BOONDI.LK| වෙසෙස් බූන්දි| ඉක්බිති, ඈ නික්ම ගියා ය. \r\nකමලා දාස් (1934 -2009)
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් වෙසෙස්
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක්
|
සුදර්ශන සමරවීර
[2]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන්
|
පබ්ලෝ නෙරූදා
[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්..
|
සුදර්ශන සමරවීර
[5]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස්
|
පාවුලෝ කොයියෝ
[0]
ත්‍යාගශීලි බව
|
මායා ඇන්ජලෝ
[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස්
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa]
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[4]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද?
|
ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....!
|
සුරත්
[0]
සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක්
|
සුභ
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/43]
එරික්
මාලතී
රුවන්
කේ.කේ.
ලක්ෂාන්
තුෂාරි
චන්දන
සමන්
වීරයා
පාවුලෝ
සිරිලාල්
ඇල්ඛෙයා
සුනන්ද
මායා
ජීන්
ප්‍රියාන්
ලියනගේ
නිර්මාල්
දර්ශන
BOONDI • Sookiri • •
වෙසෙස් බූන්දි
ඉක්බිති, ඈ නික්ම ගියා ය.
කමලා දාස් (1934 -2009)
[0]
බූන්දි| | 21:33:03
සිය ජීවිතයේ සැඳෑ සමය අත්විඳිමින් 75 වෙනි වියේ පසු වූ කමලා දාස් උග්‍ර දියවැඩියා ස්වභාවය සහ ශ්වසන පද්ධතියේ වූ කිසියම් ආසාත්මිකතාවයක් හේතුවෙන් පූනේ ජෙහාන්ගිර් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය මැයි මස 31 වෙනි දින සදහටම අප අතරින් සමුගත්තේ මහඟු නිර්මාණ රැසක් අප වෙනුවෙන් ඉතිරි කරමිනි.
කමලා දාස් යනු සමකාලීන ඉන්දියානු ලේඛිකාවන් අතර බොහෝ සෙයින් කැපී පෙනෙන පෙරළිකාර ලේඛිකාවකි. සිය මව් බසත් (මලයාලම්) ඉංග්‍රීසී බසත් පිළිබද
ඇගේ ප්‍රවීණත්වය විදහා දක්වමින් නාගරික සමාජයේ ඉංග්‍රීසි පාඨකයන් වෙත ග්‍රාමිය ඉන්දියානු ජීවිතය පිළිබඳවත්, ග්‍රාමීය මලයාලම් පාඨකයන් වෙත සුඛෝපභෝගී නාගරික දිවිපෙවෙත පිළිබඳවත්, පුරුෂ මූලික සමාජය තුල පීඩනයෙන් මඩනා ලද ස්ත්‍රීන්ගේ ජීවිතය යනු කවරක්දැයි අනාවරණය කරමින් ඈ අපූරු නිර්මාණ තිළිණ කළාය. එසේම, සාම්ප්‍රදායික සමාජය තුල ගැහැණියට තහංචි පැනවුනු ''ලිංගිකත්වය'' පිළිබඳ හඬ නැගීමටත් කතා කිරීමටත් නොපැකිලිව සමාජය ඉදිරියේ පෙනී සිටීම හේතුවෙන් ඇය සමකාලීන භාරත සමාජය තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නාය.
ප්‍රචණ්ඩත්වයේ හස්තයට නතුව අනේක හිංසනයන් ට ලක්වන ගැහැණුන්ගේ ජීවිතද, සාම්ප්‍රදායික ඉන්දියානු සමාජයේ තිර පටින් වසා දැමුණු ගැහැණුගේ ජීවිතද, ඔවුන්ගේ ජීවිතවල ඛේදනීය ඇතුළාන්තය සහ සැබෑව ද, දරිද්‍රතාවයෙන් පෙළනු ලැබූ සකළ විධ මිනිස් ජීවිත ද සමාජ අසාධාරණයන් හමුවේ බිඳවැටෙන ජීවිත ද, වර්ගවාදය සහ කුල වාදය විසින් පීඩනයට පත් කරනු ලැබූ ජීවිත ද පිළිබඳව ඇගේ ජීවන අත්දැකීම් නිර්මාණකරණයේ ආත්මය ලෙස ඈ තෝරාගත් අතර හැමවිටම සිය අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා තියුණු සහ අවංක ප්‍රකාශන රැගත් නිර්මාණ එළිදක්වන්නට සමත් වූවාය.
