BOONDI.LK| Cine බූන්දි| Chemmeen - ඉස්සෝ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් Cine
කුස-පබා නැරඹුවෙමි. | රංජිත් පෙරේරා
ප්‍රතිචාර[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය | ඩේවිඩ් වෝල්ෂ්
ප්‍රතිචාර[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග | නද්යා භාෂිණී අමරනායක
ප්‍රතිචාර[2]
ඇනා කැරනිනා යළි එන වගයි. | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි | ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
ප්‍රතිචාර[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය | අජිත් ගලප්පත්ති
ප්‍රතිචාර[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...? | හර්ෂ අරවින්ද
ප්‍රතිචාර[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’ | ලියනගේ අමරකීර්ති
ප්‍රතිචාර[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ‍. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි. | අජිත් ගලප්පත්ති
ප්‍රතිචාර[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද? | සිරිල් බී. පෙරේරා
ප්‍රතිචාර[1]
BOONDI • Raha •
  Cine බූන්දි  
Chemmeen - ඉස්සෝ
ප්‍රතිචාර[0]
බූන්දි| | 04:16:10
මලයාලම් බසින් චෙම්මීන් යනු ඉස්සෝ ය. මේ සඳහා පසුබිම් වී ඇත්තේ, කේරළයේ දිළිඳු කමින් මඩනා ලද ධීවර ජනතාවගේ මුහුදු ජීවිතයයි. සිත වසඟ කරවන ආකාරයේ, භක්තිය හා ආත්මපරිත්‍යාගය වටාත්, පැන වුනු තහංචි සහ ඒවායෙහි ඵල විපාකත් අඩු වැඩි වශයෙන් මේ තුළ දක්නට හැකිය. මූදුකරයේ යුවතියක වන කරුතම්මා මුස්ලිම් තරුණයෙකු වන පරීකුට්ටි හා ආලයෙන් බැඳේ. එහෙත් කුලයෙන් පරිබාහිර කෙනෙකු හා විවාහ වීම කිසිසේත්ම ඉටු නොවනා බැව් දන්නා කරුතම්මා ඔහු අත හරින්නී ය. එහෙත් ඔරුවක් හා දැලක් ලබා ගැනීමේ අරමුණින් ඇගෙ පියා වන චෙම්බන්කුංජු ඔවුන්ගේ පිවිතුරු ආලය වාසියට හරවා ගනියි. ඔරුව හා දැල ලබා ගන්නා චෙම්බන්කුංජු මාළු විකුණා උපයන මුදලින් ණය පියවා දමන බවට පොරොන්දු වන මුත් සියළු පොරොන්දු සහ බැඳිම් සුණු විසුණු කරමින් පලනි නම් ධීවර තරුණයෙකුට කරුතම්මා සරණපාවා දෙනු ලබයි.

කාලය ගෙවී ගියද පරීකුට්ටි සහ කරුතම්මා අතර වූ අතීතයට එක් කළ නොහැකි අප්‍ප්‍රමාණ ආදරය තවදුරටත් ඔවුනොවුන්ගෙන් සඟවා තබා ගත නොහැකි වේ. එවන් එක්තරා දිනෙක මැදියම් රාත්‍රියෙක වෙරළේදී සදාකාලික එක්වීමක් අපේක්ෂා කරමින්, ඔවුහු එකිනෙකා වෙනුවෙන් යළිත් වරක් මුණගැසේ. පලනි ගේ ඔරුව මුහුදු බත් වේ. පරීකුටිටි ගේත් කරුතම්මාගේත් නිසල සිරුරු සමඟ පලනි විසින් අල්ලා ගත් මාළු වෙරළ මත වැතිර අයුරු දක්වමින් චිත්‍රපටය අවසන් වේ.

1956 වසරේදි තකලී ශිවසංකර පිල්ලේ විසින් ලියූ චෙම්මීන් නම් නවකතාව පාදක කරගනිමින්, එම නමින්ම නිර්මාණය වූ සිනමා පටයකි මේ. ඔහුගේ මෙම නවකතාව සඳහා, ඉන්දියාවේ උසස්ම සාහිත්‍ත්‍ය සම්මානය වන ජනාධිපති සම්මානය හිමිවූයේය. ඉන්පසු, 1967 වසරේ රාමූ කාරියත්ගේ අධ්‍යක්ෂණයෙන්, මෙය චිත්‍රපටයක් ලෙස එළිදැක්වුණු අතර, එම වසරේ හොඳම චිත්‍රපටයට හිමි ස්වර්ණ මුද්‍රිකාව හිමිකර ගැනීමට ද එය සමත් විය.

ශ්‍රීධරන් නායර් චෙම්බන් කුංජු ලෙසත්, ශීලා කරුතම්මා ලෙසත්, මධු පරීකුට්ටි ලෙසත් රංගනයෙන් එක් වෙති.

මලයාලම් සිනමාවේ තාක්ෂණය භාවිතයන්ද කලාත්මක භාවයෙන්ද අග තැන්පත් සිනමා පටයකි, චෙම්මීන්. එසේම මලයාලම් බසින් තිරගත වූ ප්‍රථම වර්ණ චිත්‍රපටය වන අතර චිකාගෝ සම්මාන උළෙලේදී කුසලතා සම්මානයකට ද හිමිකම් කීමට එය සමත් වූයේය.

Prashansani Paranavithana | ප්‍රශංසනී පරණවිතාන
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.| Personal Quotes
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.