BOONDI.LK| කවි බූන්දි| වම් අතින් ලියූ කවි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
  තවත් කවි
දුර්ගාන්තය* | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[1]
අඬදබර | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[2]
BOONDI • Kavi •
  කවි බූන්දි  
වම් අතින් ලියූ කවි
ප්‍රතිචාර[4]
බූන්දි| | 13:01:07
ධන රේඛාව හරහට
දකුනු අත පිලිස්සුනු දවසේ සිටම
වම් අතින් කවි ලියන්නට
පුරුදු වෙන්නට උනා මට

* * *

ගිනිමැලය කේන්ද්‍ර කරගෙන
එලිය වටා රවුමේ අපි ඉඳගෙන
ගීත සාජ්ජය දවසේ - ඔබෙ පෙම්වතා
අප අතර ගිනිමැලය ඇවිලවූයේ ඔහුය

නැටවෙන ගිනිදලු අතර
තාප පටලය ඔබ්බෙහි
නැලවෙවී පෙනුනා එලිය වුනු ඔබෙ මුහුණ
මායා හීනයක විදියට

සංකෝචනය වූ පරිධියේ
මා දැල්වූ ගීතිකා හඬ
ඔබ වෙනුවෙන් ගයන ලද
විරහාලාපයක් වෙලා හරි පුදුමයට

සමුගෙන යද්දි ඔහු සමඟ ඔබ
මට තාම මතකයි හොඳට
වලාකුලකින් වැසෙමින් තිබුනා
ඇත්තම අහසේ
ඇත්ත සඳ

ධන රේඛාව හරහට
දකුනු අත පිලිස්සුනු ඒ දවසේ සිටම
වම් අතින් කවි ලියන්නට
පුරුදු වෙන්නට උනා මට

මා ඔබට
ඉස්සර කිව්වා තුරුලුකරගෙන
ව්‍යංග, පොදු සංකේත ඔය වගේ දේවල්
අපටම කොලොප්පං කරන වග - මතකද?

Damith Udayanga Dahanayake | දමිත් උදයංග දහනායක
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
4 Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි. | Personal Quotes
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.