සාහිත්‍යය කෙරෙහි ඇගේ පෙළඹවීම හා ඇල්ම තියුණු වන්නේ, එකල ඉන්දියාව තුල කැපී පෙනෙන ලේඛකයකු වූ ඇගේ මාමා වන නලපට් නාරායන් මෙනන් සහ ප්‍රකට මලයාලම් කිවිඳියක වූ ඇගේ අම්මා වන නලපට් බාලමනී අම්මා ගෙනි. කාව්‍යකරණයේදී මෙන්ම ඇගේ බොහෝ නිර්මාණ වලද මගේ කතාව නමින ලියා පල කල ඇගේ ස්වයං ලිඛිත චරිතාපදානය තුලද ඇය ප්‍රේමය පිළිබඳ සදාතන ගවේෂණයක යෙදෙන්නීය. තවද මගේ කතාව නමින් ඇය විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්වයං ලිඛිත චරිතාපදානයෙන් විවාහය තුල සහ ඉන් පරිබාහිර වූ ප්‍රේමය පිළිබඳව ගවේෂණයක යෙදෙමින් ඉතා නිහතමානීව, අවංකව කල කතා බහ හේතුකොට ගෙන සමකාලීන භාරත සමාජය තුල එය මතවාදයක් නිර්මාණය කිරීමට පවා සමත් වූයේය. කමලා දාස් යනු හැමවිටම අවංකත්වය පිළිබඳ පතළ කීර්තියක් ඇති කිවිඳියකි.
එබඳු හෘදයාංගම නිර්මාණ ඈ වෙත කීර්තිය අත් කර දුන් අතර බොහෝ සෙයින් ඇගයීමටත් ගෞරව සම්භාවනාවටත් පාත්‍ර වූයේය. 1963 වසරේදී කාව්‍යකරණය සඳහා පිරි නැමෙන පී.ඊ.එන්. පිලිපීන- ආසියා සම්මානයෙන්ද , 1969 වසරේදි කේරළ සාහිත්‍යය ඇකඩමි සම්මනයෙන්ද , 1971 දී අභීත මාධ්‍යවේදින් උදෙසා පිරිනැමෙන චිමන් ලාල් සම්මානයෙන්ද, 1985 වසරේදී ඒ එස් එන් ජගත් සම්මානයෙන්ද, එම වසරේදීම සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. එසේම 1984 වසරේදි නොඛෙල් ත්‍යාගය සඳහාද ඇගේ කාව්‍ය නිර්මාණ එකතුවක් යෝජනා වී තිබිණි.
කමලා දාස් ගේ නිර්මාණ අතුරින් Alphabet of Lust නම් කෘතිය අනුරාගයේ මුල්පොත යනුවෙන් ඩබ්. ඒ. අබේසිංහ විසින් ද, A Doll for a Child Prostitute නම් කෘතිය රත්සර කැකුළු යනුවෙන් සේනාරත්න වීරසිංහ විසින් ද, Padmawathi The Harlot කෘතිය පද්මාවතී නම් ගණිකාව ලෙසත්, My Story නම් ඇගේ ස්වයං ලිඛිත චරිතාපදානය මගේ කතාව යනුවෙන් කරුණාතිලක හඳුන්පතිරණ විසින් ද සිංහලයට නගා ඇත.
මතු දැක්වෙන්නේ ඇගේ වියමන් වලින් නෙලා ගත් අංශු මාත්‍රයකි. කමලා දාස් සොයා යාමට ඔබ තුළ උනන්දුව දල්වනු පිණිසයි.
ආයි අක්කා රුක්මණිව කැටිව ගොස් සහීබ් ඉන්ස්පැක්ටර් මහතා වැතිර සිටි කාමරය තුලට තල්ලූ කළාය. වැසූ දොරට පිටදීගත් රුක්මණි ඇඳ මත පෙරළි සිටින දැවැන්ත මිනිසා දෙස බලාහුන්නාය. ඔහු ඒ වන විටත් ඇඳි රෙදි සියල්ල ගලවා දමා හමාරය.
''මං ළඟට වරෙන් හුරතලී'' ඔහු රුක්මණීට උගුර යටින් ආයාචනා කර සිටියේය. රුක්මණී සිටි තැනින් නොසෙවුණාය.
