BOONDI.LK| කවි බූන්දි| කොළඹයි, මමයි.
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් කවි
දුර්ගාන්තය* | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[1]
අඬදබර | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
BOONDI • Kavi •
  කවි බූන්දි  
කොළඹයි, මමයි.
ප්‍රතිචාර[4]
බූන්දි| | 12:45:47
නීල විල් නැත
සුපිපෙනා කුමුදුත් නැත
නාන තොට වල් වැදී
කැළි කසල පමණක් පිහිනයි නිදහසේ
පාවෙනා
ප්ලාස්ටික් බෝතල් ඔරුවේ
කොකාකෝලා උගුරක්...
රැල්ලට නැළවෙයි..
වැල්ලට යළි එයි...
ඒත් සැපයි මෙනුවර මට
තව දවසක් හෝ
කාබන් හුස්මක් ගන්නට...

ස්නිග්ධ අනුපම පේ‍්‍රමෙන්
සරා හැගුම් උදුරා
කිරෙන් ජලය වෙන්කළ තුඩගින්
රුහිරු උරා බොන හසඟනන්...
මගේ ආත්මය උගුල්ලලා...
සාරි කට්ටක අමුණලා.....
එක එක පාටීන් සැරසී
මටම හිනාවෙන ඒ දෙතොල්
සිප ගනිමි ආදරයෙන්...
වර්ණ නොමැකෙන්න සෙමින්...
ඒත් සැපයි මෙනුවර මට
තව දවසක් හෝ
කාබන් හුස්මක් ගන්නට....

කැමතිනම්
මිතුරු කම් මිල දී ගෙන
මධු විතක් තොල ගෑ හැක
එක් දහස් එක් රැය ගෙවෙනතුරු
තර්ක කරමින් වෙනස් කළ ලෝකය
යළි යළිත් මුණ ගැසෙයි පසුදින..
පෙර තිබූ ලෙස හෝ
ඊටත් වඩා අජූවට
තාර උණුවෙන පාරේ
පයට නොදැනෙන
නොතේරෙන මහ වේදනාවක්
ඉකි ගසයි හදවතේ ඉඳ හිට
ඒත් සැපයි මෙනුවර මට...
තව දවසක් හෝ
කාබන් හුස්ම ගන්නට....


Indika Gunawardena | ඉන්දික ගුණවර්ධන
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
4 Comment(s)| ප්‍රතිචාර
පාවුලෝ කොයියෝ ලියයි.| Book Quotes
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.

[-මිනිත්තු එකොළහ]