BOONDI.LK| අදහස් බූන්දි| රුධිරයෙන් දිනූ දිනය සෙවලකමින් බාල්දු කිරීම නොහොත් ලංකාවේ මැයි දින ආතල්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
  තවත් අදහස්
තණකොල සහ පුන්නක්කු | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[3]
අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද? | කෞශල්‍ය කුමාරසිංහ
ප්‍රතිචාර[2]
ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය | අජිත් හැඩ්ලි පෙරේරා
ප්‍රතිචාර[2]
ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! | දමිත් කේතක
ප්‍රතිචාර[24]
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා! | කක්ෂපුට
ප්‍රතිචාර[5]
ලංකාවට එල්ල වී ඇති අන්තර්ජාතික අභියෝගය | ටෙරන්ස් පුරසිංහ
ප්‍රතිචාර[2]
රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴ | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[2]
දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි. | මීනා කන්දසාමි
ප්‍රතිචාර[1]
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු.... | චමීර කොස්වත්ත
ප්‍රතිචාර[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
රුධිරයෙන් දිනූ දිනය සෙවලකමින් බාල්දු කිරීම නොහොත් ලංකාවේ මැයි දින ආතල්
ප්‍රතිචාර[0]
බූන්දි| | 04:56:25
මනුෂ්‍යයෙක් ලෙස තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණයක් ගැනීමට කිසිදු අයිතියක් නැති වහලාගේ සිට තමන්ගේ ශ්‍රමයට මිලක් අත් කරගත හැකි කම්කරුවා දක්වා වූ විකාශනයේ ඉතිහාසය ආදරබර වූත්, මලින් සැරසුණු ලස්සන වූවක් නොව පීඩිතයාගේ ජීවිත කැප කරන ලද, ලෙයින් පිරුණු අරගලයක ඉතිහාසයකි. වැඩවසම් ක්‍රමයේ සිට ධනේශ්වර ක්‍රමය දක්වා පිවිසීමේදී නාමික පුද්ගල නිදහසක් ලැබුනා මිසෙක මිනිසෙකු ලෙස තනිව නැඟී සිටිය හැකි වත්කමක් පීඩිතයින් වෙනුවෙන් ලැබුණේ නැත. ජීවිතය ගැටගසා ගැනීම වෙනුවෙන් ශ්‍රමය හැරුණු කොට අන්යමකට හිමිකම් නොකියූ කම්කරුවන් තමන් සතු ශ්‍රමය විකිණීම සඳහා ගියේ සියළු ප්‍රාග්ධනයන්ට හිමිකම් කී ධනපතියන් දෙසටය.

ධනේශ්වර ක්‍රමයේ මුල්භාගයේදී කම්කරුවා හට සිදුවූයේ ධනපතියාගේ අමානුෂික වූ ශ්‍රම සූරාකෑමේ ගොදුරක් වන්නටය. එක්දාස් අටසිය ගණන් වල මුල් භාගයේදී කම්කරුවෙකුගේ සාමාන්‍ය වැඩමුරයක් දිනකට පැය 18 ක්, 20 ක් අතර විය.

කම්කරුවන්ට කේවල් කිරීම සඳහා ඇති එකම මාර්ගය වූ සාමූහිකත්වය ගොඩනැ‍‍ඟෙනුයේ මේ අතරතුරය. වැඩකළ යුතු පැය ගණන ක්‍රම ක්‍රමයෙන් අඩු වන්නේත්, තමන්ගේ ශ්‍රමය සූරාකමින් අධික ලෙස ලාභ ලබන ධනපතියන්ගෙන් තමන්ට හිමි වැටුපේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිකරගන්නේත් ලේ වැකි අරගලයන්ගේ ප්‍රතිඵල වශයෙන් විනා ඒවා බන්දේසිවල තබා ප්‍රදානය කිරීමෙන් නොවේ. අද පාර අතුගාන සහෝදරයාගේ සිට ටයි පටියකින් සැරසී බ්‍රීෆ් කේසයක් අතින් ගෙන මොබයිලයෙන් බොස්ගේ ඇමතුමකට පිළිතුරු දෙමින් කඩි මුඩියේ දුවන ‘නූතන’ කම්කරුවා දක්වා ඕනෑම කම්කරුවෙකු භුක්ති විඳින කිසියම් හෝ කම්කරු අයිතිවාසිකමක් වේ නම් ඒ සියල්ල පිටුපස සැඟව ඇත්තේ එකී අරගල බිම්වල ගැලූ දහදියයි, කඳුළයි. රුධිරයයි!

