BOONDI.LK| රංග බූන්දි| ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා ....
|මරා කියයි.
|Theatre Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  Cine  
  රංග  
  සිත්තර  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  වීඩියෝ  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් රංග
කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2013 | මාර්තු 28-අප්‍රේල් 4
ප්‍රතිචාර[0]
දෘෂ්ටිවාදය නිසා ප්‍රතික්ෂේප වූ නිහොන් සැප ලැබේවා | ධනංජය කරුණාරත්න
ප්‍රතිචාර[3]
පුස්ලෝඩං | සයිමන් නවගත්තේගම
ප්‍රතිචාර[0]
කාමරයක් ඇතුලෙ දොළහක්.... | චින්තන ධර්මදාස
ප්‍රතිචාර[1]
මතක ඇතිව අමතක කරන්න! [මරණයේ රමණීය තීන්දුව] | ආලෝක රණසිංහ
ප්‍රතිචාර[0]
විසංගත නාට්‍ය න්‍යාය ඇසුරින් ලාංකික "මේ මොහොත" අල්ලා ගැනීම. (අසම්පූර්ණ එළඹුම් සටහනක්) | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[0]
මනමේ බිහි වූ අවදියේ සිංහල නාට්‍යය - සිදුවීමක් | එදිරිවීර සරච්චන්ද්‍ර
ප්‍රතිචාර[0]
ප්‍රහසනයක් නොවී විගඩමක් වූ ''බල්ලොත් එක්ක බෑ'' | ජයසිරි අලවත්ත
ප්‍රතිචාර[0]
ප්‍රියංකර රත්නායකගේ "ඇන්ටිගනී" මොඩර්න් වැඩි ද? | දිස්නි තාරකා
ප්‍රතිචාර[0]
"බොක්ස්" ගැන තව ටිකක්......... | විකුම් ජිතේන්ද්‍ර
ප්‍රතිචාර[1]
BOONDI • Raha •
  රංග බූන්දි  
ඔබට තරුවන් සරණ සමග නිහොන් සැප ලැබේවා! | හඩ නළුවට නව එළියක්
ප්‍රතිචාර[2]
බූන්දි| | 18:11:25
මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" රේඩියෝ කතා සංග්‍රහය දොරට වැඩීම, 2012 සැප්තැම්බර් 14 වන සිකුරාදා ප. ව. 3:00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. ආරාධිත දේශන- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ඩබ්ලිව්. එස්. විජේසිංහ සහ තිලිණ සමරසූරිය
මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය රචනා කියවන්නට මට ලැබුණේ ඔහුගේ 'උගෙ හිස ඉවරයි' කෘතිය පළ කළ කාලයේය. ඒ නාට්‍ය එකතුවේ සිටම මෙරට මෙකල දැකිය හැකි සංස්කෘතික හා විනෝද කර්මාන්තයේ විප්‍රකාර, විචාරාත්මකව උපහාසයට ලක් කරන්නට තැත් කිරීම දකින්නට තිබිණ. 'නිහොන් සැප ලැබේවා' නම් මේ නාට්‍ය එකතුවෙහිත් ඒ ලක්ෂණ තවත් හොඳින් වර්ධනය වී තිබෙනු පෙනෙයි.

මෙම කෘතියෙහි එන 'තරුවන් සරණයි' නාට්‍යය මෙකල ලංකාවේ දැකිය හැකි නිස්සාර මාධ්‍ය සන්දර්ශනයේ හා තරු සංස්කෘතියේ ස්වභාවය ගැන දරුණු උපහාසයකි. වර්තමාන ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය කර්මාන්තයේ අරමුණ මොන මොන විසූක දස්සනයෙන් හෝ ලාභ ඉපයීම බව නොරහසකි. තරු වැඩසටහන් මගින් ඇතැම් විට යම් යම් දක්ෂතා මතු වුවද එමගින් ඇති කෙරෙන නොගැඹුරු විනෝද සංස්කෘතිය දීර්ඝ කාලීන වශයෙන් හරවත් කලාවේ අවකාශය හා අවස්ථාව විනාශ කරන බව පෙනේ. අවුරුදු තුනේ දරුවාගේ සිට වැඩිමහල්ලන් දක්වා බොහෝදෙනෙක් අද "ඩාන්සින් ස්ටාර්" තරගවලට ඉදිරිපත් වෙති. ඒවාට තම දරුවන් මුණුබුරන් ඉදිරිපත් කර සතුටු වෙති. එමගින් නැටුම පිළිබඳ අති සරල අදහසක් සමාජගත වේ. නැටුම යනු සිංදුවකට නැටීම නොවේ. නැටුම නම් කලාව මානව සංස්කෘතිය තුළ පහළ වූයේ හුදු විනෝදාංගයක් ලෙස නොවේ. නැටුම යනු විමුක්තිකාමයේ ප්‍රකාශනයකි. ආදි කාලීන මානවයා සොබාදහම සමග ගැටෙමින් දුෂ්කර ලෙස සිය පැවැත්ම සාදා ගන්නා අවදියේ ඒ යථාර්ථ කාර්යයෙන් මොහොතක් වෙන්වී නැටුම වැනි නිෂ්පාදනයට සෘජුව සම්බන්ධ නැති කාර්යයන්හි යෙදීමෙන් ප්‍රකාශ කළේ එක්තරා නිදහස් කාමයකි. තමන්ගේ යථාර්ථය පිළිබඳ අමනාපයකි. දැන් පැවැත්වෙන නැටුම් තරු වැඩසටහන් යනු මාධ්‍ය කර්මාන්තයේ ලාභ වෙනුවෙන් ජනයා නැටවීමකි. එසේම අති සරල කලාවක මහජනයා සිරකර තැබීමකි. මාලකගේ 'තරුවන් සරණයි' නාට්‍යයේ උත්ප්‍රාසාත්මකව කියවෙන පරිදි මේ තරු වැඩසටහන් දේශපාලන බලය විසින්ම නැටවෙන රූකඩ නැටුමකි. අවසන් වශයෙන් ගත් කල මේ තරු වැඩසටහන් සේවය කරන්නේ මහජනයා අති සරල විනෝදයක ගිල්වා තබා පවතින දේශපාලන බලය වෙනුවෙන් ජනයා මෙල්ල කර තැබීමක් වැනි කාර්යකි.

