BOONDI.LK| වෙසෙස් බූන්දි| සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් වෙසෙස්
කවිය ගැන අදහසක් | සුනන්ද කරුණාරත්න
ප්‍රතිචාර[2]
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක් | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[2]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන් | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්.. | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[5]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස් | පාවුලෝ කොයියෝ
ප්‍රතිචාර[0]
ත්‍යාගශීලි බව | මායා ඇන්ජලෝ
ප්‍රතිචාර[0]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa] | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[4]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද? | ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
ප්‍රතිචාර[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....! | සුරත්
ප්‍රතිචාර[0]
සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක් | සුභ
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  වෙසෙස් බූන්දි  
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස්
ප්‍රතිචාර[1]
බූන්දි| | 23:35:49
"ලේඛකයා ලිවිය යුත්තේ තමන්ගේ කාලයට පමණක් නම් මම මේ පෑන කඩලා විසි කරනවා" - (වික්ටර් හියුගෝ)

දවසින් දවස සාහිත්‍ය ලෝකය වෙත තිළිණ වන සාහිත්‍ය සලකුණු අතර සදාකාලික අරුතකින් යුතු කෘතීන් බිහිවන්නේ කලාතුරකිනි. නිශ්චිත කාලයකට හෝ නිශ්චිත දේශයකට හෝ යටත් කොට තැබිය නොහැකි එවන් නිර්මාණවල රසය විශ්වය පුරා සර්ව කාලීන අගය කිරීමකින් යුතුව සැරිසරනුයේ එහෙයිනි. එකී රසයෙහි අතරමං වන සහෘද සිත් හී, නිර්මාණය වෙත බැඳුණු ස්නේහය අනවරතයෙන් වුව යළි යළිත් මතකයට නැංවෙන්නේද එහෙයිනි.

හරුකි මුරකාමිගේ "කෆ්කා මුහුදු වෙරළේ"(Kafka on the Shore),චිංගීස් අයිතමාතව්ගේ "ගුරු ගීතය" සහ "වේලාසන කොක්කු ඇවිත්" (The Early Cranes) , ඇල්බෙයා කැමුගේ "මහාමාරිය"(The Plague) , රවින්ද්‍රනාත් තාගෝර්ගේ "ගෝරා" වැනි නවකතා සදාකාලික වටිනාකමක් සහිතව සාහිත්‍ය විෂයෙහි අද්වීතීය වන අතර එහිලා "ගාර්සියා මාර්කේස්"ද කිසිවිට අමතක නොකළ යුතුය. පාඨක සිත් සතන් වෙත දයාර්ද්‍රව ආමන්ත්‍රණය කළ හැකි වූ ඔහුගේ නිර්මාණ ආවේශය පරපුරෙන් පරපුරට නොතිත්ව ගලා යමින් පවතින හෙයිනි.


1927 මාර්තු මස 06 වන දින කොළොම්බියාවේදී උපත ලද "ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්"(Gabriel Garcia Marquez) , හෙවත් "ගබෝ" නවකතාකරුවෙක්, ජනමාධ්‍යවේදියෙක්, ප්‍රකාශකයෙක් ලෙස විද්වත් නමක් දිනා සිටී. කුඩා කළ සිය ආත්තම්මාගේ සහ සීයාගේ කතා රස විඳ ලැබ ගත් පන්නරයෙන් ජීවය ලද මොහුගේ මනස, සියුම් සමාජ ගවේෂණ සහිත නිර්මාණශීලී ඉසව්වක් වෙත යා කළේය. අතලොස්සක් පමණ වන ඔහුගේ නිර්මාණ වලින් වුව ලොව පුරා රසික සිත් මුසපත් වූයේ එනිසාය.