19 වන සියවසයේ මැදභාගයේ සිට මාක්ස් හා එංගල්ස් විසින් සැපයූ දේශපාලනික දෘෂ්ඨිවාදයෙන් සන්නද්ධ වන පීඩිත ජනතාවගේ ඉල්ලීම් වල තීරණාත්මක මොහොතක් වන්නේ දිනක වැඩ මුරය පැය 08 ක් දක්වා අඩු කිරීම වෙනුවෙන් කරන ලද අරගලයයි. කම්කරුවා ද සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස සලකමින් රැකියාව සඳහා පැය 08 කුත්, පුද්ගලික ජීවිතය හා විනෝදාස්වාදය සඳහා පැය 08 කුත්, නින්ද වෙනුවෙන් පැය 08 කුත් ලෙස සලකා මෙම ඉල්ලීම් සකස් විය.

පාලකයින් හා ධනපති පංතිය පීඩිත පන්තියේ ඉහත කී ඉල්ලීම් ලබාදීමට එකඟ වූයේ නැත. 19වන සියවසයේ මුල සිටම ලොව පුරා ව්‍යාප්ත පීඩිත ජන අරගලයක් ලෙස පැය 08හි වැඩමුරය ඉල්ලීම පිළිබඳව වූ අරගලය ක්‍රියාත්මක විණි. ඒ අතර ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ 1886 මැයි මස හේමාකර්ට්(Haymarket)හි පැවති විරෝධතාවයයි. එහිදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් මෙන්ම, එය මෙහෙයවනු ලැබූ කම්කරු නායකයින් මරණීය දණ්ඩනයට නියම කිරීම යන කාරණා මැයි මස 01 වැනි දින ලෝක කම්කරු දිනය බවට පත්වීමට හේතුවන්නට ඇත. කෙසේ වුවද 1890 දී සමස්ත ලෝකයේම සිටින කම්කරුවන් පැය 08හි වැඩමුරය වෙනුවෙන් උද්ඝෝෂණය කළ යුතුය යන ජාත්‍යන්තර කම්කරු සංවිධාන එකඟත්වය මැයි 01 වැනි දින කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් අරගල යුතු බවට ශපථ කළ දිනය විය.

ජාත්‍යන්තරව බද්ධ වූ කම්කරු ව්‍යාපාරයන් මේ අවුරුද්දේ ද සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූහ. තමන්ගේ අයිතිවාසිකම්, තව දුරටත් සිදුකෙරෙන ශ්‍රම සූරාකෑම් පිළිබඳව භෞතිකවාදීව අවබෝධ කරගත් ජාත්‍යන්තර වැඩකරන ජනහඬින් මේ මැයි 01 වැනි දිනය ලොව පුරා ගිගුම් දුන්නේය.

ග්‍රීසියේ ආර්ථික කඩාවැටීමට පිළියම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්මේ අවසාන බර පැටවෙන්නේ වැඩකරන ජනතාවගේ කරමතට වූයෙන් ඊට එරෙහිව ග්‍රීසිය පුරා උද්ඝෝෂන දියත් විය. ඒ වෙනුවෙන් එකතු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කුපිත වූ ජනයා ගල්මුල් ගසා එලවා ඇත.

1977 මැයි 01 වැනි දා තුර්කියේ තක්සිම් චතුරස්‍රයේදී සිදූවූ වාමාංශිකයින් සමූල ඝාතනයට විරෝධය පා එම ස්ථානයේදීම එකී ඝාතනයට ලක්වූවන් සැමරීමට තුර්කි වැසියන් විශාල ප්‍රමාණයක් එක්වූහ.

සංක්‍රමණික ජාතිකයින්ගේ අයිතීන්ට එරෙහිව යමින් ප්‍රාන්ත රජයන් විසින් පනවා ඇති අමානුෂික නීතිරීතීන්ට එරෙහිව යමින් මුළු ඇමරිකාව පුරාවට උද්ඝෝෂණයන් පැවතුණි. ෆිලඩෙල්ෆියා හා සැන්‍ෆ්‍රැන්සිස්කෝ යන ප්‍ර‍දේශයන්හි තත්ත්වය වඩාත් තීව්‍ර විය.

තායිලන්තයේ රතුකමිසකරුවන්ගේ නොනවතින අරගලයේ සුවිශේෂිත්වයක් පෙන්නුම් කරමින් ඔවුන් රැඳී සිටින කඳවුරු භූමියෙන් සැලසුම් සහගතව පිටමංව වෙනත් ප්‍රදේශ වලදී තමන්ගේ විරෝධතාව ප්‍රකාශ කරමින් තවත් වරක් තමන්ගේ නොපසුබස්නා අධිෂ්ඨානයේ තරම රජයට පෙන්වා දුන්නේය.

ලොව පුරා වැඩකරන පන්තියේ ජනයා තම තමන්ගේ යටපත් කොට දැමුණු අයිතිවාසිකම් පිළිබඳව හඬනඟන විට, සාමූහිකව බලමුළු ගන්වමින් කේවල් කිරීම් කරන විට සියළු සැප සම්පත් වලින් සුඛිත මුදිත මානව සංවර්ධන දර්ශකයේ 102වන ස්ථානයේ සිටින ලංකාවේ වැඩකරන ජනයා මැයි දිනයේදී අමුතු ආතල් එකක් ගත්තේය.

රටේ වැඩකරන පන්තියේ ප්‍රධානතම මැයිරැළිය පැවැත්වූයේ ආණ්ඩු පක්ෂය විසිනි. තමන්ගේ නායකයා තමන් සිතූ පැතූ සම්පත් ලබාදෙන බැවින් ආණ්ඩු පක්ෂයේ වැඩකරන ජනයා වැඩි ඉල්ලිම් ලබාගන්නට ගියේ නැත. රුපියල් කෝටි 40කට ආසන්න වංචා චෝදනාවකට ලක්වූ නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධනගේ සිට පද්මසිරි ත්‍රීමාවිතාරණ වෛද්‍ය ශිෂ්‍යනායකයාට පරාළ ඇණ ගැසුවා යැයි චෝදනාලත් ඇමති සුසන්ත පුංචිනිලමේ දක්වා සියළු කම්බ හොරුන් පෙරටු කරගෙන, ඔවුන්ට හුරේ දමමින් සිය ජයග්‍රහණයන් සැමරීමට ලංකාවේ බහුතර ‘වැඩකරන ජනයා’ එකතු විය.

ලංකාවේ ප්‍රධානතම මැයි දින රැළියේ ප්‍රධාන දේශකයා වූයේ ‍රටේ ජනාධිපතිවරයාය. කල්ඉකුත් වූ කම්කරු නායකයෙක් යැයි කියන අලෙවි මව්ලානා විසින් ඔහුව පිළිගන්නා ලදී. ජනාධිපතිවරයාට අනුව ලංකාවේ කම්කරු ප්‍රශ්ණ නැත. කම්කරු පන්තියේ සිට ඉහළ මධ්‍යම පන්තිය දක්වාත් පීඩිතයාගේ සිට ධනපතියා දක්වාත් සිදුකළ යුතු එකම දැවැන්ත කාර්යභාරය නම් ‘නිර්ධන පංති අරගලයේ නාමයෙන්’, රාජපක්ෂ ආණ්ඩුවට සහ‍යෝගය දැක්වීමය. සියළු රාජපක්ෂවරු ජනතාවගේ ප්‍රශ්ණ සමනය කිරීමට සැදී පැහැදි සිටිති.

අරක්කු බාගයේ සිට රුපියල් 500 දක්වා කම්කරු දිනයේදීත් ආදායම් ඉපැයූ ආණ්ඩු පක්ෂයේ වැඩකරන ජනයා පුරුදු ලෙසින් අව්වේ වේලී වේලී, කකුල් රිදෙමින් සුවපහසු වේදිකාවේ අසුන්වල සිටි සිය පාලකයින් දෙස අසීමිත භක්තියෙන් යුතුව බලා සිටියේය.

ප්‍රධාන විපක්ෂය(?) සිය පක්ෂයේ වැඩකරන පන්තියේ ජනයා සත්ගුණවත්, ධර්මානුකූල පිරිසක් කිරීම වෙනුවෙන් මෙවර මැයි දිනය වැයකළේය. එම පිරිසට රාජපක්ෂ ආණ්ඩුව හා ගණුදෙණු කිරීම පහසු කරලීම සඳහා ‘වෛරයෙන් වෛරය නොසන්‍සි‍ඳෙන’ බවත් ‘කම්මුලට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන ලෙසත්’ උගන්වන්නට ඇත. ඇරලා ගියත් පිහදගඤ්ඤං වර්ගයේ ප්‍රධාන විපක්ෂයක් තිබීම සමස්ත කම්කරු ව්‍යාපාරයේ මතු නොව ජාතියේම පිනකි! අනේ සාදු සාදු සා!

