BOONDI.LK| රත්තරං ටික| පිටස්තරයා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
  තවත් රත්තරං ටික
අර්බාත් දරුවෝ | අනතොලී රිබාකොව්
ප්‍රතිචාර[0]
හාවෙක් ද තාත්තේ?- නෑ, තණකොළ පඳුරක්! | ජයසේන ජයකොඩි
ප්‍රතිචාර[1]
අම්මා | මක්සීම් ගෝර්කි
ප්‍රතිචාර[2]
ඇයි එහෙනං හෙන වැදුණේ? | චිනුවා අචිබේ
ප්‍රතිචාර[1]
සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා. | පාවුලෝ කොයියෝ
ප්‍රතිචාර[1]
"මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ..." | ධම්මික ගංගානාත් දිසානායක
ප්‍රතිචාර[2]
ඔය දුක කියන දේ වැඩි දෙනෙකුට දරා ගන්ඩ බෑ... මං වින්දට.... | ඊවා රණවීර
ප්‍රතිචාර[0]
කසාදයක්....! ඒ කියන්නෙ අම්මා මනමාලියක් වෙනව ද? | ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
ප්‍රතිචාර[1]
වෙඩි වැදුණු බග-සඳ | රත්න ශ්‍රී විජේසිංහ
ප්‍රතිචාර[1]
ඉතින් පන්චු, මේ සේරම දේවල් අර ගෙන ආවේ ඇයි? | රවීන්ද්‍රනාත් තාගෝර්
ප්‍රතිචාර[2]
BOONDI • Sookiri •
  රත්තරං ටික  
පිටස්තරයා
ප්‍රතිචාර[0]
බූන්දි| | 22:53:37
'උදේ වරුවම මරි උන්නේ මා එක්ක- මරිට මං කිව්ව අපි මොනව හරි දවල්ට කන්ඩ දෙයක් හදමුද කියල- මස් ගේන්ඩ මට පහළට බහින්න සිද්ධ උණා- ආපහු එන කොට රෙමෝගෙ කාමරේ ඇතුළෙ ගෑණු කටහඩක් මට ඇහුණ- ඒ එක්කම ඇහුණෙ සලමානුගෙ බල්ල ගොරවන සද්දෙ- ආයෙත් සපත්තු සද්ද වගයක් සතෙකුගෙ නියපොතු සද්ද පඩිපෙළ මත- ඒ එක්කම ඇහුණ- පාදඩය කියල බල්ලට බනිනව- ඔවුන් බැහැල පාරට යන්ඩ පටන් ගත්ත- මහල්ලගේ වතගොත මං මරිට කිව්ව- මරි හිනා උණා- මරි හිටියෙ මගෙ පිජාමාව අත් නමල ඇඳගෙන- මට මරිට ආදරේ හිතුණ.'
'මර්සො මට ආදරේද?'
'මට තේරෙන විදියට ඒ කතාවෙ කිසිම තේරුමක් නෑ'
ඇගේ මූණ එකපාරටම මළානික උණා. කෑම හදද්දී ඈ කොච්චරවත් හිනා උණා- හිනා වෙන්ඩ හේතුවක් මට පෙණුනෙ නැහැ- මම ඈව සිප වැළඳ ගත්ත. මරි කෑම කන කොටත් කොච්චරවත් හිනා උණා- හිනා උණ විදියට මට ආයෙත් ඉඹින්න ආස හිතුනා- මම ආයෙත් ඈ අල්ලල ඉම්බ- එතකොටම රෙමෝගේ කාමරේ ඇතුළෙන් සද්දයක් ආව- ඉස්සෙල්ලම ගෑණියෙක් යටිගිරියෙන් කෑ ගැහුව.
'තෝ මාව රැවැට්ටුවා තෝ මාව රැවැට්ටුවා මං තොට උගන්නන්නං මාව රවට්ටන්ඩ'

-ඇල්ඛෙයා කැමූගේ පිටස්තරයා නවකතාවෙන් - පරිවර්තනය සෝමරත්න බාලසූරිය

Albert Camus | ඇල්ඛෙයා කැමූ
පරිවර්තනය - Somarathna Balasooriya | සෝමරත්න බාලසූරිය
[SEO Tags] Stranger , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
අකිර කුරොසව කියයි.| Personal Quotes
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ මම හොඳ එකක් හදනවා"යි සිතූ බැවිනි.