BOONDI.LK| වෙසෙස් බූන්දි| දැන් බැරි නම් කවදාවත්ම බෑ!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව | රෝමා ටියාර්න
ප්‍රතිචාර[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
ප්‍රතිචාර[1]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි! | තිළිනා වීරසිංහ
ප්‍රතිචාර[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
ප්‍රතිචාර[3]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට | සංඛ කිරිඳිවැල
ප්‍රතිචාර[2]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා.... | නාලක ගුණවර්ධන
ප්‍රතිචාර[2]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා! | සුරත්
ප්‍රතිචාර[4]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
ප්‍රතිචාර[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ් | නද්යා භාෂිණී අමරනායක
ප්‍රතිචාර[3]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට..... | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[1]
BOONDI • Currents •
  වෙසෙස් බූන්දි  
දැන් බැරි නම් කවදාවත්ම බෑ!
ප්‍රතිචාර[0]
බූන්දි| | 02:29:52
එස් සිවනායගම් කතුවැකි | 1982 අප්‍රේල් 10
වසර දෙක හමාරකට ඉහත දී දේශපාලකයෙකු නොවන අයෙක් ප්‍රසිද්ධියේ මෙසේ ප්‍රකාශ කළේය. ''සිංහල සහ දෙමළ ජාතිකවාද මුල් බැසගෙන ඇති බව පිළිගන්නට අපට සිදු වී තිබේ. මේ ජාතීන් දෙක මතු යම් දවසක එක් වීම අසීරුය....'' තවදුරටත් හේ මෙසේ පැවැසීය.

''වර්තමානයේ ජනාධිපතිවරයා වෙර දරන ආකාරයේ විසඳුම් ඉදිරියෙදීත් ඇති වන්නට පුළුවන. එහෙත් ඒවා සාර්ථක වනු ඇත්තේ කොන්දේසි තුනක් සපුරන්නේ නම් පමණි.

පළමුව, ස්වෛරී ඊළම් රාජ්‍යයක් පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම වෙනුවට හුවමාරු කර ගත හැකි ප්‍රත්‍යක‍ෂ හා හරවත් යමක් දමිළ දේශපාලන නායකත්වය විසින් ලබා ගත යුතුය.

දෙවනුව, ඒ විසඳුම දමිළ දේශපාලන නායකත්වය වෙත ඊළම් වරම ප්‍රදානය කළ දමිළ ජනතාවට පිළිගත හැකි බව ඔප්පු විය යුතුය. එය සතුටුදායක නොවෙතොත් වර්තමාන පාර්ලිමේන්තු නායකත්වය චණ්ඩ මාරුතයකින් පිස ලා කාරිය ඉටු කිරීමට සැදිපැහැදුනු දැඩි නාකයත්වයක් ඒ තැනට පත් කැරෙනු ඇත. මෙයින් සිදුවීමට ඉඩ ඇත්තේ සිංහල පලාත් හතේ දමිළයන් අත්හැර දමනු ලැබීමයි.

තන්වනුව, දමිළ බහුතරය විසින් මේ පිළිගනු ලැබුවහොත් සිංහල දේශපාලන නායකත්වය අර්ථවත් ආකාරයකින් එම වැඩපිළිවෙල ක්‍රියාවේ යෙදවීමේ අභිලාශය හා අධිෂ්ඨානය පළ කළ යුතුයි.''

මේ විග්‍රහය මගින් ඉහළ මට්ටමක සංවේදී බවක් හා ප්‍රත්‍යක‍ෂ ඥාණයක් මතු නොව, සිංහල - දෙමළ සංසිද්ධිය පිළිබඳ අචල ආකල්පයක හැටිසොබාව ද පිළිබිඹු කැරෙයි. ජනාධිපති ජයවර්ධන හා දමිළ එක්සත් විමුක්ති පෙරමුණු නායකත්වය අතර සඳුදා ඇති වූ සාකච්ඡා වටයත් සමඟම, මේ විග්‍රහය පරීක‍ෂාවට භාජනය කිරීමට කල් එළැඹ ඇති සෙයක් දිස් වෙයි.

පළමුව, සඳුදා කථාබහ තුළින් එළිබට දෑ ''ප්‍රත්‍යක‍ෂ හා හරවත්'' සේ හැඳින්විය හැකිද?

දෙවනුව, ඒ විසඳුම දෙමළ ජනතාව විසින් පිළිගනු ලැබේද?

තුන්වනුව, අර්ථවත් ආකාරයකින් ඒ වැඩපිළිවෙල ක්‍රියාවේ යෙදවීමේ අභිලාශය හා අධිෂ්ඨානය සිංහල දේශපාලන නායකත්වය සතුවේද?

මේ ප්‍රශ්න තුනට පිළිතුරු දිය යුත්තේ ආණ්ඩුව නොවේ. දමිළ එක්සත් පෙරමුුණු නායකත්වයයි. ඒ, එම පක‍ෂයේ විශ්වසනීයභාවය හා චිරස්ථීතිය ඒ කෙරේ රඳා පවත්නා හෙයින් නොවේ. අප විසින් උපුටා දක්වනු ලැබූ දේශපාලනය විචාරකයාගේ අනතුරු ඇඟවීම සැබෑ වෙතොත් - පලාත් හතක දමිළ ජනතාවගේ ජීවිත හා දේපොලවලට හානි පැමිණිය හැකි නිසාමත් නොවේ. වැඩෙන දෙමළ පරම්පරාවේ අනාගතය අනතුරේ නිසාද නොවේ.

ඡන්දදායකයන්ගේ විශ්වාස දැන් තමන් කෙරේ දිනා ගැනීමේ සදාචාරාත්මක වගකීමක් නායකයන් හට ඇති හෙයිනි. පක‍ෂ ධූරාවලියේ ඉහළ සිටින්නන් හා ඔවුන්ට වරමක් ලබා දුන්නන් අතර සන්නිවේදන පරතරය එන්න එන්නම වැඩි වෙමින් පවති. මේ දෙකොණ යා කළ යුතුය. දැන් එය නොකළොත් කවදාවත් කරනු නොහැකිය.

අප විසින් උපුටා දක්වන ලද දේශපාලන විචාරකයා පොතින් උපන් විද්වතෙකු නොවේ. ඔහු ජනාධිපති ජයවර්ධනගේ මෙන්ම දෙමළ එක්සත් පෙරමුණු නායකත්වයේත් විශ්වාසය දිනා ගත් දේශපාලන ''අතරමැදියෙකු'' වන ආචාර්ය ඒ. ජෙයරත්නම් විල්සන්ගේය. යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඔහු මේ අදහස් පළ කළ 1979 ඔක්තෝබරයේදී වුවත් අද එය වඩාත් තියුණු වූ වැදගත් කමක් උසුළන බව අපේ හැඟීමයි.

සුබ්‍රමනියම් සිවනායගම් විසින් රචිත මේි කතුවැකි මුල් වරට පල වුයේ ඉංග්‍රීසියෙන් යාපනයේ සතිපතා මුද්‍රිත සැටඩේ රිවිව් (Saturday Review) පුවත්පතේය. ඒ ජේ.ආර්.ජයවර්ධන කාලයේ මර්දනය විසින් 1983දී එම පුවත්පත තහනම් කරන ලදුව කතුවරයා දේශපාලන සරණාගතයකු ලෙස ඉන්දියාවට පළා යාමට පෙරාතුවය. ඡේ.ආර් පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාව අත්විඳි පීඩාවත් එයින් උපන් දෙමළ විමුක්ති කාමයේ දේශපාලන දිශානතියත් දකුණ දිසාවේ මාධ්‍යවේදීන් වූ අපට පහදා දුන්නේ එම පුවත්පතයි. තහනමින් පසුව එස්.සිවනායගම් ලංකාව හැර ගියත් දමිළ ජාතික ගැටලුව නන් අයුරින් ලෝකයා හමුවේ විදහා දැක්වීමට ඔහු ටැමිල් නේෂන්, ටැමින් ටයිම්ස්, ටැමිල් වොයිස් ඉන්ටර් නැෂනල් හා හොට් ස්ප්‍රිං යන සඟරා මදුරාසියෙන්ද, ලන්ඩනයෙන්ද එළි දැක්වුයේ දහසක් ගැහැට මැදය.

ජාතික ආරක්ෂක පණත යටතේ වසරක කාලයක් ඉන්දියාවේ සිරබත් කෑම එයින් එකක් පමණි. දේශපාලන සරණාගතයකු ලෙස මහාද්වීප කීපයකම වසරින් වසර දිවි ගෙවන්නට සිදුවූ මේ කතු විරුවාට දේශපාලන රැකවරණ ලැබුණේ නිජබිමින් පිටුවහල් වී දශකයකටත් වැඩි කාලයකට පසුවය. සැටඩේ රිවිව් කතු කම දරන්නට යාපනයට යන්නට කලින් සිවනායගම් කොළඹින් පළ කළ සිලෝන් ඩේලි නිව්ස් හා සිලෝන් ඩේලි මිරර් යන ඉංග්‍රීසි පුවත්පත් දෙකේම කර්තෘ මාණ්ඩලිකයකු විය. දැන් ප්‍රංශයේ ජීවත්වන එස් සිවනායගම් සියවස් කාලකට ඉහතදී ලියු මේ කතුවැකි වල එන දෙමළාට දෙමළ වීම නිසාම මුහුණ පාන්නට වී ඇති ගැටලු අදවත් විසැඳි ඇති දැයි කියවාම බලන්න.

සිංහලට නැගුවේ- යමුනා බණ්ඩාර
Subramaniyam Sivanayagam | එස් සිවනායගම්
පරිවර්තනය - Yamuna Bandara | යමුනා බණ්ඩාර
[SEO Tags] Yamuna Bandara, Subramaniyam Sivanayagam, The Pen and The Gun, Editor of Saturday Review , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මරා කියයි.| Theatre Quotes
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]