BOONDI.LK| කවි බූන්දි| නූතන සුබ නිමිති
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් කවි
අඬදබර | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
මහගෙදර ඈ | විකුම් ජිතේන්ද්‍ර
ප්‍රතිචාර[2]
BOONDI • Kavi •
  කවි බූන්දි  
නූතන සුබ නිමිති
ප්‍රතිචාර[1]
බූන්දි| | 04:53:46
නලමුදු සුවඳ කුණු ගඳ හා මුසුව එතී
පුල හෙළ කුසුම් මත කලුදුම වැතිර ඇතී
ළිය පිය තෙපුල අත තෙලිබනු සමඟ වෙතී
බැලු බැලු අත අසුබ මිස සුබ නිමිති නැතී

දිවෙන ඉම පෙනෙන නොපෙනන මහ පාර
දුවති හඹති ඉගිලෙති රියසක මාර
මියෙනවුන් යටව එක දවසක් නෑර
දකින දෙවිවරුන් පිළි නොගනිති බාර

පුල්විල පියුම් පෙති ගිලිහී දියෙහි වෙතී
රොන්සුනු විසිර ගොස් මින්රළ ඉකි බිඳිතී
ලතු ගෑ පතුල් නොව මැෂිමට රතුව ඇතී
සන්නාළියක මළ කඳ එහි සැඟව ගතී

බැබැළෙන පියැසි අග මිණිකැන් පහ පෙළය
දිදුලන විදුලි එළි දිව විමනක් බඳුය
ගහ නම් ගහේ ගෙඩි එහි තහනම් නැතිය
ඇත හෝටල් ගිමන් හල් අඩියෙන් අඩිය

කැරකී වටරවුම් වල මං මුලා නොවී
මිහිබට සිඳඹුවන් දැක මන විකල් නොවී
ඉගිලෙන බසයකින් මහ මඟ පතිත නොවී
යළි එන කෙනෙක් වෙද ඇත සුබ නිමිති මැවී


Padmini Sriyalatha | පද්මිණි ශ්‍රියාලතා
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
1 Comment(s)| ප්‍රතිචාර
පාවුලෝ කොයියෝ ලියයි.| Book Quotes
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.

[-මිනිත්තු එකොළහ]