BOONDI.LK| රහ ඔත්තු| කෝට්ටේ රංග පීඨයෙන් නාට්‍ය හා රංගන පුහුණුව පිළිබඳව පාඨමාලාවක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
|මරා කියයි.
|Theatre Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
  තවත් ඔත්තු
පේරාදෙණිය ලලිත කලා අධ්‍යයනාංශයෙන් "සොක්‍රටීස්" යළි වේදිකාවට | අප්‍රේල් 04
ප්‍රතිචාර[0]
ලෝක නාට්‍ය දින සැමරුම සයිමන් නවගත්තේගම වෙනුවෙන් |මාර්තු 27 ප.ව. 4 ට
ප්‍රතිචාර[0]
‘ඉනිඅවන්’ සම්මන්ත‍්‍රණය, සංවාදය හා විශේෂ දැක්ම | පෙබ. 08 | 3.00 ට
ප්‍රතිචාර[1]
Picturing Reconciliation- An International Film Festival | Jan 24-25-26
ප්‍රතිචාර[0]
ඉනි අවන් චිත්‍රපටය පිළිබඳ සිනමා සංවාදයක්| ජනවාරි 17| 3:30ට
ප්‍රතිචාර[0]
ඉනි අවන් ගැන ප්‍රසිද්ධ සංවාදයක් | ජනවාරි 02 | 3.00 ට
ප්‍රතිචාර[2]
මංසල කතිකා කවයෙන් 'තුන්වෙනි යාමය' සිනමා කෘතිය ප්‍රදර්ශනය සහ සංවාදය | දෙසැ: 20
ප්‍රතිචාර[0]
Colombo Theatre Festival for Young Audiences- 2012| දෙසැ. 05-09| ලයනල් වෙන්ඩ්ට්
ප්‍රතිචාර[0]
මහේශාක්‍ය සිනමාව මහ පාරට කැඳවීමක්| නොවැම්බර් මස 26| 3.00 ට
ප්‍රතිචාර[3]
ප්‍රියංකර රත්නායක නාට්‍ය උළෙල | ඔක්තෝබර් 26,27,28
ප්‍රතිචාර[0]
BOONDI • Raha •
  රහ ඔත්තු  
කෝට්ටේ රංග පීඨයෙන් නාට්‍ය හා රංගන පුහුණුව පිළිබඳව පාඨමාලාවක්
ප්‍රතිචාර[0]
බූන්දි| | 03:19:26
සෝමලතා සුබසිංහගේ කෝට්ටේ රංග පීඨය නාට්‍ය හා රංගන පුහුණුව පිළිබඳව පාඨමාලාවක් 2009 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරිමට කටයුතු සංවිධානය කර ඇත. රංගනය හා නාට්‍ය පිළිබඳ හැදෑරීමට උනන්දුවක් ඇති වයස අවුරුදු 18 වැඩි අයට මෙම පාඨමාලාවට අයදුම් කළ හැකි අතර, පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීන රංගන ශිල්පිනි හා නාට්‍ය අධ්‍යක‍ෂිකා 'කෞශල්‍යා ප්‍රනාන්දු' විසිනි.

සෝමලතා සුබසිංහ කෝට්ටේ රංග පීඨය 1981 දී ශ්‍රී ලංකාව තුළ නාට්‍ය කලාව වර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද අතර මේ වන විට මෙම ආයතනය නළු නිලියන් සහ ශිල්පීන් පුහුණු කරනු ලබන ලංකාව් ප්‍රමුඛතම ආයතනයක් වෙයි.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට මුද්දර ඇල වූ දිගු ලියුම් කවරයක් පහත සඳහන් ලිපිනයට එවන්න.

සම්බන්ධීකාරක,
අංක. 166/1,
බෞද්ධායතන මාවත,
පාර්ලිමේන්තු පාර,
කෝට්ටේ. (10100)

සියළු විමසීම්: 071 4296184

1981 දී සෝමලතා සුබසිංහ විසින් කෝට්ටේ රංග පීඨය ආරම්භ කරනු ලැබුවේ ලංකාව තුළ ළමුන් සහ යෞවනයින් සඳහා නාට්‍ය නිෂ්පාදනය සහ ප්‍රදර්ශණය වර්ධනය කිරීමත් සමාජය තුළ ඒ සම්බන්ධව ගැඹුරු කතිකාවක් ඇති කිරීමත් යනාදී අරමුණු පෙරටුකරගෙනය. එම අරමුණු වඩාත් ශක්තිමත් ලෙස සමාජගත කිරීම සඳහා 2007 ජනවාරි මාසයේදී මෙම ආයතනය 'ලංකා ළමා හා යොවුන් රඟහල පදනම' ලෙස 2007 අංක 3 දරණ පනතින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත කරන ලදී. 1981 සිට මෙම ආයතනය ළමුන් සහ යෞවනයින් සඳහා උසස් නාට්‍යමය ගුණාංගයෙන් යුත් නාට්‍ය ගණනාවක්ද, ප්‍රධාන ධාරාවේ නාට්‍යයද නිෂ්පාදනය කර ඇත. ඒවායින් සමහර නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රශංසාවටද භාජනය වී ඇති අතර ජාත්‍යන්තර ළමා සහ යොවුන් නාට්‍ය උළෙලවල් ගණනාවක ප්‍රදර්ශනයන් ද පවත්වා ඇත. මීට අමතරව මෙම ආයතනයේ ඉදිරිපත් කරන ලද ප්‍රධාන ධාරාවේ නාට්‍ය ගණනාවක්ම රාජ්‍ය සම්මානයට ද භාජනය වී ඇත.

නාට්‍ය නිෂ්පාදනයට අමතරව මෙම ආයතනය නාට්‍ය සඳහා නළු නිලියන් සහ ශිල්පීන් පුහුණුකරනු ලබන ප්‍රධාන ආයතනයක් ද වෙයි. මෙම ආයතනයේ මූලික පුහුණුව ලද නළු නිලියන් සහ ශීල්පීන් වර්තමානයේදී නාට්‍ය, රූපවාහිනි සහ සිනමා කේෂ්ත්‍රයේ කැපී පෙනෙන නිර්මාණ කරුවන් ලෙස නිර්මාණ කටයුතුවල නියැලේ.

ආචාර්ය චන්දන අලූත්ගේ
අධක‍ෂක
කෝට්ටේ රංග පීඨය
හොට් ලයින් : 071 4296184

[SEO Tags] Somalatha Subasinghe, Kaushalya Fernando, Dr. Chandana Aluthge, Play House Kotte , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
අකිර කුරොසව කියයි.| Personal Quotes
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ මම හොඳ එකක් හදනවා"යි සිතූ බැවිනි.