"One Hundred Years of Solitude" (1967) , "The Autumn of the Patriarch"(1975) , "No One Writes to the Colonel"’(1961) , "Love in the Time of Cholera"(1985) යන නිර්මාණ තුළින් වඩාත් ජන ප්‍රසාදයක් දිනා ගත් ඔහු 2004දී "Memories of My Melancholy Whores" නිර්මාණයෙන් පාඨක ලෝකය තවදුරටත් රසවත් කිරීමේ සෞන්දර්ය කාර්යයට සමු දුන්නේය. ඒ වනවිට පිළිකා රෝගය ඔහුගේ මතකය ගිලගත් හෙයිනි. 1982 වසරේදී සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාගය දිනා ගත් ‘මාර්කේස්’, අද සිය අසූ පස් වන වියට පා තබන විට අවාසනාවන්ත ලෙස ඩිමෙන්ෂියා රෝගයෙන් පීඩා විදිමින් සිටී. නවකතාවෙන් මිනිස් සිත පුදුම සහගත ලෙස අරුත් ගැන්වීමේ නිසඟ ශක්තියෙන් හෙබි මෙම අසහාය නිර්මාණකරුවා සටහන් කළ සියලු දෑ, අන් කිසිදු නිර්මාණ ශිල්පියෙකුට හසු නොවූ පරිද්දෙන් රසවත් බව කේන්ද්‍ර කොට ගත්තේය. එමගින් ඔබේත් මගේත් ලෝකය සුවපත් විය. ලෝකය රසවත් විය. ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වූ රසික පිරිසකගේ පුරුදු රසය අවදි කරන්නට ‘මාර්කේස්’ කෙනෙකු යළි නූපදිනු ඇත්තේද එනිසා ය.

වසර පනහකටත් වඩා අධික කාලයක් තම සිත දිනාගත් දෑසක් වෙනුවෙන් දෑස නොපියා බලා සිටි වයසක තරුණයෙකුගේ කතාව රැගත් ‘කොළරා කාලේ ආලේ’(Love in the Time of Cholera) යනු ‘ගාර්සියා මාර්කේස්’ ඉතා රසවත්ව නිමහම් කළ නවකතාවකි. ජීවිතයේ අඩකටත් වඩා ආදරය වෙනුවෙන් සුසුම් වියදම් කළ ඔහුගේ සෙනෙහසින් නවකතා සාහිත්‍ය තුළ ආදරණීය ගමනක් සටහන් විය.

".. කවදා ආලය කළත්, කොතැනක ආලය කළත්, ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට, අවුරුදු පනස් තුනකුත්, මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය. යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැලි වැටුණු මුහුණක් පසු පස ඇති අතීතයක් තුළින් හාරා අවුස්සා. ... "
(ගේබ්ර්යෙල් ගාර්සියා මාර්කේස් - කොළරා කාලේ ආලේ)
පරි:ගාමිණී වියන්ගොඩ - 2007, ආරම්භය


ෆ්ලොරෙන්තිනෝ අරීසාගේ සහ ෆර්මිනා දාසාගේ බැඳීමට "ගාර්සියා මාර්කේස්", "කොළරා කාලේ ආලේ" නවකතාව තුළ ඉඩ ලබා දුන්නේය. සමාජ හා සංස්කෘතික ගිවිසුම් අස මෙවන් සමාජ පැවැත්මකට කිසි ලෙසකින් හෝ සුපැහැදිලි ඉඩක් නොවූවත්, මෙම බැඳීම ෆර්මිනාට මෙතෙක් නොදැනුණු ආදර ජීවිතයක් පිළිබඳ ගීතයක් මෙන් විය. ස්ත්‍රියක් ලෙස ඇය සැම විටම බලාපොරොත්තු වූ ආදරය - සෙනෙහස - රැකවරණය ඇය සොයා ආවේ වයස්ගත වූ පසුවය. එහෙත් ආදරයට ඒ කිසිවක් බාධකයක් නොවීය.

"අවුරුදු පනහකටත් වැඩි කාලයක් මං මේ අවස්ථාව එන කල් බලාගෙන හිටියා. ඒ ඇයි කියලා ඔයා දන්නවාද? ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන සදාකාලික ආලයත්, ලෝකෝත්තර භක්තියත් ගැන ආයෙ සැරයක් ඔයාට දිවුරලා කියන්න."

