BOONDI.LK| රත්තරං ටික| චේ හා එක්ව සටන් වැද - ඉන්ටි පෙරේඩෝ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
  තවත් රත්තරං ටික
විජේවීරගේ බිරිඳ කියන කතාව
ප්‍රතිචාර[3]
අප අතර සැරිසරන ඇදහිලි කල්ලි
ප්‍රතිචාර[0]
ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින් | ඇන්. ශන්මුගදාසන්
ප්‍රතිචාර[0]
'නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං' | ශිව් වර්මා
ප්‍රතිචාර[0]
මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා
ප්‍රතිචාර[0]
Thank you J.R.
ප්‍රතිචාර[0]
ත්‍රස්තවාදය පිළිබඳ මාක්ස්වාදීන්ගේ ආකල්පය | ජී. සිනොවිව්
ප්‍රතිචාර[0]
උගනිව්! | බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
ප්‍රතිචාර[0]
විකල්ප ආණ්ඩුව!! | තිළිනා වීරසිංහ
ප්‍රතිචාර[0]
දෙමළ ඊළම් අරගලයට විසදුම කුමක් ද? | රෝහණ විඡේවීර
ප්‍රතිචාර[0]
අක්ෂර සෙනග-
[රත්තරං ටික][2/8]
BOONDI • Currents •
  රත්තරං ටික  
චේ හා එක්ව සටන් වැද - ඉන්ටි පෙරේඩෝ
ප්‍රතිචාර[0]
බූන්දි| | 22:43:29
ඔක්තෝබරය ආරම්භයේදී මොන්ජේ (එස්ටැනිස්ලාවෝ හෙවත් මොන්ජේ- බොලීවියානු කොමියුනිස්ට් පක්ෂ නායක) තව වරක් සටන් සගයින් හමුවූ අතර, එහිදී හෙතෙම, බොලීවියාවේ කොමියුනිස්ට් පක්ෂය බලය ලබා ගැනීම සඳහා වන නිවැරදි මාවත ලෙස සන්නද්ධ අරගලය ඒකමතිකව පිළිගැනීම මගින් සාධනීය පියවරක් තබා ඇතැයි ප්‍රකාශයට පත් කළේය. අවඥා සහගතව ඔහු මෙසේ ද එකතු කළේය. "ඒ හුඟ දෙනෙක් සන්නද්ධ අරගලයට උදවු කරන්නේ කටින් විතරයි. මොකද ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට තරම් ශාරිරික හැකියාවක් නෑ."

කෙසේ වෙතත් ඉන් දින කීපයකට පසුව, පක්ෂයේ ක්‍රියාධරයන්ට වැටුප් ගෙවිය යුතු යැයි කියනා තරම් දුර දිග යමින් මොන්ජේ නැවතත් ගැටුම් ඇති කරගත් අතර සටන් සගයෝ එම ඉල්ලීමට එකඟතාව පළ කළෝය.

අප කඳුකරය බලා පිය මැන්නේ එවන් වාතාවරණයක් යටතේය.

මොන්ජේ සමග පැවති සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵලයක් ලෙස බොලීවියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වෙත ඒ වන විට මා තුල පැවති අවිශ්වාසය සහ සැකය තව දුරටත් ගැඹුරු වී ගියේය. කිසිදු චකිතයකින් තොරව මේ පුද්ගලයා එක් අන්තයක සිට තවත් අන්තයක් කරා සැණෙකින් මාරු වී ගියේය. එසේම ඔහු සිය දේශපාලන සංශයන් සාධාරණීකරණය කළේ ස්වකීය දරු පවුල පිළිබඳ වූ ප්‍රේමය ගැන සඳහන් කරමිනි. ස්වකීය පවුල කෙරේ ප්‍රේමය දැක්වීම ගරිල්ලා භටයෙකු සම්බන්ධයෙන් ගත් කළ අතිශය ස්වභාවිකය. මක් නිසාදයත්, නිසැකයෙන්ම අතිශය දුෂ්කර හා රළු වුවද අරගලය සෑම විටම ප්‍රේමය පිළිබඳ තියුණු සංවේදනයන්ගෙන් අභිප්‍රේරණය ලබනා හෙයිනි. මේ හේතුව නිසා මම වරෙක ඔහු හා මෙසේ පැවසීමි.

"මං හිතන විදිහට නම් ඔහේ තරම්ම මමත් මගේ දරු පවුලට ආදරෙයි. සමහර විට ඊටත් වඩා වැඩියි. හැබැයි මගේ ලෝකය කවමදාවත් මගේ දරු පවුලෙන් පමණක් සීමා වෙන්නේ නෑ. ඒකට මුලු මහත් ජනතාවම අයිතියි. බලවත්තු එකතු වෙලා දුබලයින් පාගා දමන, ඒ වගෙම ජනතාවගේ දරුවන් හැමවිටම දුබලයින් බවට පත් වෙන වනචාරී සමාජයක මගේ දරුවෝ ජීවත් වෙනවා දකින්න මට නම් ඕන නෑ. අපි මේ සමාජය වඩා යහපත් විදිහට ගොඩ නගන්න ඕනෑ. හැබැයි ඇඟ බේරාගන්න එහෙමත් නැත්නම් බයගුළු තාලෙන් නම් අපිට තව දුරටත් ඒක කරන්න ලැබෙන්නේ නෑ. ඒකට සටන් කරන්න වෙනවා."

******

බොලීවියානු අරගලයේදී චේ හා උරෙනුර ගැටී සටන් කළ ඉන්ටි පෙරේඩෝ එරට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාධරයෙකි. චේ ගේ අවසන් අරගලයේදී දිවි ගලවා ගැනීමට හැකි වූ පස්දෙනාගේ කණ්ඩායමේ ඉන්ටි පෙරේඩෝ ද විය. මාක්ස්වාදියෙකු වූ ඔහු ස්වකීය ජීවිතයම කැප කළේ බොලීවියාවේ විමුක්තිය උදෙසාය. චේ අත් අඩංගුවට ගෙන මරා දමනු ලැබූ පසුව, නැවතුණු තැන සිට යළිත් විප්ලවය සඳහා පූර්ව සූදානම් කටයුතු වල නියැලි ඔහු, 1969 සැප්තැම්බර් 06 වන දින බොලීවියානූ පොලීසිය විසින් මරා දමන ලද්දේය.

-"චේ හා එක්ව සටන් වැද" [ඉන්ටි පෙරේඩෝ]


පරිවර්තනය - Chulananda Samaranayake | චූලානන්ද සමරනායක
[SEO Tags] Inti_peredo, Che Guevara, Bolivia , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.| Personal Quotes
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.