මේ නාට්‍ය එකතුවේත්, මාලකගේ අනික් රචනාවලත් ඇති විශේෂත්වයක් වන්නේ වර්තමාන පරම්පරාවේ තරුණ තරුණියන්ගේ ලෝකය ඔවුන්ගේ ගැටලු, ප්‍රමුඛතා ආදිය ගැන ලිවීමයි. ඒ නිසා ඔහුගේ නාට්‍යවලින් සමකාලීන සිංහල ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයි. 'නිහොන් සැප ලැබේවා' යන නාට්‍යයේදී අප දකින්නේ ජපානයට නීති විරෝධීව සංක්‍රමණය වූ තරුණ පිරිසකගේ ජීවිතයයි. ජපානයේදී රැකියාවක් කිරීමට වීසා ලබා ගැනීමේ අරගලයක යෙදෙන සිංහල තරුණයන්ට තම සංස්කෘතියෙන් උරුම කරගත් පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදයන්ද සමග මුහුණට මුහුණ ගැටෙන්නට සිදුවේ. කාන්තාවන්ට සුදුසු හැසිරීම්, රැකියාවල් හා පුරුදු ආදිය පිළිබඳ මව් රටෙන් ගෙනා උරුමය පුද්ගල නිදහස පිළිබඳ ලංකාවට වඩා වෙනස් ආකල්ප පද්ධතියක් ඇති ජපානයේදී ඉරිතැලෙන්නට පටන් ගනී. මේ තරුණයන්ගේ අභ්‍යන්තරික ඉරිතැලීම් වීසා නොමැතිව සිටීමටත් වඩා වේදනාකාරීය. මෙවැනි අත්දැකීම් වූකලී අලුත් ලේඛක පිරිසක් මතුව සාහිත්‍ය කලා වෙත ගෙන ආ යුතු දේය.

මෙවන් අලුත්ම ලේඛක පිරිසකට පමණක් සාහිත්‍ය වෙත ගෙන ආ හැකි අත්දැකීම්වලට අමතරව ගුවන් විදුලි නාට්‍යයේ ව්‍යූහය පිළිබඳ අත්හදා බැලීම් කරන අවස්ථාද මෙහි එයි. "භෂ්මාන්තර" එවැනි නාට්‍යයකි. එහි පිටපතින් ඇඟවෙන විදියට නම් එය අපූරු "හඬ නළුවක්" ලෙස නිෂ්පාදනය වන්නට ඉඩ තිබෙන රචනයකි. මෙහි එන "මන විදමන" නාට්‍යයත් එවැනි ව්‍යූහමය නව්‍යයත්වය ඇත්තකි.

සාමාන්‍යයෙන් ගුවන්විදුලියෙන් අසන්නට ලැබෙන අන්දමේ නාට්‍යවලට වඩා ආකෘතියෙන්ද අන්තර්ගතයෙන්ද වෙනස් අලුත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ අත්දැකීම් නාට්‍යයට නගන මේ නාට්‍ය එකතුව මාලක දේවප්‍රිය මීට කලින් පළ කළ 'උගෙ හිස ඉවරයි' නාට්‍ය එකතුවෙහි එන නිර්මාණ ඉක්මවා යන පරිණතකමක් පළ කරයි. එසේම මෙම නාට්‍ය රචනා වර්තමාන සිංහලයාගේ අමනකම් හා කුහකකම්වලට අනුකම්පා විරහිතව පහර ද දෙයි. එහෙත් ඒ පහරදීම පිටතින් සිට පහරදීමක් නොවේ. රචකයා කරන්නේ ඒ ඒ චරිතවල අභ්‍යන්තරයට ගොස් යට කී අමනකම් හා කුහකකම් පවතින විඥානයේ අභ්‍යන්තර සැකැස්මම අවුල් කිරීමයි. ඒ නිසා මෙම නාට්‍යවල නාට්‍යමය අවස්ථාවලදී සිංහලයන් වන අප කාගේත් විඥානගත විශ්වාස අපේ අභ්‍යන්තරයෙන්ම කොනිත්තන්නාක් මෙන් අපට දැනේ. ඒ වූකලි විශිෂ්ට රචකයන්ට පමණක් කළ හැකි කාර්යයකි.

වෙනත් සබැඳි |
මාලකගේ බ්ලොග් අඩවිය
මාලක දේවප්‍රියගෙන් "නිහොන් සැප ලැබේවා"| සැප්තැම්බර් 14- 3:00ට

Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්ති
[SEO Tags] A review on Malaka Devapriya's Nihon Sepa Lebewa- 2012, Radio Drama Collection , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
2 Comment(s)| ප්‍රතිචාර
හැනා අරෙන්ඩ්ට් කියයි.| Personal Quotes
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.