(කොළරා කාලේ ආලේ- 88 පිටුව)

කොළරා වසංගතය සහ ෆර්මිනාගේ පියාගේ දැඩි නීති හමුවේ පරාජයට පත් වූ ඔවුන්ගේ ප්‍රේමයේ සුහුඹුල් පැතුම දීර්ඝ කාලයක් දෙතැනක දුක් වින්දේය. ආදරය කිති කැවෙන එකී දුක තවත් ඉවසාගත නුහුනු ඔහු තම ආදරය ජීවිතය කර ගනිමින් ඇය සොයා තැනින් තැන ඇවිද්දේ එහෙයිනි. ආදරයේ නමින් කෙනෙකුට දිවි පිදිය හැකි බවත්, ආදරයට කෙනෙකුගේ ජීවත්වීම සදහා කෙතෙක් බලාපොරොත්තු එකතු කළ හැකිද යන වගත් කියවෙන නවකතාවේ මූලික ධාරණාව සදාකාලික ආදරයේ ප්‍රහර්ෂය වෙත එකමුතු වේ. එහෙත් එය අප මින් පෙර නුදුටු වියපත් ප්‍රහර්ෂයකි.

"ගෙම්බෙකුගේ වන් සීතල, පාණ්ඩු පැහැයක් ගත් එල්ලී ඇඹරී ගිය නාකි හමකින්, ඉල ඇටය එතී ඇත."
(කොළරා කාලේ ආලේ - 531 පිටුව)

ඇඹරී ගිය නාකි හමකින් යුතු වුවද ඇයට පෙම්වතාගෙන් ලැබුණේ පිරිසිදු ආදරයකි.


"දැන් අපි ළඟ කුකුල් කොටුවක් වගේ ගඳයි.." (කොළරා කාලේ ආලේ- 526 පිටුව) කියමින් ඔවුන් ප්‍රේමයේ ප්‍රහර්ෂය අසීමාන්තිකව විඳ ගත්තේ එනිසාය. ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළේ එනිසාය.

තථ්‍ය ලෝකයෙහි සමාජ හා සංස්කෘතියට ගෝචර නොවන මෙවන් වයස්ගත ඉරණම් වෙත සාහිත්‍යයෙන් ඉඩක් වෙන් කළ "ගාර්සියා මාර්කේස්" එමඟින් විශ්ව සාහිත්‍යයේ ප්‍රේමයේ සලකුණ ජීවමාන කළේය. තාරුණ්‍යයේ අනන්‍ය ලක්ෂය කටු ගැසුණු අත් සහිත වෙව්ලන යුවලකට විතැන් කළ ඔහු එයින් දැන වූ වියපත් සංස්පර්ශය ඔබට - මට කිසිදා අමතක නොවන වින්දනයක් වනු ඇත. හිරිගඩු නොදැනෙන වියපත් සමයක මෙවන් ආදරණීය ඉරණමක් ඔබ නමින්ද සටහන් වන්නේ නම් ඔහු හෝ ඇය තරම්ම ඔබද මිහිපිට වාසනාවන්ත වනු ඇත.

වගුරමින්
නොකැළැල් පිනි බිංදු
දෑස නොපියා
සියවස් අඬක්
නෙළා ගත්
ප්‍රේමයේ පොහොට්ටුව
ළං වුවත්
පරව යන්නට
කම් නැත
තාමත් දැනේ
සුගන්ධය
ඔව්. .
අපේ ප්‍රේමයේ නිර්මල සුගන්ධය!

Udeshini Kumari Dayarathne | උදේෂිණි කුමාරි දයාරත්න
[SEO Tags] Gabriel Garcia Marquez, Victor Hugo, Haruki Murakami, Chingees Aithmathaw,The First Teacher,Rabindranath Tagore, Gora, Love in the Time of Cholera, Kafka on the Shore, The Early Cranes, The Plague, One Hundred Years of Solitude, The Autumn of the Patriarch, No One Writes to the Colonel, Memories of My Melancholy Whore, Dementia, Cancer, Nobel Prize Winner for Literature , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
1 Comment(s)| ප්‍රතිචාර
සොක‍්‍රටීස් කියයි.| Book Quotes
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.

[-ප්ලේටෝගේ ඇපොලොජි.]