''උඹ මං එක්ක තරහද'' මිනිසා ඇගෙන් ඇසුවේය
''එහෙනම් උඹ තරහයි....මං උඹට රට බෝනික්කෙක් ගෙනත් දුන්නෙ නැතුවටද ඔය''
''උඹ දන්නවනෙ මට තිබුණු රාජකාරි. අර මැරිච්ච කෙල්ල වෙනුවෙන් මම කොච්චර යුතුකම් කොටහක් ඉෂ්ට කළාද...මට තව දවස් තුනක් කල් දීපං...උඹට රට බෝනික්කා ලැඛෙයි. එතකොට උඹට පුළුවන් බෝනික්කට සීතා කියල නම දාන්ඩ.. අර සීත කෙල්ල මතක් වෙන්ඩත් එක්ක''
සිය මිතුරිය මිය යාමෙන් අනතුරුව රුක්මණිගේ සිත මහත් වෙනසකට භාජනය වී තිබුණේය. ඇය මිනිසාගේ ඝන රෝම සහිත පපුව මත මුහුණ හොවා ගෙන හඩන්නට වූවාය.
''අප්පච්චි ...අනේ මගෙ අප්පච්චි...'' යයි කියමින් ඇය හඬාවැටෙන්නට වූ අතර ඇගේ තෝන්තුවා කතාවෙන් කැළඹුන සිත් ඇති මිනිසා සෙමින් ඇගේ හිස පිරිමදින්නට වන්නේය.
''අනේ හොඳ අප්පච්ච්...මාව මේ ඉන්න තැනින් වෙන කොහාට හරි ගෙනියන්ඩ, එහෙම නැත්නම් මමත් සීතා වගේ මැරිල යයි'' දැරිය ඉකිබිඳිමින් හඬන්නට වූවාය.
මිනිසා ඇගේ නළලත සිම්බේය. ඔහුගේ කාමුක හැඟීම් වහා යටපත් වී ගියේය.
-දරිද්‍රතාවය හා සමාජ අසාධාරණය හමුවේ ඛේදනීයත්වයට පත්වන ගැහැණුන්ගේ ජීවිත පැතිකඩක් කියනු වස් කමලා දාස් විසින් රචිත A Doll for The Child Prostitute නම් කෙටි නවකතාව ඇසුරින් සේනාරත්න වීරසිංහ විසින් සිංහලට නැගුණු රත්සර කැකුළු ග්‍රන්ථයෙනි.
''මා නීතියෙන් විවාහක ස්වාමි පුරුෂයාට වඩා පෙම් කළ පිරිමියකු සිටි බව මම මගේ පාඨකයන්ට ප්‍රකාශ කිරීමෙන් මම මගේ කීර්තිමත් පවුලේ අයට ලජ්ජාවත් අවනම්බුවත් ගෙනාවෙමි. මා විචිත්‍ර පුද්ගලයින් සමග ප්‍රේමයෙන් බැඳී සිටි බවට පාපොච්චාරණය කර ඇත්තේ ඇයි? මා විසින් අල්ලා ගනු ලැබූ බොහෝ දේ මේ පොත මට මිල කර තිඛෙයි. නමුත් ඒවා ලියා තැබීම ගැන මොහොතක් හෝ මම කණගාටු නොවෙමි. මම මගේ ජීවිත කාලය තුල පොත් කිහිපයක් ලියා ඇත්තෙමි. නමුත් ඒ කිසිවකින් මට මගේ කතාව තුලින් ලැබුණු තරමේ සතුටක් සපයා නැත.''
-කමලා දාස්
කපා බිඳ හෙලන මෙන් පස් පිඩලි
අපි පොළොව වී සිටියෙමු උණුසුම් හිරු යට
අපේ නහර තුල දැවීමක් විය
සිසිල් කඳු රාත්‍රී මහ ගොඩක්
කිසිත් කළේ නැත අඩු කරන්නට උණුසුම
ඔහුත් මාත් එක් අයකු වූ විට
ගැහැණු පිරිමි නොවීමු අපි
ඉතිරිව නැත තවත් වචන
හිරවගොස් ය සියලූ වචන
රාත්‍රියේ වියපත්ව යන බාහු තුල
අඳුරේ අපි වැඩුනෙමු ගැයුවෙමු අපි
එක් එක් ස්වරයක්
සයුරින් පැන නැගි
සුළඟින් පැන නැගි
පොළොවෙන් පැන නැගි
එක් එක් දුක්මුසු
රාත්‍රී වලින් පැන නැගි
කෙවීමක් රිදුමක් මෙන්.
-කමලා දාස් - මගේ කතාව- පරි. කරුණාතිලක හඳුන්පතිරණ
Prashansani Paranavithana | ප්‍රශංසනී පරණවිතාන
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
සොෆී ෂෝල් කියයි.|
Personal Quotes
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු අප තරම් නිර්භය නොවන්නෝ ය.
- සොෆී ෂෝල්. 1943 පෙබරවාරි 21 වන දා. හිට්ලර්ගේ කැලෑ උසාවිය ඉදිරියේ කළ ප්‍රකාශය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus