරූ රාජ්‍යය - එය අද උතුරද දකුනද යටකරගෙන ආඩම්බරයෙන් සිනාසෙමින් සිටී.
පශ්චාත් යටත්විජිත ලාංකීය ඉතිහාසය නැවත ලිවිය යුතුය. එය ලිවිය යුත්තේ මනම්පේරිලා හා කුමාරස්වාමිලාගේ රුධිරයෙනි. ඔවුන් හෙලූ කදුලෙනි. මෑත ඉතිහාසය යනු ඔවුනගේ ලේ කදුලු වල ඉතිහාසය මිස බන්ඩාරනායකලාගේ රාජපක්ෂලාගේ හෝ ප්‍රේමදාසලාගේ "දැහැමිකම" පිලිබද ඉතිහාසය නොවේ.
උපුටනය-
රාමචන්ද්‍රගේ අඩවියෙන්
Raamachandra | රාමචන්ද්‍ර
[SEO Tags] Krishanti Kumaraswamy, Krishanthi Kumaraswamy, Premawathi Manamperi, Kataragama beauty queen, Katharagama Rupa Rajiniya
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ගෞතම බුද්ධ දේශනා කරයි.|
Personal Quotes
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස කරන්න.
[3]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus