BOONDI.LK| වෙසෙස් බූන්දි| කාව්‍යකරණය, ජල සංකල්ප රූපය සහ ක්වොන්ටම් භෞතිකය- [පළමු කොටස]
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
  තවත් වෙසෙස්
කවිය ගැන අදහසක් | සුනන්ද කරුණාරත්න
ප්‍රතිචාර[2]
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක් | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[2]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන් | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්.. | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[5]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස් | පාවුලෝ කොයියෝ
ප්‍රතිචාර[0]
ත්‍යාගශීලි බව | මායා ඇන්ජලෝ
ප්‍රතිචාර[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස් | උදේෂිණි කුමාරි දයාරත්න
ප්‍රතිචාර[1]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa] | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[4]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද? | ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
ප්‍රතිචාර[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....! | සුරත්
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  වෙසෙස් බූන්දි  
කාව්‍යකරණය, ජල සංකල්ප රූපය සහ ක්වොන්ටම් භෞතිකය- [පළමු කොටස]
ප්‍රතිචාර[0]
බූන්දි| | 23:32:43
By Dis-Ease
[කතෘගේ සටහන- මෙම ලිපිය මවිසින් සාහිත්‍ය පුවත්පතකට ලියා පළ වූවකි. මම මෙය නැවත සංස්කරණය කොට ලියන්නට උත්සාහ කළේ වඩාත් පැහැදිලි සහ නිරවද්‍යතාවයකින් යුතුව වඩාත් පළල් පාඨක ප්‍රජාවකට ඉදිරිපත් කිරීමේ අරමුණෙනි. සියළු හිමිකම් කතෘ සතුය.]

භාෂාවේ සාමාන්‍ය භාවිතය තුළ සත්‍යය යනු නාම පදයක් ලෙසින් ගන්නා අතර එය එක්වර ග්‍රහණය කර ගත හැකි දෙයක් ලෙස හෝ අවම වශයෙන් එය පියවරෙන් පියවර හෝ ළඟා විය හැකි දෙයක් ලෙස අපි ගනිමු.
-ඩේවිඩ් බෝම්
[ද රියෝමෝඩ් - The Rheomode]


ජලය මා අමන්දානන්දයට පත් කරයි. සමහර විට මේ ආනන්දය මා ගර්භාෂය තුල ජලයේ කිමිදී එහි එතී ආරක්ෂාකාරීව සිටි අතීත ගැඹුරු මතකය දක්වා විහිදී යන්නේ හෝ වඩාත් ගැඹුරු ඇම්නියතික සාගර පතුලක සෛල පටලයකින් වැසුනු මතකයක් දක්වා ඇදී යන්නට ද හැකිය.‍ කෙසේ වුවත් මාගේ සැලකිය යුතු මට්ටමක යහපතක් සිදු වූ දේවල් සහ එබඳු අතීත මතකයන් සියල්ල ජලය හා බැඳී පවතී. සමහර විට එය බාලදක්ෂ කටයුත්තක් හෝ පාසැලේ තූර්ය වාදක කණ්ඩායම හා සබැඳි සිදුවීමක් හෝ මා ප්‍රථම වතාවට පැසිෆික් සාගරය වෙත ඇවිද ගිය මතකයක් ද විය හැකිය.

-මේ සියළු මතකයන් තුළ ඇති ඒකමතිකත්වය නම් වෙනස්වන සුළු බව සහ අනිත්‍යතාවය පිළිබඳ ජලය විසින් නිපද වූ සංකේතනය සහ නිසැකවම සංක්ෂිප්තව එමගින් උපදවන ලද සැබෑ නිදහස පිළිබඳ අදහසයි.

කාලය දුන්නොත් ජලයට ඕනෑම දෙයක් කඩා බිඳ දැමිය හැකිය. ජීවය එන්නේ ජලයෙනි- ජලය විසින් ජීවය ආරක්ෂා කරයි. කුඩා දිය ඇල්ලක් සිත නැවුම් කරන අතර කුඩා දිය ප්‍රවාහයක් එය විනාශ කරයි. මම මේ ලිපිය සකස් කරන්නට මූලාශ්‍රයන් සූදානම් කරද්දී මට වැටහුනා ඇයි මේ විසිවන සියවසේ අවසන් භාගයේ දී එනම් පශ්චාත් ව්‍යුහවාදයේ සහ ‍ක්වොන්ටම් භෞතිකයේ සිද්ධාන්ත මෙන්ම වියවුල් ගණිත න්‍යායන්ගේ නැගී ඒමත් මා විසින් එක්තැන් කොට එබඳු වාස්තවික ලෝකයේ කොටසක් හදාරන්නට පෙළඹුනේ කියලා. ජලයට සීමා මායිම් මකා දමන්නටත් ගොඩ නගන්නටත් හැකි බැවිනි.

සීමා මායිම් පිළිබඳ සංකල්පය එමෙන්ම නියතිවාදයත් මාගේ ගවේෂණයට තීරණාත්මක න්‍යායික එළඹුම් සපයයි. ඩේවිඩ් බෝම් ගේ ඉහත උධෘතය පළ කරන්නා සේම, සත්‍යය හෝ සත්‍යය යැයි සළකනු ලබන දෙය අපගේ සාමාන්‍ය භාෂිතය තුල නාම පදයක් වෙද්දී එය ඇත්ත වශයෙන්ම හෝ රූපකාත්මකව හෝ ග්‍රහණය කර ගත හැකි වීමය. මෙම දෙය කුමක් වුවද කිසියම් තේරුමක් ඇති සහ අපට එහි පිහිටුම සංලක්ෂ්‍යක් ලෙස හෝ අවකාශීය සීමා හෝ මායිම් පෙන්විය හැකි ගතිසොබා පළ කරයි. බොහෝ විට ඩේවිඩ් සඳහන් කළ ආකාරයට නාම පද භාවිතයෙන් එබඳු දෙයක් අපට වාර්තා කළ හැකිය. වඩාත් පුළුල් අර්ථයෙන් පැවසූවොත් එනම් අපට එම ආකෘතිය භාෂාවක් ලෙස හඳුන්වා දිය හැකිය. එම තතු වටහා ගැනීමකින් තොරව හෝ මා තුළ පවතින ව්‍යාකූලත්වය ට හඬක් නිර්මාණය කර ගැනීමේ ප්‍රායෝගික දැනුමක් නිර්මාණය කරගැනීමේ එළඹුමකින් තොරව, පෙර මා ඉවකින් මෙන් වටහා ගත් භාෂා‍ව හෝ නාමකරණය මා පෙළඹවූයේ බොහෝ විට හෙම්බත් වූ උප‍දේශකයකු විසින් හඳුන්වා දෙන වචන සෙල්ලමක් ලෙසය.

උදාහරණයක් ලෙස මා කුඩා අවදියේ දී කුතුහලයෙන් සොයා බලන්නට යොමු වූ දෙයකි ගංගාවලට හෝ ද්‍රෝණිවලට ඒවායේ සංඥානාම ව්‍යුත්පන්න වූයේ කෙසේද යන්න. ඒවාට නම් ලැබුණේ ඒවා විසින් නොවන බව ද එනමුත් ඒවා නිශ්චිත වශයෙන් නාමකරණය වන්නේ අතු බෙදෙන බීවර් ක්‍රීක් ගංගාවෙන් අවසන් වූයේ [හෝ පටන් ගත්] තැනකින් ද සැන්තියම් ගංගාව පටන් ගත්තේ වැනි ආකාරයේ මූල රූපයන් ඔස්සේ ය. මට වඩාත් අවුල් සහගත දෙය වූයේ කිසියම් ගංගාවක මුල හෝ එහි ප්‍රභවය හඳුනා ගෙන එය නිවැරදිව නම් කළේ කෙසේද යන්නය. අපට ගංගාවක මූලය සොයා යා හැකි වන්නේ එහි කුඩා අතු බෙදීම් නොසලකා හරිමින් කඳු මුදුන හමු වන තෙක්ම ගවේශණය කිරීමෙනි. එවිට ගංගාවේ මූලාරම්භක දිය සීරාව දැකගත හැකි වනු ඇත‍‍. මෙම දිය සීරාව ඇරඹෙන ලක්ෂ්‍යය අපට සැන්තියම් ගංගාවේ ප්‍රභවය ලෙස නම් කර ගත හැකිය.
නමුත් මේ තේරීමේ මට අනුව නම් අත්තනෝමතික බවක් ඇත. මම පාසැලේදී ජල චක්‍රය ඉගෙන ගත්තා. මේ ප්‍රභවය ඇත්තවශයෙන්ම නිර්මාණය වී ඇත්තේ බොහෝ විට කිසිදු නිරීක්ෂණයකින් තොරව අහසේ වළාකුලු මතින් පොළවට වැටි වැසි දහරා නිසාවෙන් සහ අගණිත තරම් සියුම් පහලට රූරා යන ජල දහරා ආශ්‍රයෙනි. එම ජල දහරා තවත් එවැනිම සිය ගමන් මග සොයා ගෙන භූ පතුල සැරි සරන කුඩා ජල උල්පත් හා සබැඳීමෙනි. මම මේ ගැන වැඩිමනත් කල්පනා කරද්දී ගංගාවේ උත්පත්ති ප්‍රභවය‍ට හෝ එහි අවසානයට පැහැදිලි ඉරණම් ලක්ෂ්‍යයන් සොයා ගැනීම උගහට බව සාක්ෂාත් වුනි. මම වඩාත් මෝරා යද්දී මට වැටහුනේ අත්තනෝමතික බව සහ අවශ්‍යතාවය යන්න මෙහි නාමකරණය බව යි. අපට දේවල් ගැන කතිකාවන් උපදවා ගන්නට එම දේවල් හඳුනා ගැනීමට නාමසංඥාවන් ඇවැසි වුවද එනමුත් එහි වූයේ හිස් බවක් පමණි, මට අනුව. අත්‍යවශ්‍යයෙන්ම, සංඥානාම හෝ අසත්‍ය ලෙස මූලාරම්භයන් හෝ අවසානයන් හඳුන්වන්නට සැන්තියම් නදිය කෙරෙහි නාමකරණයට උපකල්පනය කරන්නට වුව ද ඒවා ජලය අනුසාරයෙන් බීවර් ක්‍රීක් නදිය කෙරෙහිද ඒ ආකාරයෙන්ම සමපාත විය.

මේ සැක කිරීම් සහ දෘශ්‍යමය පරස්පරතා මගේ පාරිභාෂිත වාග් මාලාවට හඩ නගන්නට බාධා පැමිණ වුව ද මේවා ගැන මට මගේ සත්‍යොක්ෂණය 1988 දී උසස් පාසැලේ දී න්‍යෂ්ටික භෞතික විද්‍යාව හැදෑරීමට මගේ නැඹුරුවත් සමග පරමාණුක ආකෘති කෙරෙහි වශී වීමට මග පෑදීය. ඊට සමාන්තර කාලයේදීම මගේ කුතුහලය විහිදී යන්නට හේතු වූ සෛද්ධාන්තික භෞතික විද්‍යාව මෙන්ම "ෂ්‍රෝඩින්ගර්ගේ බළලා" [Schrödinger's cat] චිත්ත පර්යේෂණය සංකල්පය ද අතිශය ආකර්ශනීය මත වාදයන් විය. අවාසනාවකට මෙන් මෙවැනි දේ ගැන සිතන්නට ඇදී යාම කෙළවර වූයේ කිසිදු වැදගැම්මකට නැති මෙයාකාර ප්‍රශ්න ගොඩනැගීමෙනි. වෘක්ෂයක අග මුල කුමක් ද? අපි ගස යනුවෙන් හඳුන්වන්නේ අර පොළව මත අතු ඉති විහිදා මුල් කඳ පොළව බදා ඉන්නා දෙයට නම් අප විසින් නොසලකා හරින්නේ එය නිර්මාණය වූ පරමාණු සහ අණු ඒ අයට අනන්‍ය වූ නාමකරණයන්ගෙන් බැඳී ඇති සත්‍යතාවය යි. මට නම් හිතෙන්නේ භෞතික විද්‍යාවේ පාරභෞතික ගම්‍යාර්ථ හෝ සිද්ධාන්තය යථාව පිළිබඳ තියෙන දැනුම නිර්මාණය කර ගැන්මට සටන් වදින න්‍යෂ්ටික භෞතික විද්‍යාව වඩා චිත්තාකර්ෂණීය බැවින් මම නාවික හමුදාවේ න්‍යෂ්ටික ඉංජිනේරුවකු වීමේ ස්ථිර වෘත්තීය සිහිනය විනාශ කරගන්නා බවයි.

මේ සාකච්ඡා කළ ගැටළු සම්බන්ධයෙන් ස්ථිරව යමක් පැවසීමට මගේ වාග් කෝෂය ප්‍රමාණවත් නොවීම සහ පෙනෙන්ට තිබූ භාෂාවේ පරස්පරයන් විසින් මෙම විෂයයන් කෙරෙහි මා දැක්වූ ආකර්ෂණය ගිලිහී ගිය බව මට දැනෙයි. මම කොලීජියේ ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන්නට පටන් ගත් අවධියේ සාහිත්‍යකරණයන් ලෙස අප හඳුනා ගත් පශ්චාත් නූතනවාදීන්ගේ නිර්මාණ හේතුවෙන්, මගෙන් ගිලිහී ගිය වචන ක්‍රීඩා නැවතත් මා සොයා සජීවි ලෙස පැමිණියේ මගේ පරිකල්පනයේ නැවත උපන් අනුකම්පා විරහිත ගැම්මකිනි.

කෙසේ වුවද මේ නිබන්ධනය විසිවෙනි සියවසේ පශ්චාත් නූතනවාදීන් ගැන නොවෙයි. එසේ නැත්නම් පශ්චාත් නූතනවාදයේ මුල් සොයා යාමක් හෝ පශ්චාත් ව්‍යූහවාදයේ මූලයන් සොයා යාමක් හෝ නොවේ.

පශ්චාත් නූතන සාහිත්‍යය සිද්ධාන්ත විශ්ලේෂණයේ සියළු පැති කඩවල් විග්‍රහ කරයි. සමහර විට මා [ඔහු] ඒ සඳහා මේ දැන් උත්පත්තිය ලද්දා විය හැකියි. මේ ලිපියේ සාකච්ඡා කරන කවියන් එනම් ෆ්‍රෙඩ්රික් හෝල්ඩරිං{1}, සැමුවෙල් ටේලර් කොල්රිඩ්ජ්{2} සහ ආතර් රිම්බවුඩ්{3} හඳුනා ගන්නේ භාෂාවේ කිසියම් ක්‍රියාවලියක් හෝ නෛසර්ගික ස්වභාවයක් නිසා කිසියම් සමාන්තර අවකාශයක් තුල එය අර්ථයක් නිර්මාණය කරන අතරම පරම අර්ථයක් මතු කර ගැනීමේ හැකියාව නැති කරන බවයි. මේ ආකාර වූ භාෂාවේ අනියත බව වටහා ගැනීමෙන්, මෙම කවියන් අර්ථයේ සීමාව හෝ ව්‍යූහයන් කෙරෙහි ප්‍රතිවිරෝධාකාරයෙන් වැඩ කරන්නට පෙළඹෙයි. භාෂාවේ වැඩ කිරීමේ ප්‍රති‍විරෝධිබව හෝ පොදු බව මුළාවට පත් කරන හෝ යනාදී වූ භාෂාවේ උපයෝගීතාවය මේ කවියන් හඳුනා ගන්නේ තම කලාවේ මාධ්‍යය, එනම් ලිඛිත භාෂාව, අනුල්ලංඝනීය ලෙස සන්නිවේදනයේ සීමාවන් තුල සිට එයට එරෙහිව නැගී සිටින්නටම භාවිතා කිරීමෙනි. එම නිසා අප වටහා ගත යුත්තේ එරෙහි වීම යන යෙදුම කවියෙකුට අනුව ඔහුගේ බලාත්මක කළ රැඩිකල් ස්වභාවය සහ රැඩිකල් වීමේ උත්සාහය තුළ ඔහු කිසියම් පාර-භාෂාත්මක භාෂා ප්‍රභවයක් නැතිනම් භාෂාවේ මූලයන් නමැති අදහසින් යනු තහවුරු කළ නොහැකි මංමුලාවන සුළු දෙයක් බව මෙම අර්ථයන් නිර්ණය කළ හැකි බව තුළ සිතීමෙනි. සන්නිවේදනය එනයින් ගැබ්ගන්නේ සහ ප්‍රමාණාත්මක ලෙස පිටපත් වන්නේ මේ කවියන් විසින් ශුද්ධ හැඟවුම්කරණය විප්ලවීයත්වයට පත් කෙ‍රීමෙනි. එනම් අවබෝධ කරගත යුත්තේ යථාව තුළ යථ විකෘති කිරීමක් ලෙස තත්ක්ෂණික සන්නිවේදනයක් ලෙසිනි. එය අන් කිසිවක් නොව අවිචල්‍ය භාෂාවයි; නොමැති නම් භාෂාව විසින් එහි සඵලතාවය වර්ධනය කරගැනීමයි. නොමැති නම් භාෂාව එහි දෘඨ හැඟවුම්කරණ බිඳ දමා සමාන්තරව වචන වචන, සංගීත, වැළපීම්, අභිනයන්, සිතුවම්, ගණිත කාරණා යනාදිය වැළඳ ගැනීමයි. එම නිසා කාව්‍යකරණය රඳා පවතින්නේ උත්කෘශ්ඨ නිදානයක් වූ ජීවිතයේ සහ ජීවිතය වෙනස් ‍වීමේ හැකියාවන් මතය. [115]

අවිනිශ්චිතතාවය සහ කාව්‍යමය අවිනිශ්චිතතාවය
Indeterminate: 1.a. Not precisely determined, determinable, or established. b. Not precisely fixed, as to extent, size, nature, or number. c. Lacking clarity or precision, as in meaning; vague. d. Not fixed or known in advance. e. Not leading up to a definite result or ending.

අවිනිශ්චිතතාවය:
1. නිරවද්‍ය ලෙස නිශ්චය නොවූ හෝ නිශ්චය කළ නොහැකි ‍හෝ සනාථ කළ නොහැකි.
2. නිරවද්‍ය ලෙස ස්ථානගත නොවූ හෝ කිසියම් දුරකට එසේ නොවූ හෝ කිසියම් ප්‍රමාණයකට එසේ නොවූ හෝ කිසියම් ස්වභාවයකට පත් නොවූ හෝ කිසියම් ගණනකට පත් නොවූ.
3. අපැහැදිලි හෝ නිරවද්‍ය නොවූ හෝ තේරුම් ගැනීම තුළ අඩුවක් හෝ අවිශද.
4. අස්ථිර බව හෝ කල්තියා නොදන්නා බව.
5. ස්ථිර විසඳුමක් හෝ අවසානයක් නොමැති.


අපි නැවත ඇරිස්ටෝටලියානු අර්ථ දැක්වීමකින් අරඹමු. අවිනිශ්චිතතාවය විග්‍රහ වන්නේ කිසියම් අඩුවක් හෝ නිශේධනයක් ඇසුරිනි. නමුත් අවිනිශ්චිතතාවය විසින් භාෂාවට ජීවය ගෙන එන අතර මෝරිස් බ්ලැන්චොට්{4} අවධාරණය කළ පරිදි සාහිත්‍ය අවකාශය තුළ වර්ණනාවිෂයාතික්‍රාන්ත ගුණයක් ප්‍රාණවත් කරන බැවින් අපගේ ආශ්වාදයට කේන්ද්‍රීය වේ. කෙසේ නමුත් ඇරිස්ටෝටලියානු අර්ථ දැක්වීමට වඩා මට අවිනිශ්චිතතාවය ගැන විවරණය කළ නොහැකිය. එයට වඩාත් ගැළපෙන හෝ වඩාත් සන්නිකර්ශයක් හෝ ලෙස භාෂාව තුළ අවිනිශ්චිතතාවය හමු වන්නේ දැයි හෝ විශේෂයෙන් කාව්‍යකරණය තුල එහි භූමිකාව ගැනයි, මේ ලියැවිල්ලේ අවධානය. එසේ හෙයින් මම අවධාරණය කරන්නට කැමතියි මාජරී පර්ලෝෆ් [ Marjorie Perloff ]ගේ වචන වලින් අවිනිශ්චිතතාවයේ කාව්‍ය ශාස්ත්‍රය ලෙස‍.

අවිනිශ්චිතතාවයේ කාව්‍ය ශාස්ත්‍රය කාව්‍ය ශාස්ත්‍රය තුළ ව්‍යුහයක් හඳුනා ගන්නේ ගවේෂණය කරන්නේ නිර්මාණය කරන‍්නේ හෝ ඇද වැටෙන්නේ, කිසිදා විසඳුමක් නැති වචනය සහ ප්‍රඥප්තය හෝ වචනය සහ එම වචනය විසින් හැඟවුම් කරන ලෝකාර්ථය අතර ඇති නොගැලපීම තුලටය‍. මේ ආකාරයේ කාව්‍යයන් ප්‍රශ්න කරනු ලබන්නේ විෂයය සහ පරමාර්ථය අතර පදඝටනාත්මක සම්බන්ධය යි. එය සමහර විට පදඝටනාත්මක පූර්ව විනිශ්චයන් අවිශදාත්මකව හෝ මුලිනුපුටා දමන්නට හෝ තැත් කරයි. මෙම ආකාරයේ කවි වල කතෘවරුන් විසින් වචනයක සමුද්දේශ රාමුවට පිටින් හෝ වඩාත් විශේෂිකරණය කළ අරුතින් හැඟවුම්කාරකය හැඟවුමෙන් වෙන් කරයි. ඒ වෙනුවට මේ කතෘවරුන් හඳුනාගන්නේ හැඟවුම්කාරකය සහ හැඟවුම අතර ඇති කිසිදා ලං නොවන පරතරයක් ඇති බවයි. මේ පරතරය යනු පශ්චාත් ව්‍යුහවාදීන්ගේ සංඥා පද්ධතිය ආශ්‍රිත විවේචනය හා එතුළින් ගොඩනැ‍ගෙන විසංයෝජනාත්මක විවේචනය හා සමපාත වන බව වඩාත් පරීක්ෂාකාරී වීමෙන් වැටහේ.

මාජරී පර්ලෝෆ්‍ ගේ අවිනිශ්චිතතාවයේ කාව්‍ය ශාස්ත්‍රය [Poetics of Indeterminacy] පොතේ ඈ සඳහන් කරන්නේ එබඳු කාව්‍ය ශාස්ත්‍රයක් හඳුනා ගත හැක්කේ කාව්‍ය විසින් නිමවන සංකල්පරූප අවසානයේ සංඥා ජාලය සමග ඒකාබද්ධ නොවීමක් සිදු වන බවයි. මේ කාව්‍යයන් හැඟවුම්කරණයේ සමස්තය හෝ අර්ථය වන්නේ නොපැවැත්මයි. පර්ලෝෆ් පවසන්නේ ටී එස් එලියට්ගේ ද වේස්ට්ලන්ඩ්{5} යනු අවිනිශ්චිතතාවයෙන් පෙලෙන කාව්‍යයක් නොවන දෙයකට උදාහරණයක් බවයි.

"කොහොම වුනත් මෙම කාව්‍ය විකේතනය දුෂ්කරයි. එනමුත් මේ කාව්‍ය තුළ හැඟවුම්කාරකය සහ හැඟවුම්කරණය හෝ වචනය සහ ලෝකාර්ථය අතර සම්බන්ධය අත්‍යාවශ්‍යයෙන්ම අවියෝජනීය බවයි."

වැඩි දුරටත් වේස්ට්ලන්ඩ් කාව්‍යය, එතරම් ඝණකමින් වියූ වියමනක් වන්නේ මන්දැයි කීවොත් එහි සංඥා වැල් වියා හෝ නිර්මාණය කර ඇත්තේ අතිශය සංකීර්ණ ආකාරයෙනි. ඒ කෙළෙසද යත් අර්ථ නමැති ගෘහයේ දෝංකාර දෙමින් ප්‍රතිනාද අරුත් උපදවන්නා වූ ආකාරයෙනි. අවිනිශ්චිතතාවයේ කවි එසේ නොමැති නම් අවිනිශ්චිතතාවය විසින් හැඩ ගැන්වූ කාව්‍යයන් තුලින් ඉපදෙන විවිධ සංකල්පරූප කිසිදු ව්‍යූහයක මධ්‍යය කරා යොමු නොවන අතර ඒවා බහු දිශානතියකින් විහිදී යයි. කිසියම් අවස්ථාවක කාව්‍යයේ සංකල්පරූප එකිනෙක මත ප්‍රතිස්ථාපනය නොවන්නට ගත් විට හෝ එලෙස අධිස්ථාපනය වීම ප්‍රතික්ෂේප කළ විට නවතම සම්ප්‍රදායක් හෝ මාදිලියක් ගොඩ නගයි. [පර්ලෝෆ් 35.]

බහුවිධ අරුත් සමග අපූර්ව වාච්‍යාර්ථ ලෝකයකට ඇතුලු වද්දී අභිමුඛ වන්නේ අනූනනීය වූ උභයාර්ථයකට ය. 56. මේ අවිනිශ්චිතතාවයේ කාව්‍ය ශාස්ත්‍රය සමග ගැටීමේ දී අප අත්දකින තතුය. මේ නවතම අරුත් මාදිලියේ දී ගැඹුර විසින් මතුපිට වෙත මග සළසන්නේ කතෘගේ අභිඥානය වන වචන කෙරෙහි ගැඹුරු හෝ බහිෂ්කරණය වූ යථාවක් නැතිය යන්න මතය. ආතර් රිම්බවුඩ් ගේ ඉලුමිනේෂන්ස් [Illuminations]{6} කාව්‍ය මේ අකාර වූ කතෘ අභිඥානය සහ කාව්‍යයේ අවිනිශ්චිතතාවය හැඳිනීම පිළිබඳ කදිම උදාහරණයකි. මේ කාව්‍ය තුළ එක මොහොතක පෙනී අතුරුදන් වන සිහිනමය භූමි දර්ශන - සංයුක්ත සහ වියුක්ත වන විශේෂ වශයෙන් සමුද්දේශ රාමුවක විතැන් වන අර්ථ විරහිත සංයෝජනයන් ගෙන් ප්‍රබන්ධිත වේ. එමෙන්ම බාහිර සමුද්දේශයන් අර්ථ වශයෙන් සුවිශේෂීව කාව්‍යයේ අවස්ථාවන් හා අසම්බන්ධිතය. [පර්ලෝෆ් 45.] කිසියම් බාහිර යථාවක් උපුටා දක්වනු වෙනුවට මෙම කාව්‍යයේ වචන විසින් අනෙකුත් වචන අතර ගොඩනගන සම්බන්ධතා ඔස්සේ මේ වචන විසින් ප්‍රඥප්තය වෙනුවට අනෙකක් නියෝජනය කරමින් සිටින අතර වචන විසින් තමුන්ම තවත් වචන හා සබැදේ. එම නිසා මේ කාව්‍ය මාදිලිය විසින් ප්‍රතිසන්ධිය ලබන්නේ මතුපිට පිළිබඳව කරනු ලබන තැවීමක් ලෙස හෝ කාව්‍ය කියැවීම තුළ හැඟීම් සහ භාවයන් ආශ්වාදනය කිරීමක් ලෙසටය.

කළින් සඳහන් කළාක් මෙන් අවිනිශ්චිතතාවය භාෂාවේ ප්‍රතිවිපාකයක් වන්නේ එය නෛසර්ගිකව විෂය සහ පරමාර්ථය අතර පැවැත්මෙනි. අවිනිශ්චිතතාවය භාෂාවට පිටින් පවතින විෂයයයක් ලෙස හැඳින්විය නොහැකිය. ‍එමෙන්ම අවිනිශ්චිතතාවය කාව්‍ය ශාස්ත්‍රයේ සීමාවට පවා පිටින් වචනයක හෝ සංකල්පරූපයක හැඟවුම්කරණය තව දුරටත් කිසියම් දෙයක් හෝ බාහිර යථාවක් හෝ අවිනිශ්චිතතාවයේ ගුණාත්මය විසින් ගොදුරු කරගත් භාෂාව මතින් විහිදී එන නොවැලැක්විය හැකි ප්‍රතිවිපාකය ලෙස දැක්විය හැකිය. කෙසේ වුවත් අති සාවධානාත්මකව හඳුනා ගනු ලබන භාෂාව තුළ කාව්‍ය ශාස්ත්‍රය හඳුනා ගැනෙන්නේ අවිනිශ්චිතතාවය තුළ පවතින සාම්‍යය කුළු ගන්වන පශ්චාත් නූතන සාහිත්‍ය සිද්ධාන්ත -වියවුල් ගණිත න්‍යායන් සහ ක්වොන්ටම් භෞතිකය වැනි මේ බෙදුම් රේඛා අතරය.

අපි කිසියම් ආකාරයකින් විද්‍යාව සහ සාහිත්‍යය අතර පවතින ප්‍රත්‍යක්ෂමය සම්බන්ධතා පරීක්ෂා කළ යුත්තේ ඒවා මූලිකව ‍හෝ අවසන් විග්‍රහයේ දී ප්‍රත්‍යක්ෂ පිළිබඳ අප කවර හෝ ආකාරයකින් මේ විෂයයය ක්ෂේත්‍ර දෙක කෙරෙහිම විශ්වාසය පවත්වා ගන්නා බැවිනි. [හේලීස් 3.] වියවුල් න්‍යාය- ක්වොන්ටම් භෞතිකය - පශ්චාත් නූතන සාහිත්‍ය සිද්ධාන්ත යනාදියේ බුද්ධිමතුන් පොදුවේ විශ්වාස කරනු ඇත්තේ යථාව යනු නිරූපණය කිරිමේ ක්‍රමවේදයෙන් ස්වායත්ත නොවූ යමක් බවයි. එම විශ්වාසය යම් ආකාරයකින් අපට පෙනෙන්නේ අපට උගන්වා ඇති දැකීමේ ආකාරයන් කෙරෙහි භාෂාව ප්‍රතික්‍රියා නොකර වඩාත් ඇතුලාන්තය කෙරෙහි නැඹුරු වූ දෙයක් ලෙස ශාස්ත්‍රාලය විසින් පිළිගෙන ඇති බවයි. නමුත් එය කිසියම් ඒකමතික විෂයය ක්ෂේත්‍රයක ශික්ෂාවක ප්‍රතිඵලයක් නොවේ.

ගණිතමය වියවුල් න්‍යායන් ගැන N. Katherine Hayles පවසන්නේ;
එය කිසියම් ආකාරයක වැඩ බිමක්- කෙළෙසද යත් සංස්කෘතිය තුළ සහ නෛසර්ගික පශ්චාත් නූතනවාදී පරිශ්‍රය තුළ අභිලිඛිත වූ හෝ එය විසින් වට කරන ලද්දා වූ.
වියවුල් න්‍යාය හැදෑරීම හෝ පිළි ගැනීම යන දෙයාකාරයම වලංගු වන්නේ සංවිධානය වූ සංස්කෘතික තත්වයන් තුළය. ‍එමෙන්ම මෙබඳුම විනිශ්චයන් ක්වොන්ටම් භෞතිකය සහ විසංයෝජනය ගැන ද ගොඩනැගිය හැකිය. එබඳු භාෂාව පිළිබද සුප්‍රකට සැළකිල්ලක් විදහා දක්වන ලද ජාක්ස් ඩෙරීඩාගේ බලය සහ හැගවුම්කරණය ලියැවිල්ල 1963 දී පළ කරන ලද්දෙන්:
විශ්වීය චින්තනය එහි සියළු බල ප්‍රදේශයන් තුළ සහ එහි සියළු අක්වක් මාර්ග තුළ කිසිදු වෙනසකින් තොරව භාෂාවේ අවුල් සහගත භාවය ගැන භයානක ආවේගයක් ලබමින් තත්පර වීම අපූර්ව සැළකිල්ලකින් යුතු සංවර්ධනයක් ලෙස පිළිගත යුතුය.

මම උධෘත කරන්න කැමතියි එම සම්බන්ධතා විශ්ලේෂණය පිළිබිඹු කිරීම උදෙසා සහ වැඩිදුර අධ්‍යයනය සඳහා උපයෝගී වන විද්‍යාත්මක සහ ගණිතමය සිද්ධාන්ත.

කෙසේ වුවත් මා උත්සාහ කරන්නේ නැහැ මීට සියවසකට පමණ පෙර කාව්‍ය ශාස්ත්‍රයේ නියැලුන හෝල්ඩරින් හෝ කොල්රිඩ්ජ් හෝ රිම්බාවුඩ් විසින් වර්තමානයේ විද්‍යාව විසින් සාක්ෂාත් කළ නියමයන් දැන සිටි බව හෝ ඔවුන් එම සිද්ධාන්ත ගැන අවබෝධයෙන් සිය නිර්මාණ කාර්යයේ නියැලුනු බවක් හෝ විද්‍යාව මත සාහිත්‍යයේ ආධිපත්‍යය විසින් මානව දැනුම තුළ අධිනිශ්චය වීමක් ගැන හෝ. එබඳු පර්යේෂණයන් මට අනුව කිසිම වැදගැම්මක් නැහැ. හොඳින්ම දන්නා පරිදි හෝල්ඩරින් සහ කොල්රිඩ්ජ් යන දෙදෙනාම විවාදාත්මකව රිම්බාවුඩ් මෙන්ම ඔවුන්ගේ කාලයේ පැවති විද්‍යාත්මක සොයා ගැනීම් කෙරෙහි සවිඥානික වූ බව සහ ප්‍රතික්‍රියා දැක්වූ බව සඳහන් කළ යුතුයි. ඒ වගේම බොහෝ විද්‍යාඥයන් දැන සිටියේ, ඔවුන්ගේ හෝ ඔවුනට කළින් සිටි විද්‍යාඥයන් ගේ කටයුතු මේ කවියන්ගේ නිර්මාණ සඳහා අනුභූතීන් සැපයූ බවයි. හේලීස්‍ ගේ සටහන් අනුව විද්‍යාවේ සහ සාහිත්‍යයේ සිදුවූ සංවර්ධනයන් සංස්කෘතික සන්දර්භය තුලින් ඒ ද්විප්‍රකාර විෂයයන් කෙරෙහි දැනුවත් භාවය ගලා ගිය සහ එතුළින් නැගී ආ බවට කරනු ලබන උපකල්පනය කෙරෙහි මා ද එකඟ වෙමි. මේ ආකාර වූ අන්තර් විනයීක වීම යනු අනුපූරකතාවය ලෙස හෝ විවිධ හෝ සමහර විට විනයන් වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිබද්ධ දේ වි‍ශ්ලේෂණයට පාදක කර ගැනීමයි.

අනුපූරකතාවය
අප විසින් වැඩිපුර පරීක්ෂා කළ යුත්තේ විවරණය කළ දේ නොව අර්ථ විවරණය කළ යුතු දේ කෙරෙහිය.
-මලාමේ


අනුපූරකතාවය එළි දැක්වෙන්නේ නීල්ස් බෝර් විසින් නිර්වචනය කළ ක්වොන්ටම් භෞතිකය නම් වූ ක්වොන්ටම් පද්ධති තුළ අත්දකින අවිනිශ්චිතතාවය සහ සම්ප්‍රදායික සංශ්ලේෂණයකින් තොරව එම නිරීක්ෂණ පැහැදිලි කරගැනීමේත් සෛද්ධාන්තික ගොඩනැංවීමක් ලෙසය. [ප්ලොට්නින්ස්කි 1.] උදාහරණයක් වශයෙන් පහත දැක්වෙන සුප්‍රකට වගන්තිය සළකන්න.

ආලෝකයට අංශුමය සහ තරංගමය ලක්ෂණ දෙකම එකවිට ප්‍රදර්ශනය කළ හැකිය. [ප්‍රභින්න වශයෙන්ම ක්වොන්ටම් මට්ටමේ සංසිද්ධියක්]
මෙය ආලෝකය අංශුවක් සහ තරංගයක් ය යන පරස්පර ප්‍රස්තුතයක් කරා අපව මෙහෙයවයි. මෙම ආලෝකයේ අවස්ථාව විචල්‍යාත්මක නිරීක්ෂකයක් වන්නේ මෙම නිරීක්ෂනයන් මැන ගැනීමට යොදා ගන්නා ආකෘතිය අනුව වීම සරලව වටහා ගැනීමට සම්ප්‍රදායික භෞතික විද්‍යාවට හෝ බටහිර චින්තනය ට එනම් ද්‍රව්‍යාත්මක ‍ලෙස විග්‍රහ කළ නොහැකි දෙයක් ද්‍රව්‍යාත්මක නොවේ යන්න පිළිගත් කළ මේ නිරීක්ෂනය වටහා ගත නොහැකිය.

සම්ප්‍රදායික භෞතිකය එනම් දළ වශයෙන් නිවුටන් සිට අයින්ස්ටයින් දක්වා වූ කාල පරාසය කැප වූයේ ශුද්ධ සාරයෙන් අනූන වූ ගණිත සංකේතමය භාෂාවකින් සහ ගණිතමය හේතුවාදයකින් රූපකාර්ථයන් ගෙන් වියුක්තව භෞතික සංසිද්ධීන්ගේ ව්‍යූහයන් සහ ක්‍රියාත්මක වීම් පැහැදිලි කිරීමය. [මාර්ක්ලි 125]

