BOONDI.LK| කවි කරන්ට්ස්| අසරණ කවි හිත
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් කරන්ට්ස්
T-56 කින් උගත් පාඩම් | දමිත් වැලිකල
ප්‍රතිචාර[0]
යුගයක නිමාව | ශෂි ප්‍රභාත් රණසිංහ
ප්‍රතිචාර[0]
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද | ඩැනී කුලප්පුවාවඩු
ප්‍රතිචාර[1]
කනප්පු කවිය | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
බක්මහක කට හඬෙක | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
නීචකුල වශී බන්ධන!!!! | කසුන් වීරසිංහ
ප්‍රතිචාර[2]
ගම්ලත් ගියා බැසගෙන | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[3]
මගේ ගෙල රිදෙන තැන? | සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
ප්‍රතිචාර[0]
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි... | රුවන් බන්දුජීව
ප්‍රතිචාර[3]
මත්තල ජන කවි සංවාද..! | ප්‍රසාද් වීරසිංහ
ප්‍රතිචාර[1]
BOONDI • Kavi •
  කවි කරන්ට්ස්  
අසරණ කවි හිත
ප්‍රතිචාර[5]
බූන්දි| | 22:51:22
(නොබෝ දා සිදු වූ ප්‍රවීන කිවියර රත්න ශ්‍රී විජේසිංහගේ ප්‍රිය බිරිඳ ගේ වියෝව ඔහු කෙසේ දරා ගනීද?)

මගේ පණ සුන් කඳට පණ යැද්ද කින්නරිය
බුදු වෙන්න පිට දුන්නු සිරි යසෝදරාවිය
මා එක්ක හිනා වෙන්නට දුකම වැළඳ ගත්
හිනා නොදැකම මගෙන්, මට හොරා වහන් විය

යන්ට නොම දී තනිව වංක ගිරි ගිරි මැදට
දෙකොපුලේ කඳුළු ගෙන ගියේ මම තනි කමට
වෙසෙන විට තනිව විෂ ඝෝර සපු විමානෙක
උනා මට පහන් වැට නගරේ කුලී ගේක

සකු අකුරු පද වලට තනිව පණ හොයන කොට
තබා තේ එක හොරෙන්, දොර රෙද්ද මෑත් කොට
තනිව පොඩි උන් එක්ක ගෙයි හටන් කෙරුව නුඹ,
සරණ විට කවි නිවන හොයන බාවනාවට

සුවඳ දී හිත ඇතුලෙ කිති කැවුනු දිගම කව
ලියන්නට නූනෙ, ඒ මා ළඟම නිසාවට
ඛින්දකට ඇහැරියන්..! මගෙ අමල් ඛිසෝ නුඹ
කාටවත් නෑහෙන්ට ඒ කවිය මුමුණන්ට

මුහුකුරා ගොස් ඇත ද, තෙවැනි ඇස වියපත්ව
පැරඬැලකි මේ මොහොත වියෝ දුක ගෙන, වැළඳ
අනියතට ඉඩ දෙන්ට හිත හදා ගනු කෝම
එතැන තිත. තියන්නට අසරණයි මම තාම.


Jayantha Nimal Siri | ජයන්ත නිමල් සිරි
[SEO Tags] Hemamali Wijesinghe, Rathna Sri Wijesinghe , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
5 Comment(s)| ප්‍රතිචාර
චේ කියයි.| Personal Quotes
නිර්ධන පංතිය නිරාහාරව, පීඩාවට පත්ව සිටින විට ධනපති පාලකයා සුඛෝපබෝගීව ජීවත් වේ. සියළු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තර කර ගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින් සූරාකෑම සිය ප්‍රතිපත්තිය කරගනී. පාලකයා සහ ඔහුගේ පවුලත්, සිය ඥාති සමූහයාවත් රාජ්‍ය පාලනයට ඈඳා ගනී. හේ සෑම රටවැසියෙකුගේ ම සතුරා බවට පත් වන නමුත් රටවැසියන්ට ඔහු ඔහුව හඳුන්වා දෙනු ලබන්නේ දේශප්‍රේමියෙක් ලෙසය.