BOONDI.LK| වෙසෙස් බූන්දි| කවියෙන් ජීවිතය සිත්තම් කළ යෙහෙළිය,ගැහැණිය!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
  තවත් වෙසෙස්
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක් | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[0]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන් | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්.. | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[0]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස් | පාවුලෝ කොයියෝ
ප්‍රතිචාර[0]
ත්‍යාගශීලි බව | මායා ඇන්ජලෝ
ප්‍රතිචාර[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස් | උදේෂිණි කුමාරි දයාරත්න
ප්‍රතිචාර[0]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa] | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[1]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද? | ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
ප්‍රතිචාර[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....! | සුරත්
ප්‍රතිචාර[0]
සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක් | සුභ
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  වෙසෙස් බූන්දි  
කවියෙන් ජීවිතය සිත්තම් කළ යෙහෙළිය,ගැහැණිය!
ප්‍රතිචාර[0]
බූන්දි| | 09:54:09
පුරුෂ මූලික සමාජයක සාමාන්‍යයෙන් අපේක්ෂා කළ යුතු පරිදිම, ලාංකේය කවියෙහි ලා ස්ත්‍රීන්ගේ මැදිහත්වීම සිදු වී ඇත්තේ අතැඟිලිවලින් ගැනිය හැකි තරමට අල්ප වශයෙනි. මොනිකා, අනාගතය වෙනුවෙන් ශේෂ කොට ගිය දෑ විමසීම වැදගත් වන්නේ එබඳු සන්දර්භයක් තුළය. මේ තවමත් මොනිකා සොයා නොගත් කෙනෙකු වේ නම් ඈ සොයා යනු පිණිස කරනු ලබන ඇවිස්සිල්ලකි.

1946 පෙබරවාරි 26 වැනිදා මාතර මාලිම්බඩ දී උපත ලැබ 2004 ජූලි 10 වැනිදා කොළඹ දී කලූරිය කලාය. පාසල් අධ්‍යාපනය ලැබුවේ මාතර සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ හා ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙනි. 1964 කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව කලා විෂයන්ගෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබුවාය. ග්‍රන්ථකරණයට ප්‍රවිෂ්ට වූයේ 1971 දී ''අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්'' නමැති කාව්‍ය සංග්‍රහය පළ කරමිනි. එතැන් පටන් පළ කළ කෘති මාලාව අතර තහනම් දේශයෙන්, අංගුලිමාලගේ සිහින, ඔබ යෙහෙළිය ඇය ගැහැණිය, විසි වසක ශේෂ පත්‍රය, අසන් පත්තිනි දේවතාවි, අලූත්ම සිහිනය, හිපොක්‍රටීස් සහ රෝගිණිය ආදී කවි පොත් ද වසන්තිට සහ වසන්තටය, කසාද කොන්දේසි, දූ කුමරී, සිරිපා කවි ආදී යොවුන් කවි පොත් ද අතුරු මිතුරු, කැළෑගමේ කවි, සිදාදියේ කවි, නැළැවිලි ගී, ආසිරි ලංකා, වන්දනා ලංකා, සුන්දර ලංකා ආදී ළමා කවි පොත් ද කුසුමලතාගේ දවසක්, අමරාට සැමියෙක් ආදී කෙටිකතා පොත් ද නව කවි විමසුම වැනි විචාර පොත් ද නවාතැන්පොළේදී වැනි රචනා සංග්‍රහයෙන්ද දක්නා ලැබේ. අසන් පත්තිනි දේවතාවි, හිපොක්‍රටීස් සහ රෝගිනිය යන කෘතිවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි විය. ගජමන් නෝනාගෙන් පසු සිංහල කාව්‍ය වංශයේ අමරණීය නාමයක් සටහන් කළ එකම කාන්තාව ලෙස විචාරකයන්ගේ සහ රසිකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වූවාය.

මොනිකාගේ කවි කිහිපයක්....

දියණියනි

තිඹිරිගෙයිදී උඹේ දිගටි ඇස් දුටු විගස
දියණියනි, උඹ නමින් ඇසේ කඳුලක් රැඳිණි
කලෙක උඹ සුළං වැද සසල දළුවක් විලස
වහා සැලෙනා හදැති ගැහැණියක් වන බැවිනි.

සොළොස්විය පිරුණු උඹෙ නීල නෙත රුසිරු දැක
එදා මගෙ වත පුරා සිනා රැල්ලක් ඇඳිණි
සොඳුරු බව සොයන දන කිත් කිරුළු පළඳවන
උඹ මහත් අසිරිමත් රුවැතියක වූ බැවිනි.

හදෙහි පෙමකින් ජනිත උඹෙ නෙතග අසිරි දැක
යළි මගේ ඇස කොනෙක කඳුලූ බිඳුවක් රැඳිණි
කිරිල්ලය සේ තුටින් ලොව සරන මුත් මෙ නුඹ
මුවැත්තිය සේ සසල පෙම්වතිය වූ බැවිනි.

මනාලිය දිනෙහි උඹෙ නෙත් පහන් කැළුම් දැක
දියණියනි යළි ම නෙත සිනහ රැල්ලක් රැඳිණි
දූ පුතුන් ලබන්නට වාසනා වරම් ලද
ලෝ සතන් පුද ලබන පතිනියක වූ බැවිනි.

මා සිනාසුණ වගද උඹ නිසා හැඩු වගද
එදා අද වනතුරා උඹ නොදන්නිය දියණි
උඹෙ තුරුලෙ දුවක දැක යළි කඳුළු රැඳිණි නෙත
අද උඹද මගෙ උරුම ලද මවක වූ බැවිනි.


ලෙච්චමීගේ සිතුවිල්ලක්

සීතල මීදුම අතරින් පියවර මනිමින් එනවා
වතු යායේ කඳු මුදුනේ දළු නෙළමින් ඇවිදිනවා
කඳු රවුමේ යන ගමනේ වතු මායිම හමුවෙනවා
මායිම ලඟ තේ පඳුරෙදි දෑත දෙපය නවතිනවා

දළු සුළඟට සැලෙනා විට මගෙ ඇසිපිය සෙලවෙනවා
පිනි බිඳු බිම වැටෙනා විට නෙත කඳුළැලි වැගිරෙනවා
වටා වැඩුණු තණ පඳුරට මහ පොළවට අමතනවා
එදා පඳුර යට සැඟවූ පුතු කොහිදැයි විමසනවා

පඳුර යටින් හිස ඔසවා හෙමිට නැගිටපන් පුතේ
විසිවසරක මිනිසකු වී මා පසුපස වරෙන් පුතේ
අඩි පාරෙන් වට රවුමෙන් කඳු මුදුනට වරෙන් පුතේ
බංගලාවෙ දොරටුව දැක එතනදි නැවතියන් පුතේ

බංගලාවේ දොරටු සතෙන් ලැයිමේ කාමර සියයට
කඳුයායෙන් වතු යායට හෙල් වැටියෙන් තැනි පොළවට
ගංගාවෙන් මහ මුහුදට ඉන් එපිටට අසෙන ලෙසට
කියන් පුතේ පැමිණිල්ලක් එදා නුඹට වූ වරදට

මොනිකා රුවන්පතිරණ (1946-2004)
උපුටනය : නූතන පද්‍ය කාව්‍ය සංහිතා - සුනිල් ආරියරත්න
[SEO Tags] Monika Ruwanpathirana , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
Che says...| Book Quotes
My only one in the world,
I take you with me in my heart
And we will continue together until the road vanishes…

- From Che to Aleida

[Remembering Che: My life with Che Guevara by Aleida March]