ලංකාවේ මැයි දිනයේ එළඹුම මතක් කරන්නට අකමැති තරම් අප්‍රිය සහගත වුවද යම් තරමක හෝ සාධනීය බවක් දක්වන්නේ ජවිපෙ විසින් සිදුකර ඇති සටන්පාඨ මාරුවයි. මෙතෙක් කලක් ලංකාවේ දකුණේ වැඩකරන ජනයාගේ සතුරා බවට පත්කළ ප්‍රභාකරන් භීතිකාව අවසන් වූ පසු ජවිපෙට සමස්ත ධනේශ්වර ක්‍රමයේ ඇති කඩාවැටීම පිළිබඳව කතාකිරීමට මතක්ව ඇත. ලංකාවේ ජාතිවාදය පැතිර යාමත්, සුළු ජාතීන්ට වන නොසැළකීම් මෙන්ම සමස්ත ක්‍රමයේ කඩාවැටීම සම්බන්ධව ජවිපෙ විසින් සිය පාක්ෂිකයින්ට කරුණු දැක්වීම කිසියම් හෝ බලාපොරොත්තුවක් ඇතිකරවන්නකි.

මැයි දිනයදා ජාතික රූපවාහිනියේදී කම්කරුවා කවුදැයි හඳුනාගැනීමට උත්සාහ කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක කම්කරුවාව මහින්දට හේත්තු කර පල්ලම් බැස්සේය. ඔහුට අනුව මේ වන විට කම්කරුවා පිළිබඳ සංකල්පය අපැහැදිලි තත්ත්වයක තිබෙන නිසා කම්කරු දිනය කම්කරුවන් ගේ ඉල්ලීම් වෙනුවෙන් නොව වෙනත් කාලීන දෙයක් වෙනුවෙන් යොදාගත යුතුය!!! අහෝ.... රාජා භවතු ධම්ම කෝ...!!!

ස්වර්ණවාහිනියට පැමිණි මහාචාර්ය කුසුමා කරුණාරත්නට අනුව කම්කරුවා යනු කාර්යයක් + කරන්නා නිසාවෙන් ජනාධිපතිවරයාගේ සිට මුට්ට කරගහන පුද්ගලයා දක්වා සියළු රාජ්‍ය හා පුද්ගලික රැකියාවන් වල නිරත පුද්ගලයින් කම්කරුවන් වේ!!! අහෝ.... කුසුමේන නේන... ලබාමි මොක්කං!!!

නූතනයේ දී වෙනස් ස්වරූපයක කම්කරුවන් පිරිසක් භූමියේ වැඩකටයුතු වල නිරත‍ වේ. ඔවුන් සූරා කෑමට ලක් වීමේ මාදිලිය පූර්වයේ වූ මාදිලියට වඩා අවම වශයෙන් දෘෂ්‍යමාන සාධක මගින් හෝ වෙනස් ය. පූර්වයේ සූරාකන්නන්ගේ භූමිය කර්මාන්ත ශාලාව වූයේ නම් නූතන සූරාකෑමේ භූමිය සයිබර් අවකාශය ද? රජු සිහි වුන කල කලිසම් තෙමෙන බබාලාගේ ප්‍රයෝජනය පිණිස නොව හැදෑරීම පිණිස උනන්දු පිරිස් වෙනුවෙන් මේ පිළිබඳ කිසියම් සංවාදයක් ගොඩ නැගිය යුතුයැයි මේ ලේඛකයා සිතයි. අරගලය යනු කාවුන්ට භෝජන පිණිස ග්‍රන්ථාරූඩ කෙරුණු දෙයක් නොව කාලීන තත්ත්වයන් හමුවේ යාවත්කාලීන විය යුතු ප්‍රායෝගික ක්‍රියාවලියක් බව නොදන්නා මාක්ස්ටත් වඩා මාක්ස්වාදී වෙන්නට හදන කුණු මාකස් අංකල්ලාගෙන් කම්කරුවන් ගලවා ගැනීම ද යුගයේ හැටියට පිංකමක් බව කියමින් ලිපියට තිත තබමි.

Don Juwan Edirille | දොන් ජුවන් එදිරිල්ලේ
[SEO Tags] Haymarket, May day celebrations in Sri Lanka, Labor Day Rallies in Sri Lanka, SLPF, PA, UNP, JVP, Sri Lankan Left , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
සොෆී ෂෝල් කියයි.| Personal Quotes
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු අප තරම් නිර්භය නොවන්නෝ ය.

- සොෆී ෂෝල්. 1943 පෙබරවාරි 21 වන දා. හිට්ලර්ගේ කැලෑ උසාවිය ඉදිරියේ කළ ප්‍රකාශය.