නමුත් සම්ප්‍රදායික භෞතික විද්‍යාවේ චින්තනය එම භෞතිකයන් විග්‍රහ කිරීමේ දී භෞතික විද්‍යාඥයන් වන නීල්ස් බෝර් සහ වර්නර් හයිසන්බර්ග් තර්ජනයට ලක්වූයේ සංකීර්ණ සහ චිත්තාකර්ෂණීය පරමාදර්ශ අනුසාරයෙන් එම භෞතිකයන් විග්‍රහ කරන්නට පෙළඹීම නිසාය. ක්වොන්ටම් මට්ටමේ දි හයිසන්බර්ග් සහ බෝර් හෙළිකළේ එම තත්වය පරිපූර්ණ චිත්‍රනයක් කිරීම නොකළ හැකි බවයි. උදාහරණයක් ලෙස ඉලෙක්ට්‍රෝන විෂයය කෙරෙහි සම්පූර්ණ චිත්‍රයක් හෝ සමස්ත දැනුමක් උදෙසා එහි පිහිටීම සහ ගම්‍යතාවය හෝ වේගය මැන ගැනීමට අවශ්‍ය ය. කෙසේ වුවද ඉලෙක්ට්‍රෝනයක පිහිටුම මැන ගැනීමේ දී එම මිනුම් උපකරණ විසින් එම පරිසරයට කරන බලපෑම හේතුවෙන් ඉලෙක්ට්‍රෝනයේ ගමන් පථය හෝ වේගය කිසියම් වෙනසකට පත් කරන අතර එම හේතුවෙන් ඉලෙක්ට්‍රෝනයේ වේගය එහි පිහිටුම බාධා නොකර මැන ගත නොහැකිය.
එවැනි ක්වොන්ටම් මට්ටමේ සිදුවන සංසිද්ධියක් හේතුවෙන් බැලු බැල්මට ද්විප්‍රකාර වූ ආලෝකයේ පරස්පර ස්වභාවය වන එහි අංශුමය සහ තරංගමය ස්වාභාවයන් සහ ඉලෙක්ට්‍රෝනයක පිහිටුම සහ ප්‍රවේගය එකම මොහොතක මැන ගැනීමේ නොහැකියාව වැනි නිරීක්ෂණයන් හේතුවෙන් සම්ප්‍රදායික භෞතික විද්‍යාව එහිම වූ සෛද්ධාන්තික නොහැකියාවක් ලෙස විරෝධනයකට ලක් විය. සම්ප්‍රදායික ‍සිද්ධාන්ත අනුව, මෙම ආලෝකයේ සහ ඉලෙක්ට්‍රෝනයේ ගුණයන් අන්‍යොනය වශයෙන් බහිෂ්කාර සහ සම්ප්‍රදායික විවරණයන්ට අනුව, ඒවා කිසියම් ඒකමිතිකත්වයක් සම්පූර්ණ කළ යුත්තේ එක්කෝ ආලෝකය අංශුවක් ලෙස හෝ ආලෝකය තරංගයක් ලෙස හෝ එකම අන්තයකින් විවරණය කිරීමේ අවශ්‍යතාවය යි. කෙසේ වුවද එය එකවර දෙකම විය නොහැකි විය. නීල්ස් බෝර්ගේ සූත්‍රගත කිරීම් තුළ අනුපූරකතාවය යනුවෙන් කතා කරන්නට පටන් ගැනුනේ කළින් කතා කිරීමට නොහැකි වූ මෙම ක්වොන්ටම් සංසිද්ධීන් ය.

බෝර්ගේ විග්‍රහයන් තුළ වූයේ එවැනි නිරීක්ෂණයන් ඒවායේ අනුපූරක ගති සොබා ලෙස ගැනීමෙන් එම ගතිගුණයන් හි පවතින අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර තත්වයත් නමුත් සමාකාර ලෙස අත්‍යවශ්‍යයෙන්ම පුළුල්, සම්පූර්ණ, විස්තරාත්මක සහ විශලේෂණාත්මක ලෙස ක්වොන්ටම් ක්‍රියාවලිය ගත යුතු බවයි. [ප්ලොට්නින්ස්කි 5.] මෙයාකාර අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර වූ ක්වොන්ටම් සංසිද්ධිය [අංශුව සමග /හෝ තරංගයක් -පිහිටුම සමග/ හෝ ප්‍රවේගය] නිසැකවම එම සම්පූර්ණ චිත්‍රය හෝ විෂයය මූලික යථාව නිශ්චය කරගත නොහැකි වීමකි. මේ අනුසාරයෙන් භෞතික විද්‍යාඥයන් ඉතා ඉක්මනින් වටහා ගත්තේ, එවැනි නිශ්චිතභාවයකින් තොරව වුව ද ක්වොන්ටම් සංසිද්ධිය පිළි ගැන්විය යුත්තේ සහ අවබෝධ කරගත යුත්තේ ගණිතමය සංකේත පද්ධතියක් තුළින් බවයි. අනුපූරකතාවය පිළිබඳ සිද්ධාන්තය ක්වොන්ටම් සංසිද්ධිය ගොඩනංවමින් සමාන්තරව විවේචනය කරනු ලබන්නේ හෝ විසංයෝජනය කිරීමට උත්සාහ කරන්නේ සම්ප්‍රදායික භෞතික විද්‍යාවයි.

[ඇත්ත වශයෙන්ම බොහෝ දුරකට මා විසින් යෝජනා කරනු ලබන ජල සංකල්පරූපය ඔස්සේ ගොඩනංවනු ඇත්තේද මෙම අවිනිශ්චිතතාවය පිළිබඳ රූපිකය ම වේ.] එනයින් සිද්ධාන්තය මෙන්ම පාර-සිද්ධාන්තය ලෙස මෙය ම ගත හැකිය. [ප්ලොට්නින්ස්කි 1]

[දෙවන කොටස කියවන්න මෙතනින් යන්න.]

යොමුව-
{1} Friedrich Hölderlin
{2} Samuel Taylor Coleridge
{3} Arthur Rimbaud
{4} Maurice Blanchot
{5} The Waste Land by T.S. Eliot
{6} Illuminations

Source- Writing.com | © Copyright 2009 Dis-Ease (UN: chomonkyo at Writing.Com). All rights reserved. Dis-Ease has granted Writing.Com, its affiliates and syndicates non-exclusive rights to display this work.

Dis-Ease | ඩිස්-ඊස්
පරිවර්තනය - E A Dawson Preethi | ඩෝසන් ප්‍රීති ඊ.ඒ.
[SEO Tags] Dis-Ease, Poetry Water Imagery Quantum Physics, Writing.com , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
සතුට...!| Book Quotes
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.
එවිට ඔබට "සතුට" පමණක් ඉතිරි වේ."

- Buddhism FB Page